ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අර මලකඩ කාපු යකඩ ඇණයක් පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැතයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට, අද භාවනාවෙදි කළේ, මම පටන් ගත්තා අර ලෝභය නැති කරමි. ද්වේෂය නැති කරමි. මෝහය නැති කරමි, කියන එකෙන් පටන් ගත්ත. ඒකෙදි අර ලෝභය කියන්නේ අර කාමච්ඡන්දය, එතන ජරාවට ඇති කැමැත්ත, ඒක අරගෙන අපි ව්‍යාපාද වෙනවා, ඊට පස්සේ අපිට ඒ ක්‍රෝධය කියන එක එහෙම ඇති වෙනවා කියලා. ඒක අරගෙන මේ භාවනාවෙදි මම බැලුවේ, දැන් අපි ඊයේ භාවනාවෙදි බලලා තියෙනවා නේ අර 13 දා භාවනාවයි, 15 වෙනිදා භාවනාවයි මැයි මාසේ, ආශ්චර්ය අද්භූත ධර්මයන්. එතකොට ඔය 14 වෙනිදා භාවනාව තමයි මම කරන්න බැලුවේ.
ඉතින් ඔය කලින් ඒ කරපු භාවනා දෙක අතර පොඩි වෙනසක් පෙන්නනවා නම්, අපි මේ පෙන්නුවා නේ 13 වෙනිදා පථය. ඒ 13 වෙනිදා පථයේ තියෙන්නේ මොකක් ද? විරිය ඡන්ද චිත්ත විමංසා. ඔන්න ඔය පථය තුළ තියෙන්නේ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය පහ කිරීමයි. එතකොට කුඩා කාලයක් විඤ්ඤාණය පවතී යන ඥානය එයාගේ තියෙනවා. අන්න ඒක නිසා අයින් කිරීමයි කියන එක මම අද උදේ ම හොයා ගත්තා. ඊට පස්සේ රහතන් වහන්සේ මට ඒකට උදව් කළා.
ඊළඟට ඔය 15 වෙනිදා කරපු භාවනාවේ පථය විමසුවහම, ඒකේ තියෙන්නේ ඡන්ද චිත්ත විරිය විමංසා කියන එක. අන්න එතෙන්දි පහ වෙලා යන්නේ, පැවතිය හැකියි, යන කියන මිච්ඡා දිට්ඨිය. මෙතන මේ දෙකක් නේ තියෙන්නේ.
ඒකේ උදාහරණයක් වශයෙන් ගන්නවා නම්, අපිට පේනවා, මට ඔය ආවේ භික්ඛු බෝධි ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ හම්බවෙන්න ගියා ම ගුරුවරයා හැටියට ගන්න, භික්ඛු බෝධිට කල්පනා වුණා මේ පුද්ගලයා අවුරුදු 70-75ක් ද කොහෙද වයස එතකොට. එතකොට මේ පුද්ගලයා දැන් මිය යන්න පුළුවන්. එතකොට මට ගුරුවරයෙක් නැති වෙනවා කියන අර්ථය තියෙනවා. එතකොට ඒ කියන්නේ අර වයසට ගියා වූ රූපය නිසා ඒ පුද්ගලයාට පේනවා මෙහෙම දෙයක් පවතින්නෙ නැහැයි කියලා. එතකොට, දැන් අපිට පේනවා නේ නේ ද මේක මේ සංස්කාරයන් කියන ඒවා වෙනස් කරලා හැබැයි කරගන්න පුළුවන්. දැන් භික්ඛු බෝධිට පුළුවන් උදේට හාමුදුරුවෝ ගිහිල්ලා හම්බවෙන්න. දවල්ටත් හම්බවෙනවා ආයිත් බණ ටිකක් අහගන්නවා. හවසටත් කරනවා. ඒ කියන්නේ සංස්කාර වෙනස් කරලාත් පවත්වන්න පුළුවන් යැයි කියන කතාවක් එහෙම හිතෙනවා, නේ ද?
එතකොට එක අවස්ථාවක දී අර තරුණ රූපයක් නම්, හාමුදුරුවෝ තරුණ නම්, ඔන්න ඉතින් කල්පනා වෙනවා, අපිට හැඟීමක් තියෙනවා හාමුදුරුවෝ පවතිනවා. ඒ පුද්ගලයාත් එක්ක මට ඉන්න පුළුවන්, කාලයක් මට ඉන්න පුළුවන් පැවතිය හැකි ය කියලා හැඟීමක් එනවා, තරුණ වෙනකොට. එතකොට දැන් ඔන්න ඔය පථ දෙක අර විදිහට අර කෑලි දෙකට කඩලා තමන්ගේ බලන්න ඕනෑ. එතෙන්දි පේනවා අර, අපි භාවිතා කළ 15 වෙනිදා ඒ කතාවෙදි, පැවතිය හැකි ය, කියන මිච්ඡා දිට්ඨිය.
