Date: 08/05/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. අර පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ඒ වගේ ම අර අඥාන ස්වභාවය නැතෙයි කියලා. එතකොට මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මට භාවනාවට ඉස්සෙල්ලා ම කිව්වා කලින් භාවනාවක් තියෙනවා, ඔය ඒකෙදි පෙන්නනවා මේ ධර්මය කියන එක හරි අභිනන්දනා කරනවා නම් පරිහානිය යැයි බුදුහාමුදුරුවෝ වදාළා. එතකොට ඒ භාවනාවේදි බලලා තියෙනවා, මේ දැන් අපි අට වෙනි ධ්‍යානය හෝ අල්ලාගෙන මනුෂ්‍යයෙක් ඉන්න හදනවා. නමුත් මේකෙ, රූපයේ ජරාව වේදනාවේ ජරාව සඤ්ඤා ජරා සංස්කාර ජරා තියෙද්දි, ඒ මොකක් හරි ධ්‍යානයක් අල්ලාගෙන මනුෂ්‍යයෙක් ඉන්නවා. එතකොට එතැන්දි අපිට පේනවා අර සඤ්ඤාවෙන් චේතනාවට ඒ කියන්නේ වේදනාවෙන් චේතනාවට ගිහිල්ලා, චේතනාවෙන් ඉදංසච්චයට, ඉදංසච්චයෙන් අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි සල්ලය සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා කියලා. අට වෙනි ධ්‍යානයට ගිහිල්ලා එහෙම හරි ඉන්නවා නම්. එතකොට ඉතින් විඤ්ඤාණ ධාරාව කියන එක මොන ක්‍රමයකට හරි ඒ ගලනවා නම් ඉතින් අපිට පේනවා මේකෙ මේ දුක්ඛය කියන එක තියෙනවා කියලා. පවතිනවා කියන හැඟීම් මිනිසුන්ට ඇති වෙනවා.

ඉතින් ඒ පාර අද මං කළේ, ඔය ඒ දේ බලලා හොඳට, ඊට පස්සේ මේ ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා එතන. ඉතින් නිකම්මත් නෙවේ, උදාහරණත් එක්ක මම බැලුවේ. ඒ කියන්නේ දැන් අපි තේරුම් ගත්තා, සෝකය කියන තැනට අර පාරවල් දෙකකින් එනවා. එකක් පරාමාසයෙන් එනවා, එකක් ඉදංසච්චයෙන් එනවා. එතකොට අපි පෙන්නුවා පරාමාසයෙන් එන්නා වූ එක ඡන්ද සමාධියෙන් අපි අයින් කරනවා කියලා. ඉදංසච්චය ඉඳන් භය අගතියට ඇවිල්ලා සෝකයට එන්නා වූ කෑල්ල කියන එක අපි අයින් කරනවා කියලා විමංසාවෙන්.

එතකොට ඉතින් ඕකට උදාහරණ වශයෙන් අපි ගත්තොතින් අපි හිතමු, මං කීපයක් ම බැලුවා, අපි හිතමු මේ මනුෂ්‍යයෙකුට වාහනයක් තියෙනවා. එයා ඒක පරිහරණය කරලා තියෙනවා. විඳලා තියෙනවා. ඒකේ ආස්වාදය එයා දන්නවා. ඒක තමයි පරාමාසයෙන් එන එක. දැන් ඉදංසච්චයෙන් එනකොට හිතන්න limousine එකක් වාගේ වෙන වාහනයක් කියලා. ඒක දැකලා තියෙනවා, හැබැයි ඒකේ ගිහිල්ලා නැහැ. එතකොට ඒක පරිහරණය කරලා භුක්ති විඳලා නැති එකක්. හැබැයි මේ වාහනයේ ගිය මනුෂ්‍යයා, එයා දන්නවා අරකත් ඔච්චර තමයි. ඒකෙනුත් ඉතින් විමංසාවෙන් දන්නවා මේකෙ ඔච්චරයි. එහෙම නැත්නම් කල්පනා කරන්න තමන් දැකලා, තමන් ජීවත් වෙලා ඉන්න කාන්තාවක්. එහෙම නැත්නම් තමන් මේ දැකලා තියෙනවා, නමුත් ජීවත් වෙලා නැති කාන්තාවක්. එතකොට ඉදංසච්චයේ ඉඳන් අරක එනවා. එතකොට ඔය විදිහට තමන්ට පේනවා මේ අර ධ්‍යානයන් වශයෙන් ගත්තහමත්, ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තමන්ට විඳලා නැති එක්කෙනෙක් ඉන්න පුළුවන්, අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට. එහෙම නැත්නම් psychic powers බුදුහාමුදුරුවෝ කිව්වා පවත්වන්න පුළුවන් කියලා කරන්න පුළුවන් වෙයි කියලා. තමන් නමුත් කරලා නැහැ. අන්න ඒ විදිහට ඒ දෙක වෙන් කරලා බලන්න ඕනෑ උදාහරණ කීපයක් එක්ක.

