ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මලකඩ කාපු යකඩ ඇණයක් පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම භාවනාව පටන් ගත්තේ, අර ඊයේ භාවනාව පටන් ගත්ත විදිහට ම තමයි. ඒකෙදි බැලුවා දැන් අපි මුලින් ම මොකක් හරි එකක් ගත්ත නම්, සීලබ්බත උපාදානය වෙලා අනාගත භවය දැඩිව ගැනීමක් ගත්ත නම්, ඒ කියන්නේ අපි මේ ලෝභය නැති කරමි කාමච්ඡන්ද කිව්වා ම ජරාවට ඇති කැමැත්ත. එතකොට ඕක ගත්තා නම් අපිට ව්‍යාපාදය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අපි අරගෙන තියෙන්නේ විපරිණාමයට පත් වෙන දෙයක් ම යි. ඉතින් විපරිණාමයට පත් වෙන දෙයක් ගත්තා නම්, මලකඩ කාපු යකඩ ඇණයක් ගත්තා නම්, අපිට පේනවා මේකේ ඊළඟ දවසේ හෙට බැලුවොත් මළකඩ කාලා. අපි මුලින් මේක හොඳයි කියලා ගත්ත අවස්ථාවෙත්, ඒ වෙලාවෙත් තිබුණේ මලකඩ කාලා. හෙට බැලුවයි කියලා ඕකෙ මලකඩ කාපු ගතිය වැඩි වෙනවා මිසක්, අඩු වෙන්නේ නෑ. හැබැයි අඥාන ස්වභාවය නිසා මේ මනුස්සයා මේක දන්නේ නෑ. හෙට බලලත් එයා හොඳයි කියලා අර්ථය තියෙනවා. හැබැයි මේක තවමත් දිරනවා. එතකොට දැන් ඔය විදිහට මට පේනවා, ද්වේෂය කියන හරියට එනකොට මේක තව තවත් වැඩි වෙලා මිසක් අඩු වෙලා නෙමෙයි කියන එක. ඉතින් ඔතෙන්දිම මට පුදුමාකාර සමාධියක්, මොකද අර නන්දිය කියන එක යනවා, කියන එකයි ඕකේ තියෙන්නේ.
ඒ තත්වයට මනස ඇවිල්ලා, දැන් මං බැලුවා මනුස්සයෙක් කල්පනා කරනවා මේකෙ පැවැත්ම කියන එක. මේ මලකඩ කාපු යකඩ ඇණය ගත්තා කියන එක, පැවැත්ම කියන එක, අපි හිතමු මේ මනුස්සයෙක් කසාදයක් බැඳගෙන ගෙනයි කියලා, තරුණ කාන්තාවක් බැඳලා. දැන් මේක පවතින්නයි කියලා මේ මනුස්සයා ඉතින් වැඩට ගිහිල්ලා මුදල් එහෙම හොයාගෙන එනවා. සංස්කාරයන් කරනවා. ඉතින් ඇවිල්ලා බැලුවා ම කාලා බීලා දෙන්නාත් එක්ක ඉන්නවා. පවතිනවා කියන හැඟීම තවමත් එයාගෙ ඒකේ තියෙනවා. හරි සරලයි මේ භාවනාව එන විදිහ. එතකොට ඉතින් කාලයක් ගියා ම මෙයාට පේනවා මේක පවතින්නේ නෑ. මේක මොකද කෑම හොයාගෙන ආවා කියලා, අර අසනීපයන් හැදෙනවා නේ? ඒ දිරනවා කියන එක පොඩ්ඩ පොඩ්ඩ දැන් මෙයාට මතු වෙනවා.
දැන් ඔන්න ඒ වෙලාවට එනවා අර වත්තේ මහත්තයාගේ කතාව. ඒ කියන්නේ වත්තේ මහත්තයාත් ඔය මැෂින්, උපකරණ අරවා මේවා දාල, හැදුවා. හදන අවස්ථාවෙදි මිනිස්සු කිව්වා, මහත්තයෝ මේක දැන් පරම්පරාවක් පවතිනවා කියලා. මහත්තයාට පේනවා මේ පරම්පරාවක් නෙවෙයි, අවුරුදු දෙක තුනක් යනකොට ම මේක කැඩිලා යනවා. ඒ පාර ඉතින් කැඩුණා ම අර මිනිස්සු කියනවා, අපි ඉංජිනේරුවා ගේමු, වඩු බාස් උන්නැහැ ගේමු, ආදී වශයෙන් කියනවා. ඊට පස්සේ වත්තේ මහත්තයා කියනවා මේ එක්කෙනෙක්වත් ගේන්න එපා. වත්තේ මහත්තයාට දැන් ඇති වෙලා, කියනවා එක්කෙනෙක්වත් ගේන්න එපා කියලා. ඒ කියන්නේ සංස්කාර එපා කියන එකයි මේ කියන්නේ. එතකොට එහෙම නම් ඡන්දයක් ඇති වෙනවා වත්තේ මහත්තයාට ඔය සංස්කාරයන් කියන ඒවායින් අයින් වෙන්න. දැන් ඔන්න ඡන්දයෙන් ඔතන පටන් ගත්ත.
