ඒ පූජාව පැවැත්වුවාට පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ඒ පළමු වන ප්‍රඥාවන්ත, ඥානවන්ත, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. ඊට පස්සේ, ඒ විදිහට, හත් නම, දාහතර නම සිහි කරලා මම වැඳ නමස්කාර කළා.
ඒ භාවනාවට ඉස්සෙල්ලා ම රහතන් වහන්සේ මට කිව්ව, අර “22 වෙනිදා මාර්තු මාසේ 2015, චෙතො විමුක්ති ප්‍රඥා විමුක්ති” කියලා භාවනාවක් තියෙනවා, අන්න ඒක බලන්න කියලා පැවසුව. ඊයේ plane එකේ එනකොට රහතන් වහන්සේ මට හොඳ ධර්මයක් පෙන්වලා දුන්නා. ඒ කියන්නේ 26 වෙනිදා අපි භාවනා කළේ 27, 26 වෙනිදා කරපු භාවනාව, ඒ කියන්නේ නිබ්බෙධික 8, කියන භාවනාව. ඒකේ අවසානයට කියනවා, ජීවිත ඉන්ද්රිය මේ කොතන පවතින්නේ ද? කියන ප්රශ්නය මම රහතන් වහන්සේගෙන් ඇහුවා. ඒකේ අවසානයට ජීවිත ඉන්ද්රිය කියන එක ලියලා තියෙනවා. ඒක ඇහුවා ම රහතන් වහන්සේ කිව්වා “මේ ථීනමිද්ධය කියපු තැන තමයි මේ ජීවිත ඉන්ද්රිය තියෙන්නේ” කියලා. එතකොට ඒක සලකුණු කරන තැන කියන එක. ඉතින් එතන ඒ ධර්මය ටිකක්, අර හොඳට ඒ triangle එක බලන්න ඕනෑ.
දැන් අපි ඉද්ධිපාදයන් වඩලා, ඉද්ධිපාදයන්ගෙන් දිගට ඇවිල්ලා, මෙතන ඇවිල්ලා තියෙනවා triangle එකක් ඔය “චේතනා පරාමාස ඒ වගේ ම ථීනමිද්ධ” කියන තැනට ඒ triangle එක. එතනට ඇවිල්ලා, ඒ කියන්නේ අපි හිතුවොතින්, මම කෙටියෙන් කියනවා නම්, චේතනාවේ ඉඳන් වම් අත පැත්තේ ධර්මය ඔක්කෝම අපි අනිත් ඉද්ධිපාදයන් විසින් ගැලෙව්වත්, තවමත් මේක දුවනවා. ධාරාව වශයෙන් දුවනවා ඒ අවස්ථාවේ දී. ඒ වෙලා තියෙන්නේ, අර අහල තියෙනවා නේ අපි, අත්තා කියලා පෙර පරාමාස වූ දේ, එහෙම අපි කතා කරලා තියෙනවා නේ. අන්න ඒක නිසා පරාමාසයේ ඉඳන් චේතනාවට හරියට support එකක්, හරියට අර රිටකින් පරාලයක් හරි මොකක් හරි අර support කරන්නේ. අන්න ඒ වගේ, support කරලා තියෙන්නෙ.
මේ පරාමාසය, ඒ කියන්නේ කැරකෙන්නා වූ ධාරාව, මේ පරාමාසයේ ඉඳන් අර චේතනාව කියන එක පවත්වලා, අපි චේතනාව ගලවලා තියෙන්නේ, නමුත් ඒක මගින් අපිට එනවා “පරාමාස චේතනා ථීනමිද්ධය” කියන එක එනවා. මෙන්න මේක කැරකෙනවා, මේක කැරකිලා පෙරළිලා ගියයින් පස්සේ වෙන්නේ මොකද, මෙතනින් එනවා, ආපහු triangle එකක්, මේ “චේතනාවයි විඤ්ඤාණයයි ඉදංසච්චයයි” කියන triangle එක බවට පත් වෙනවා. ඒ කියන්නේ අර පරාමාසයේ තිබුණා ද යමක්, ඒක චේතනාවට ගියා, චේතනාවේ යමක් තිබුණා ද, ඒක විඤ්ඤාණයට ගියා. එතකොට ථීනමිද්ධයේ යමක් තිබුණා ද ඒක ගියා ඉදංසච්චයට. ථීනමිද්ධයෙන් ඉදංසච්චයට යමක් ගියා.
