Date: 14/05/2015 Name: Acchariyo abbhuto dhamma

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය, ඒ වගේ ම අර මලකඩ කාපු යකඩ ඇණයක් පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ. මම බැලුවේ ඔය කලින් භාවනාවන් ටික එකතු කරගෙන බැලුවා. ඒකෙදි කළේ මොකක් ද? දැන් මම භාවනා කරන විදිහට ලෝභය නැති කරමි කිව්වා ම, කාමච්ඡන්දය ජරාවට තියෙන කැමැත්ත. එතකොට, මේ ජරාව කියන එක අපි ගත්ත නම් එහෙම, ඒක නිසා අපිට ඇති වෙනවා, අර වේදනාව, අපි අල්ලා ගන්නවා, ඉතින් මේක නිසා මේ ව්‍යාපාදයන් කියන ඒවා අපිට ඇති වෙනවා. ව්‍යාපාදයන් ඇති වෙලා ඊට පස්සේ අපිට ද්වේෂය කියන එකත් ඇති වෙනවා. ඉතින් මම ඕක ක්‍රමානුකූලව බැලුවා.

අපිට ව්‍යාපාදය ඇති වෙන්නේ අපේ මේ දිට්ඨිය කියන එක බිඳිලා. ඒ කියන්නේ, අපේ තියෙනවා වරදවා වටහා ගැනීමක්, මේක සුඛයි කියලා අර ගන්නවා නේ මේක පවතිනවා කියලා සීලබ්බත උපාදානයේදි අනාගත භවය දැඩිව ගන්නේ. මේක වෙනස් වෙලා, අපි වරදවා වටහා ගත්තා. මේක වෙනස් වීම නිසා තමයි, අපිට ව්‍යාපාදය ඇති වෙන්නේ. ඊට පස්සේ අපි දැන් ඕක හිතුවා, දැන් පරාමාස වුණා, ඊට පස්සේ අපි ඔය ද්වේෂ සල්ලය කියන එක හරියට එනකොට, ඒ කියන්නේ දැන් අපි හිතුවා මේ සංස්කාරය, එකොළොස් වෙනි රවුමේ දී අපේ එනවා නේ අත්තා කියලා. එතකොට සංස්කාර නිසා අත්තා වෙනවා කියන එක සිද්ධ වෙනවා. ඒක මතක නේ සබ්බාසව එකේ.

එතකොට මේක වෙලා, දැන් අපේ මෙන්න මේ දිට්ඨියත් බිඳිලා තමයි අපිට ඔය ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ. එතන හුඟාක් ම පෙනෙන්නේ අපේ මේ දිට්ඨිය බිඳිබිඳී යනවා. ඒ දිට්ඨිය බිඳීම තමයි මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ක්‍රෝධයන් කියන ඒවා එහෙම ඇති වෙන්නේ. එතකොට, ඒ කලින් භාවනාවත් එක්ක, අර වේල්ල කැඩිලා මනුස්සයෙක් සෝක කරන හැටි ඒකත් එක්ක මට ඔතන හොඳට ආවා ඒක. එතෙන්ට ඇවිල්ලා, ඊට පස්සේ, දැන් එහෙම නම්, මම සම්බන්ධ කළා ඕක අර විරියත් එක්ක වෙන්නා වූ ඒ භාවනාවට.

දැන් චේතනාවේ ඉඳන් ඉදංසච්චය දක්වා යනවා කියන එක අපි ඒක අයින් කරන්න විරිය භාවිතා කරනවා. එතකොට ඔය චේතනා නොවෙන්න, අපිට අනිවාර්යයෙන් ම පේනවා අර නන්දිය තමයි පිටිපස්සේ ඉන්නේ. එතකොට අපි නන්දියේදි තිබුණ නේ මැරිලා හරි ඉපදෙන්න අපේ කැමැත්තක්. එතකොට දැන් මෙන්න මේක අයින් වෙවී, අයින් වෙවී යන්න ඕනෑ. එතකොට එහෙම අවස්ථාවෙදි ගත්තහම හරි ම ලස්සනට, මම මේ භාවනාව බොහොම හෙමින් කළේ. හොඳට දැනෙනවා තමන්ගේ ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන්න හැදෙන හැටි. ඒකෙ ඒ විදිහට ඉන්න පුළුවන් කියන හැකියාවත් ඒකත් ඒ විදිහට තමන්ට හොඳට දැනෙනවා.

ඊට පස්සේ ඉතින්, දැන් අපිට එනවා දැන් සංස්කාරත් වෙනස් කරලා මේ මනුස්සයා බැලුවා නේ. අර film hall එකේ නම් ළඟට ගිහිල්ලා හරි බැලුවා. ඉතින් මේකත් කරන්න බෑ. දැන් උපනාහය කියන එක එතන තියෙනවා. එතකොට, උපනාහය කියන එක තියෙනවා නම්, ඉතින් අපි දන්නවා අපිට පලාසය වෙනවා. ලාභයි කියලා ගන්නවා. ඒ ලාභයි කියලා මච්ඡරියට ඇවිල්ලා සාඨෙය්‍ය තියෙන තැනට එනවා. ඉතින් අපි ඕක ඉගෙන ගත්ත නේ ආස්වාදය තමයි ඔතන ගලන්නේ කියලා. එතකොට ඒ සාඨෙය්‍ය ඉඳන් ඊළඟට ඉදංසච්චය දක්වා යන්නා වූ කොටසත් අපි ගලවන්න ඕනෑ විරිය මගින්.

