ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය, අර මලකඩ කාපු යකඩ ඇණය පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත කියලා. ඉතින් මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට භාවනාවට පෙර ම මට කිව්වා ඒ “19/04/2015 උපනාහ භාවනාව බලන්න” කියලා. ඒ භාවනාවේ තියෙනවා ඔය අට වෙනි රවුමේ දී ථීනමිද්ධය කියන එක ඇති වෙනවා, ඒ නම වෙනි රවුම වෙනකොට, අපි අර දෙවෙනි සංස්කාරයත් පටන් ගන්න අර film hall එකේ කතාවෙදි ඈත ඉඳලා පෙනෙන්නේ නැත්නම් ළං වෙලා හරි සංස්කාරය වෙනස් කරලා හරි මේක පවත්වන්න හදනවා. එතකොට දෙවෙනි සංස්කාරය ආරම්භ වුණා. දැන් ඉතින් 9, 10, 11, 12 ඔය රවුම් ගියා. නමුත් ඒ රූප, වේදනා, සංස්කාර සමඟ මිය යෑමක් එතනත් සිද්ධ වුණා. එතකොට මේක පිළිගන්නේ නැතිව ඒ චේතනා නිසා ඉදංසච්චය කියන එක සිද්ධ වෙනවා ඔය දහතුන් වෙනි රවුමේ දී. අපි තේරුම් ගත්තා දහතුන් වෙනි රවුමේ දී චේතනාවෙ ඉඳන් ඉදංසච්චයට යනවා කියන එක. එයා හිතනවා පවතිනවා කියලා හිතනවා. මේ විදිහට වරදවා වටහා ගැනීමක් සිද්ධ වෙනවා.
එතකොට උපනාහය කියන එක එතෙන්දි සිද්ධ වෙලා තියෙනවා අර සංස්කාරයට වඩා මේ සංස්කාරය කියලා. ඉදංසච්චය මගින් යම් අදහසක් අනුමත කළා ද ඒක පුනපුනා පැවැත්වීම උපනාහය මගින් කරනවා. මේක කරන්න බෑ. මේක නිත්‍ය නොවෙයි කියන එක තියෙනවා.
දැන්, අද මගේ භාවනාවට මගේ අරමුණ තිබුණේ අර ඊයේ භාවනාවෙදි අපි බලාගෙන ආපු එකේ අනිත් කෙළවර, ඒ කියන්නේ අර චේතනාවේ ඉඳන් ඉදංසච්චයට විරිය මගින් කැපීම. ඕකයි කරන්න තිබුණේ. ඉතින් මම භාවනාව පටන් ගත්තේ, ලෝභය නැති කරමි කාමච්ඡන්දය, ඒ ජරාවට ඇති කැමැත්ත. ඒක අරගෙන අපිට දෝෂය කියන එක ඇති වෙනවා. උපනාහය කියන එක වෙනවා කියන එක. මේක නිසා මෝහ වීම කියන එක සිද්ධ කළා.
ඉතින් මේ වෙලාවෙදි මගේ අර ඉහළ ම ඵල චිත්තය නැංවිලා තියෙනවා. අර උපනාහ භාවනාව බලලා නේ මම මේක කිව්වේ. එතකොට මම කල්පනා කළා මගේ ඉහළ ම ඵල චිත්තයේ තියෙන්නේ ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර diagram එකේ තියෙන එක නේ.
එතකොට ඒක ඇති වෙන්නේ අපි දන්නවා ඉතින් හබල්වලින් ගත්තහම ඔය අවිද්‍යා ආශ්‍රව අර මැද්දේ කෑල්ල ඉස්සරහට කැරකැවිලා, අවිද්‍යා ආශ්‍රවය පිටිපස්සේ, එතකොට භය අගති සෝක කාම ආශ්‍රව. එතකොට එහෙම නම් කාම ආශ්‍රවයෙන් අපේ නන්දිය. ඔතනදි අපිට එනවා, ඒ කාම ආශ්‍රව කියන්නේ සුඛයේ පසු සඤ්ඤාව. එහෙම නම් චේතනාව පසුපස ඉන්නේ නන්දිය. ඒ අගය තියෙනවා. මැරී ඉපදී හෝ මෙය පවත්වනවා. අන්න ඒක නේ එයාගෙ කල්පනාව තියෙන්නේ. මේ විදිහට මනස යොමු කරනවා, යයි සිතනවා, මැරී ඉපදී හෝ මෙය පවතී යැයි සිතනවා. මනස යොමු කරනවා.
