Date: 26/05/2015 Name: Nibbedika 8

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම order එක සහිතව සිහි කළා.

ඊයේ භාවනාව මම නැවත කරගෙන ගියා. එතෙන්දි අපි අර flow on effect එක මුල සිට ම මම සිහි කළා. ඒකේ මුල කියන්නේ අර කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත කියලා බැලුවහම අර පල්ලෙහා තියෙන hourglass එක, ඒ කියන්නේ ගිද්ධිලෝභ, ජරා, ජාති, වේදනා, එතකොට මේ පැත්තෙන් නන්දිය. මේකේ බලපෑම නිසා ඇති වුණු, ඊයේ භාවනාවෙදි අවබෝධ කරගත් දේ හොඳින් මට වැටහුණා. ඒ කියන්නේ අර සීලබ්බත උපාදානය යමක් පවතිනවා කියලා පරාමාස වුණා ද, යමක් පැවතිය හැකි යැයි පරාමාසගත වුණි ද, ඒකේ බලපෑම නිසා ඇති වන අර 1 කියලා අපි බැලුවේ, පරාමාසයේ ඉඳන් චේතනාවට. බලන්න පරාමාසයට ආවේ කොහෙන්ද? සීලබ්බත උපාදානයෙන් වේදනා චේතනා, චේතනාවෙන් පරාමාස වීම තමයි මෙතන්ට ආවේ. ඒකෙන් තමයි මේ චේතනාව කියන එක පවත්තන්නේ.

එතකොට මෙතන පේනවා, මෙසේ කළ හැකි යැයි ගුරුවරු විසින් පෙන්වා දුන්, ධම්මමච්ඡරිය නිසා වෙන දෙවනි කතාව. එතකොට ඊළඟට ඒකෙන් චේතනාවෙන් ථීනමිද්ධයට වෙන එක, බලපෑම. ඒ flow on effect එක. ඊළඟට ආපහු තියෙනවා විඤ්ඤාණයේ පැවතීම නිසා ඇති වුණු flow on effect එක, ඒ කියන්නේ ථීනමිද්ධයේ අවස්ථාවේ ඉඳන් පරාමාසයට යන එක. මේක මේ අරවායේ ඇති වීම නිසා, ඇතුල් වීම නිසා, වුණා වූ දෙයක් මේ තියෙන්නේ.

අද භාවනාවෙදි අර 6, සති කොටස කියන එක සිහි කළා, ථීනමිද්ධයේ ඉඳන් විඤ්ඤාණය දක්වා එන. මේකෙදි සංස්කාර නිසා ඇති වන බලපෑම සිහි කළා. ථීනමිද්ධ අවස්ථාවට යමක් පැමිණියේ ද, මේක මොන ආකාරයෙන් ද බලපාන්නේ කියන එක. මේක වෙන්නේ මේ triangle එක පෙරළීමෙන් සිදු වන ක්‍රියාවලියක් විදිහට හිතන්න ඕනෙ. මොකද්ද? පළවෙනි triangle එක අපි හිතමු “පරාමාස චේතනා විඤ්ඤාණ.” ඔය triangle එක පෙරළෙනවා. කැරකි කැරකි යනවා. දැන් එහෙම කැරකුණහම මොකද වෙන්නේ? අර චේතනාවේ තිබිච්ච එක යනවා විඤ්ඤාණයට. විඤ්ඤාණයේ තිබිච්ච එක යනවා ඉදංසච්චයට. දැන් එහෙනම් ඒ ඇති වෙනවා triangle එකක් “චේතනා විඤ්ඤාණ ඉදංසච්ච” කියන triangle එක සිහි කරගන්න. දැන් මේක තවත් පෙරළිලා ගියායින් පස්සේ අපිට පේනවා කුඩා triangle එකක් “ථීනමිද්ධ විඤ්ඤාණ ඉදංසච්ච.” එතකොට දැන් අර ඊයේ අර h කියලා කිව්වේ. පරාමාසයේ ඉඳන් චේතනාවට, මේ පරාමාසය නිසා චේතනාව පැවතීම. ආන්න ඒ වාගේ අපිට පේනවා මේ ආපහු h කියලා කියනවා නම් අපි කියන්න ඕනෙ ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට.

