ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවයි පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨියත්, එතකොට අඥාන ස්වභාවය පහ වෙනවා කියලා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ කරපු භාවනාව ම තමයි නැවතත් කරගෙන ගියේ. ඊයේ භාවනාවෙදි ඔයගොල්ලන්ට මතක ඇති අපි පාරවල් දෙකක් ගැන කතා කළා, සෝකයට එන්නා වූ එක එකක්. පරාමාසයට එන්නේ අර ආස්වාදය පදුට්ඨමනසඞ්කප්පයේ ආස්වාදය, ඡන්ද සමාධිය මගින් ඒක අයින් කරලා දානවා. ඊළඟට අර රූපයන්ගේ තමන් විඳලා නැති රූපයන්ගේ යම්කිසි දෙයක් තියෙනවා ද, අර limousine එකේ කතාව කිව්වේ. ගිහිල්ලා නෑ limousine එකක නමුත් දැකල තියෙනවා. අන්න ඒ වගේ එකක තිබෙන දේ, අර අපි විමංසාව මගින් කියනවා මේවා ඔක්කොම එකයි. එක ම අර්ථය තියෙන්නේ. අන්න ඒ ලක්ෂණය තියෙනවා විමංසාවේ. ඒක නිසා ඒ විමංසාව මගින් ඒක නැති කරනවා කියලා පෙන්නුවා ඉදංසච්චයේ ඉඳන් එන එක.
එතකොට ඒ විදිහට ගත්තහම අද භාවනාවෙදි මම බැලුවේ එතැනින් එහා පැත්තේ පුරුක් දෙක මගින් මොකක් ද කරන්නේ කියලා. දැන් අපි දන්නවා පාරවල් දෙකේ, එක පාරක් ඡන්ද පාර, අනිත් පාර විමංසාවේ කෙළවරට ඇවිල්ලා තියෙන්නේ. දැන් විමංසාව පාරේ එහා පැත්තේ කෙළවරට තියෙන්නේ මොකක් ද? චිත්තය. චිත්තය කියන එකයි එතන තියෙන්නේ.
එතකොට අන්න ඒ කෑල්ල මම බැලුවා. කොහොම ද කියන එක. දැන් ඔතන තමන්ට කල්පනා වෙන්න ඕනෑ ඔතෙන්දි ඔය සංස්කාරයන් තමයි එතන අයින් කරන්නේ. එහෙම නම් ඔය චිත්ත ඉද්ධිපාදයේ ඔය කියන එක හොඳට සිහි කරන්න ඕනෑ. චිත්ත ඉද්ධිපාදය භාවනාව අපි කලින් කරලා තියෙනවා, සමන්නාගත විරිය කියන එක. චිත්ත ඉද්ධිපාද ප්‍රධාන සමන්නාගත විරිය. ඒකේ පෙන්නලා දීල තියෙනවා අර ස්පර්ශයේ ඉඳන් වේදනාවට වේදනාවේ ඉඳන් පරාමාසයට පරාමාසයේ ඉඳන් භය අගති පාර. ඕක තමයි එයාගෙ නැති කරන්නේ කියලා.
එහෙම නම් සංස්කාර අයින් කළා කියලා කියන එක කතාවෙ තියෙනවා, ඒ විමංසා වෙන්නේ සංස්කාර මෙතන අයින් කරලා තියෙන්නේ. ඒ අයින් කරනකොට, මේවා ඔක්කොම එක ජාතියයි කියලා, අර තුවා කතාව මතක් වෙන්න ඕනෑ. තුවා කතාව කියලා කියන්නේ, ආච්චි අම්මාට තුවා ගෙනත් දෙනවා මිනිස්සු. ආච්චි අම්මා ඉතින් මේවා අල්මාරියේ දදා තිබුණා. ඊට පස්සේ ආච්චි අම්මාට මේවා පෙනිලා ආච්චි අම්මා ඉතින් කල්පනා කළා මේක හරි යන්නේ නෑ. මේ මිනිස්සුන්ට, නැති එක් කෙනෙකුට ඔන්න ආච්චි අම්මා එක දවසක් තුවායක් දුන්නා. ආච්චි අම්මාට හරි සන්තෝසයි අර මනුස්සයා බොහොම සන්තෝස වෙනවා දැකලා. ඊට පස්සේ ආච්චි අම්මා පුරුදු වුණා තුවා දෙන්න. දැන් දන් දුන්නයින් පස්සේ ආච්චි අම්මාට දුන්නට පස්සේ ආච්චි අම්මා අනිත් මිනිස්සුන්ට දෙනවා. ආච්චි අම්මා දැන් මේකෙන් සතුටු වෙලා හිටලා, කාලයක් ගිහිල්ලා ආච්චි අම්මාට ප්‍රඥාවක් ඇති වෙලා, ආච්චි අම්මා කියනවා මේකත් ඇති වැඩක් නෑ. මෙන්න මේ තුවා නිසා ඇති වන්නා වූ ඒ සතුට තියෙනවා ද මේ තුවාත් වැඩක් නෑ මේවාත් එපා. ඔන්න ආච්චිඅම්මාගේ චාගාධිට්ඨානය කියන එක, ඒ අත හැරීම කියන එක ඇවිල්ලා දැන් තුවාය නිසා දීමෙන් ඇති වෙන තණ්හාවත් අයින් කළා. එතකොට ඒ කතාවෙදි අපි බලන්න ඕනෑ පරාමාසයේ ඉඳන් භය අගතියට එන ඒ කතාව. ඒක තමයි ඒ චිත්ත සමාධියෙන් එතන අයින් කරන්නේ.
