Date: 13/05/2015 Name: Acchariyo abbhuto dhamma

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මලකඩ කාපු යකඩ ඇණයකින් හදන දේ පවතිනවා කියන අඥාන ස්වභාවය නැත කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මට භාවනාවට පෙර ම කිව්වා. අප්‍රේල් මාසේ 17 වෙනිදා ක්‍රෝධ භාවනාව කරන්න කියලා. ඒ ක්‍රෝධ භාවනාවේ තියෙන්නෙ ඒ සප්ත විමුක්ති භාවනාවක් ඊට ඉස්සෙල්ලා කරලා ඒ භාවනාවෙදි අපි ඔය කොටස් දෙකක් බලලා තියෙනවා, අභිජ්ඣා, ව්‍යාපාද. ඒකෙ ක්‍රෝධ කොටස තමයි විමසලා බැලුවේ. එතන තියෙනවා එකොළොස් වෙනි රවුමේ දී මේ සංස්කාරය නිසා අපිට අත්තා වෙනවා. ඊට පස්සේ අත්තා කියන දිට්ඨිය මෝරලා, ඒ දිට්ඨිය බිඳිලා තමයි අපිට ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ අවස්ථාවේ දී පෙන්නනවා, අභිජ්ඣා වෙන අවස්ථාවේ දී ඒක ම strong වුණා, නිත්‍යයි කියලා සිතනවා කියලා. ඉතින් ඕකේ diagram එකක් එහෙම තියෙනවා. ඒ diagram එකේ පෙන්නන්නේ දොළොස් වෙනි රවුමේ දී අපි දන්නවා නේ even ඒවායෙදි ඉදංසච්චයේ ඉඳලා නේ ඇදෙන්නේ පරාමාසයට.

ඉතින් දැන් චේතනාවේ ඉඳන් ඒ ඉදංසච්චයට එන එක, ඒකෙ අපිට තියෙනවා විරිය මගින් ගලවනවා කියලා ඊයේ භාවනාවේ කරපු කොටස. ඊළඟට විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට එන එක විමංසාව මගින් අයින් කරනවා කියන එක තියෙනවා. අර නිත්‍ය කතාවක් නැහැයි කියලා. ඊළඟට ආපහු පෙන්නනවා ඔය ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට යනවා නේ, අර ලණු දෙකක් තියෙනවා ඉදංසච්චයේ ඉඳන් එකක් මෝහයට යන එක. අනිත් එක තමයි පරාමාසයේ ඉඳන් භය අගතියට යන එක. ඒ ලණු දෙක එකට සම්බන්ධ වෙනවා. ඒකෙ ඒ පල්ලෙහාට යන එක ඡන්දය මගින් ගලවනවා මෝහයට යන එක. ඊට පස්සේ දැන් අර සංස්කාරයන් නිත්‍යයි කියලා එහෙම ඇතුල් වෙනව නේ. ඒක ඇතුළු වන්නේ පරාමාසයට නේ. එතකොට ඒක චිත්ත ඉද්ධිපාදය මගින් කපනවා. එතකොට චිත්තයෙන් කපනවා.

අනිත් පැත්තෙන් අර වේදනාවේ ඉඳන් පරාමාසයට එන එකත් චිත්තයෙන් අයින් කරනවා. ඉතින් මේ භාවනාවේ තියෙන්නේ මොකක් ද? අපි මේ විදිහට අයින් කරනවා නම්, දැන් මට භාවනාව කරගෙන යනකොට වැටහෙනවා ඊයේ භාවනාවත් එක්ක බැලුවා ම දැන් අර මනුස්සයා සංස්කාරයන් වෙනස් කරලා, මම කිව්වේ චිත්‍රපටි hall එකක ඒ මනුස්සයා ළඟට ගිහිල්ලා හරි මේක පවත්වන්න පුළුවන් දැ යි කියලා බලනවා. ඒ කියන්නේ සංස්කාර වෙනස් කරලා. ඉතින් මේක කිසිම ආකාරයකින්වත් පවත්වන්න බෑ නේ. සංස්කාර වෙනස් කරලා පවත්වන්නත් බෑ.

දැන් මෙතන මේ දොළොස් වෙනි රවුමේ දී කතාව දාහතර වෙනි රවුමේ දීත් ඔය විදිහට ම වෙනවා. එතකොට උපනාහ භාවනාවේ සම්බන්ධතාවය තියෙනවා. මේක කරන්න බැරි යෙයි, කියන එක අපිට එනවා. එතකොට දුකක් ම තමයි විඳින්නේ. සංස්කාර වෙනස් කළත් බැහැයි කියන අර්ථය හොඳින් එනවා. ඇවිල්ලා දැන් මේ භාවනාවෙදි පෙන්නනවා, ඔය සෝකය කියන තැනින් අපි භව ආශ්‍රවය කියන එක ලියාගත්ත නම්, ඉතින් එහෙනම් දැන් භව ආශ්‍රවයට පහර වදිනවා.

