Date: 19/05/2015 Name: ඡන්ද ඉද්ධි පරිචිතා

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. එතකොට පවතිනවා කියන මිච්ඡා දිට්ඨියත් පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨියත් අර මලකඩ කාපු යකඩ ඇණයක් පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත කියලා. මේ විදිහට බුදුපියවරු හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ මම ලෝභය නැති කරමි කාමච්ඡන්ද ජරාවට ඇති කැමැත්ත, කියලා ඒක ගත්ත ගමන් එකපාරට ම අර එතන පේනව නේ ඡන්ද සමාධියට ලකුණු කරන අපි line එක ගිද්ධිලෝභයේ ඉඳන් ජරාවට දක්වා, ඒක දැකපු ගමන් ම මට ඔච්චරයි මම හිතුවේ. හිතපු ගමන් ම එකපාරට ම අර ඊයේ වගේ ම “ඡන්ද චිත්ත විරිය විමංසා පරිචිතා” කියන ඒ තත්වයට මනස පත් වුණා. මම එහෙම ටිකක් වෙලා හිටියා.

ඉතින් ඕක ඔහොම වෙන්න හේතුව තමයි, අර භාවනාවට පෙර ම, මම දැක්කා, ඊයේ කරපු භාවනාවේ අපි දෙපැත්තට යනවා කියලා. ඒ circle එක “ඡන්ද විරිය විමංසා චිත්ත” ඒක ගිහිල්ලා ආපහු චිත්තයෙන් ඡන්දයට එනවා. ඒ විදිහට ඒ සම්බන්ධතාවය මම දැක්කා. ඒ රහතන් වහන්සේගේ කාරණා දැක්කහම ඒක මට ලියාගන්න කියලා කිව්වා. ඒක දැන් කියනවා නම්, ඒකේ පෙන්නනවා අපි උඩින් ලියා ගත්තොතින් විමංසාව කියලා, දකුණු අත පැත්තෙන් චිත්තය ලිව්වොතින් පල්ලෙහායින්, ඊටත් පල්ලෙහායින් ඡන්දය ලිව්වොතින්, වම් අත පැත්තෙන් විරිය කියන එක ලිව්වොතින් එතකොට අපිට පේනවා මේ circle එකක් හැදිලා තියෙනවා. විමංසා චිත්ත ඡන්ද විරිය කියලා. මේක රහතන් වහන්සේ කිව්වේ “forward circle එක” කියලා. ඇයි ඒ ඉස්සරහට යන එකයි කියලා කියවෙන්නේ? මේක පටන් ගන්නේ අපි ඡන්දය කියන තැනින්. අපි ඡන්දය කියන තැනින් පටන් ගත්තොතින් එතනින් අපිට එනවා ඒ ඡන්දයෙන් චිත්ත, චිත්තයෙන් විරිය, විරියෙන් විමංසාව කියන අර්ථයක් මේකේ තියෙනවා. අන්න ඒක නිසායි forward කියන එක තියෙන්නේ. අපි ඉතින් දන්නවා පළවෙනි පටිපදාව ඡන්දය. දෙවෙනි පටිපදාව චිත්තය තුන් වෙනි පටිපදාව විරිය හතර වෙනි පටිපදාව විමංසාව.

s_Chanda_Iddhi_Paricita.jpg

මේක වෙන්නේ කොහොම ද?

ඡන්දය කියන තැනින් අපි ලියාගන්නවා යටින් ඒ සංස්කාර ඉවත් කිරීම, පළමුව සිදු වෙනවා කියලා. අපි හිතමු ඒක A කියලා. ඊළඟට අර circle එකේ චිත්තයේ ඉඳන් ඡන්දයට එන්නා වූ එක දැන් අපි අනිත් පැත්තට ලියාගන්නවා arrow එකක් ඡන්දයේ ඉඳන් චිත්තයට B කියලා. ඒක තමයි අර සංස්කාර ඉවත් කළාට පස්සේ, චිත්ත සමාධිය මගින් ගැම්ම පහ කරනවා කියලා අර 15 වෙනිදා භාවනාවෙදි කිව්වෙ. ඒ කියන්නේ අර කෝට්ට දාලා, පාත්තරයේ තියෙනවා කෝට්ට දාලා කරකවනවා කියන එක, ඒ ගැම්ම ඉවරයි. සංස්කාරයන් කරකැවිලා නැත්නම් අර ගැම්ම ඉවරයි කියන එක තියෙනවා.

දැන් ඊට පස්සේ අපි තේරුම් ගත්තා ඒ 15 වෙනිදා භාවනාවෙදිම, දැන් අපි ඔතනින් චිත්තය අපි දිගට ආවා නම්, ඒ කියන්නේ අපි බලනවා නේ ස්පර්ශයේ ඉඳන් වේදනා, වේදනා පරාමාස, පරාමාස භය අගති කියන කතාව, එතැනින් චිත්තයෙන් ඒක අයින් කළා නම් ඊට පස්සේ අර ඡන්දයේ ම බලපෑම තියෙනවා, අර ජරා වන නිසා නන්දිය ඉවත් වීම කියන එක. අද උදේ භාවනාවේ දී පටන් ගැනීම එතන නේ තිබුණේ. ඒකට අපි ලියාගත්තොත් C කියලා, එහෙම නම් දැන් අපි ඒ විරිය විසින් විමංසාව අර ආස්වාදය කියන එක පදුට්ඨමනසඞ්කප්පය ආස්වාදය ඉවත් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ විරියෙන් ආවා විමංසාවෙන් කියනවා නිත්‍යභාවයක් නෑ කියලා. ඒක තමයි අර එලිය රවුමෙන් එන එක.

