Date: 03/05/2015 Name: SammaNaana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අර පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාරය කළා.

එතකොට මම පටන් ගත්ත ලෝභය නැති කරමී කියන එකෙන්. ලෝභය කියලා කිව්වහම අර ජරා වන දේට ඇති කැමැත්ත. ඒක ගත්තට පස්සේ ඉතින් අපිට ඇති වෙන්නේ ව්‍යාපාදය, ද්වේෂය නැති කරමී. මේක ගැනීමෙන් ඇති වන මෝහය, අර පවතිනවා කියන කතාව එහෙම, ඒක නැති කරමී කියන එක. ඒ කියන්නේ මලකඩ කාපු යකඩ ඇනයක් අරගෙන අපි හිතනවා ඒකෙන් මොකක් හරි එකක් පවතිනවා කියලා. ඒක මෝඩ කමක්.

එතකොට මම ඒ භාවනාවට පෙර ම රහතන් වහන්සේ ඒ මට ඡන්ද සමාධි ඉද්ධිපාද භාවනාව බලන්න කියලා කිව්වා. එතකොට මට එකපාරට ම මෙතන ආවේ. ජරාවට පත් වෙනවා නම් ඉතින් ව්‍යාධිය, මරණ කියන එක තියෙනවා. එහෙම නම් පැවතීමක් කියන කතාවක් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් එහෙම නම් මළාට පස්සේ අපි කරන්න හදන්නේ ආපහු උපද්දවන්න. ආන්න එතෙන්ට එනවා “අනුප්පන්නානං පාපකානං” කියන එක. එතකොට අනුප්පන්නානං පාපකානං කිව්වහම එතන අපි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියන එක නේ අපි කියන්නේ විරියෙන්. ඉතින් දැන් මේක කියනකොට අපි දන්නවා ඔය විරිය එන්න ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය ඇති වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ.

එහෙම නම් අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු සම්මා දිට්ඨියෙන්, ප්‍රඥා ශ්‍රද්ධා හිරි ඕතප්ප විරිය ඡන්ද සමාධිය ඉන්ද්‍රිය සංවරය. එතෙන්ට එනකන් එනවා. ඕකේ අපි නැති කරනවා කිව්වේ අභිජ්ඣාව. ආයතන භාවනාව 2. එහෙම නම් මේ අභිජ්ඣාව දැන් අපිට පේනවා මුලින් ම අපේ අභිජ්ඣා අර ජරා වෙන රූපයට. පවතින්නේ නැති ජරා වන රූපයකට තමයි අපේ අභිජ්ඣා කියන එක තියෙන්නේ.

දැන් එහෙම නම් අර තුන, දැන් මතක ද? අර තුන් පාරක් ඕක කැරකෙනවා කියලා කිව්ව නේ star එක. දැන් ඔන්න ඕක සම්බන්ධ වෙනවා. මෙන්න මේක දිගේ තුන් පාරක් අපි එනවා. ඔය කිව්ව පථය. පළවෙනියෙන් ම කාම විතක්ක එපා කියලා එනවා. ඇයි මේක ජරා වෙනවා, මේක පවතින්නේ නැහැ. එහෙම නම් පළවෙනි විරියට ඕක අපි ගන්නවා. ඊළඟට මොකද්ද වෙන්නේ?

අර සංස්කාර කියන එක අපි අයින් කරනවා. එතෙන්දි අපි බලන්න තියෙන්නේ දැන්, සංස්කාර නිසා පවතිනවා කියලා අපේ හැඟීමක් තියෙනවා. මේක නිසා මේක පවත්වන්න පුළුවන් කියන එක. මේ රූපය ගලවන්න ලේසි නෑ නේ. මොකද සංස්කාර නිසා පැවතීම තියෙනවා නම් එයා ඒකට බාධා කරනවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි ඒ සංස්කාර නිසා ඒක අයින් කළායින් පස්සේ අපේ සම්මා දිට්ඨිය සම්මා ප්‍රඥා බවට පත් වෙනවා. දැන් ඊළඟ පාර ආපහු යනවා star එක හරහා.

