ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවයි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, ඒ බුදුපියාණන් වහන්සේට අර මලකඩ කාපු යකඩ ඇණය, පවතිනවා යන අඥාන ස්වභාවය නැත කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට භාවනාවට පෙර ම, කිව්වා “27 වෙනිදා අප්‍රේල් මාසේ 2015 වේ ඡන්ද ඉද්ධිපාද භාවනාව බලන්න” කියලා. ඉතින් ඒකේ පෙන්නන්නේ ඔය මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පෙන්නපු විදිහට අර අපි දන්නව නේ අර triangle එක ඇති වෙන්නේ, සම්මා දිට්ඨියෙන් ආයතන භාවනාවේ පෙන්නන්නේ, ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, හිරි ඕතප්ප ඉඳන් ඇවිල්ලා ඉන්ද්රිය සංවරයට එනවා කියන එකයි. එතකොට ඔතන පෙන්නනවා ඉතින් ඉන්ද්රිය සංවරය නැති වුණා නම්, අර අපි දන්නවා නේ සතිය, සතියෙන් පෙන්නනවා නේ අන්තිමට කබලිංකාර ආහාරය ම තමයි ප්රශ්නය කියලා. අර නිත්‍යභාවය නැතෙයි කියලා.
එතකොට ඒක බලලා, ඒ භාවනාවේ අන්තිමට පෙන්නනවා, ඒ අවසානයට රූපය බැරි වෙලාවත් අපි ස්පර්ශ වෙන්න දුන්නා නම්, අර “නහි ජාති ගබ්භ සෙය්යං” කියලා ඔය යන්නේ. රූපය ස්පර්ශ වෙන්න අපි දුන්නා නම්, ඒක නිසා අපිට පරාමාසය හරහා juice ගැලීම සිද්ධ වෙනවා. මොකද රූපය ස්පර්ශ වුණොතින් සඤ්ඤා, අර 3-3 ථීනමිද්ධ අවස්ථාව, එතැනින් ඒ සඤ්ඤාවෙන් පරාමාසය, පරාමාසයෙන් 1-3 මෝහය ඒක ඇති වෙනවා කියලා. එතකොට පරාමාසය හරහා juice ගලනවා. එතකොට ඔතන අපි ලකුණු කර ගත්තේ, අර ඒ සඤ්ඤා වෙ ඉඳන් ඒ නාමරූප කොටසට යන්නා වූ එතන තැන අපි විරියයි කියලා ඊයේ ලකුණු කර ගත්ත නේ. ඒ කියන්නේ එතන තියෙනවා, ඔය juice ගැලීම නැති කිරීම කියන එක ඡන්ද සමාධිය අවශ්‍යයි කියලා අපි ඒ භාවනාවෙදි සිහි කරලා තියෙනවා.
දැන් එතකොට ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කරලා බලනවා නම්, අපිට picture එක එනවා, සඤ්ඤාවේ ඉඳන් නාමරූප පරාමාස. එතකොට අර 2 කියලා ලකුණු කරපු විරිය සඤ්ඤාවේ ඉඳන් නාමරූපයට. 3 කියලා ලකුණු කරා නාමරූපයේ ඉඳන් චේතනාවට යන තැන, සතිය. එතකොට එතන ඒ සතිය මගින් චේතනාව තමයි ඉවත් කරන්නේ. ඊට පස්සේ අපිට එනවා ආපහු, 5 කියලා විරියක්, චේතනාවේ ඉඳන් ථීන අවස්ථාවට. 6 එනවා ථීනයේ ඉඳන් විඤ්ඤාණය දක්වා එන සතිය. ඉතින් ඕක හරි ලස්සනයි බැලුවා ම, ඔය නාමරූප පරාමාසයට ඇතුල් වෙන එක කපන්නේත් විමංසාවෙන්. ථීනමිද්ධයේ ඉඳන් පරාමාසයට ඇතුල් වෙන එක කපන්නේත් විමංසාවෙන්. එතකොට පරාමාසය දෙපැත්තට විමංසාව තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ, මේ සඤ්ඤාව හරහා යම්කිසි ආස්වාදයක් පරාමාසයට ඇතුල් වෙනවා ද, ඒක විමංසාව මගින් පහ කරනවා.
ඊළඟට 3 සතිය මගින් චේතනාව ඉවත් කිරීමෙන් අනතුරුව තමයි ඒක සිද්ධ වන්නේ. මේකට උදව් උපකාර වෙන්නේ මොකක් ද? ඡන්ද සමාධිය මගින් අර නන්දි සහගත ස්වභාවය පහ කිරීම කියන එක. අර පල්ලෙහා ඉඳන් නන්දියෙන් එන කතාව. එතකොට මේ විදිහට මිද්ධ සහගත වූ සඤ්ඤාව පරාමාසයට ඇතුල් වීම කියන එක වළක්වනවා. ඒ වැළැක්වීම කරන්නේ විමංසාව ඉද්ධිපාදය මගින්. ඒ වගේ ම තමයි එහෙම ම ධර්මයක් අනිත් පැත්තෙත් පේනවා. ඒ කියන්නේ 5 වෙනි විරිය, චේතනාවෙ ඉඳන් ථීනයට එන්නා වූ එක, ඒකට බැරි වෙලාවත් එහෙම යන්නට ඉඩ දෙන්නා වූ යම්කිසි ථීන ස්වභාවයක් තියෙනවා ද, අපි විරිය මගින් නැවැත්තුවාට, අන්න ඒක සතිය මගින් පහ කරනවා. ඒ විඤ්ඤාණ නොවන්නේ විමංසාව මගින් පරාමාසගත වීම වළක්වනවා, මේක තමයි නිරෝධය. ඉතින් මේ භාවනාවෙදි මම කීප සැරයක්, ඒක එතන ම නිරෝධයට යනවා. එතන ම නිරෝධයට යනවා.
ඒක ම තමයි මම කරපු භාවනාව.