ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අර මලකඩ කාපු යකඩ ඇණයක්, පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම මට කිව්ව ඔය කලින් කරපු භාවනාවක් තියෙනවා, “20 වෙනිදා මාර්තු මාසේ 2015 වේ සම්මා ඥාන” කියන භාවනාව. අන්න ඒක බලන්න කියලා. එතකොට ඒ භාවනාව තුළ තියෙන්නේ, අර තරුව, ඒ කියන්නේ, එතන පෙන්නනවා අර සම්මා සතිය කියන එක අපිට ඇති වුණහම, ඒකෙන් අපිට තියෙනවා කියලා සම්මා දිට්ඨිය. ඒ සතිය සහගතව සම්මා දිට්ඨිය තුළ සම්මා ප්රඥාව ඇති වෙනවා. ඒ සම්මා ප්රඥාවෙන් සම්මා ඥාන වෙනවා කියලා කියපු භාවනාව. ඒකේ තරුව බලපු එක තමයි තියෙන්නේ. එතකොට මේ තරුව කතාවෙදිත් තියෙනවා, ඉද්ධිපාද හතර සහගතව වෙලා ඒක මගින් මේ සම්මා විමුක්ති පවත්වනවා කියලා.
ඉතින් මම ඕක සම්බන්ධ කළේ, ඊයේ කරපු භාවනාවත් එක්ක. එතකොට මේ භාවනාවෙදි මම බැලුවේ, අර මුලින් ම විඤ්ඤාණය කියන එක ඉතා ම කුඩා කාලයක් පවතින්නේ. අර h කියලා එහෙමත් අපි ලකුණු කළේ පොඩි දුරකට. එතකොට අන්න එතන ඒක නිසා අපි සංස්කාරයන් කියන ඒවා අයින් කරනවා. අර එකොළොස් වෙනි රවුමේ දී එන සංස්කාර. එතකොට අපි ඊයේ බලපු diagram එකේ අර ඒ සංස්කාර කියන අයින් කළ කෙළවර, ඡන්ද සමාධියෙන් ඒ කොටස එනවා.
ඒක ආවා ම ඔන්න ඔය අර්ථය ඒ චිත්තය තුළට කා වැදිලා තමයි, අර චිත්ත ඉද්ධිපාදයේදි අපි පෙන්නනවා නේ අර ස්පර්ශයේ ඉඳන් වේදනාව, වේදනාවේ ඉඳන් පරාමාස, පරාමාසයේ ඉඳන් අර පල්ලෙහා භය අගතියට යන්නා වූ එක. අන්න ඒක දක්වා ඒක ගමන් කරනවා පහළ ඉඳන් උඩ කෙළවර දක්වා ම යනවා. ස්පර්ශය දක්වා ම එතනට යනවා. එතකොට මේක නිසා කෙනෙකුට සතියක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ සතිය අපි දැන් ලකුණු කරන්නේ ස්පර්ශයයි සඤ්ඤාවයි අතර නේ. ආන්න එතන ඒ point එකට ඇවිල්ලා ඕනෑ තරම් වෙලා ඉන්න පුළුවන්. පුදුමාකාර විදිහට සතියක් සහගතව කැමති කාලයක් ඉන්න පුළුවන් කියන එක මට තේරුණා. මම එහෙම හිටියා මම හිතන්නේ, මිනිත්තු මං හිතන්නේ හතරක් පහක් විතර.
ඉඳල ඊට පස්සේ එතන දැන් පහළ පේනවා. පහළ පේනවා කියලා කියන්නේ, දැන් ඊළඟට අපි ඊයේ diagram එකත් එක්ක පේනවා, අපි ජරාවට පත් වෙනවා නම්, නන්දිය කියන එක යනවා කියන එක. ආන්න ඒක දැන් අර සතිය විසින් ඒක මතු කරලා පෙන්වා දෙන ස්වභාවය තියෙනවා. එයාගේ කෙළින් ම direct වෙන්නේ අන්න එතැනට. ඒක තමයි ඡන්ද සමාධියේ අනිත් කෙළවර නේ. ඡන්දයෙන් අයින් කරන්නා වූ අනිත් කෙළවර. එතකොට ඡන්දය විසින් ඒක අයින් කළාට පස්සේ, දැන් එතනත් ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතනින් එනවා අපි උඩ කෙළවරට. ඒ කියන්නේ චේතනාව තියෙන තැනට. එතැනින් විරිය මගින් අපි අයින් කරනවා කියලා කිව්වා.
