ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, මලකඩ කාපු යකඩ ඇණය, පවතිනවා කියන අඥාන ස්වභාවය ඒ බුදුපියාණන් වහන්සේට නැත, කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අද භාවනාවට කළේ, ඊයේ භාවනාවට කරපු දේ ම තමයි. මම ඒ විමුක්ති ඤාණදස්සන කරපු එක සිහි කරගෙන ගියා. එතකොට ඒකේ අපි දන්නවා නේ අපි ලකුණු කළා කියලා සතිය ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට 1 වන කාරණය. 2 සඤ්ඤාව ඉඳන් නාමරූපෙට 2 විරිය, 3 නාමරූප ඉඳන් චේතනාවට සතිය කියලා ලකුණු කළා.
ඉතින් මේ කාරණා තුන නැවතත් මම හොඳට මෙනෙහි කරලා බැලුවා. ඒ මෙනෙහි කරලා බලලා අර ඒ ගැටය කියන එක ගැලවිලා, ඒ කියන්නේ අර ඉදංසච්චය තුළ පෙර සංස්කාර නිසා යමක් වී ද, ඒකෙ අර්ථය විරහිත වුණා කියන එක අපි බැලුවා. ඒක බලලා සම්මා ඥානයන් තියෙනවා. රූප ස්පර්ශය කියන එක ඉවත් කරනවා. ඒ රූප ඉවත් කළත්, අර සංස්කාර නිසා හරි පවතිනවා කියන අඥාන ඒ ස්වභාවය සියුම්ව මනසේ පවතින්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා.
එතකොට ඉතින් මේකේ තවමත් කැරකෙන්න පුළුවන් කියන අදහස නේ තියෙන්නේ. ඉතින් මේක මේ අපිට 4 වෙනියට විරිය ආවා, එතැනින් අයින් කළා රූපය. එතකොට 5 වෙනි විරියෙන් අපි සංස්කාර අපි කතා කරනවා කොච්චර කාලයක් මේක පවතිනවා ද කියන ඒ හැඟීම කියන එක ගිලිහිලා ගියාට පස්සේ තමයි, අපිට ඒ මානසික තත්වය ඉවත් වුණා කියලා කියන්නේ. එතැනින් අපි ආවා අර විමුක්ති ඤාණදස්සන කියන එක ථීනමිද්ධයේ ඉඳන් ඒ විඤ්ඤාණය දක්වා ඒ 6 වෙනියට අපි ලකුණු කරන සතිය.
ඉතින් මෙතෙන්දි මම බැලුවේ ඊයේ හවස අපි අර පූජාවෙන් පස්සේ කරපු භාවනාවත් එක්ක සම්බන්ධ කළා. ඒ කියන්නේ ඊයේ ඉගෙන ගත්ත නේ කුසලය කියන එක දැන් අපි කළහම, ඒකෙත් ඒ කුසල් ඒ කියන්නේ දැන් තාම පුණ්‍ය කර්මයන් ඒවා කරනවා. ඒකෙදිත් එයා බලාපොරොත්තු වන්නේ කල්පනා කරන්නේ මට ජීවත් වෙලා ඉන්න පුළුවන් වේවි කියන හැඟීම. එතකොට එතනත් අපිට පේනවා මේකේ මේ මිච්ඡා දිට්ඨියක්. මේකෙන් පැවතීමක් කියන එක තමයි ඒකෙ තියෙන්නේ කියන එක.
ඒ කියන්නේ අපි කයින් කරන ඒවා, දුස්සීලභාවය කියන එක, අපි කයින් කරන ඒවා අයින් කරනවා. වචනයෙන් කරන ඒවා අයින් කරනවා. හැබැයි ඉතින් මේ කුසලය කරමින් පවතිනවා කියන එක, අපි පවතිනවා නම් අන්න ඒක නිසා අර මිච්ඡාදිට්ඨික කොටස කියන එක තියෙනවා. එතන ම තියෙන්නේ දුස්සීලභාවයක් ම තමයි කියන එක. එතකොට මෙන්න මේ දුස්සීලභාවය හේතු කොටගෙන අපේ පවතිනවා පරියුට්ඨානය. ඒක සිත මැඩගෙන පවතිනවා.
එතකොට ඒ පරියුට්ඨානය නිසා ඉතින් ඒ චේතනාවන් හැදිලා මේවා සිද්ධ වෙනවා කියන එක පේනවා. එතකොට ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නුවා නේ ඉතින් මේ කුසල සීලය කියන ඒවත් නැති වෙන්නේ විමුක්තියෙන් කියන එක. ඉතින් අන්න ඒ තත්වයට මනස ගෙනිහිල්ලා, ඒ කියන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා වුණත් අවුරුදු හතෙන් මැරිලා යන්න පුළුවන්. අන්න ඒ ස්වභාවයක් තියෙන්නේ. මනුස්ස ලෝකයේ ආයුෂයෙන් අවුරුදු හතක් කියන එකෙන් නැති වෙලා යන්න පුළුවන්.
එතකොට රහතන් වහන්සේ ඒක මට කිව්වා මේ භාවනාවෙදි, අවුරුදු හතෙන් මැරිලා යන අයත් දකිනවා කියලා. එතකොට එහෙම නම් ඉතින් මේක ඒ පවතින්නේ නෑ කියන ඤාණදස්සනයෙන් හිටියා අර ඒ ඒ තැන ඊයේ වගේ ම ඒ තැන්වල නතර වෙලා බැලුවා. ඉතින් ඕක ගියාට පස්සේ ඉතින් පේනවා මෙතන මේ දැන් ඔය ථීනමිද්ධය කියන තැනට නේ අපි ඔය කතා කරන්නේ. මිද්ධය අතන අයින් කළා මුලින්, අර විරියක් කතා කරනකොට.
ඊළඟට ආපහු අවසානයටත් අපි විරියක් කතා කරනකොට අපි එන්නේ නෑ, අර ථීනය කියන තැනට. එතකොට 5 වෙනි විරිය නේ ද? එතකොට එහෙම නම් අපිට පේනවා, ඒ 2 වෙනි විරියයි 5 වෙනි විරියයි. දැන් ඔය අවස්ථාව වෙනකොට අර ථීනමිද්ධ පරියුට්ඨිතා කියන කතාව කියන එක නැහැයි කියන එක අර භයභෙරව එකේ හොඳට ඒක පවතිනවා. ආන්න ඒක තමයි මම කරපු ඒ භාවනාව.
ඒ ථීනමිද්ධය පහ කළා ම, එතන ඒ straight බව කියන එක තියෙනවා. විරිය බොහොම තදින් පවතිනවා. ඒ කියන්නේ, අර අට වෙනි, අපි දන්නවා රවුම් අටක් ගිහිල්ලා ථීනමිද්ධ අවස්ථාවෙදිත් අපි shirt එක ගන්න අවස්ථාවේ දීත් අපි 2nd opinion එක count කරනවා කියලා අපි කිව්වේ. එතකොට එතන ඔය අවිද්‍යා ආශ්‍රවයෙන් එතනත් අවිද්‍යාවෙන් දුවනවා කියන එක, ඒක නැති වීම කියන එක තියෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්