ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අර මලකඩ කාපු යකඩ ඇණයක් පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැතෙයි කියන එක. එතකොට මේ විදිහට වැඳ නමස්කාර කළා ඒ හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට භාවනාවට පෙර ම, මාර්තු මාසේ 26 වෙනිදා නිබ්බෙධික කියලා භාවනාවක් කරලා තියෙනවා, අන්න ඒක බලන්නෙයි කිව්වා. ඒ භාවනාවට ඉස්සෙල්ලා දවසේ ඒ භාවනාවෙදි මම හොයා ගත්තා ඔය ආස්වාදය කියන එක, ඒ කාම ආශ්‍රවය තුළ තියෙනවා අර සුඛයි කියලා ගත්තා වූ ඒ ආස්වාදය ඒක තියෙනවා. එතකොට රූපයත්, රූපය නිසා ඇති වෙච්ච ආස්වාදය කියන එක. දෙවනි පාරේ වේදනාවත් වේදනාව නිසා ඇති වෙන ආස්වාදය තියෙන්නෙ, අන්න ඒක තමයි භව ආශ්‍රවය තුළ ඒක තියෙන්නේ. අර අත්තා කියලා, අඹ ගෙඩිය කාලා සුඛයි කියලා. තුන් වෙනි පාරේ සඤ්ඤාවත් සඤ්ඤාව නිසා ඇති වන ආස්වාදයත් කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ තුන් ධර්ම ආස්වාදයෝ නිසා අපිට අවිද්‍යා ආශ්‍රවයට ඒ ආස්වාදය ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකේ නිත්‍ය ස්වභාවයක් එහෙම ඒකේ ඇති වෙලා තියෙනවා.
දැන් ඊට පස්සේ ඒ 26 වෙනිදා භාවනාවෙදි ඒක බලලා තියෙනවා ඒ කබලිංකාර ආහාර, ගිද්ධිලෝභ, ජරා. එතකොට අපිට ඒකෙන් එනවා කාමච්ඡන්දය, එහෙනම් කාමච්ඡන්දය කියලා කියන්නේ මේ ජරාවට තියෙන කැමැත්ත. කාමච්ඡන්දය මගින් කැමැත්ත තමයි මේකට එකතු කරන්නේ. ජරා වෙන රූපයක්. ඊළඟට මං බැලුවා මේකෙන් ඔය පරාමාසය මගින් මොකද්ද එක්කහු කරන්නේ?
ඒකේ එක්කහු කරන්නේ ඔය පදුට්ඨමනසඞ්කප්පයෙන් ඇවිල්ලා ඒකේ තියෙන ආස්වාදය කියන එක තමයි එකතු කරන්නේ. දැන් අර ඉස්සෙල්ලා කිව්ව ආස්වාදයන් මේක හරහා ගමන් කරනවා කියන එක. ඉතින් ඔය නිබ්බෙධික භාවනාවෙදි එහෙම නම් දිගට ගිහිල්ලා තියෙනවා ඔය, ඒ කියන්නේ රූපයත් එක්ක, ඊට පස්සේ අපිට අර සාතයි කියලා එනවා නේ. කාමච්ඡන්දය ආවා නම් සාත අසාත කතාව එනවා. ඒකත් එක්ක ඉතින් අපිට ඒ ඡන්දය ඇති වෙලා එහෙම නම් අපිට පේනවා රූප වේදනා කොටස සම්බන්ධ වෙනවා.
දැන් ඊළඟට ආපහු එනවා ඒ නන්දිය කියලා කියන්නේ මැරිලා ඉපදෙන්න තියෙන කැමැත්ත. එතකොට එහෙම නම් අපි එනවා රූපයෙන් වේදනාව, වේදනාවෙන් අර ලාභමච්ඡරිය කියලා එනවා ගිද්ධිලෝභය දක්වා, එතනින් නන්දිය, නන්දියෙන් ජාතිය. එතකොට ධර්ම කාරණා පහක්. රූප, වේදනා, මච්ඡරිය, නන්දිය, ජාතිය කියන එක සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. එතකොට, ඔය භාවනාවෙම තමයි ඉතින් අර රූපෙසු දිස්වා විභවං භවඤ්ච කියන එක එහෙම මං මෙනෙහි කරලා තියෙනවා.