දැන් ඊළඟට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් සංස්කාර අයින් කළාට පස්සේ සම්මා ප්‍රඥාව ඇති වෙලා තියෙනවා. එහෙම නම් අපි කිව්ව නේ ද අර නාමරූප කියන තැනට විමංසා එකක් පෙන්නුවා. නාමරූපයේ ඉඳන් පරාමාසයට යන එක තව විමංසාවක් පෙන්නුවා. විමංසා දෙකයි, උඩ විරියයි සඤ්ඤාවේ සිට එන විරියයි කියන එක. එතකොට දැන් මම තේරුම් ගත්තා මේ විමංසා දෙක, එක විමංසාවක් සම්මා ප්‍රඥාව, ඒ කියන්නේ වේදනාවේ ඉඳන් නාමරූපයට එන එක සම්මා ප්‍රඥාව. ඊළඟට නාමරූපයේ ඉඳන් පරාමාසයට යන එක සම්මා ඥාන කියන එක තියෙනවා. එතකොට මැද්දෙන් තියෙන්නේ චිත්තය. වේදනාවේ ඉඳන් එන එක චිත්ත ඉද්ධිපාදයෙන් කපනවා.
දැන් එහෙම නම්, දැන් අපිට පේනවා මේ පථයේ අනිත් පැත්තට දැන් අපි යනවා. එහෙම නම් දැන් මං ඇවිල්ලා තියෙනවා මේ පරාමාසයට. ඒ පරාමාසයේ කෙළවර ඉඳන් මම කල්පනා කරනවා, දැන් උඩ තියෙන්නේ වේදනාව. වේදනාව එතන තියෙනවා මේ චිත්ත ඉද්ධිපාදය කියන එක. දැන් අපි එහෙම නම් මේ පේනවා අපිට දැන් අර දෙවෙනි ඉහළ ම වූ ඉද්ධිපාද පථයේ ඒ කියන්නේ ඡන්ද සමාධිය කියන එක පරාමාසයේ ඉඳන් එන එක, ඊළඟට ඒකට උඩින් අපි කිව්වේ විමංසාව. විමංසාවට එන්නේ විරියෙන්. ඒ පථය නේ අපි පෙන්නුවේ. එතකොට ඕක ඔතනින් අරගෙන හරි යන්නේ නෑ මේ වෙලාව වෙනකොට. මොකද හේතුව? වේදනාව කියන එක ආච්චි අම්මා දැන් දන් දීලා. අතහැරලා තියෙන්නේ. වේදනාවට සැලකිල්ලක් නැහැ. සංස්කාරත් අත හැරියා. වේදනාවත් චිත්ත ඉද්ධිපාදයෙන් දැන් මෙතන වේදනාව කියන තැනට ඇවිල්ලා තියෙනවා.