ඉතින් එතැන්දි මට එනවා දැන් අපි විමංසාවෙන් මොකක් ද කරන්නේ. විමංසාවෙන් පෙන්නනවා මේවා මේ ජරාවට පත් වෙනවා. ඒක නිසා මේකත් එකයි අරකත් එකයි. අර වාහනය දෙකත් එකයි, කාන්තාවන් වශයෙන් ගත්තත් ඒත් එකයි. ඔය ඕනෑ ම එකක ගත්තහම මේක නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වේවා, ඒවා පවත්වාගෙන ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එක ම අර්ථයක් එයා ඒකෙන් දෙනවා. එහෙම නම් ඉතින් මේකට ආසන්නතම කාරණය මොකද්ද? ඒ කියන්නේ තමන්ගේ අර calmness එක කියන එක පවතින්න ඕනෑ. දැන් පේනවද අර ලණුවක් තියෙනවා නේ, පරාමාසයේ ඉඳන් භය අගතියට තියන ලණුව. චිත්ත ඉද්ධිපාදයෙන් කපන්නේ ඔය ලණුව නේ. ඒ කියන්නේ චිත්ත ඉද්ධිපාදය තියෙනවා නම් අර calmness කියන එක තියෙනවා. එතකොට මේක වෙනස් නොවෙන්න ඕනෑ අර බාහිර වූ රූපය හෝ ධ්‍යානය හෝ psychic powers හෝ ඒවාගෙන් නොනැසී පවතින්න ඕනෑ. ඒ කියන්නේ මොකක් ද උපසමාධිට්ඨානය. උපසමාධිට්ඨානය නිසා තමයි විමංසාව. දැන් අපිට හොඳට පේනවා මේ මේකෙදි.

එතකොට දැන් මං ඊට පස්සේ ඕක උපසමාධිට්ඨානය කියලා ඒක තෝරා ගන්න ඉස්සෙල්ලා ම, ඉතින් මම කල්පනා කළා දැන් මේ වගේ ධර්මයක් අර උඩ එකටත් තියෙන්න ඕනෑ. පරාමාසය ඉඳන් සෝකයට ආස්වාදය වශයෙන් ගලන්නා වූ එකටත් එහෙම එකක් තියෙන්න ඕනෑ කියලා. එතකොට ඊට පස්සේ මං ඒක හොයා ගත්තා දැන් අතන එන්නේ උපසමාධිට්ඨානය. එහෙම නම් ඉතින් අර සච්චාධිට්ඨානය නේ පළමු වැනි පාරෙ තියෙන්නේ. ඒකේ වචනය දාගත්තහම හැබැයි ඉතින් ඒක එකපාරට ම තමන්ට ගැලවිලා යනවා. සච්චාධිට්ඨානය තමයි මේකෙ තියෙන්නෙ. මේක මුසාවක් යැයි කියන එක තමයි ඒක තමන්ට වැටහෙන්න ඕනෑ. මේවා ඔක්කොම මුසා මොස ධර්මයන්. මේකෙන් කෙනෙක්ගෙ එහෙම නම් මං මේ ආස්වාදයක් මේක දිගේ ගලාගෙන එනවා කියලා කිව්වට, ඒ විඳපු එකේ ඇති දෙයක් නැහැයි කියන එක. මම ගිය කාර් එකේ මේකක් නැහැ, ආදී වශයෙන් තමන්ට ඒක දැනෙන්න ඕනෑ. මේ එතකොට මෙන්න මේ අවස්ථාව කියන එක තමන් තේරුම් ගත්තහම, ඒ මනස හරි පුදුමයි. මනස හරි පුදුමාකාර විදිහට තමන්ගේ පවතිනවා.

ඉතින් ඒ පාර රහතන් වහන්සේ ඇහුවා “මොකක් ද මේ අවස්ථාව” කියලා. රහතන් වහන්සේලා ඇහුවා කියන එකයි මං කියන්නේ. ඇහුවා ම මං කිව්වා, මේක තමයි ආශ්‍රව නසන අවස්ථාව කියලා. මේ විදිහට ඉන්නවා නම් ආශ්‍රවයන් කියන ඒවා නැසෙනවා කියන එක. ඇයි තමන් වින්දා වූ ආස්වාදයට තමන් සලකන්නේ නැහැ. ඒක මුසාවක් කියලා කියනවා. විඳලා නැති යම් වූ රූපයක් වේවා ධ්‍යානයක් වේවා පරිහරණය කරන ලද වස්තුවක් වේවා, ඒවා සම්බන්ධයෙන් පරිහරණය කරලා නැති එක ගැන calmness එකක් තියෙනවා, මගේ මනස හෙලවෙන්නේ නැහැ. ඒක පවතිනවා. අර උපසමාධිට්ඨානයෙන් එන්නා වූ අර්ථය තියෙනවා. අන්න ඒක තමයි ඒ අනාශ්‍රව අවස්ථාව.

ඉතින් ඕකේ, ඉතින් ඒකෙ වටින්නේ ඔය පුරුක හොඳට බලන එක. මං මේ භාවනාවට පෙර නම් මං ඒකේ ගියා මුලට ම. දැන් අපි ආවා නේ පාරවල්, ඡන්දයෙන් එන පාරයි, අර විමංසාවෙන් ඡන්ද චිත්ත විරිය විමංසා, විරියො ච ඡන්දො ච ඡන්දෝච චිත්තො චිත්තො ච විමංසා කියලා එන්නා වූ පාරයි. ඊළඟට ඉහළ ම පාර පෙන්නුවා නේ. අර විරිය ඇවිල්ලා, විරියෙන් විමංසාවට, චිත්තයෙන් ඡන්දයට කියලා. ඉතින් ඒකේ මුලට ම ගිහිල්ලා බලන්න පුළුවන්, තමන් සඤ්ඤා චේතනාවට එන්නෙ නැහැයි කියන එක. නමුත් මේකේ වටින්නේ මෙන්න මේ පුරුකෙන් පුරුකට ඉන්න එක. දැන් මේ පළවෙනි පුරුකෙන් තමයි මේ පෙන්නන්නේ. අවසානයට සෝකය ළඟ ම තියන පුරුක ගැන මේ කතා කරන්නේ. බොහෝ ම හොඳ භාවනාවක්.

ඒක තමයි මං කරපු භාවනාව.