Date: 06/05/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියා. එතකොට පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, කියන අර්ථයෙන් මම භාවනා කළා. ඒ බුදුවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ අර අපි පූජාවෙන් පස්සේ, ඔන්න ඔය අර්ථය සහගතව ඒ ඊයේ භාවනාව, ඒ ඊයේ භාවනාව මම කාමරයේ ඉඳන් සිහි කරනකොට ම මට අදහස ආවා.

ඊයේ භාවනාවේදි අන්තිමට පෙන්නුවා නේ වැටකෙයියාවලින් ඉඳිආප්ප වට්ටි හදනවා කියන කතාව. ඉඳිආප්ප වට්ටි හදන්න වැටකෙයියා ගෙදර නැහැ. එහෙම නම් හොයන්න යන්න ඕනෑ කියන සඤ්ඤාව, කාම සඤ්ඤාවක් ඒ පුද්ගලයාට ඒ සඤ්ඤාවක් තියෙනවා. එතකොට ඕක ඇවිල්ලා තියෙන්නේ අර සංකප්ප පැත්තේ ඉඳන් එන්නා වූ එක. ඕක නැතෙයි කියන එක නිසා හදන්න තමයි ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් අපි ජාතිය දක්වා යනවා කියන එක අල්ලා ගන්නේ. ඒක එක කෙළවරක්. ඊළඟට ඕක වෙන්නා වූ සංස්කාරයන් තියෙනවා නේ, අර සංකප්ප තියන පැත්තේ. අර plan කියලා ලිව්වේ, අන්න ඒ පැත්තේ තියන සංස්කාරයන් කියන ඒවා.

එතකොට මෙන්න මේ සංස්කාරයන් අපි ඉවත් කරනවා විරියෙන්. එතකොට විරියෙන් දෙකක් කළා එතන. අර ආපසු නැති වෙච්ච එක උපද්දවන්න යන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් පෙර තිබුණා වූ යම්කිසි සංස්කාරයක්, මොකද ගුරුවරයා හරි උගන්වලා තියෙන්න එපැයි ඉඳිආප්ප වට්ටි මේකෙන් හදන්න පුළුවන් කියලා. අන්න ඒ සංස්කාරයන් කියන ඒවා අපි ඉවත් කරනවා.

සංස්කාරයන් ඉවත් කළා ම සම්මා දිට්ඨිය කියන එක සම්මා ප්‍රඥා බවට පත් වෙනවා. සම්මා ප්‍රඥාවෙන් දැන් කියනවා අත්ත සඤ්ඤාව ඉවත් කරන්නයි කියලා. ඒ කියන්නේ අර සඤ්ඤාව ඉඳන් නාමරූප දක්වා එන්නා වූ ඒ කොටස. එතකොට මෙන්න මේ අවස්ථාව ආවහම සම්මා ඥානය බවට අත්ත සඤ්ඤාව ඉවත් කළහම, ඒ ඥානය බවට සම්මා ඥානය බවට පත් වෙනවා. සම්මා දිට්ඨිය සම්මා ප්‍රඥාව උණා, සම්මා ප්‍රඥාවෙන් සම්මා ඥානය බවට පත් වුණා. සම්මා ඥානය බවට පත් වුණා ම දැන් එහෙනම්, දැන් පෙන්නනවා මෙන්න මේ කෙළවරවල් දෙක එපා. වැටකෙයියා ගේන්න යන්නත් එපා, වැටකෙයියාවලින් හදන ඉඳිආප්ප වට්ටිය දිර දිරා යනවා මිසක් ඒක කවදාවත් පවතින්නේ නැහැ. ඉතින් මෙතන මේ ධර්මයන් කලින් දිගින් දිගට බලලා තියෙන්න ඕනෑ මේ ගැඹුරු අදහසට එන්න.

එතකොට ඒක පවතින්නේ නැහැයි කියන එක අර මම ඊයේ භාවනාවේදි කිව්වේ. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට මලකඩ කාපු යකඩ ඇනයක්, ඒක පවතිනවා කියන අඥාන ස්වභාවය නැහැ. අන්න ඒ අර්ථයෙන් අපි බලනවා. බැලුවයින් පස්සේ දැන් එහෙම නම් පෙන්නනවා මේ රූපය කියන එක අපි ස්පර්ශ කරන්න එපා ය කියන එක. වැටකෙයියා දැක්කට ආපහු ඒකෙන් වැටකෙයියාවලින් ඉඳිආප්ප වට්ටි හදනවා කියලා හරි, ඒකෙන් මොනවක්වත් එතනින් එහා පැත්තට නැහැ. රචනයකුත් නැහැ.