එහෙම නම් අර සම්මා ප්‍රඥාව කියන එක අපි ලියාගන්න ඕනෑ භය අගතියේ ඉඳන් අපේ එනව නේ වේදනාවට 40% පාර, ආන්න ඒක සම්මා ප්‍රඥාව. ඇයි එයා කියනවා නේ මේ කොයි සංස්කාරයනුත් එකයි. අර limousine එකේ ගියත් එකයි මේකේ ගියත් එකයි. දෙකේ ම යන එක තමයි තියෙන්නේ. අන්න ඒ අර්ථයෙන් එයා කියනවා. එතකොට එහෙම නම් අර ඊයේ ධර්මයත් එක්ක ලස්සනට ගැළපිලා එනවා. දැන් එහෙම නම් අපි වේදනාවට එන්නේ නෑ. ඒ පාර චිත්ත සමාධිය කියන එකෙන් පරාමාසයට එන්නේ නෑ.
දැන් මෙතන තියෙනවා triangle එක, භය අගතිය දක්වා තියෙන triangle එක. දැන් ඊළඟට තියෙන්නේ මොකක් ද? අපි අයින් කරනවා, විරියෙන් අයින් කරන එක. ඒ කියන්නේ විරියෙන් අයින් කරනවා සඤ්ඤාව. අත්ත සඤ්ඤා, අන්න එහෙම තමයි සම්මා ඥානය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් නාමරූපයේ ඉඳන් අපි කතා කරන පරාමාසය දක්වා අපි ලකුණු කරන සම්මා ඥානය කියන එක දැන් අපිට පේනවා, එහෙම නම් මෙන්න මේ triangle එකේ ඉවත් කිරීම තමයි මේ විරිය මගින් කරන්නේ. අත්තා කියලා අපි ලියනවා, පරාමාසයේ ඉඳන් පල්ලෙහාට 5A කියලා එහෙම අපි ලියන්නේ ඉස්සර. නේ ද?
අන්න එතකොට ඒක මේ මමංකාර කොටුවට නේ වැටෙන්නේ. දැන් මේ මමංකාර අත්තා තමයි මෙයා දැන් අයින් කරන්නේ. අහංකාර අත්තා ඉස්සෙල්ලා අයින් කළා සංස්කාර අත්තා අයින් කළායින් පස්සේ. එතකොට මෙන්න මේක දැන් අපි අයින් කරනවා. අයින් කළාට පස්සේ දැන් එහෙම නම් අර දිට්ඨි අනුසයේ දැන් පේනවා ද, මෙයා ඔක්කොම දැන් රූපය ස්පර්ශ වෙනවා කියන එක දැන් අයින් කිරීම නේ ඊළඟට තියෙන්නේ. එතකොට බාධාව හැටියට තියෙන්නේ මේ දිට්ඨි අනුසය තිබෙන්නා වූ පාර. එතකොට මේ triangle එක අපි කපාගෙන යනවා කියන්නේ අර ඒක ගැන තිබුණා වූ සියුම් වූ යම් වූ දෙයක් තියෙනවා ද මේකෙ පැවතීමක් නෑ. එතකොට දැන් බලන්න මේ triangle එකේ ඇත්තෙන් ම කියනවා නම් තියෙන්නේ එහෙම නම්, චිත්ත සමාධියෙන් කියන එකෙන් කැපෙනවා වේදනාව ඉඳන් පරාමාසයට. ඊට පස්සේ පරාමාසයේ ඉඳන් පල්ලෙහා අත්තා කියන කතාව තියෙනවා නේ, අන්න ඒක විරිය කියන එකෙන් කැපෙනවා.
එතකොට පටලවා ගන්න එපා හැබැයි, සංස්කාර අයින් කළහමත් ඔතෙන්ට ඔය කතාව කියනවා. දැන් මෙතන මේ මමංකාරය අයින් කළහමත් ආපහු විරිය අත්ත සඤ්ඤාව කියන එක හැදිච්ච එක. ඊළඟට ආපහු විමංසාවෙන් භය අගතියේ ඉඳන් මෙතනට එනවා. මෙන්න මේ තුනේ කැරකීමක් යම්කිසි සම්බන්ධයක් කියන එක ඉවත් කිරීමක් තියෙනවා ද, අන්න ඡන්දය. ඒ කියන්නේ මේ කිසිම ආකාරයකින් මේක නොවෙනවාට දැන් මෙයා කියන්නේ නිර්වාණය විතරයි මට ඕනෑ. අනිත් ඒවා එකක්වත් පවතින්නේ නෑ. අන්න ඡන්ද සමාධියෙන් ඒ කෑල්ල අයින් කරනවා කියන එක. ඉතින් ඒ විදිහටත් ලස්සනට මේකේ අර ඒ ඉද්ධිපාද පථ දෙක දැන් ලස්සනට සම්බන්ධ වෙලා පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.