දැන් එතකොට, එහෙනම් අපිට triangle එකක් හැදෙනවා, ඕක පැහැදිලි කළා ඒ භාවනාවෙදි ඒ “චේතනාව විඤ්ඤාණ ඉදංසච්ච” කියන එක. දැන් ඊළඟට ආපහු, ඔය විඤ්ඤාණයේ යමක් තියෙනවා ද, ඒක යනවා ඉදංසච්චයට. ඉදංසච්චයේ යමක් තිබුණා ද ඒක ථීනමිද්ධයට එනවා. ඊළඟට ථීනමිද්ධයයි චේතනාවයි එකට සම්බන්ධතාවයක් අපිට එතන පේනවා. අර ඉස්සෙල්ලා triangle එකේ තිබුණු එක.
දැන් ඔන්න හරියට මේක කැරකි, කැරකි ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔය අන්තිමට කිව්ව triangle එකේ අපිට හැදෙන්නේ මොකක් ද? විඤ්ඤාණයයි ඉදංසච්චයයි ඒ වගේ ම ථීනමිද්ධයයි. එතකොට මෙතන හැදිලා තියෙනවා උඩ triangle එකක්, ඕකේ ඔය විඤ්ඤාණය support කරලා තියෙන්නේ මොකෙන් ද? ඉදංසච්චයෙ ඉඳන් යමක් තියෙනවා ද ඒකෙන් තමයි අර h එක වගේ support කරලා තියෙන්නේ, රිට වගේ දාලා තියෙන්නේ.
දැන් මෙන්න මේ අවස්ථාවෙදි, විඤ්ඤාණයට යමක් ඉස්සෙල්ලා බැස ගත්තා ද, දැන් මේක ජරා වෙලා නේ තියෙන්නේ. අන්න ඒ ජරාව කියන එක නිසා, විඤ්ඤාණයේ ඉඳන් අනිත් පැත්තට කරකවන්න පුළුවන් හැකියාව කියන එක තියෙනවා මේ අවස්ථාවේ දී. අනිත් පැත්තට ඒ කියන්නේ, මේ දකුණු අතට ඕක කරකවනවා කියන එක, රහතන් වහන්සේ ඊයේ මට තවත් පෙන්වපු දෙයක් තමයි, අපිට එනවා විඤ්ඤාණයේ ඉඳන් පරාමාස line එක හිතන්න. ඒකෙදි අපි රවුමක් ඇඳ ගත්තොතින් අපි මෙහෙම විඤ්ඤාණය කියන එක ඒ රවුමක වම් අත පැත්තෙන් විඤ්ඤාණයේ ඉඳන් circle එකකට එනවා. අනිත් පැත්තට ගත්තහම පරාමාසය ඉඳන් circle එකේ දකුණු අත පැත්ත ස්පර්ශ කරනවා. දැන් පේනවා ද මේක මේ විදිහට කැරකෙනවා නම්, මේ මැද්දේ තමයි ථීනමිද්ධය තියෙන්නේ. මේක කැරකෙනවා නම් එහෙනම් අපි මෙතනින් කැරකෙනවා අනිත් පැත්තට, anticlockwise ධාරාව. එතකොට ඒක ගමන් කරන්නේ රූපයට. ඒක pinpoint කරන්නේ, භ්‍රමණය වෙමින් ඒ පැත්තට යනවා.
ආපහු අපිට එනවා, අර මැද්දේ ථීනමිද්ධය තැනට, ඒ circle එකේ ඇන්දොතින් එහෙම චේතනාවේ ඉඳන් circle එකක උඩ කෙළවරටයි, ඉදංසච්චය ඉඳන් circle එකේ පල්ලෙහා කෙළවරටයි ඇන්දොතින් එහෙම අපිට එහෙම නම් එතෙන්දි එනවා, මේක clockwise කැරකෙනවා කියලා. Clockwise කැරකිලා යන්නේ කොහාට ද? මෝහය කියන තැනට. අනිත් පැත්තට, anticlockwise, වුණොත් ගියේ රූපයට.