අන්න ඒ තත්වයට පත් වුණා ම දැන් බලන්න අපි කොච්චර දුරට ඇවිල්ලා තියෙනවා ද අරි අට මඟේ. අරි අට මඟේ අපි සම්මා, අපි අයින් කරා, සම්මා කම්මන්ත. ඒවා අයින් කරලා තමයි සංස්කාරයන් අයින් කළේ. සම්මා කම්මන්ත කළහම පාණාතිපාතා ඒවා ඔක්කොම අපි අයින් කරලා තියෙන්නේ. මුසාවාදා අයින් කරලා. සම්මා ආජීවයට එනවා. මානය කියන එක අපි අයින් කරනවා. ඒ මානය අයින් කරාට පස්සේ මේකෙන් ඇති වුණ සම්මා සතිය. නැත්නම් මම තාමත් වැටකෙයියා අරගෙන ඉඳිආප්ප වට්ටි හදනවා. එතකොට දැන් සම්මා සතියට ආවා.

සම්මා සතියෙන් දැන් පෙන්නනවා මේවා පවතින්නේ නැහැ. මරණය තියෙනවා නම් අර 1, 2, 3 ජාති ජරා. මරණය වෙනවා නම් නිත්‍යභාවයක් කොයින් ද? නිත්‍යභාවය නැත්නම් අත්තෙක් කොයින් ද? දැන් එහෙනම් රූපය වෙනකල් අපි ඇවිල්ලා තියෙන්නෙ මානය අයින් කළා ම. එහෙම නම් කල්පනා කරන්න, දිට්ඨි අනුසය පාර. අන්න ඒ සම්මා සතියට ඇවිල්ලා දැන් කියනවා අර මුල රූපයට, වැටකෙයියා ගේන්න යන්නත් එපා කිව්වා, හැදුවට ඇති වැඩකුත් නැහැයි කිව්වා. දිට්ඨි අනුසය, තමා පවතිනවා කියන එක උඩ, ඇති වෙන්නා වූ බලපෑම තියෙනවා නේ. ඒක අයින් වෙන්න ඕනෙ. මොකෙන් ද අයින් වෙන්නේ. අත්තවාදු උපාදානයෙන්.

අත්තවාදු උපාදානයේ කතාවෙන් තමයි ඔතන තියෙන්නේ. ඒ කියන්නේ නාමරූප කොටස තියෙනවා නේ. මේ නාමරූප කොටසට පල්ලෙහායින් තියෙන්නේ මොකද්ද? ඊළඟ පල්ලෙහා කතිරයේ තියෙන්නේ මොකද්ද? පල්ලෙහා කතිරයේ තියෙන්නේ සෝකය. සෝකය තියෙන්නා වූ කතිරය. අන්න ඒකට හොඳට focus කරන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් වේදනාව, මේ පැත්තෙන් පරාමාසය, පල්ලෙහායින් භය අගතිය, මේ පැත්තෙන් ද්වේෂ අගතිය කතිරය. ඔන්න ඔය කොටස තමයි අපි කල්පනා කළේ. මේ සෝකයට එන්නා වූ කියන තැන. දැන් එහෙම නම් මෙතෙන්ට ආවා නම් මම ආපසු ඇඟිල්ල දික් කරනව. මේ සෝකය කියන තැන ඉඳන් තමයි මම අත්තවාදු උපාදානය කෑල්ල නිරූපණය වෙන්නේ. සෝකයෙන් වේදනාව, වේදනාවෙන් පරාමාසයට යන එක. එහෙනම් මං කියනවා මෙතන මේ සෝකය ඉඳන් මම රූපයට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. දිට්ඨි අනුසය පාර නේ. ඒක කරන්නේ නැහැ කියන එක. මොකද මගේ මානය කියන එක අයින් කරලා.

