ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අර මලකඩ කාපු යකඩ ඇණයක්, ඒක පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත කියලා.
ඒ කියනකොට ම මට ඒ අර භාවනාව මම බලලා තිබිච්ච නිසා මට පෙනුණා ඒ කෙළවරවල් දෙකක්. ඒ කියන්නේ අර ස්පර්ශය නිසා වේදනාව ඇති වෙන්නා වූ ඒ කෙළවරයි, අන්න එතන තමයි තියෙන්නේ අර රූපය, වේදනාව නිසා පවතිනවා කියලා සිතන කෙළවර. ආපහු සංස්කාර නිසා පැවතිය හැකියි කියන කෙළවර. ඒ කෙළවරවල් දෙකයි, අනිත් පැත්තට, පවතින නන්දිය නිසා චේතනා වෙලා, ඒ නන්දියේ කෙළවර, චේතනාව නිසා, සංස්කාරවල කෙළවර, ඔය දෙක මං එකපාරට ම දැක්කා. ඒ ඔක්කොම සමාධිය මට ඇති වුණා. ඉතින් මේ විදිහට බුදුපියවරු හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් භාවනාව කියලා කළෙත් ඒ දේ ම තමයි. ඒ කියන්නේ ඊයේ භාවනාව ම හොඳට අධ්‍යයනය කරලා භාවිතා කළා නම්, ඒ consolidated කියන එක මට හොඳට වැටහුණා මේකෙත්. ඒ කියන්නේ, මෙතන තියෙන්නේ පළවෙනි වශයෙන් ගත්තහම, දැන් රූපයයි, ඒ රූපය පැත්තේ කෙළවර අපිට එනවා ස්පර්ශයයි, වේදනාවයි. අන්න එතෙන්දි අපි හිතනවා, ස්පර්ශය නිසා වෙන කෙළවර කියලා අපි ඒකට කියනවා. රූපය නිසා, එහෙම නැත්නම් වේදනාව නිසා පවතිනවා කියලා හිතන කෙළවරක් තමයි, අර pedal එකේ උඩ කෙළවර මේ කතා කරන්නේ.
ඊළඟට සංස්කාරය නිසා පැවතිය හැකියි කියන කෙළවර තමයි, අර පරාමාසයේ ඉඳන් භය අගතියට යන එක. ඊයේ භාවනාවෙදි මේක සඳහන් කළා මේ චිත්ත ඉද්ධිපාදයෙන් අපි පටන් ගන්නකොට, ඔන්න ඔය කෙළවරවල් දෙක ගැන තමයි අපේ කල්පනාව තියෙන්නේ. ඉතින් චාගාධිට්ඨානය තියෙනවා නම් අපි අතහරිනවා කියන එක තියෙනවා. ඒ විමංසාව තියෙනවා නම්, අර සංස්කාර නොපවතී කියන එක තියෙනවා. ඒ රූපය නොපවතින බවක් කියනවා. ඒ කියන්නේ ඒ විමංසාවෙන් පෙන්නනවා අර දිට්ඨි අනුසය පාර රූපයට ඇඟිල්ල දික් කරලා මේක පවතින්නේ නෑ කියන එක. එතකොට මෙතන ඒ ධර්මයත් එක්ක සම්බන්ධ වෙනවා, දැන් අපි ඊයේ භාවනාවෙදි ඡන්දය consolidated කියලා කිව්වා. ඒ කියන්නේ විමංසා, චිත්ත, ඡන්ද. ඔය විදිහට නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට විරිය කියන එක පෙරත් ඕනෑ, පසුවත් ඕනෑ කියලා කිව්වා. සංස්කාර අලුතෙන් නොකිරීම කළ යුතුයි කියන එක.
දැන් එතකොට පෙන්නනවා අපිට, විමංසාව ඇති වෙන්න පෙර අපිට විරියක් තියෙනවා. ඒක තමයි අපි අර 15 වෙනිදා භාවනාවෙදි number 3 විරිය කියලා දැම්මේ උඩින්, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් ඒ උඩ සංස්කාර කියන තැනට එන්නා වූ එක කපන්නා වූ විරිය. අන්න එතන අදහස තියෙන්නේ අර පැවතිය හැකි ය කියල නේ. එතකොට ඒ කතාව එතන සිද්ධ වෙන්නේ නැහැයි කියන එක මෙතැනින් පෙන්නනවා. ඊළඟට ආපහු ගත්තහම මේ ඡන්දය කියන එක ආවායින් පස්සේ අපිට පෙන්නනවා ඒ භාවනාවෙම අර ජරා වන නිසා අපි නන්දිය කියන එක ඉවත් වෙනවා. සංස්කාර ඉවත් කළාට පස්සේ ජරා වෙන නිසා අර නන්දිය, ඒ කියන්නේ, කාමච්ඡන්දය කියන්නේ ජරාවට ඇති කැමැත්ත. ඒක පවතින්නේ නෑ. ඒක ඉවත් කරනවා. ඒක ඉවත් කරයින් පස්සේ තමයි, එහෙම නම් අපි අර චේතනාවෙන් අතනට යන්නෙ නැති වෙන්නේ. එතකොට මේ කෙළවර දෙක යා වෙනවා. කොහොම ද දැන් යා වෙන්නේ? විරිය විමංසා චිත්ත ඡන්ද, ඡන්දයෙන් ආපහු විරිය කියන එක. ඒ විදිහට සම්බන්ධතාවයක් මේකේ තියෙනවා.
