Date: 10/05/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, අර අඥාන ස්වභාවය නැතෙයි කියලා. මේ විදිහට ඒ බුදුපියවරු හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාවෙන් ම පටන් ගත්තා. ඊයේ භාවනාවේ අවසානයේ දී කිව්වා නේ වේදනාව ඉඳන් පරාමාසයට යන එක චිත්ත ඉද්ධිපාදයෙන් කපනව ය. පරාමාසයේ ඉඳන් භය අගතියට දක්වා යන්නා වූ එක විරිය ඉද්ධිපාදයෙන් කපනව ය. ඊළඟට භය අගතියේ ඉඳන් වේදනාව දක්වා යන්නා වූ එක විමංසාවෙන් කපනවා කියලා අර අවබෝධයක් ඇති වුණා. එතකොට ඔතෙන්දි ඡන්දය කියලා කියන්නේ මොකක් ද, මෙතන යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඕක කැපුවේ නැත්නම්. අන්න ඒ ක්‍රියාවලිය සිද්ධ නොවෙන්න මෙන්න මේ විදිහට මේවායින් කපනවා කියන එකට තමන්ගේ තිබෙන්නා වූ ඒ කැමැත්ත. ඒක තමයි ඡන්දය කියලා කියන්නේ. මේ ක්‍රියාවලිය සිදු නොවෙන්න.

එතකොට, අද බැලුවා අර limousine එකේ එන්නා වූ පාර. ඒ කියන්නේ, අපි දන්නවා විරියෙන් ඡන්දය, ඡන්දයෙන් චිත්තය, චිත්තයෙන් විමංසාව. එතකොට අපි ඔතන බලාගෙන එනවා. මුල තියෙන්නේ මොකක් ද විරිය, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ ඒ සංස්කාර නොවෙන්න විරිය. ඊළඟට අපිට පේනවා ඉදංසච්චයට ආවා නම් ඉදංසච්චයේ ඉඳන් අපි එනවා පරිදේවය කියන තැනට. ඒක කැපෙන්නේ මේ ඡන්ද සමාධියෙන් කියන එකෙන්.

එතකොට දැන් ඔතන අපිට මොකකට ද ඡන්දය කියන එක තියෙන්නේ? දැන් මම මොකක් හරි එකක් ගත්තොතින් එහෙම නම් ඕක පරිදේවයට යනවා. එතකොට ඡන්දය සමාධිය කියනවා මට ඕනෑ ඕක නෙමෙයි, මේ නිර්වාණයයි. මොකක් හරි ගත්තා නම් පරිදේව වෙනවා කියන එක නිසා එයා පරිදේවයට යන්න දෙන්නේ නැති වෙන විදිහට එයා ඒක කපනවා කියන එක තියෙනවා.

ඊළඟට, දැන් අපි බලන්න ඕනෑ ඔය පරිදේව ඉඳන් භය අගතිය දක්වා යන්නා වූ කොටස. මෙතෙන්දි අර උඩ එකට නම් මට හොඳට උදාහරණ තිබුණා. මෙතෙන්දි උදාහරණයක් සඳහා මම රහතන් වහන්සේගෙන් උදව්වක් ඉල්ලුවහම මට පෙන්නුවා. දැන් අපි හිතමු, කවුරු හරි මනුස්සයෙක් අඹ ගෙඩියක් අරගෙන එනවා. පිහියකුත් අරගෙන එන්නේ. දැන් මනුස්සයෙක් මේක දිහා බලාගෙන ඉන්නවා. එයාට හිතෙනවා දැන් මේ මනුස්සයා අඹ ගෙඩිය කපලා කන්න දේවි කියලා. හැබැයි අර මනුස්සයා අරක තියලා යන්න යනවා. ඒ තියලා යන්න ගියා නම් දැන් මොකද අඹ ගෙඩිය කාලා මෙයාගේ කලින් ඇති වුණු ආස්වාදයෝ තියෙනවා. පරාමාසය තුලින් ගලන්නා වූ ධර්මය ගැනයි මේ කතා කරන්නේ. දැන් හැබැයි අඹ ගෙඩිය කැපුවේ නෑ. දැන් මෙයාගේ expectation එකක් තිබුණා පුරක්ඛරානයක් තිබුණා මෙන්න මේ විදිහට මේ රූපයක් ලැබේවි, රසයක් ලැබේවි කියලා ඒ plan එකක් තිබුණා එයාගෙ. නමුත් ඒක සිද්ධ වුණේ නෑ. එහෙම නම් චිත්ත සමාධියෙන් කරන්නේ මොකක් ද?

මේ දැන් සාමාන්‍යයෙන් නම් මනුස්සයෙක් භයෙන් අගතියට යනවා, දැන් ඉතින් මට මේක හම්බවෙන්නේ නැහැයි කියලා. චිත්ත සමාධිය කියන්නේ මේක අතීතයේ වින්දා තමයි, නමුත් දැන් මගේ ඒකට මොකක්වත් මගේ reaction එකක් නෑ. මගේ චිත්තය අර තිබිච්ච විදිහට ම ඒක මම පවත්වනවා. එතකොට අර අඹ ගෙඩිය ගෙනාව ද, කැපුව ද නැද්ද, දුන්න ද නැද්ද කතාවක් නෑ. ඒක නිසා මෙයාගේ භය අගතියට යෑමක් සිද්ධ වෙන්නේ නැහැයි කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව. බොහොම හොඳයි එතනත් බැලුවහම.

එතකොට මෙතන plan එක කියන එක ඒක එතන මළා කියන එක තියෙනවා. Plan එක අඹ ගෙඩිය හම්බවුණේ නැත්නම්, කපලා දුන්නේ නැත්නම් plan එක කියන්නෙ ඒක මළා. එතකොට ඒක ගැන අපේ නෑ කිසිම ආකාරයකින් ඒ සංකප්පය නැති වුණා කියලා ආපහු අපි ඒක ගන්නේ නැතිව මගේ සිත හෙලවෙන්නේ නැතුව ඉන්නවා නම් අන්න මම බයක් ඇති වෙන්නේ නෑ.