ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය මලකඩ කාපු යකඩ ඇණේ පවතිනවා ය යන අඥාන ස්වභාවය ඒ බුදු පියාණන්ට නැතෙයි කියලා මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට වැඳ නමස්කාර කළාට පස්සේ.
දැන් මම කළේ මේ 13 වෙනිදා මැයි මාසේ 2015 කරපු ධර්මයත්, ඊයේ කරපු ඒ 15 වෙනිදා, මැයි මාසේ 2015 කරපු ධර්මයත් සසඳලා බැලුවා. මේ ආශ්චර්ය අද්භූත ධර්මයන් දෙකේ වෙනස කියන එක විමසුවා.
13 වෙනිදා කරපු එකේ පථය විමසුවා. ඒ භාවනාවෙදි අපි විරියෙන් ඡන්දය, ඡන්දයෙන් චිත්තය, චිත්තයෙන් විමංසාව කියන පථයයි කරලා තිබුණේ. ඉතින් ඒකේ පේනවා ඒ පථයේ තියෙන්නේ, චේතනාවේ ඉඳන් ඉදංසච්චය එන එක අපි 1 කියලා කිව්වොත් ඒක තමයි විරිය. 2 ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට යන ලණුවේ අර පරිදේව වෙන කොටස තියෙනවා, ඒක දක්වා ගන්න කොටස අපි 2 කියලා ගත්තොතින් ඒක තමයි ඡන්දය. ඊළඟට 3 අපිට කියන්න පුළුවන් අර පරාමාසය දක්වා යන්නා වූ එක, ඒක කපනවා චිත්තයෙන්, පරිදේව වුණ තැන ඒ කියන්නේ 2 වෙනි ලණුව, පරාමාසයේ ඉඳන් භය අගතියට යන ලණුව, ඒ පරිදේව සිට පරාමාසයට ඇතුල් වෙන එක චිත්තයෙන් කපනවා. එතකොට එතෙන්දි අපි 3 කියලා දාගත්තොතින් චිත්තය කියන එකට, එතනින් එනවා අපිට 3 කියලා ආපහු වේදනාවේ ඉඳන් පරාමාසයටත් 3 කියලා වැටෙනවා. ස්පර්ශයේ ඉඳන් වේදනාවට කියන එකටත් 3 කියලා වැටෙනවා.
එතකොට 4 කියලා තියෙන්නේ, විමංසාව එන්නේ භය අගතියේ ඉඳන් වේදනාවට එන එක. මේකේ විශේෂත්වය වෙන්නේ මොකක් ද? චිත්ත සමාධිය මගින් සංස්කාරය නිත්‍යයි කියලා අර පහළ සංස්කාර පරිදේව වූ සංස්කාර මගින් පරාමාසගත වීමක් තියෙනවා ද, ඒකත්, වේදනාව සුඛ යැයි කියලා පරාමාසගත වීම වැළැක්වීම විමංසා ඉද්ධිපාදය මගිනුත් ඒ චිත්ත ඉද්ධිපාදයට උදව් කිරීම මගින් ගැලවීම සිද්ධ කරනවා. ඒ කියන්නේ විමංසාවෙන් අර වේදනාවට ඇවිල්ලා වෙන දේ එතැනින් පෙන්නනවා, මේක වේදනාව ඒ පරාමාසගත වෙනවා කියන එක වැළැක්වීමක් එතන කරනවා අර සුඛයි කියන කතාව.
මෙතෙන්දි තියෙන්නේ මේ “චිත්ත ඉද්ධිපාදය ප්‍රධානයි, අනුෂ්ඨිත ය” යැයි කියන එක රහතන් වහන්සේ කිව්වා. අනුෂ්ඨිතයි කියලා අර steadied කියන එක තමයි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. මේ වගේ භාවනාවක් වෙත් ද, එම සියලු භාවනා තුළ hub එක මගින් කැරකැවීම නවතන ඒ කොටස නිසා රූපය ස්පර්ශයට තුඩු දෙන දිට්ඨි අනුසය මැකීම කියන එක සිදු වෙන්න ඕනෑ. ඒ කියන්නේ අර වේදනා පරාමාස භය අගති කියන triangle එක. එතන අපි දන්නවා චිත්තය මගින් වේදනාවෙන් පරාමාස කතාව කපනවා. අර පරාමාසයේ ඉඳන් භය අගතියට යන අත්තා කියන කතාව විරියෙන් ගලවනවා. විමංසාව මගින් අර භය අගතිය වේදනාවට යන ඒ දිට්ඨි අනුසය පාරේ කතාව කපනවා. ඡන්ද සමාධියෙන් කියනවා මේ තුනෙන්, යම්කිසි ධර්මයක් නවත්වාගෙන ඉන්නවා ද එයයි නිර්වාණය කියලා ඒක පෙන්නනවා. එතකොට ඒකට තමයි කැමැත්ත තියෙන්නේ.