මෙතන ඔය සෝකයට පරාමාසයේ ඉඳන් අර ආස්වාදය ගලාගෙන එනවා කියන එක අපි දැන් දෙයාකාරයට බලලා තියෙනවා. එකක් තමයි ඡන්ද සමාධිය මගින් අරක කරකවන්නේ නැතිකම නිසා triangle එක, ඒ කියන්නේ වේදනා පරාමාස භය අගති කියන එක කැරකවීමක් කරන්නේ නෑ, අර පාත්‍රය කරකවනවා කියන එක, ඒක නොකිරීම නිසා අපි නිර්වාණයට කියන එකට කැමැත්තක් ඇති වෙලා තියෙනවා කියලා. චිත්ත සමාධියෙන් ඕක කරනකොට එයා කරන්නේ මොකක් ද අර චාගාධිට්ඨානය කියන එක භාවිතා කරනවා. අර වේදනාවත් සංස්කාරයත් කියන දෙක ම පහ කරලා, ඒ නිවන සඳහා වූ යම්කිසි ඡන්ද අගයක් තියෙනවා ද, අන්න ඒක චිත්තය මගින් සමාදන් කරගන්නවා. එතකොට මේ දෙන්නම එකට වැඩ කරන්නේ. චිත්තය කරන්නේ අර ඡන්දයේ තියෙන අගය සමාදන් කරගන්නවා එන්න අපි කොහෙවත් යන්නේ නැතිව අපි නිර්වාණයටයි කියන එකට. එතකොට ඡන්ද සමාධියෙන් කියන්නේ, අරවායින් එකකින්වත් කරකවලා, අර සංස්කාරයන් හැදෙන එක, මම ඒකට තමයි මගේ කැමැත්ත කියලා. පේනවද? එකට එකතු වෙලයි වැඩ කරන්නේ.

ඉතින් මෙන්න මේ භාවනාව, මේ තත්වයට කළාට පස්සේ, ඉතින් මෙතන දැන් අලුත් ධර්මයක් කියලා එකක් ඇත්තේ නෑ නේ. අලුත් ධර්මයක් කියලා එකක් ඇත්තේ නැහැ ඉතින් මේකෙ රහතන් වහන්සේ කරන්න කිව්ව නම්, එහෙනම් ඒකෙ යම්කිසි අර්ථයක් තියෙනවා. ඉතින් මට මතක් වුණා මේවායේ තියෙන්න ඕනෑ දැන් ඉවසීම කියන එක. ඉවසීම කියන එක කියනකොට මටත් ඉවසීම ඇතියි කියලා ඛන්ති පාරමිතාව කියන එක මං සිහි කළා. අතීත භවවලත් මම ඉවසීම කියන එක කරලා තියෙනවා. තපස්සි බුදුසීයා මට මුලින් කිව්වේත් මොකක් ද? “අර කට්ටිය හොයාගන්න මට ඉවසන්න” යි කියලා. එතකොට මම ඉවසුව.

එතකොට මම ඉවසීම කියන එක ගත්ත ගමන් මේ මේ පැත්තෙන් වම් අත පැත්තෙන් ඒකෙ සුඛය සහිතව අර ඒ ඡන්ද සමාධියෙන් ඇති වන්නා වූ ඒ නිර්වාණයට ගිය චෙතො විමුක්ති ස්වභාවය මේ විරිය, මේ ඔළුව හරියේ හරි වෙනසක් වුණා. ඒ වෙනසක් වෙලා මට තේරුණා මේක මේ දැන් බොහොම සනීපයට තියෙනවා, ආලෝකය එහෙම එහෙම්ම පවතිනවා. ආලෝකයත් තියෙනවා. මෙතන මේ විමුක්තීනුත් තියෙනවා. ඉතින් මම ටිකක් එහෙම හිටියා. ඉඳලා මම කල්පනා කළා දැන් ඉතින් දැන් මේ වගේ අවස්ථාවක දී ඒ තමන්ට හිතන්න ඕන නම් යමක් කරන්න පුළුවන් කියන එක.

ඒ පාර මෙතන මේ රහතන් වහන්සේ පෙන්නුවා, මේ අවස්ථාව වෙනකොට තියෙනවා ය කියලා, පුබ්බේනිවාසානුස්සති ඥානය, ඒ වාගේ ම චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානය තුන ම මෙතන තියෙනවා කියලා.

ඉතින් ඒ පාර මම ඒ තුන ම භාවිතා කරලා මෙතන ඉන්න එක පුද්ගලයකුගේ බැලුවා ඒ පුද්ගලයා කොහෙද ගිහිල්ලා මෙතැනින් පස්සේ ඉපදෙන්නේ? ඒ පුද්ගලයා කොයි ලෝකෙ ද ඉපදෙන්නේ? ඉතින් ඊට පස්සේ ඒ පුද්ගලය ආශ්‍රවයන් කියන ඒවා නසන්නේ කොයි ඒ කියන්නේ යම්කිසි තැනක පා තබනකොට වෙනවද? එහෙම නැත්නම් පස්සේ වෙනවද? එතකොට කොහොම ද එයා ඒක කරන්නේ? ඉතින් මණ්ඩලාධිපති බුදුපියාගෙන් බණ අහල තමයි ඒ පුද්ගලයා ඒක කරන්නේ කියන එකත් ඒ ඔක්කොම, නිකන් ඒ කියන්නේ වෙහෙස වීමකින් තොරව නිකන් මේ කවුරු හරි යම්කිසි දන්නා දෙයක් කියනවා වාගේ එකපාරට ම ඒක වැටෙනවා. ඒවා ඔක්කොම පවතිනවා. මොකද මේ අර “ඉවසීම” කියන එක හරි වැදගත් එතන. මොකද කලබලයක් නෑ නේ. දැන ගන්නයි කියලා කලබලයකුත් නෑ. ඒ මේවාට කෑලි එක්කහු කළහම තිබෙන්නා වූ ස්වභාවය.

ඒක තමයි මං කරපු භාවනාව.