එතකොට මේකෙ ඉතින් මේ consolidated කියන එක මට හොඳට පැහැදිලි වෙනවා, මොකද දැන් පෙන්නනවා, මේ රූපය කියන එක පවතින එකක් නෙවෙයි. ඒක නිසා අර පැවතිය හැකි ය කියන කතාව ඒක හරි යන්නේ නෑ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තහම අර සංස්කාර නිසා පැවතිය හැකි ය කියන එක කියන්න විදිහක් නෑ. හදපු සංස්කාරය බිඳිලා ඉවරයි. පහළ සංස්කාරයන් ඉඳලා නේ පටන් ගන්නේ. ඒක බිඳිලා ඉවරයි. දැන් එයාගේ අදහස හොඳට consolidated වෙලා. අර චිත්තයේ යමක් තිබුණා ද, ආන්න ඒක දැන් හොඳට එකතු වෙලා තියෙනවා. එකතු වෙලා consolidate වෙලා තියෙනවා. ඡන්දය සමාධියෙන් කියනවා මේක පවතින්නෙත් නෑ, පැවතිය හැකි ය කතාවත්, දෙක ම නෑයි කියන එකයි. ඒක බැලුවා ම මනස පුදුමාකාරයි, පුදුමාකාර සුඛයක් සහගතව පුදුමාකාර, ඒක නම් කියන්න බෑ මට මේ තියෙන තත්වය.
ඊට පස්සේ ඉතින් මම බැලුවා ඔය pedal දෙක වගේ නේ ඔය බලලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තටත් අපිට ඔය වගේ පේනව නේ. අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නුවේ ඒකයි. අනිත් පැත්තට හරහට දැන් මේ ජරා වෙන රූපය, මලකඩ කාපු යකඩ ඇණය පවතිනවා කියන අඥාන ස්වභාවය නැතයි කියන එක නේ. ඒ කියන්නේ කාමච්ඡන්දයෙන් මම මේ ජරාවට කැමති වෙලා, මම මලකඩ කාපු එක අද බැලුවත් මලකඩ කාල තියෙන්නේ, හෙට ගිහිල්ලා බැලුවහම ඕකේ මළකඩය ගියා කියන එක නෑ. ඒකෙ තියෙන්නේ තව තවත් මලකඩ එකතු වුණා කියන එක.
එතකොට එතන තියෙනවා pedal දෙක. එතන අපිට පේනවා උඩින් අපිට pedal එක හැටියට ලස්සනට පේනවා, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් අර උඩ සංස්කාර කොටුවට එතන විරියෙන් අයින් කරන එක, ආපහු නිත්‍යභාවයක් නැහැයි කියලා විමංසාවෙන් අර පරාමාසයට එන එක. එතකොට එතනත් අර pedal එක වාගේ එක කෑල්ලක් තියෙන්නේ. එතකොට ඊළඟට ආපහු මේ පැත්තෙන් තියෙනවා මේ ඡන්දය නිසා ඇති වන්නා වූ කොටසක් තියෙනවා. මේ විරියෙන් ඇති වෙන කොටසක් තියෙනවා, අර පියෙහි විප්පයොගයේ ඉඳන් අපි ජාතියට යනවා කියන එක නැතිකම කියන එක. අනිත් අතට අර consolidated වෙච්ච ඡන්ද සමාධිය නිසා එතන තියෙනවා නන්දියක් නොවෙන්න. මේක පවතින්නේ නෑ. අර දෙකෙළවර, කෙළවරවල් දෙක පවතින්නේ නෑ කිව්ව නේ. අර රූප කෙළවරවලයි අර පල්ලෙහා සංස්කාර කෙළවරයි පවතින්නේ නෑ කියන්නේ. අන්න එතන ඒක තියෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.