ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ඊළඟට අර මලකඩ කාපු යකඩ ඇණය, පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත, කියලා. මම ඒ වෙලාවේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ආලෝකය දුටුවා. මේ විදිහට හත් නම, දාහතර නම මෙනෙහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම ලියාගෙන යනකොට, දැන් අපි ආවා නේ ඊයේ අර විරියෙන් සතිය විරිය කියලා. ලියාගෙන යනකොට ම මට එකපාරට ම කල්පනා වුණා, දැන් එහෙම නම් නාමරූපය තියෙන තැන ඉඳන් ආපහු චේතනාවට සතියක් එනවා නේ ද කියලා. ඒක මට එකපාරට ම වැටහුණා. එතකොට දැන් ඒ කියන්නේ, අපි මේකෙ දැන් numbers ටික දාගත්තේ නැත්නම් කෙනෙකුට තේරුම් ගන්න හරි අමාරුයි.
ඒක නිසා අපි numbers ටික දාගන්නවා නම්, අපි හිතමු ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට තියෙන එකට, එතන ලකුණු කරන සතියට අපි 1 කියලා දාමු. 2 කියලා දානවා සඤ්ඤාවේ ඉඳන් නාමරූපය දක්වා අපි ලකුණු කරන විරියට. 3 කියලා දානවා නාමරූපයේ ඉඳන් චේතනාව දක්වා එන සතියට. 4 කියලා දානවා රූපයේ ඉඳන් ස්පර්ශය දක්වා එන්නා වූ විරියට. ආපහු අපි 5 කියලා දානවා චේතනාවෙ ඉඳන් ථීනමිද්ධය දක්වා ලකුණු කරන විරියට. 6 කියලා දානවා ථීනමිද්ධයේ ඉඳන් විඤ්ඤාණය දක්වා ලකුණු කරන සතියට.
එතකොට මේ භාවනාවෙදි, අර 2 වෙනියට ලකුණු කළ විරිය මගින් අත්ත සඤ්ඤාව ඉවත් කරනවා. එතකොට චේතනාව ඉවත් කිරීම සතිය මගින් ම සිදු කරනවා. ඒකට මට ආධාර උපකාර වුණේ, අපි සම්මා විමුක්ති භාවනාව කරලා තියෙනවා 21 වෙනිදා මාර්තු මාසේ 2015 දි. එතන අපි කියනවා, සම්මා දිට්ඨිය තුළට සම්මා ඥානය ඇති කිරීමට උදව් උපකාර කරනවා කියලා. චේතනා ඉවත් කර ඇත. අන්න ඒක මට සිහි වුණා.
එතකොට ඉදංසච්චය තුළ පෙර සංස්කාර නිසා යමක් වුණා ද, මේකේ අර්ථය විරහිත වීම නිසා තමයි මේ ගැටේ ගැලවීම, කියන එක තියෙන්නේ. මොන ගැටේ ද? වේදනා පරාමාස චේතනා, කියන ගැටය. අර ඉදංසච්චයේ බර සැහැල්ලු වෙනවා කියලා කලිනුත් ඔය භාවනාවක දී පෙන්නුවා. ඒකෙ බර සැහැල්ලු වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා.
දැන් මේ පුද්ගලයාට මේ සම්මා ඥානය කියන එක තියෙනවා. දැන් රූපය ස්පර්ශ වීම කියන එක එයා ඉවත් කරනවා. අන්න ඒක තමයි අපි 4 වෙනියට ලකුණු කරපු විරිය කියලා කිව්වෙ අර රූපයයි ඒ ස්පර්ශයයි අතර තිබෙන්නා වූ විරිය. ඒ වුණත්, රූපය ඉවත් කළත්, සංස්කාර නිසා හෝ පවතිනවා කියන අඥාන ස්වභාවය සියුම්ව මනසේ පවතිනවා. ඒක හරියට අර hub එක තියෙනවා. වටේ අර තටාකය තියෙනවා. දැන් මේ කෝට්ටකින් කරකවන ඒවා මුකුත් නැහැ. කෝට්ටකුත් නෑ. ඒ වුණත් තවමත් කරකැවෙන්න පුළුවන් යැයි කියලා පැවතිය හැකි ය කියන අඥාන ස්වභාවයක් මෙයාට තියෙනවා.
අන්න එතෙන්දි ඔය 5 වෙනි විරිය මගින් එවැනි මානසික තත්වයක් ඉවත් කරනවා. ඒ කියන්නේ 5 වෙනි විරියයි කිව්වේ චේතනාවේ ඉඳන් ථීනමිද්ධය දක්වා අපි ලකුණු කරපු විරිය. සංස්කාර කොපමණ කාලයක් පවතිනවා ද යන්න ගැන හැඟීම ගිලිහී යෑමෙන් අනතුරුවයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තමන් කලින් හදපුවා. එහෙනම්, සංස්කාර ගැන යම් නිත්‍යභාවයක් පෙර පැවතිය හැකි ය. පවතිනවා යන අදහසක් වේ ද, මේක කිසිම ධ්‍යාන සහගත ස්වභාවයකින් නොපැවැත්විය හැකි බව, විමුක්ති ඥාන දර්ශනය මගින් ම පහදා දීම අනුව තමයි මේක සිද්ධ වෙන්නේ.
මෙසේ සතිමත් වන්නේ, විමුක්ති ඥාන දර්ශනය සහිතව සියලු ආශ්‍රවයන් නැසිය හැකි සතියක්, ඒක තමයි අර 6 වෙනි සතිය කියලා කිව්වෙ. ඒ ථීනමිද්ධයේ ඉඳන් විඤ්ඤාණය දක්වා ලකුණු කරන සතිය. ඒක සහිතව වාසය කළ හැකි ය. මම හිටියේ ඔන්න ඔතන. ඉතින් සාදු උතුම් බුදු පියවරුනි, කියලා මේක අවසන් කළා.