එතකොට මෙන්න මේ භාවනාව දෙක මම ආපහු මෙනෙහි කරලා බලලා, දැන් මට කල්පනා වෙනවා, එහෙම නම් දැන් මම 14 වෙනිදා කරා වූ භාවනාවේ මොකක් ද තියෙන්නේ? මේ දෙකේ ඒ දෙක ම අනුව තමයි එතැන දී කල්පනා කරන්න ඕනෑ. ඒ කියන්නේ අර පැවතිය හැකි ය, පවතිනවා ය කියන දෙක අතරත් අපිට තියෙනවා නේ යම්කිසි දෙයක්. අන්න ඒක තමයි. එතකොට මට තේරුණා, මේකෙදි මේ චිත්ත ඉද්ධිපාදයෙන් තමයි මේකේ මේ කතාව අපේ මේ පටන් ගන්නේ කියලා. ඒ කියන්නේ මේකෙ base එක තියෙන්නේ චිත්ත ඉද්ධිපාදයේ. ඒ කියන්නේ චිත්ත ඉද්ධිපාදයේ අපි පෙන්නනවා ස්පර්ශය නිසා ඇති වන්නා වූ වේදනා කෙළවරයි, අනිත් පැත්තෙන් අර ලණුව, පරාමාසයේ සිට භය අගතියට දක්වා යන ලණුව, එතන තියෙනවා මේ සංස්කාරයන් කියන ඒවා පවතින්නේ නැහැයි කියන එක. ඒ කෙළවරවල් දෙක චිත්තයේ තියෙනවා. එතකොට ඒ චාගාධිට්ඨානය.
එතකොට ඕක දැන් පේනවා ඕක නිකම්ම ඕක සිද්ධ වෙන්නේ නෑ. ඔතන සිද්ධ වෙන්න විමංසාව කියන එක තියෙන්න ඕනෑ. විමංසාව කියන එකෙන් තමයි පෙන්නන්නේ සංස්කාර පවතින්නේ නැත. ඊළඟට විමංසාවෙන් අර දිට්ඨි අනුසය, අර hub එකේ කතාවෙන් පෙන්නනවා නේ, ඒකෙන් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මේ රූපය කියන එක, ඒක පවතින්නෙත් නැහැයි කියන එක. එතකොට ඒ ලස්සනට ඒ line එකෙන් ඒක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා තියෙන ඒ line එකේ අපි විමංසාව නේ ලකුණු කරන්නේ, අන්න ඒක හොඳට සම්බන්ධ වීම කියන එක තියෙනවා.
එතකොට මෙන්න මේ අර්ථයෙන්, එහෙම නම් වෙන්නේ මොකක් ද? විමංසාවෙන් අපි එනවා චිත්තයට, චිත්තයෙන් එනවා ඡන්දයට. විමංසා, චිත්ත, ඡන්ද. විරිය කියන එක පෙරත් ඕනෑ, පසුවත් ඕනෑ. අන්න ඒ අර්ථයයි තියෙන්නේ. විරියට යනවා කියන එක. එතකොට අර සංස්කාරයන් අලුතෙන් නොකරන්නත් ඕනෑ කියන අර්ථයක් තියෙනවා, අර 15 වෙනිදා භාවනාව වාගේ. අන්න ඒ අර්ථයට. එතකොට එතන විරිය steady වෙලා තියෙන එක තියෙන්න ඕන. හැබැයි ඊළඟට ගත්තහම ආපහු අර 13 වෙනිදා භාවනාවේ දී විරිය කියන එක වෙනම භාවිතා කරන්නත් ඕනෑ. එතකොට ඒ විරිය දෙපැත්තකින්, අර යන්න පෙර සහ පසු වශයෙන්, දෙපැත්තට ඒ සම්බන්ධතාවය කියන එක තියෙන්න ඕනෑ.
එතකොට ඉතින් මෙන්න මේ තත්වයට පත් වුණා ම දැන් මට මේක ලිහා ගත්තහම බොහොම සන්තෝසයි. ඒ රහතන් වහන්සේ පැවසුවේ දැන් “ඡන්දය කියන එක මේ වෙලාවේදි අර consolidated පරිචිතය කියලා කියන්නේ, ආන්න ඒක ඒ ඡන්ද ඉද්ධිපාදය අර තුන් වෙනි එකට එන එක තමයි නිතර ම ඒ තත්වයට පත් වෙන්නේ. පරිචිත ස්වභාවයෙන් ඒක පවතිනවා” කියන එක තමයි.
අන්න ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්