එතකොට මේක පැහැදිලියි අපිට, පේනවා මේ 50% පාර හරහා තමයි මේක සිද්ධ වෙන්නේ චේතනාවට යනවා කියන එක. ඉතින් ඒක නැති වෙන්න චේතනාවට ගියා නම්, ඉදංසච්චයට නොයන්න විරියක් තියෙන්න ඕනෑ. ආපහු එනවා, උපනාහය කියන එක ඇති නම්, එහෙම නම් අපිට පලාසය. ඒක මගින් ලාභමච්ඡරිය, ලාභමච්ඡරියෙන් සාඨෙය්‍ය කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක අපිට මතකයි නේ. අර 7-2 මච්ඡරිය, ජාති පරාමාස විඤ්ඤාණ line එකේ. ඊට පස්සේ ඒකේ උඩ ම එනවා අපිට ඒ සාඨෙය්‍ය කියන එක. එතකොට ඒ සාඨෙය්‍ය කියන එක හරියට තියෙන්නේ cross section එක චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ ඒකත් එක්ක තමයි මේක දැන් වැටෙන්නේ. එතකොට මට මතක් වුණා මේ සාඨෙය්‍ය කියන එක, මේ සඤ්ඤාවක් හරි මනුස්සයෙක් අරගෙන ඒ සාඨෙය්‍ය නැති කරනවා නම් ඒ පුද්ගලයාට අර හත් වෙනි ධ්‍යානයට එනවා කියන එක.
එතකොට දැන් පේනවා එහෙම නම් මෙහෙම රූප නිසා හරි, වේදනා නිසා හරි සඤ්ඤා නිසා හරි, සංස්කාර වෙනස් කරමින් පවත්වමී යැයි කියලා චේතනාවන් අපි ගොඩනංවනවා. නිත්‍ය ස්වභාවය මුල් කරගෙන ඇති වුණා වූ බීජයන් ඒ තම සිතෙහි තැන්පත් වී ඇති නිසයි අපි මෙහෙම කරන්නේ. ඒක ඒ රහතන් වහන්සේගේ වචනය. “නිත්‍ය ස්වභාවය මුල් කරගෙන ඇති වුණා වූ බීජයක් තම සිතෙහි තැන්පත් කරගෙන ඇති නිසා තමයි මේක වෙන්නේ.”
ඉතින් මට මෙතෙන්දි මතක් වුණා තපස්සි බුදුසීයා පෙන්වපු ධර්මය. අර අත්ත ඉඳන් නිත්‍යයට සංස්කාරවල ඉඳන් jack එක ගහලා අර නිත්‍ය කතාවක් කියන එක. ඉතින් මේ වෙලාවේදි මේ මුළු ප්‍රදේශය ම ආලෝකමත් වුණා. මේ ගස්වල උඩවල්, අරවා මේවා, පාරවල් ඔක්කොම සහිතව. එතකොට ඒක වුණේ අර විරිය මගින් ඉවත් කරමි යන්න සිතීම සමඟ තමයි ඒක ඇති වුණේ.
ඉතින් රහතන් වහන්සේ පැවසුවා “යම් දිට්ඨධම්ම කර්මයක් ඇති ද, ඒක මෙහි දී මතු වෙනවා” කියලා. පෙර කළා වූ ඒ ආලෝකය මතු වීම මෙනෙහි කිරීම ඔන්න ඔය විදිහටයි ඒක සිද්ධ වෙලා තියෙන්නෙ.
මේක තමයි මම කරපු භාවනාව.