Date: 24/05/2015 Name: Nibbedika 6

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, පණ්ඩිත පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා, ඒ order එක මෙනෙහි කරමින්.

මට භාවනාවට පෙර ම කිව්ව ඒ “29 වෙනිදා මාර්තු මාසේ 2015 නිබ්බෙධික 4 භාවනාව බලන්න” කියලා. ඉතින් මම මෙතැන දී පටන් ගත්තා, ලෝභය නැති කරමි කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත කියලා මම අද භාවනාව පටන් ගත්තා. මට මේක සිතූ විගසින්, මම දැක්කා මේ hour glass එකක්. ඒ කියන්නේ, ගිද්ධිලෝභය වේදනා පල්ලෙහායින් තියෙනවා ජාතියයි ජරාවයි. එතකොට ගිද්ධිලෝභ රේඛාව ජරාව දක්වා එනවා, අපි දන්නවා, අනිත් පැත්තෙන් තියෙන්නේ කාමච්ඡන්දය. ජාතියේ ඉඳන් වේදනාව දක්වා එනවා කියන්නේ, අර ආවාසමච්ඡරිය.

එතකොට ජාතියට අපි දන්නවා අර නන්දියත් එක්ක සම්බන්ධතාවයකුත් ඒ ගිද්ධිලෝභයෙන් තියෙනවා කියලා. එතකොට මෙතන පේනවා අපි ජරාවට කැමති වෙලා, ඡන්දය ඇති වෙලා, ආවාසමච්ඡරිය ඇති කරගන්නවා නේ ද කියලා මම ඒක විමසුවා. මේ වෙලාවේදි උග්‍ර සමාධියක් මට පැවතුණා. ඒක සඳහා ක්‍රමයෙන් ධම්මමච්ඡරිය, චේතනාව දක්වා දික් වෙලා යනවා කියලා. ඒ රේඛාව මත තමයි, අපි 3 වෙනි සතිය කියන එක අපි ඊයේ පෙරේදා ලකුණු කළේ. ඒක ලකුණු කිරීම සිහි වුණා මට.

එතකොට එහෙම නම් දැන් අපිට පේනවා සඤ්ඤාවේ ඉඳන් නාමරූපයට 2 වෙනි විරිය, නාමරූපයේ ඉඳන් චේතනාවට 3 වෙනි සතිය. පල්ලෙහා තියෙනවා නාමරූපයේ ඉඳන් පරාමාසයට එන එක විමංසාව මගින් කපනවා කියලා. එතකොට විමංසාව මගින් නාමරූප සිට පරාමාසය දක්වා එන දේ, ගලන දේ, කැපීම කියන එක තමයි මම මේ සිහි කළේ. 3 වෙනි සතිය මගින් චේතනාව කියන එක ඉවත් කරනවා. අපි ඉගෙන ගත්තා “මේකට උදව් උපකාර කරන්නේ අර ඡන්ද සමාධිය මගින් නන්දි සහගත ස්වභාවය පහ කිරීමෙන් අනතුරුවයි” කියලා ඒ සහම්පති බුදුපියා ඊයේ පෙන්වා දීපු ඒ වදන මම සිහි කළා. මේකෙදි ධර්මය හුඟක් පැහැදිලි වුණා.

මේක හරි ගැඹුරුයි. කොහොම ද මේක සිද්ධ වන්නේ? ඡන්දය මගින් සංස්කාර පළමුව ඉවත් කරනවා. අපි දන්නවා, දකුණු කෙළවරේ. ඒකේ ගැම්ම අඩු වෙනවා කියලා කිව්වා. මේකේ අර්ථය තියෙන්නේ, අපි ඔය නිබ්බෙධික 2 භාවනාවෙදි, අපි ඉගෙන ගත්තා ඔය අවිද්‍යා, මේක නිසා අර hub එක පොඩ්ඩක් ඉස්සරහට කැරකිලා තියෙනවා නම්, භය අගති සෝක කාම ආශ්‍රව. එතකොට එහෙම නම්, උඩින් රූපය දක්වා ඒම චිත්ත සමාධිය මගින් ඒ කියන එක සිදු කරනවා අර අපි දන්නවා ඒ ඉද්ධිපාද පථයේ චිත්ත සමාධියෙන් ඒ ස්පර්ශය වේදනා, ඊට පස්සේ පරාමාසය, පරාමාසයෙන් අර පල්ලෙහා අර ලණුව. ඉතින් එතන ඉඳලා මේ ගැම්ම යන්න ඕනෑ උඩට. මේ ගැම්ම කියන එක අඩු වුණා දැන්.

දැන් අර 1 වෙනි එකට දැන් එහෙම අපිට සතියක් තියෙනවා. 1 වෙනි සතියෙන් අපිට පෙන්වලා දෙනවා “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො.” එතකොට මෙතන, මේක තුළ තියෙනවා විමංසාව. දැන් සමුදය අත්ථඞ්ගමය බලනකොට ඒක ඇතුළේ තියෙනවා නේ, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය කොටස. අන්න ඒකෙන් ඇති වෙන විමංසාව තියෙනවා. අන්න ඒ විමංසාව මගින් ඒ කියන්නේ භව පච්චයා ජාති කියන විමංසාව මගින්, වේදනාව නොපවතින බව, ඒ කියන්නේ වේදනාවේ ඉඳන් නාමරූපය දක්වා යන කොටස අපි දන්නවා විමංසාවෙන් කපන්නේ. අන්න ඒ විමංසාව තමයි අපි මේ කතා කරන්නේ. අන්න ඒකෙන් පෙන්නලා දෙන්නේ. දැන් “ඉති වේදනා, ඉති වේදනා සමුදයො, ඉති වේදනා අත්ථඞ්ගමො.” අර ධම්මමච්ඡරිය අපි දන්නවා ඒ කොටස යන්න මගින්, ධම්මමච්ඡරිය කොටස පහ කිරීම කියන එක සිද්ධ වෙනවා.

මෙතෙන්දි අපිට අර කුණු අඹ මුදලාලිගේ ඒ කතාව මුදලාලි නැති වේවි. ඉඩෝරය නිසා අඹ නැති වේවි ද කියලා අර ගැටය ගලවන අවස්ථාවේ දී පැහැදිලි කළා ඒ නිබ්බෙධික භාවනාවෙදි, අන්න ඒ අර්ථයත් තියෙනවා මෙතන. එතකොට මේ කතා කරන්නේ, සඤ්ඤා වේදනා චේතනා කියන ගැටය. විමංසාව මගින් අත්ත සඤ්ඤාවේ යම්කිසි ගිලිහී යෑමක් ඇති ද, එය විමංසාව මගින් ඒක පවත්වනවා කියන එකයි මේ පෙන්නන්නේ.

එතකොට ඔතෙන්දි තමන්ට වැටහෙන්න ඕනෑ මේ hub එක කියන එක, අර තටාකය ඇතුළේ තියෙනවා අර පාත්තරය, එහෙම නැත්නම්, hub එක කියන එක. අත්ත සඤ්ඤාව ඉවත් කළත් තවමත් කැරකෙන්නා වූ hub එක නිසා වන ගැම්ම විමංසාව මගින් ඉවත් කරනවා. අන්න එහෙම ඉවත් කිරීමෙන් තමයි, අපිට පහළට, ඒ කියන්නේ නාමරූපයේ ඉඳන් පරාමාසයට එන්නා වූ එක නොඑන්නේ කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.