විමංසාවෙන් ඊට පස්සේ අර පදුට්ඨමනසඞ්කප්පයෙ ආස්වාදය ඉවත් කිරීම අපිට එනවා එහෙම නම් ඒ විමංසාවේ ඉඳන් ඇතුළෙන්, ඒ රවුම ඇතුළෙන් ලියාගන්න ඕනෑ arrow එකක් විරියට. ඒක අපි D කියලා කිව්ව නම් ඔන්න අපිට ලස්සනට පැහැදිලි වෙනවා. විමංසාවෙන් අයින් කළාට පස්සේ ආස්වාදය ගලන්නේ නැති නිසා දැන් අර අත්ත සඤ්ඤාව කියන එක අයින් කිරීම කියන එක සිද්ධ වෙනවා කියලා. එතකොට ඇතුළේ circle එක දැන් කැරකෙන්නේ නෑ, මොකද ඒ විරියයි විමංසාවයි එක්ක එතන ඒ පවතිනවා, ඒ විරිය විමංසා චිත්ත කියන එක.

ඉතින් මම මේක බලාගෙන ගියාහම මට දැන් පේනවා, එක කෙළවරකට ඒ circle එකේ එක පැත්තකට ඡන්දයයි චිත්තයයි එනවා. අනිත් පැත්තෙන් මට පේනවා විරියයි විමංසාවයි කියන එක. එතකොට මේ කෑලි දෙක පේනකොට මම කල්පනා කළා මෙතෙන්දි මේ පෙන්නන්නේ මේ සංස්කාර පැත්තට අපි ඒ ඡන්දයයි චිත්තයයි කියන එක අර pedal එක හැටියට අපි බලනවා නම්, එහෙම නම් අර උඩ pedal එක ද අපි මේ කතා කරන්නේ කියලා විරියයි විමංසාවයි එක්ක.

Four_pedals.jpg

නමුත් මට පේනවා මේ අපි කතා කරන්නේ චේතනාව තියෙන තැන pedal එක කියන එක. මේකෙන් පේන්නේ මොකද, අර පල්ලෙහා pedal එක පදින්නේ නැත්නම්, ඒකේ බලපෑම නැති නිසා රූපය ළඟ තියෙන pedal එක පැදෙන්නේ නෑ. ඊළඟට අර විමංසාවයි, විරිය විමංසාවයි කියන pedal එක කියන එක, උඩ pedal එක භාවිතා කළා ම අර පල්ලෙහා pedal එකේ බලපෑම කියන එක නෑ, pedal එකක් බයිසිකල් එකක pedal එකක්, එක කකුලකින් පදින්න බැහැ නේ. අර බාගයක් දුර නේ එයා යන්නේ. අන්න ඒ නිසා තමයි මගේ මේ මනස මේ විදිහට පවතින්නේ කියන එක මට තේරුණා.

එතකොට දැන් ඉතින් මේ දැන් ඊළඟට ප්‍රශ්නය එනවා මට මේ consolidated කියන එක. මොකක් ද මේ පරිචිතා කියන්නේ. එතකොට මම රහතන් වහන්සේගෙන් ඇහුවා, මේකෙන් කියන්නේ, අර එළියේ circle එකෙන් කැරකෙන්නත් නෑ ඇතුළේ circle එකෙන් කැරකෙන්නත් නැහැයි කියන අර්ථයට ද කියලා. රහතන් වහන්සේ කිව්වා, “ඒකෙ ඒ අර්ථය තියෙනවා” කියලා. ඉතින් රහතන් වහන්සේ එහෙම කිව්ව නම් ඕකේ ඊට වඩා දෙයක් තියෙනවා. ඉතින් ඒ පාර මම රහතන් වහන්සේගෙන් ඇහුවහම, රහතන් වහන්සේ පැවසුවා, “ඒ රූපය ස්පර්ශ කිරීමකුත් නැත. සංස්කාර නිසා රූපය ස්පර්ශ කිරීමකුත් නැත.” ඒක නේ ඡන්ද සමාධියෙන් කරන්නේ. අර ඡන්ද සමාධියෙන් අතන දකුණු අත පැත්තෙන් අපි අර pedal එකේ අයින් කරයින් පස්සේ, සංස්කාර නිසා ඇවිල්ලා රූපය ස්පර්ශ කිරීමක් කියන එක ඇති වීමක් වෙන්නේ නෑ, පල්ලෙහායින් ඇවිල්ලා. ඊළඟට අර ඡන්ද සමාධියේ N අකුරේ අනිත් පැත්තට බලන විදිහට නේ ඒක පෙනෙන්නේ. අන්න ඒක නිසා ස්පර්ශ කිරීමකුත් නෑ. ඉතින් මේ දෙපැත්තෙන් ම ඒක නැත්නම් ඉතින් හරි. ඉතින් ඒක නේ පළවෙනි පටිපදාවේ පෙන්නන්නේ, කබලිංකාර ආහාර පාර, ඒක ස්පර්ශ කරන්නේ නැතැයි කියන එක තමයි ඡන්ද සමාධියෙන් තේරුම් කරන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.