ඒ සංස්කාරයන් අයින් කරන්න ගත්තහම, ඒ කියන්නේ අපි ඔය කතා කරන්නේ ඉදංසච්චයේ ඉඳන් අර මෝහ අගතිය දක්වා යන්නා වූ ලණුව අපි මේ කතා කරේ ඔන්න ඕක අයින් කරනවා කියන එකයි. දැන් මේක අයින් කළාට පස්සේ, මේ ඡන්ද සමාධියෙන්, දැන් ඔන්න ආපහු එනවා ඡන්ද සමාධියත් එක්ක කළාට පස්සේ දැන් ඔන්න අර චිත්තයේ කතාව එනවා. චිත්තයේ කතාව එනවා කියන්නේ මේක හරියට අර නෙල්ලි factory එකේ කතාව වගේ. නෙල්ලි කියන ඒවා ඉස්සර factory එකේ හදනකොට ගෙනාවා. එතකොට මිනිස්සු අරන් ආවට නෙල්ලි දැන් මේ වත්තේ මහත්තයා නෙල්ලි factory එක වහලා. එතකොට දැන් මිනිසුන්ට කියනවා, නෙල්ලි ගෙනෙන්න එපා, මීට පස්සේ ඇති වැඩක් නෑ, කියලා. එතකොට ඒ කියන්නේ චිත්ත සමාධිය. චිත්ත සමාධියෙන් දැන් පෙන්නනවා මේවා මම අයින් කරනවා කියන එක. එතකොට අත හැරීම කියන එක, චාගාධිට්ඨානය කියන එක එනවා. දැන් එහෙම නම් දැන් ආවේ කොහෙන්ද? ඡන්දයෙන් චිත්තයට පේනවා ද path එක. එතන අර ලණුව ගත්ත කියන එක එතන ඡන්දයෙන් අත හැරියා. ඊට පස්සේ චිත්තය path එකේ අපි අත ඇරගෙන යනවා අර ආච්චි අම්මා දන් දෙනවා වගේ. නෙල්ලි කතාවයි, ආච්චිඅම්මගේ කතාවයි, දෙක ම එකයි. අර තුවා ගේන්න එපා, මම දන් දෙන ඒවා අත ඇරලා තියෙන්නේ. අන්න ඒ වගේ දැන් අර සංස්කාර අයින් කරලා දැන් එයා යනවා චාගාධිට්ඨානය කියන පාරට යනවා. ඒ චාගාධිට්ඨානය පාරට ගියාට පස්සේ, දැන් ඉතින් මෙතන ඉන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒ ප්‍රශ්නය හැටියට තියෙන්නේ එන්නා වූ දේ. එන්නා වූ දේ කියලා කියන්නේ අපිට එනවා ඉදංසච්චයට යමක් ගියා නම් ඒ ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ දෙයක් තියෙනවා. එතකොට ඔන්න ඕක අපි අයින් කරගන්න ඕනෑ. අපි කලින් ගත්තා වූ දේවල්. ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට ඇදෙන්නා වූ දේවල්.
ඒ කියන්නේ උපනාහ අවස්ථාවේ දීත් අපි ඕක සාකච්ඡා කරලා තියෙනවා නේ. සංස්කාර වෙනස් කරලා හරි අපි මේක පවත්වන්න පුළුවන් කියලා බලලා තියෙනවා නේ. අර film hall එකක කතාවක් මම එහෙම කිව්වේ. එතකොට මේක අයින් කරගන්නවා. එහෙම නම් අපිට පේනවා අපි මුලින් ම විරිය කියන එක භාවිතා කරන්න ඕනෑ. විරිය භාවිතා කරන්න කියන්නේ අපි බලන්න ඕනෑ, උඩ චේතනාවෙ ඉඳන් උඩ සංස්කාරය කියන තැනට එනවා නේ. ආන්න එතනට එන එක විරිය මගින් අයින් කරනවා. අපි ඊයේ භාවනාවෙත් ඕක පෙන්නුවා, පෙරේදාත් පෙන්නුවා. එතෙන්ට ආවාට පස්සේ දැන් ඔතනින් ආපහු අර සංකප්පයේ, පදුට්ඨමනසඞ්කප්පයේ අර ආස්වාදය තියෙනවා නේ, අන්න ඒ ආස්වාදය කියන එක ඇතුල් වෙනවා පරාමාසය කාය ග්‍රන්ථයට. අන්න ඒක තමයි අර විමංසාවෙන් කපන්නේ, උඩ සංස්කාරයේ ඉඳලා.
ඉතින් මෙන්න මෙතෙන්ට ආවාට පස්සේ දැන් එහෙනම් අපි ඇවිල්ලා තියෙනවා ආපහු ඡන්ද, චිත්ත, විරිය, විමංසා. අර ඊයේ කියපු තත්වයට ඒ විදිහට ම ආපහු ඇවිල්ලා තියෙනවා. එක ම තත්වයට එනවා. ඒ කියන්නේ අර චක්ක diagram එකේ අපි පෙන්නලා දීලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් විරියොච, ඡන්දො ච නේ. දැන් මෙතන අපි කතා කරන්නේ ඡන්දයෙන් චිත්ත, චිත්තය ඊට පස්සේ විරියෙන් විමංසාව කියන එකයි. ඒක වටේට එනවා. ඉතින් අර එක ම තැනට එන්න පුළුවන් මේක අර සරල උදාහරණවලින් තමයි ඒක පෙන්නුවේ ඒ path එක.
ඒක තමයි මං කරපු භාවනාව.