එතකොට එහෙම නම් මේක වෙන්න නම් මොකද්ද ඕනෑ. රහතන් වහන්සේ මගෙන් ඇහුවා “මොකද්ද දැන් මෙතෙන්ට තියෙන්න ඕනෑ.” මං කිව්වා ඉද්ධිපාද හතර ම තියෙන්න ඕනෙ. ඉද්ධිපාද හතරෙන් ම තමයි මේක යන්නේ. දැන් ඔන්න ලස්සනට පාරවල් දෙකක් පේනවා. ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාද. කොහොම ද පාර? දැන් මම මුලින් ම අල්ලා ගත්තේ ගැඹුරු ම පාර කියන එක. ඒ කියන්නේ ගැඹුරු ම පාර හැටියට මට ආවේ මෙතෙන්ට. දැන් මං ඉන්නේ කොතන ද? සම්මා ඥානය ඇති වෙලා දැන් මං කියනවා සම්මා ඥානය ඇති වෙන අවස්ථාවේ දී, විරියෙන් නාමරූප කොටසට එන්නා වූ එක එපා. සඤ්ඤාවේ ඉඳන් නාමරූපයට. එතැන ඉඳන් ඒ නාමරූපය ඉඳන් පරාමාසයට එන්නා වූ එක විමංසාවෙන් එපා. විරියයි විමංසාවයි.

දැන් ඊළඟට අපි දන්නවා පරාමාසයට ආවා නම් පරාමාසයේ ඉඳලා අර ලණුව තියෙන්නේ භය අගතියට. ඒක යනවා. ඒක නොයන්න නම් මෙතනින් විසිරෙන්න නැති වෙන්න චිත්තය තියෙන්න ඕනෙ. එතකොට එහෙනම් චිත්ත ඉද්ධිපාදය ඕනෑ. ඊට පස්සේ ඡන්ද ඉද්ධිපාදය ඕනෑ පරාමාසය ඉඳන් සෝකය කියන තැනට නොඑන්න. දැන් එහෙම නම් ඇවිල්ලා තියෙන්නේ කොහොම ද? විරියෙන්, විමංසාවෙන්, ඊට පස්සේ චිත්තයෙන් ඡන්දයට. අන්න එතැන්දි රහතන් වහන්සේ කිව්වා “ඒක ඉහළ ම එකයි” කියලා. ඒක මේවා එකෙන් ඉහළ ම එකයි කියලා.

තවත් පාරක් තියෙනවා නේ. දැන් ඔය පේනවද චක්ක diagram එක මතක ද? දැන් ආවේ කොහොම ද. විරියෙන්, විමංසාවට, විමංසාවෙන් චිත්තයට, චිත්තයෙන් ඡන්දයට. අනිත් පැත්තට. ඕකේ තව පැත්තක් තියෙනවා නේ. විරියො ච ඡන්දො, ඡන්දො ච චිත්තො, චිත්තො විමංසා. මොකද්ද ඒ පාර? විරිය. මනොසඤ්‌චෙතනා ඉඳන් ඉදංසච්චයට එන එක එයා කපනවා සංස්කාරයන් එන්න ඉස්සෙල්ලා. විරියෙන් කපනවා.

ඊට පස්සේ අපි එන්නේ කොහොම ද? ලණු දෙක. ලණු දෙකේ පළවෙනි ලණුවෙන් අපි කියන්නේ ඡන්දයෙන් කපන කෑල්ල. ඒ කියන්නේ පරිදේවය කියන තැනට එන එක. ඒ ලණුවත් එක්ක සම්බන්ධ වෙලා භය අගතියට යන අනිත් ලණුව තියෙනවා නේ. අන්න ඒක අපි කපනවා චිත්තයෙන්. දෙවෙනි ලණුව. ඡන්ද ලණුවයි, චිත්ත ලණුවයි. එතකොට ඡන්ද කෑල්ලෙන් කැපුවා පරිදේවය දක්වා. දැන් අපිට ආවා විරියො ච ඡන්දො, ඡන්දො ච චිත්තො, භය අගතියට යන්නේ නැහැ. එහෙම නම් එතනින් විමංසාවට. අර සෝකය කියන තැනට එන්නේ නැහැ. ඒ කෑල්ල නේ එතන තියෙන්නේ. පාරවල් දෙක. ඒක හරි පුදුමාකාර භාවනාවක්.

ඒක තමයි මං කරපු භාවනාව.