එතකොට ඊළඟට 15 වෙනිදා මැයි මාසේ 2015 වේ කරපු පථය විමසුවා. ඒකෙදි භාවනාවෙදි තියෙන්නේ, ඡන්ද චිත්ත විරිය විමංසාව කියන එක. අන්න ඒකෙත් අපි diagram එකක් ඇඳගත්තොත් එහෙම.
පළවෙනි එකට එනවා අපිට ඉදංසච්චයේ ඉඳන් පහළ සංස්කාරය, පරිදේව වූ සංස්කාර කපන්නා වූ එක අපි 1 කියලා දැම්මොතින් ඒ කියන්නේ ඡන්ද ඉද්ධිපාදයෙන් කපනවා. ආපහු අපිට 1 කියලා දාන්න වෙනවා ගිද්ධිලෝභයේ ඉඳන් ජරාවට තිබෙන්නා වූ රේඛාව, අර කාමච්ඡන්ද රේඛාව ජරාවට ඇති කැමැත්ත කියන එක.
දෙවැනි එක හැටියට අපි දාගන්නවා අර පරිදේව වූ තැන ඉඳන් පරාමාසයට ගත වෙන ඒ ලණුවේ උඩ කෑල්ල, ඒ කියන්නේ චිත්ත. ඊළඟට ආපහු 2 කියලා අපි දාගන්නවා වේදනා පරාමාස කියන කොටස. ආපහු 2 කියලා වැටෙනවා, ස්පර්ශයේ ඉඳන් වේදනාවට එන කොටස. ඒක තමයි චිත්ත ඉද්ධිපාදයෙන් කපන එක.
3 කියලා දාගන්න ඕනෙ අපි චේතනාවේ ඉඳන් අර සාඨෙය්‍ය කියන තැනට. නැත්නම් ථීනමිද්ධය තැනට එන අර උඩ සංස්කාරවල කපන කොටස. ඒක තමයි විරියෙන් කරන්නේ.
ඊළඟට 4 වෙනි කොටසට අපි දාගන්නවා ඒ ථීනමිද්ධ තැන ඉඳන් පරාමාසයට එන කොටස 4 විමංසාවෙන් කපනවා කියලා.
එතකොට මෙතැනදි පළවෙනි වශයෙන්, සංස්කාර ඉවත් කිරීම, අපිට පේනවා, ඡන්ද සමාධිය මගින් සිදු කරනවා කියලා. සංස්කාරයන්ගේ නිත්‍යභාවයක් නොවන්නේ චිත්ත සමාධිය මගින් එහි පෙර ඇති වුණා වූ යම්කිසි ගැම්මක් ඇති ද, අන්න ඒක පහ කරනවා. පරාමාස නොවීමට වග බලා ගන්නවා. ආච්චිඅම්මගේ අර තුවා දන් දීම වගේ අපි හිතන්න ඕනෑ. රූපය නිසා ඇති වූ යම් ආස්වාදයක් වේ ද එය නැති බව දිර දිරා යන රූපය දෙසට ඇඟිල්ල දිගු කර පෙන්නා දෙන්නාක් මෙන් ජරාව සිහි කරලා දෙනවා. නන්දිය කියන එක බැහැලා යනවා. නන්දිය සහගත වූ ආස්වාදය පහ වෙලා යනවා. අන්න එතෙන්දි අපිට පේනවා දැන් අර විරිය, චේතනාවෙ ඉඳන් පල්ලෙහාට එන ඒ විරිය මගින් චේතනාවෙ සිට නැවත සෑදීමට අලුත් සංස්කාරයක් නොකිරීම, විරිය ඉද්ධිපාදය මගින් වග බලා ගන්නවා.
මෙන්න මේ අවස්ථාවේ දී විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිතයි, steadied කියලා කියනවා. 4 වෙනි එකට අපිට පේනවා විමංසා ඉද්ධිපාදය මගින් අර සාඨෙය්‍ය ඉඳන් පදුට්ඨමනසඞ්කප්පයේ ආස්වාදය ඉවත් කිරීම සිදු කරනවා. අර පෙර පැවැත්වූ අර hub එකේ මගින් කරන ක්‍රියාවලිය ගැන ඇති වැටහීම ඇතිව ම තමයි ඒක කරන්නේ. මේ හැම භාවනාවකට ම ඔය hub එක කියන එක පොදුයි, කියන එක තමයි අර රහතන් වහන්සේ ඒකෙ පෙන්නුවේ. ඒකෙ අවබෝධය තියෙන්න ඕනෑ.
ඒක තමයි කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්