Date: 04/05/2015 Name: Nirodhasamapatti naana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. එතකොට මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මට රහතන් වහන්සේ මේ මුලින් කිව්වා මේ බලන්න ය කියලා පස් වෙනිදා අප්‍රේල් මාසයේ විරිය සමාධි ප්‍රධාන සමන්නාගත ඉද්ධිපාද භාවනාව. ඉතින් ඒ භාවනාවේ තියෙන්නේ ඉතින් අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන ඒ භාවනාව කරලා, ඒකෙන් අර විරිය ඇති වෙන්නේ විමංසාව නිසා. පවතින්නේ නැහැයි කියන එක, අර වත්තේ මහත්තයාගේ කතාව තියෙනවා නේ. එය හැදුවට පවතින්නේ නැහැ කියන අර්ථය දන්න නිසා.

ඉතින් ඒකේ විරිය තුනක් කියන එක අපි බලලා තියෙනවා. ඒ විරිය තුන භාවිතා කිරීමෙන් අපිට මේ විදිහට පෙන්නනවා සම්මා වායාමෙන් සම්මා සංකප්පයට එහෙම උදව් කරනවා කියලා ඒ ඉද්ධිපාද, මේ විරිය ඉද්ධිපාදය මගින් අනිත් ඉද්ධිපාදයන් පවත්වනවා කියලා ඒ භාවනාවේ කියනවා.

එතකොට අද භාවනාවේදි මම කළේ ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා. දැන් ඊයේ භාවනාවේදි අපේ තියෙනවා නේ අර පළවෙනි එකට කාම විතක්කයන් එපා කියන එක. ඕක තුන් ආකාරයකට නේ මේ අපි සිද්ධ වෙනවා කිව්වේ විතක්කයන් අයින් කරනවා කියන එක. එතකොට දැන් මෙතැන දී බැලුවා, පළමු වෙනියෙන් ම මම භාවිතා කළේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම කියන එක. ඒ කියන්නේ දැන් වත්තේ මහත්තයා කියන්නේ මොකක් ද? මේ වඩු බාසුන්නැහැලා ගෙනල්ලා වැඩක් නැහැ. ඉන්ජිනේරුවන්ලා ගෙනල්ලා වැඩක් නැහැ. මේක පවතින්නේ නැහැ. මේගොල්ල කිව්වේ පවතිනවා කියලා. පවතින්නේ නැහැ. එහෙම නම් දැන් මේක මළා. අපි මේ සංස්කාරයන් ආපහු කරලා වැඩක් නැහැ. එහෙම නම් අර පියෙහි විප්පයොගයේ ඉඳන් ජාතිය දක්වා යන්නා වූ ඒක කාම විතක්කය එපා කියලා අපි එතනින් එනවා. එතකොට අර සංස්කාරය මළා. ආපසු මේක එන්නේ නැහැ. ඒක හොඳට එන්න ඕනෙ.

දැන් ඊළඟට සම්මා ප්‍රඥාව කියන එක ඇති වුණා. සම්මා ප්‍රඥාව ඇති වෙලා දැන් අපි අත්ත සඤ්ඤාව කියන එකයි ඉවත් කරන්න යන්නේ. ඒ අත්ත සඤ්ඤාවේ දී එහෙම නම් බලන්න ඒකෙ තියෙන්නේ සඤ්ඤාව ඉඳන් නාමරූපය දක්වා එන්නා වූ එක තමයි විරියයෙන් අයින් කරන්නෙ. ඕක තියෙන්නෙත් මොකේ ද? මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා පැවතීම අභිජ්ඣා වෙනවා කියන ඔය line එක නේ ඔය කතා කරන්නේ. ඒකෙම කෑල්ලක් තමයි මේ කියන්නේ. එතකොට දැන් මෙතන මතක තියාගන්න ඕනෙ අත්ත සඤ්ඤාව කිව්වා ම ඒ සඤ්ඤාව හැදිලා ඉවරයි. අන්න ඒක නිසා තමයි සඤ්ඤාවේ ඉඳන් අපි ගලවනවා කියලා කියන්නේ. මොකද රූපයේ ඉඳන් එන්නා වූ එක තව අලුතින් කරන එකක්. මෙතන තියෙන්නේ සඤ්ඤාව ආවා. අත්ත සඤ්ඤාව. ඉතින් මේකයි අපි ගලවන්නේ. එතකොට දැන් මෙතන පෙන්නනවා මේක කිසිම ආකාරයකින් පවතින්නේ නැහැ.