ඒ පාර අපි යන්නේ අර සඤ්ඤාව කියන එක. අර විරිය තුන නේ අපි මේ කතා කරන්නේ සංස්කාර අයින් කරන. ඊළඟට අපි අයින් කරනවා අත්ත සඤ්ඤාව. ඒ අත්ත සඤ්ඤාවේ තියෙන්නේ මොකද්ද? දැන් අපිට පේනවා අර නාමරූපය කියන තැනට එන්නා වූ එක. එතනින් ඒ දෙවෙනි විරියෙන් අපි ගන්නේ, උඩ තියෙනවා සඤ්ඤාව. සඤ්ඤාවේ ඉඳන් නාමරූපයට එන එක. වේදනාවේ ඉඳන් නාමරූපයට එන එක. මෙතන තමයි නේ තණ්හාව තියෙන්නේ. වේදනාවට අගය දෙන්නේ අතන සඤ්ඤාවෙන්. එහෙනම් අත්ත සඤ්ඤාව එතනින් කපනවා. එතකොට දැන් මම මෙහෙම කළහම මට ව්‍යාපාදයක් නැහැ. වේදනාව නිසා මම ඉන්නවා කියන කතාව නැහැ. දැන් ඊට ඉස්සෙල්ලා අයින් කළේ සංස්කාරය නිසා මම ඉන්නවා කියන කතාව. දැන් අයින් කරනවා ව්‍යාපාදය. ඒ කියන්නේ ව්‍යාපාද විතක්කය. මේ අත්ත සඤ්ඤාව අයින් කරලා එතනින් අයින් කරන්නේ ව්‍යාපාද විතක්කය. දැන් එහෙනම් ආපහු අරකෙන් ආයි පාරක් එනවා. සම්මා දිට්ඨියෙන් සම්මා ඥානය, සම්මා ප්‍රඥා, ඒ ශ්‍රද්ධාව හරහා එන එක.

දැන් අපි කිව්ව නේ ඔය අත්ත සඤ්ඤාවයි, සංස්කාරයයි දෙක අයින් කළාට පස්සේ සම්මා ඥානය. දැන් අන්න ඒ ඥානයත් එක්ක තමයි දැන් දුවන්නේ.

දැන් ඊළඟට විහිංසා විතක්කය. කොහොම ද විහිංසා විතක්කය වෙන්නේ? දැන්, ස්පර්ශය නිසා තමයි මේක ඇති වෙන්නේ. රූපය ස්පර්ශ වෙනවා. අර තුන් වෙනි විරියට නේ දැන් එන්නේ. රූපයේ ඉඳන් ඒ ස්පර්ශය දක්වා එන එක තමයි ඒ විරියෙන් කපන්නේ. එතකොට ඒක කපන්නේ මොකද? ස්පර්ශය ආවා නම් ස්පර්ශයෙන් සඤ්ඤාව. සඤ්ඤාවේ ඉඳන් මතක නේ ආයතන භාවනාවේ පෙන්නන්නේ මෝඩයා වෙනවා. අපි එනවා එතෙන්දි අර මෝහයට යනවා. අන්න විහිංසා විතක්කය එපා කියලා.

එහෙම නම් මේ කාම විතක්ක එපා, ව්‍යාපාද විතක්ක එපා, විහිංසා විතක්ක එපා කියන එක තුන් පාරකට සිද්ධ වෙන්නේ. අන්න මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු අර ධර්මයේ සම්මා දිට්ඨියෙන් දැන් ප්‍රඥා, ශ්‍රද්ධා තුන් පාරක් මේක යනවා. අන්න එහෙම ගිහිල්ලා තමයි අර අභිජ්ඣා කියන එක සම්පූර්ණයෙන් නැති වෙන්නේ.

මේ භාවනාව බොහොම සැරයි කියන්නේ, මේක මුල දී ම ඉඳන් ම හිත නතර වෙනවා. එකින් එකට නතර වෙනවා. අපි හිතනවා, අපේ ප්‍රශ්නේ තියෙන්නේ, දැන් ඔතන ඡන්ද සමාධියෙන් අපි යමක් නැති කරගන්න තියෙන්නා වූ බාධාව කියන එක, ඕගොල්ලෝ දන්නව නේ ඡන්ද සමාධියෙන් කපන්නේ අර N shape එකට කපන්නේ. N එකේ අනිත් පැත්ත අකුර. ඒ කියන්නේ අපි ගත්තොතින් උඩ කබලිංකාර ආහාරය, යට ජාතිය. ඊළඟට යනවා විඤ්ඤාණය. දැන් N එකේ අර reflection එක. ඊළඟට එනවා විඤ්ඤාණයේ ඉඳන් මෝහයට. දැන් පේනවද මේක ගානට කපාගෙන ආවා. අර මැද්දෙන් එන්නා වූ juice එකත්, පරාමාසයේ ඉඳන් එන එකත්, එතනින් ඔය විදිහට කැපිල යනවා.

එතකොට ඉතින් ඒක නිරෝධයට යනවා. ඒ තත්වයේ ඉන්නවා බොහෝ ම වෙලාවක්, බොහෝ ම සුඛයි. ඒ විදිහට, ඒ තුන හැටියට මේක බලනවා කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.