දැන් මෙතන හොඳ ලස්සන ධර්මයක් තියෙනවා. ඒ ධර්මය තමයි, දැන් ඕගොල්ලන්ට එහෙම නම් එනවා මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. අපි රූපයේ ඉඳන් පටන් ගත්තා. පටන් අරගෙන සඤ්ඤා චේතනා වෙලා, අපි ආවා අර ඒ circle එක හරහා, ථීනමිද්ධය හරහා, ඉදංසච්චය කියන තැනට ආවා. ඒක clockwise යන එක. එතෙන්ට ආවට පස්සේ දැන් කෙනෙකුට පේනවා, මේ ඉදංසච්චයේ ඉඳන් උඩ, විඤ්ඤාණය support කරනවා. අන්න ඒ කෑල්ල අපි බැලුවා. බැලුවයින් පස්සේ, anticlockwise පුළුවන්කම තියෙනවා විඤ්ඤාණයට එන්න. ඒ පැත්තෙන් එනවා නම් කොහාට ද එන්නේ? පරාමාසය හරහා කෙළින් ම යන්නේ අර ජරාව කියන තැනට. දැන් මෙතෙන්ට ආවා නම්, දැන් ජරාවයි කියලා දැන් ගත්තා මෙතන තියෙන්නේ, විඤ්ඤාණයේ ථීනමිද්ධ ස්වභාවය ඇති වුණෙත් ජරාවයි කියල නේ. ඊට පස්සේ එයාට කියන්න පුළුවන් උඩ තියෙන්නේ රූපය නේ, අන්න ඒ රූපය repair කරන්න කියලා.
ඒ කියන්නේ තමන්ගේ ලෙඩක් තියෙනවා නම් සනීප කරන්න පුළුවන් ඒකෙන්. ඒ ඉද්ධිපාද වැඩ කිරීමෙන්. ඒක තමයි ආයු සඞ්ඛාර වොස්සජ්ජන සූත්‍රයේ තථාගතයන් වහන්සේ පැවසුවේ. ඉද්ධිපාද වැඩුවහම කරන්න පුළුවන් කියලා. මෙන්න මේ කෑල්ලයි අල්ලා ගන්න ඕනෑ. මොකක් ද? රූපයේ ඉඳන් චේතනා ඉදංසච්ච, ඉදංසච්චයේ ඉඳන් උඩට ගියා එතන ඉඳන් විඤ්ඤාණයට, විඤ්ඤාණයේ ඉඳන් අපි එනවා ජරාව කියන තැනට. ජරාව කියන තැනට ඇවිල්ලා රූපයට point කරනවා තමන්ගේ ඇඟේ යම්කිසි රෝගයක් තියෙනවා ද, අන්න ඒ කොටස, ඒ ස්ථානය හරි තැන, repair කරන්න කියලා. විඤ්ඤාණයට කියන්න පුළුවන්. මේ ඉද්ධිපාද මේ විදිහට වැඩුවහම. එතකොට ඒ පුද්ගලයාගේ ඒක සනීප වෙනවා. එයාට ම කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒක තමයි මේ භාවනාව.
ඒ කියන්නේ අපි දැන් සුළියක් කියලා කියන්නේ, දැන් අපි කොහොම ද වතුර සුළියක් වැඩ කරන්නේ. අපි දන්නවා මැද්දෙන් එකක් කැරකෙනවා. ඒ මැද්දෙන් මේක කැරකෙනකොට, අර එළියේ තියෙන වතුර ටිකත් ඕගොල්ලන්ට පේනවා, ඒ speed එකට ම යන්නේ නෑ. නැත්නම් මෙතන සුළියක් වෙන්නේ නෑ නේ. ළඟ ම තියෙන ඒවායේ resistance එකක් යම්කිසි ආකාරයකට තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට නවත්තා ගන්න බෑ. අර ඈත තියෙන ඒවායේ ගත්තහම, resistance කියන එක, ඒක අර වගේ ම නෑ. ඒ කියන්නේ එයාට ලොකු මේකක් නෑ. ඒ හින්ද ඒවා මේ තරම් වේගයෙන් කැරකෙන්නේ නෑ. අන්න එහෙම තමයි මේක සිද්ධ වෙන්නේ.
අන්න ඒ වගේ දැන් අපි කිව්ව නේ මේ triangles කැරකිලා කැරකිලා ආවායි කියලා. අතන ඉදංසච්චය තැනට ආවාට පස්සේ, දැන් අර ථීනමිද්ධයට ආවහම, ථීනමිද්ධයෙන් දැන් අර විඤ්ඤාණයට ගිහිල්ලා නේ තියෙන්නෙ. ථීනමිද්ධයෙන් විඤ්ඤාණයට ගියාට පස්සේ, මේක දැන් වැඩක් නෑ කියලා එයා අර peak එක හදන්නෙ නැතිව එයාට අනිත් පැත්තට යවන්න පුළුවන් කියන එක තියෙනවා.