Date: 25/05/2015 Name: Nibbedika 7

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඊළඟට ඒ දාහතර නම ම ඔය order එක සහගතව මම සිහි කළා. ඊට පස්සේ මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවේ අපි ආවහම අර වේදනාව කියන තැනට hourglass එකේ ඇවිල්ලා වේදනාව කියන point එකට ආවහම, ඔතෙන්දි අපි තේරුම් ගත්තා නේ අර පළවෙනි සතිය මගින් අපි අයින් කරනවා කියලා. “ඉති රූපං ඉති රූපස්ස සමුදයො” කියලා අපි එහෙම බලාගෙන අයින් කරන්න ගත්තහම, ඒ රූපය අයින් වෙනකොට අපිට පේනවා ඒ රූපය නිසා පවතින වේදනාව කියන එකත් පවතින්නේ නැහැයි කියලා විමංසාවෙන් අයින් කරනවා. අර ධම්මමච්ඡරි පාර කියන එක.

එතකොට රහතන් වහන්සේ මට මුලින් ම කිව්වා ඔය 04/04/2015 ඡන්ද ඉද්ධි සමන්නාගත ඒ භාවනාව බලන්නෙයි කියලා. එතකොට ඒකේ පෙන්නනවා ඔය දෙවනි 4 සලකුණට එනකොට ඒ වේදනාව කියන තැනට එන්නේ ඡන්දය. අපි ඒකයි අයින් කරන්නේ කියන එක. දැන් එහෙම නම් අපි අර රූපය පවතින්නේ නැහැයි කියලා ඡන්දයෙන් රූපය අයින් කරනවා, ඒ එක්ක ම දැන් මෙතන්දි පෙන්නනවා මේ වේදනාව කියන එක පවතින්නේ නැහැයි කියලා වේදනාව අයින් කරනවා කියන එකත් මෙතනින් තියෙනවා. වේදනාව නිසා මං ඉන්නවා කියන කතාවත් නැහැයි කියන එක.

එතකොට ඒ භාවනාව ඒ අනුව මම දැන් මෙනෙහි කරගෙන ගියා. දැන් වෙන්නේ මොකද්ද මෙතන, දැන් අපි පෙන්නුවා නේ ඊයේ අර සතිය කියන එක අපිට ඇති වෙනවා ඒ 3 සතිය කියන එක, චේතනාව, චේතනාව කියන එක ගලවනවා කියන එක තියෙනවා. එතකොට එහෙම නම් අපේ මේ flow එක නෑ නේ. චේතනාව ගැලෙව්වා නම් ඕගොල්ලන්ට පේනවා මෙතන මේ සඤ්ඤාවෙන් එන එක පාරකුත් නෑ, වේදනාවෙන් එන පාරත් අපි කපලා තියෙන්නේ. එහෙම නම් කොහොම ද මේ චේතනාව කියන එක එතන ඒක පවතින්නේ?

එතකොට, එතන එනවා ඔය triangle එක. මොන triangle එක ද, චේතනා, ඊළඟට අර ථීනමිද්ධ තියෙන කොටස උඩ සංස්කාර කොටසින්, ඊළඟට එන එක පරාමාස. පරාමාසයේ ඉඳන් චේතනාවට එන එක. එතකොට චේතනා, ථීනමිද්ධ, පරාමාස කියන triangle එක. දැන් මෙතන පේනවා මෙහෙම දෙයක්. ඕකේ 1 කියලා දාගන්න ඕනෙ අපි පරාමාසයේ ඉඳන් චේතනාවට එන රේඛාවට. මේක තමයි අර පෙර අත්තා වූ දේ කියලා කියන්නේ. Flow-on effect එකක් තියෙන්නේ මේක. දැන් රූපය ගැලෙව්වා, වේදනාව ගැලෙව්වා, තාමත් හැබැයි අර, වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව, කියනවා වාගේ ඒ flow-on effect එකක් ඒකේ තියෙනවා. එතකොට මේක තියෙන්නේ, ඒ කියන්නේ මේ චේතනාව පවතින්නේ මේ පරාමාසය නිසා.

ඒක හරියට අර, මම දවසක් කිව්වේ මගේ පපුව පොඩ්ඩක් එකපාරට ම රිදුනා, අපි ඒක ගැන, ඒක රිදෙන්නේ නෑ නමුත් ඒක ගැන සඤ්ඤා මනසිකාරයෝ කියන ඒවා පවතිනවා වේදනාව ගැන. ඒ කියන්නේ මේ අපි මේක පවතිනවා කියලා යම්කිසි එකක් පරාමාසගත වෙලා තියෙනවා ද, අන්න ඒක උඩ නිකන් හරියට නිකන් රිටකින් සම්බන්ධ වෙනවා වාගේ. අර h කියලා අපි එහෙම දාන්නේ. අන්න ඒ වගේ සම්බන්ධතාවයකින් මේක චේතනාව කියන එක පවත්වනවා. එතකොට එහෙම නම් අපි මේක අයින් කරන්න ඕනෙ. එතකොට ඒක අයින් කරායින් පස්සේ ඉතින් ඒ හත් වෙනි ධ්‍යානය ඒක තියෙන එක නේ එතන තියෙන්නේ.

ඊළඟට ආපහු එනවා අපිට දැන් ඔය චේතනාව නිසා ථීනමිද්ධය දක්වා යන එක අපි විරියෙන් අයින් කරනවා. ඒ විරියෙන් අයින් කරනවා කිව්වහම එතනත් බලන්න ඕනි flow-on effect එකක්. ඒ කියන්නේ, දැන් කවුරු හරි මනුස්සයෙක් අර ධම්මමච්ඡරිය තිබිච්ච හින්දා engineering හරි මොනවා හරි ඉගෙන ගත්තා. ඒ මනුස්සයා ඕවා දැන් කරන්නේ නැති වුණාට, කවුරු හරි කෙනෙක් අහනවා නම් හෝ ගාලා විස්තර කරලා කියනවා නේ, හරි සන්තෝසෙන්. එතකොට අර කලින් කරා කියන. එහෙනම් ධම්මමච්ඡරියෙන් එන flow-on effect එක කියන එක එතන නැති වෙන්න තමයි ඒ විරිය භාවිතා කරන්නේ. දැන් එතකොට දෙකයි. අර අත්තා කියලා අර තමන් ඒ උඩට, චේතනාව පවත්වනවා පරාමාසය නිසා, ඒක අයින් කළා. දැන් අන්න flow-on effect එක එතනින් අයින් කළා, මේ ධම්මමච්ඡරියෙන් එන්නා වූ එක. දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ අර විමංසාවෙන් අයින් කරන එක. ඒ කියන්නේ පදුට්ඨමනසඞ්කප්පයෙ ඒ ආස්වාදය කියන එක. ඒක එන්නේ මේ විඤ්ඤාණයේ පැවතීම නිසා. විඤ්ඤාණයේ පැවතීම නිසා තමයි අපිට අන්න ඒ විදිහට මේ මේක එන්නේ. අන්න ඒ triangle එක තමයි මම බැලුවේ. විඤ්ඤාණය පැවතුනු නිසා පදුට්ඨමනසඞ්කප්පයෙන් මේ කෑල්ලත් අයින් කරන්න ඕනෙයි කියන එක.

ඒක තමයි කරපු භාවනාව.