ඒ විරියෙන් අයින් කරලා, විමංසාවෙන් අපි ඒ කොටස අයින් කළයින් පස්සේ, පදුට්ඨමනසඞ්කප්පයේ තිබෙන්නා වූ ආස්වාදය අයින් කළාට පස්සේ, දැන් අත්තා සඤ්ඤාව කියන එක යනවා. ඒ කියන්නේ අර 5A කියන තැන තමයි අපි අත්ත සඤ්ඤාව ඔතන අපි ලියන්නේ. එතැනින් තමයි විරියෙන් අයින් කරනවා කියන්නේ. අපි ඉතින් ඔයිට කලින් අපි බලලා තියෙනවා නේ, කලින් බලලා තියෙනවා සඤ්ඤාවේ ඉඳන් නාමරූපය දක්වා එන කොටස එතන විරියෙන් අයින් කරනවා කියන එක. මේ දෙක ම එක සමානයි නේ. එක ම දේ තමයි මේ කියන්නේ. අපි තේරුම් ගත්ත නේ අන්තිමට ඕක 5A අත්ත කතාව තමයි මේ එතැනින් කිව්වෙත් කියලා. දැන් එතන ඒ විදිහටත් මං ටිකක් වෙලා හිටියා.
දැන් ඉතින් අපි දන්නවා සම්මා ඥානය කියන එක ඔතන දැන් තියෙනවා. ඇතුළේ රවුම කැරකෙන්නේ නැති ස්වභාවය. දැන් ඒකෙන් අපිට ඇති වෙනවා විමංසාව කියන එක. දැන් ඒ පාර ඒ විමංසාව විසින් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා අන්න අර රූපයට. දැන් අපි මුලින් උඩ චේතනාවේ ඉඳන් එනකොට අපි කිව්වේ පැවතිය හැකි ය, කියන කතාව අපි අයින් කළා. දැන් මෙයා විමංසාවෙන් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මේක පවතින්නේ නෑ, කියන එක ඒ රූපයට ඒක පවතින්නේ නැහැ. අන්න එතන ආපහු ඔන්න විරිය ලකුණු වෙනවා. එහෙම නම් රූපයේ ඉඳන් ඔය ස්පර්ශය දක්වා එන්නා වූ විරිය කියන එක. එතනත් ඕනෑ තරම් කාලයක් ඉන්න පුළුවන්.
දැන් ඔතන එනවා අපිට හරි ලස්සනට එනවා විරිය, රූපයේ සිට ගත්තහම ස්පර්ශයට එන විරිය, ඊළඟට සතිය, ඊට පස්සේ ආපහු විරිය. අර බුදුහාමුදුරුවන්ගේ මහා චත්තාරීසක සූත්රයේ පෙන්නනවා නේ ඒක පරිවාර වෙමින් යනවා කියන එක. එතකොට ඒ ක්රමයට විරියෙන්, සතිය. සතියෙන් ආපහු විරිය. අර නාමරූප දක්වා එන්නා වූ ඒ 3 වෙනි විරිය. ඉතින් මේ භාවනාව බොහොම හෙමින් මං කළේ. ඒ කියන්නේ අර දේ දැකීම හේතු කොටගෙන ඒ මනස හෙල්ලෙන්නේ නැතිව, ඒ කැමති කැමැති, ඒ සතියේ ඉන්නවා නම් සතියේ ඉන්න පුළුවන්. විරියෙන් ඉන්නවා නම් විරියෙන් ඉන්න පුළුවන්. විමංසාවෙන් ඉන්නවා නම් එතන විමංසාවෙන් ඉන්න පුළුවන්. ඒ වගේ ඒ පවතින්න පුළුවන්. ඉතින් මෙහෙම වුණහම අතීත භවයන්වල දේවල්, මේ ස්ථානයේ ගැන, ඒ වගේ මම දැක්කා. ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා. ඔය විදිහට ඒ පුදුමාකාර තත්වයක් ඒකේ තිබුණා.
ඒක තමයි මං කරපු භාවනාව.