Date: 05/05/2015 Name: SammaNaana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවයි කියලා. එතකොට ඒකේ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය. එතැන්දි මට කල්පනා වුණේ මේ බුදුපියාණන් වහන්සේට මලකඩ කාපු යකඩ ඇනයක් කියන එක පවතිනවා කියන අඥාන ස්වභාවය නැතෙයි කියලා. ඒක හරි ගැඹුරට මට හිතුණා. ඒ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඕක කියනකොට ම මට සිත නතර වෙන්න ආවා.

එතකොට මම කළේ ඊයේ භාවනාව ම තමයි. ඊයේ භාවනාවෙදි අපි බැලුව නේ අර සංස්කාරයන් කියන ඒවා. දැන් විරිය ඉද්ධිපාද ප්‍රධාන සමන්නාගත විරියත් එක්ක නේ කළේ. ඒකේ අර සංකල්පයන් කියන ඒවා පවතින්නේ නැහැයි කියලා අපිට පේනවා. එතකොට එහෙම නම් ඒ සංකල්පයන්ට රාගයන් ඇති වෙලා වැඩක් නැහැ. එතකොට අපි අර ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් ජාතිය දක්වා අනුප්පන්නානං කියලා ඒක අපි ආපසු සංකල්පයන් උපද්දවන්න යන්නේ නැහැ. සංස්කාරයන් කියන ඒවා අපි අර plan එක කියලා ගහලා තියන තැන සංස්කාරය කියන එක, ඒකත් අපි පහ කරනවා.

එතකොට ඒ සංස්කාරයන් ඉවත් කරයින් පස්සේ, සම්මා ප්‍රඥා වෙනවා කියන එක තියෙනවා. දැන් මෙතන අපි දෙපැත්තකට බලන්නේ. එකක් තමයි සංස්කාරයන් කියන ඒවා ඉවත් කරනවා. අනෙක් පැත්තෙන් අර පියෙහි විප්පයොගයේ ඉඳන් ජාතිය දක්වා අනුප්පන්නානං කියන එක. කෑලි දෙක ම තියෙන්න ඕනෙ. ඒ සංස්කාරය ඉවත් කළාට පස්සේ සම්මා ප්‍රඥාව. දැන් සම්මා ප්‍රඥාව කියලා ආවා ම අපි එතැන්දි අර අත්ත සඤ්ඤාව කියන එක අපි ඉවත් කරනවා. ඉතින් අපි ඊයේ ඉගෙන ගත්තා නේ ඒ අත්ත සඤ්ඤාව කියන කතාවෙ තියෙන්නේ අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා අර ඇති වුණා නම් අභිජ්ඣා, ඒක නිසා විඤ්ඤාණය පැවතීමට කැමැත්ත. එහෙම නම් අපිට පේනවා ඒ විරිය මගින් ඒ සඤ්ඤාවේ ඉඳන් එන්නා වූ ඒ කොටස කියන එක අපි, ඒ නාමරූපයට එන කොටස එතන අපි ඉවත් කරනවා. මෙතැනදි කල්පනා කරන්න ඕනෙ ඔතන අත්තා කියලා කිව්වම අපි සබ්බාසව සූත්‍රයේ එහෙම පෙන්නුවා අර වටේට ම ඇවිල්ලා තියෙනවා.

ඒ කියන්නේ වේදනා චේතනා ඉදංසච්ච අර plan එක ගහපු තැනට එන එක, සංස්කාරය, ඒක නිත්‍යයි කියලා පරාමාසයට ගිහිල්ලා තමයි අත්තා. අර උඩ කෑල්ලෙන් අත්තා. එතකොට මෙන්න මේ කතාව අපි අයින් කරා. මේ කතාව අයින් කරයින් පස්සේ දැන් හරි ලස්සනට එනවා මට. මේක හරියට ඔය ඉඳිආප්ප වට්ටි හදනවා වැටකෙයියාවලින්. එතකොට පොඩි කාලේ පාසල්වල උගන්වනවා. දැන් ගෙදර වැටකෙයියා නැත්නම් මේක හොයන්නයි කියලා මේ මනුෂ්‍යයාට ඒ තියන තැනකට යන්න තමන්ට එකක් තියෙනවා. දැන් මෙයා කියනවා මට ඒක හොයන්න යන්න ඕනෑ නැහැ. ඒ සංකප්පයට තිබෙන්නා වූ කැමැත්තත් එතැන නැහැ. ඒක නිසා ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් අර ජාතියට යන කතාව, ඒ කතාව නැහැ.

ඊළඟට ගත්තහම හැදුවට වැටකෙයියා එකෙන් හදන මේක පවතින්නේ නැහැ. ඒක තමයි අර කිව්වේ. හදන ලද්දා වූ ඒ මලකඩ කාපු එකකින් හදන ලද්දා වූ ඒ ඉඳිආප්ප වට්ටිය, ඒක පවතිනවා ය කියන අඥාන ස්වභාවය නැති ය කියලා. තමනුත් ජරාවට පත් වෙලා තියෙන්නේ. තමනුත් ජරාවට පත් වෙලා නම් තමන් තව දරුවෙක් හදනවා කියන එකෙන් ඒකේ ඇති වැඩක් නැහැ. මොකද එතැනත් තියෙන්නේ, ඒකේ ජරාව. ඔය විදිහට අර ගැඹුරු අර්ථයට මේක දැන් මට වැටහෙනවා. මේ දෙක ආවා නම් එහෙනම් අපි වැටකෙයියා එකක් දැක්කයි කියලා අපි හිතන්න ඕනෙ නැහැ ඔය කිව්ව කතාව. වැටකෙයියා එකෙන් අපි හදනවා කියන එක. ඒ මොකද පවතින්නේ නැති නිසා හදනවා කියලා හිතන්න ඕනෑ නැහැ. එතකොට ඒක අර දැක්කා විතරයි.

කොටින් ම කියනවා නම් ඒකේ නාමයවත්, දැන් මේ වචනය වැටකෙයියා කියන එක හරි ද කියන එකත් මට එකපාරට ම ආවා. ඉස්සර නම් මට ඕක හොඳට මතක තියෙනවා වැටකෙයියා. දැන් මේක වැටකෙයියා ද නැද්ද කියන එකවත් සිහි කරන්න ඕනෑ නැහැ. ඒ කියන්නේ නාම කොටස. පේනවද එතකොට අපි අර ස්පර්ශය ඉඳන් සතියෙන් පෙන්නනවා අර සඤ්ඤාවට යන එක. නාම කොටසවත් සිහි කරන්නෙ නැහැ. ආන්න එතන ලස්සනට තමන්ගේ නිරෝධය කියන එක ඇති වෙනවා. කීප පාරක් ම ඉතින් නිරෝධය ම හිටියා.

ඒක තමයි කරපු භාවනාව.