ඉතින් මේක හොඳට මට තේරුණා විමංසාව තමයි මේක ඉවත් කරන්නේ කියන එක. ඒකේ පෙන්නන්නේ මොකද්ද? ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට තියෙන එක ඉවත් කිරීම. සතිය මගින් “ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො” කියලා පෙන්නලා දෙනවා, සිහි කරලා දෙනවා. එතකොට අපි ඊයේ බලපු triangle එක තියෙනවා නේ. “චේතනා ථීනමිද්ධ පරාමාස” triangle එක. ඒක මගින් ඇති වන flow on effect එක තමයි මේ විඤ්ඤාණයේ, ඒක නිසා තමයි විඤ්ඤාණය සැකසෙන්නේ කියලා. මේක පෙරළිලා ගිහිල්ලා තමයි අතන විඤ්ඤාණය වෙන්නේ කියලා, සැකසෙන බව එයා, මේක සිහි වෙනවා. ඒක සතිය මගින් අපි පහ කරනවා.

ඊළඟට තියෙන්නේ දෙවනි කාරණය, විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ කියන එක. ඒ රැඳීම කියන එක. ඒක, තමා අහපු දෙයක් තියෙනවා, උදාහරණයක් වශයෙන් ගත්තොතින් ඉද්ධි ප්‍රාතිහාර්යය පාන්න පුළුවන් කියලා, කළ හැකි ය කියලා. ඒ නිසා විඤ්ඤාණයේ යම් හටගැනීමක්, පැවතීමක්, දැනගැනීමක් ඇත්ද, ඒක විමංසා ඉද්ධිපාදය මගින් මේක නිත්‍ය නොවන බව, අර ආනෙඤ්ජ diagram එකේ ඉදංසච්චයට ඇදෙන අවස්ථාව තියෙන්නේ. කාරණා තුනකින් ඇදෙනවා, එක අවස්ථාවක් ඉදංසච්චයෙන් ඇදෙන අවස්ථාව. අන්න ඒකෙදි සිදු වූ ක්‍රියාවලියේ reverse effect එක ලෙස බලපෑම ඉවත් කරනවා. අරකට ඇතුල් වුණා නම් දැන් එයා විසින් ඇති කර ගන්නා වූ දේ තියෙනවා. Reverse effect එක. Flow on effect එක හොඳට බලන්න ඕනෙ අනිත් පැත්තට එන එක.

ඊළඟට ඉදංසච්චයේ ඉඳන් ථීනමිද්ධය දක්වා යන එක සිහි කළා. මේක ටිකක් හොයාගන්න මට අපහසු වුණා, හැබැයි හොයා ගත්තා. කොහොම ද මේක මම හිතුවේ, අට්ටීයති, හරායති, ජිගුච්ඡති. මට තේරුණා මේ සුභයි කියලා ඇතුල් වෙන එකෙන් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකේ අපිට පේනවා, අපි ඕක බලලා තියෙනවා අර රූප, ඊළඟට ස්පර්ශ, ස්පර්ශයෙන් සඤ්ඤාව, අපි අට්ටීයති කියලා කියන්නේ අර 4 වෙනි විරිය දානවා අපි එතෙන්ට, රූපයේ ඉඳන් ස්පර්ශයට එන එක. හරායති අර ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට එන එක. ජිගුච්ඡති කිව්වා අර රූපයේ සඤ්ඤාවට යන එක සුභයි කියන එක නේ ද? අන්න ඒක ම, දැන් අපිට පේනවා නේ මෙතන මේ අපි ඇඳලා තියෙනවා නේ පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට උඩ ථීනය කියන එක දාලා ඒ කෑලි දෙක දාලා තියෙනවා.

දැන් මෙතන අවස්ථාවේ දී අපි බලන්න ඕනෙ, යමක් ඉදංසච්චයට පෙර සුභ ලෙස ඇතුල් වී ද, හරියට ඒක අර පැණි හැලියකට ඇඹලයෙක් ඇතුල් වෙලා ඉන්නවා නම්, අපි පරිස්සමෙන් ඒ සතාට හානි නොවන අයුරින් ඒ ඇඹලයා ඉවත් කරනවා නේ. මෙසේ විරිය මගින් ජීවිත ඉන්ද්‍රියට හානි නොවන අයුරින් ඉවත් කරනවා කියන එක. ආන්න ඒක තමයි මං කරපු භාවනාව. හැබැයි මනස නම් පුදුමයි මේ භාවනාව කළහම.