එතකොට ඒක සඳහා තමයි අර ඇතුළේ hub එකේ කැරකෙන එක අපි අයින් කරන්න ඕනෑ. එතකොට අපි ඒ ඇතුළේ hub එකට ඇතුල් වෙනවා කියන එක, ඒ කියන්නේ, අපි මේ කතා කරන්නේ, වේදනා පරාමාස ඒ වගේ ම භය අගති කියන කොටස ඔය triangle එක. අපි දන්නවා ඔතන ඉද්ධි තුනෙන් කපලා කරන සිදුවිල්ල. එතකොට මේකට ඇතුල් වීම අර අත්ත සඤ්ඤාව කියන එක අපි අයින් කිරීමෙන්. ඒ කියන්නේ සම්මා ප්‍රඥාව බවට පත් වුණා, සංස්කාර අයින් කළාට පස්සේ. දැන් ඔන්න සම්මා ඥානය කියන එක ඇති වුණා. ඒ සම්මා ඥානය මගින් අපේ තියෙනවා මෙතන ඒ triangle එකට ඇතුල් වුණා කියලා.

ඒ triangle එකට ඇතුල් වෙලා දැන් එතන ඒ ධර්මය ඉතින් අපි බලන්න ඕනෑ, වේදනාවත් වේදනා සඳහා හදන චිත්ත සංස්කාරත්. ආච්චි අම්මා දන් දීම කියන එක කරනවා. චාගාධිට්ඨානය අතහරිනවා. ඒ අත හැරීම හේතු කොටගෙන අන්න අපේ අර චිත්ත, ඒකේ දේත් තියෙනවා. ඊළඟට අපිට එනවා, අර පඤ්ඤාධිට්ඨානය. ඒ පඤ්ඤාධිට්ඨානය නිසා, අර අත්තා කියන කතාව අපේ ගැලවෙනවා. අර දදතො පුඤ්ඤං පවඩ්ඪති එකේ කළේ ඒක නේ. අත්තා කියන කතාව එතැනින් ගැලවිලා යනවා. ඉතින් විරිය කියන එක එතන ඒ අත්තා සඤ්ඤාව එතැනින් අයින් කිරීම කියන එක එයාගෙ තියෙනවා. මේ අයින් කරලා මේ triangle එකට ඇතුල් වුණාට පස්සේ, එහෙම නම්, ආපහු අපිට තියෙනවා උපසමාධිට්ඨානය. ඒ උපසමාධිට්ඨානයෙන් තමයි, අර අපේ එනවා නේ ඉදංසච්චයේ ඉඳන් භය අගතියට. ඒ කතාව නැවැත්වීම හේතු කොටගෙන තමයි, අර විමංසාව කියන එක අපිට පවතින්නේ. සුඛාපටිපදාවේ ඒක ලස්සනට පවතිනවා.

ඉතින් ඒ වෙලාවෙදි රහතන් වහන්සේ කිව්වා, “ඒ තත්වයට මනස පත් වෙලා තියෙන එක බොහොම හොඳයි. ඒ සෝපාදිසේස නිබ්බාන ධාතුව මෙතන තියෙනවා” කියලා. මම එතන හිටියා සෑහෙන වෙලාවක්. ඉඳලා, දැන් ඊට පස්සේ, අර අනිත් කොටසත් දැන් අයින් වෙනවා. මෙතන මේ hub එකේ කැරකීම නැති නම්, අපි යන්නේ නෑ, අර සාඨෙය්‍ය කියලා මොකක්වත් ගන්නේ නෑ. මොකද මෙයාගේ අදහස තියෙනවා, සංස්කාර නිසා පැවතීමකුත් නෑ. ඒ වගේ ම සඤ්ඤා නිසා පැවතීමකුත් නෑ. මේ ආකාරයට ඉතින් රූපය, අල්ලන්න යන්නේ නෑ. මොකද මෙතන අර ඡන්ද සමාධියෙන් කරන එකක් තියෙනවා. ඒ කියන්නේ මැද්දේ hub එක කරකවලා යමක් පවතිනවා ද ඒක නොපවතින්න තමයි නැවතීමට තමයි කැමැත්ත කියන එක තියෙන්නෙ. ඒ කියන්නේ, චිත්ත, විරිය, විමංසා ඉද්ධිපාද තුන යම්කිසි දෙයක් නවත්වනවා ද, අන්න ඒ නැවැත්වීමට ඇති කැමැත්ත තමයි ඡන්ද සමාධියේ තියෙන්නේ. අනිත් අතට චිත්තය, ඡන්දයේ යමක් තියෙනවා ද ඒක සමාදන් කරගන්නවා. නිර්වාණය සඳහා වේදනාත් එපා, ආච්චිඅම්මාගේ කතාව සංස්කාරත් එපා, කියලා ඒක සමාදන් කරගන්නවා අර ඡන්ද සමාධියේ තියෙන්නා වූ අගය සිතට එකතු කරගන්නවා. අන්න ඒ කාරණා දෙක නිසා ඒ මනස පුදුමාකාර විදිහට පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.