Date: 07/05/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ඉතින් මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මට කිව්වා අර, කාම නිරෝධ කියලා භාවනාවක් තියෙනවා කලින්, ඒක කරන්නයි කියලා. ඒ භාවනාවේ තියෙන්නේ ඉතාමත් ම කුඩා කාලයක් පවතින්නා වූ විඤ්ඤාණයකට තමයි අපි මේ ඇලෙන්නේ. එතකොට දැන් බලන්න ඔය විඤ්ඤාණය කියන එක දෙකේ හතර වෙනකොට ඒකෙ ජාතියක් වෙනවා. දෙකේ දෙක වෙනකොට මැරෙනවා. රවුම් දෙකේ දෙක. දෙකේ එකේදිත් මැරෙනවා. දෙකේ එකේදි මැරෙන්නේ ඒ පදුට්ඨමනසඞ්කප්පය නිසා, මොකද අර යම්කිසි වස්තුවක් දිහා බැලුවා. ඒකත් එක්ක කල්පනා කරනවා මීට වඩා කොච්චර හොඳ ද මගේ පෙර වූ තිබුණ එක. එතකොට දෙකේ එක කිව්වා ම අපිට අභිජ්ඣා කියන එක ඇති වෙලා තියෙන්නේ. පළවෙනි රවුමෙන් පස්සේ. අභිජ්ඣා කියන්නේ අපේ ඇතුළේ තිබුණා වූ දේකට තමයි මේ මාන වෙලා තියෙන්නෙ.

ඒ කියන්නේ, යම්කිසි දේවල්වලට අපි අගය දීලා දැන් අපි ලොකුවට මාන්නයෙන් අටවනවා එකක්, මේකට වඩා දැන් එක හොඳයි කියන එක. ඒ කියන්නේ දැන් මම ඉන්නා වූ රූපයට වඩා අතීත වූ දේ මට හොඳයි කියන අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා අන්න ඒ දේ පවතිනවා කියලා, ඒ දේ පැවැත්විය හැකියි කියලා හැඟීමක් අපි තුළ තියෙනවා. ඒක නිසා තමයි අර පදුට්ඨමනසඞ්කප්පයෙන් අර අපි ජරාවට පත් වුණා, ජරාවට පත් වෙනවා කියන එක අපි අමතක කරනවා.

එතකොට ඉතින් මේක එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි අයින් කරන්න ඕනේ කියලා අර අභිජ්ඣා වෙන එක. එහෙම නම් අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වපු විදිහට සම්මා දිට්ඨියෙන් අපි ඇවිල්ලා ඒ ප්‍රඥාවට, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවට, ඉතින් එතැන ඉඳන් අපි අභිජ්ඣා කියන එක හිරි ඕතප්පය හරහා අපි අයින් කරගෙන යන්න ඕනෑ, ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්න ඕනෑ. ඉන්ද්‍රිය සංවරයට ආවහම අපිට පේනවා එහෙම නම් අර ප්‍රිය දෙයින් වෙන් වුණා කියලා, ආපසු හදන්න යන්නේ නැතෙයි කියන අර්ථයට, මොකද මම ආපසු ස්පර්ශ කරන්න යන්නේ නැහැයි කියන එක තමන් තේරුම් ගන්න ඕනෑ. අර විරියක් භාවිතා කරනවා එතෙන්ට නොයන්න.

ඉතින් එහෙම නම් දැන් අර විරියවල් ටික ඔක්කොම සම්බන්ධ වෙලා එනවා, එකට එකක් සංස්කාර අයින් කරලා. එතකොට මේ විදිහට ගියායින් පස්සේ ඉතින් සම්මා ප්‍රඥා සම්මා ඥාන වෙලා, අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඊයේ භාවනාවේ දී අපි පෙන්නුවේ මොකක් ද, ඉද්ධිපාද හතර ම ඕනෑ. ඒ කියන්නේ අර සෝකය කියන තැනට නොඑන්න නම් අපිට ඉද්ධිපාද හතර ම ඕනෑ. ඉතින් ඒක අපි පාරවල් දෙකකින් බැලුවා නේ.

පළමු වෙනි එක වශයෙන් බැලුවා අර විරියත් එක්ක එන්නා වූ ඒ පාර. විරියෙන් අපි එනවා ඒ විමංසාවට. විරියෙන් විමංසාවට ඇවිල්ලා ඊට පස්සේ චිත්තය. අන්න පරාමාසයේ ඉඳන් එන්නා වූ එක. දැන් අපිට පේනවා අර සංකප්පය කියන පදුට්ඨමනසඞ්කප්පය විසින් අයින් කරනවා කියලා කියන්නේ පරාමාසය හරහා අර එන්නේ මොකද්ද, අර ආස්වාදය. පදුට්ඨමනසඞ්කප්පයෙ ආස්වාදය තමයි පරාමාසය හරහා එන්නේ. ඒක අපි ඡන්ද සමාධියෙන් අයින් කරනවා.

ඊළඟට ඉදංසච්චය තුළ තියෙනවා අපි අහපු දේවල්. අපි බුදුහාමුදුරුවන්ගෙන් හරි අහලා, අපි හිතමු psychic powers කියලා. ඒවා ගැන හරි අපි අහපු දේවල් ඉදංසච්චය තුළ තියෙනවා. මම විඳලත් නැති ඒවා. එතකොට ඒවා එනවා භය අගතිය දක්වා ඇවිල්ලා ඒක විමංසාවෙන් නවත්වනවා. එහෙම නම් ඊයේ භාවනාවේ කෙළවරේ තියෙන්නේ මොකද්ද? ඡන්ද සමාධියෙන් නවත්වන්නා වූ ආස්වාදය, ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ අර අසාපු දේවල් නිසා ඇති වන දේ විමංසාවෙන් කියනවා “ඕවත් ඔච්චර ම තමයි” කියන එක කියනවා.

ඉතින් ඔය වෙලාව වෙනකොට මට දැනුණා මූණෙන් ඒ ඡන්ද සමාධියේ ඒ ස්වභාවය ඒ නිර්වාණයට ඒ විමුක්ති ස්වභාවය. ඉතින් ඒවා ඔක්කොම දැනිලා ඉතින් මට හරියට රූප පෙනුණා. මේ එක ම රූපයකටවත්, දැන් ඕගොල්ලො කට්ටිය ම පේනවා. ඉන්න කට්ටිය, එක එක තැන්වල ඒවා පේනවා කියන එක තියෙනවා. මෙහෙම පෙනුණයි කියලා ඒකට තමන් ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් ඒක නිසා නිරෝධයට ම යනවා. තමන්ගේ නිරෝධය දක්වා ම ගමන් කරනවා. අර දේවල් දැක්කහම දැන් මේක මොකක් ද කියලා සිතනවා නම් අන්න, තමන්ට ඒක යන්නේ නැහැ. එතකොට සිතන්නේ නැත්නම්, ඒ භාවනාවෙන් ඉතින් තමන්ට නිරෝධය කියන එක තමන්ට තියෙනවා.

ඒක තමා මං කරපු භාවනාව.