අපි ඊයේ ඉගෙන ගත්තා, වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දීලා අපි චේතනා වෙන එක ඔතන තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ක්‍රියාවලිය මෙතන සිද්ධ වෙනවා. එහෙනම් අර කුලෙසු අනනුගිද්ධො කියන කතාව නැති වෙනවා. කුලේ ඇලෙන්නේ මොකද? වේදනාවට සඤ්ඤාවෙන් අගය දුන්නා. තණ්හාව, අන්න ඒකට තමා අපි ඇලෙන්නේ. ඒ වේදනා කුලේට අපි ඇලෙනවා. නමුත් දැන් මෙතන පෙන්නුවා, අපි භාවනාව මුල දී ම පටන් ගත්තේ මේක පවතින්නේ නැහැ. පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ රූපයක් කියන එක ස්පර්ශ වුණාට එකවරක්, අපි කල්පනා කරන්න හොඳ නැහැ ඒ රූපය ස්පර්ශ වෙච්ච පලියට මේක පවතිනවා. එකවරක් අපි හිතමු මෙතන අපි හිතමු භාවනාවට මේ කවුරු හරි කෙනෙක් ඊයේ හිටියා කියලා. දැන් ඊයේ හිටිය පලියට අපි හිතන්න හොඳ නැහැ, දැන් හෙටත් ඒ පුද්ගලයා මෙතෙන්ට එනවා කියලා. ඒ කියන්නේ පේනවද මං මේ කියන්නේ එක instant එකක් ඇති වෙච්ච ගමන් අපි අභිජ්ඣා වෙනවා. අපි කල්පනා කරනවා නේ ද පවතිනවා කියලා.

ඉතින් ඒකත් එක්ක එකපාරට ම මට ඡන්ද සමාධි කතාව එනවා. අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු එක. මේක පවතින්නේ නැහැ, ඒක නිසා අභිජ්ඣා කියන එක අයින් වෙන්න ඕනෙ. ඔන්න ඕකයි අපේ ප්‍රශ්නය. එකවරක් වුණාහම මේක අපේ තියෙනවා. එහෙම නම් මේක දැන් තේරුම් ගත්ත මනුෂ්‍යයා මේක පවතින්නේ නැහැයි කියන එක හොඳට තේරුම් ගත්ත මනුෂ්‍යයා, එහෙනම් මොකට ද රූපයක් ස්පර්ශ කරන්නේ. පලක් නෑ නේ.

අද මේ පුද්ගලයා පැවතුණාට, මෙතන හිටියට අපි හිතනවා එයා හෙටත් ඒවි කියන එක නේ ද. ඒක පවතින්නේ නෑ නේ. එයා භාවනාවට නැති වෙනවා. අන්න ඒ අර්ථයෙන්. ඒ කියන්නේ අපේ අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාවෙන් අපි මුල දී කියපු මණ්ඩලාධිපති බුදුපියා සිහි කරනකොට කියපු කතාව ම තමයි. පවතින්නේ නැහැ. එහෙම නම් මම රූපයක් ස්පර්ශ කිරීමෙන් ඇති පලක් නැහැ. අන්න දැන් ඒ පාර එනවා අර විරිය. අත්ත සඤ්ඤාව අයින් කරාට පස්සේ රූපය මොකට ද ස්පර්ශ කරන්නේ. වැඩක් නෑ. ඒ කියන්නේ මේ මොහතෙ දී පේනවා, යම්කිසි දෙයක් ඕගොල්ලො මේ මොහොතේ දී දකිනවද විද්‍යාමාන වූ දේ ඒ වෙලාවෙ ඇත. අර චූල සුඤ්ඤතේ වාගේ. ඒක නැති අවස්ථාවේ දී ඒක නැහැ.

අපේ තියෙන්නේ මොකක් ද ඇති වුණහම විද්‍යාමාන වූ දෙයක් ඇති වුණහම අපි හිතනවා ඒක පවතිනවා කියලා. ඒක පවතින්නේ නැහැ. ඒක නිසා රූපය ස්පර්ශ කරලා ඇති වැඩක් නෑ අන්න ඒක හිතනකොට ම තමන් නිරෝධයට යනවා. Switch එක මාරු කරනවා වගේ. මේක නිරොධසමාපත්‌ති ඥානය. මේක දකිනකොට නිරෝධයට යනවා. ආපහු ආවා ම ආපහු අර කතාව ම තමන්ට සිහියක් තියෙනවා ද ආපහු නිරෝධය. දැනගෙන ම යි යන්නේ. දැනගෙන ම නිරෝධ වෙනවා. ඒ විදිහට තමන්ට ඒ භාවනාවේ ඉන්න පුළුවන්කම තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.