දැන් ඒක මං සම්බන්ධ කළා ඊයේ කරපු භාවනාවත් එක්ක. ඊයේ කරපු භාවනාවෙදි පෙන්නුවා. විරිය මගින් අපි පහ කරන්නේ කියලා. ඒ කියන්නේ අර ඉද්ධිපාද හතර බලාගෙන ඇවිල්ලා ඒකේ මුලට ආවා විරිය කියන කතාවට. එතෙන්දි අපි බැලුවේ චේතනාවේ ඉඳන් ඒ ඉදංසච්චය දක්වා ගමන් කරන්නා වූ එක. මැද්දේ තියෙන්නේ සාඨෙය්‍ය කියන එක. එතකොට මේකේ කොටස් දෙකක් වශයෙන් බැලුවා, අර නන්දිය නිසා ඇති වෙන්නා වූ එක තමයි චේතනාව පිටිපස්සේ තියෙන්නේ. ඒක නිසා තමයි අපි චේතනාවේ ඉඳන් ඔය සාඨෙය්‍ය කියන එක දක්වා ගමන් කරන්නේ. එතකොට අපි මේක අයින් කරන්න ඕනෙයි කියන එක තියෙනවා. ඊළඟට සාඨෙය්‍ය කියන කතාවෙදි තියෙන්නේ මොකද්ද, අර උපනාහයේ ඉඳන් අපි සම්බන්ධතාවය පෙන්නුවා ඊයේ. ඒකෙදි පෙන්නුවා මේ, ඒ සංස්කාර වෙනස් කර කර හරි, කොහොම හරි අපි මේක කරන්න හදනවා කියන එක. එතකොට එහෙම නම්, දැන් මෙතන මේ ආස්වාදය හැටියට අපිට ගලාගෙන එනවා ඔය සාඨෙය්‍ය ඉඳන්.
දැන් ඔතන හරි ලස්සනට එකපාරට ම සම්බන්ධ වුණා මට. යම්කිසි එකක් ගත්තා නම් ලාභයි කියලා, ඒ කියන්නේ අතන අත්තා කතාව තියෙනවා. 5A අත්තා. එහෙම නම් ඒ අත්තා කියන කතාව අපි අයින් කරනවා කියන එක ඇති වෙන්නේ අර ඉහළ ම වූ, ඡන්ද, චිත්ත, විරිය, විමංසා ඉද්ධිපාදයන්ගෙන් තමයි ඒ ඒක අයින් වෙන්නේ. එතකොට ඒ triangle එකේ කැරකවීමක්, hub එකේ වාගේ එකේ කැරකවීමක් නැති වීමක් කියන එකට තමයි ඒ ඡන්දය, කැමති වීම කියන එක තියෙන්නේ.
එතකොට දැන් බලන්න ඉතින් අත්තා කිව්වේ, අර ලාභය කියන එක අත්තා වුණාට පස්සේ තමයි රූපය ලාභයි කියලා ගන්නේ. ලාභ වුණා නම් ලාභමච්ඡරිය, එතන ඉඳන් කෙළින් ම සාඨෙය්‍ය. එහෙම නම් මෙතන මේ බලාගෙන එන්නේ මොකද්ද අර ආස්වාදය. සාඨෙය්‍ය කියලා කිව්වහම අපි බලන්න ඕනෙ ආස්වාදය. ඒක තමයි මෙතනින් යන්නේ. අපි ඔය ආස්වාදය කියන එක අතහරිනවා නම් ඒ තමන්ගේ මනස ඉතින් පුදුමාකාර විදිහට පවතිනවා. මනාප වූ දෙයක් කරන්න පුළුවන් ඒ අවස්ථාවේ දී. ඒ කියන්නේ තමන්ට නිරෝධය මනාප වෙනවා ද, නිරෝධය. ඒ වගේ ඒ යම් යම් දේවල් යම්කිසි දෙයක් කළ යුතු ද, ඒ දේවල් කරන්න පුළුවන්කම කියන එක එතෙන්දි තියෙනවා. අර සම්බන්ධතාවය හොඳට පේන්න ඕනෙ. මේක ඇතුළෙන් ආස්වාදය තමයි එන්නේ. අර කාම ආශ්‍රව භව ආශ්‍රව, ඒවායේ ඔක්කෝගේ ම ආස්වාදය.
ඉතින් ඕකේ තව ටිකක් බලාගෙන ගියා ම පේන්නේ මොකද්ද ඒකේ? ඕකේ පේන්නේ, දැන් ඔය විඤ්ඤාණය කියන එකේ A කියන point එක කියන එක, කියන එකට අපි ආවා ම, ඔතෙන්දි එහෙම නම් අපි ඔය කතා කරන්නේ අර සාඨෙය්‍ය කියන තැනට ආවා කියන කතාව. එතකොට දැන් අපි මේ විඤ්ඤාණය පවතින්න යම්කිසි කැමැත්තක් තියෙනවා නම් තමයි ඕක දුවන්නේ. ඉතින් මේ කතාවෙන් සම්පූර්ණයෙන් පේන්නේ විඤ්ඤාණය පවතින්න කෙනෙක්ගේ කැමැත්තක් නැත්තන්, ඉතින් ඒ තමන්ට කැමති විදිහට ඒක, ඒක පවත්වා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ නිරෝධය කැමති නම් නිරෝධය. ඒ විදිහට. මොකද කැමති යැයි කියලා තියෙනවා නම් ඉතින් විඤ්ඤාණය සකස් වෙනවා. සකස් වෙනවා නම් ඉතින් නාමරූප ධර්මයෝ ඒක තියෙනවා. එතකොට හරියට ම අර B එකක් හදන්නේ නැතුව ම පවතින්න පුළුවන් ඒ තත්වයේ. එතන ඉන්න පුළුවන්, මේ ධර්මයේදි ගත්තහම. එතන ඉන්න පුළුවන් තත්වය තියෙනවා බොහෝ ම හොඳට.
ඒක තමයි මං කරපු භාවනාව.