Date: 29/05/2015 Name: Uddhacca

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ශ්‍රේෂ්ඨතම ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට, ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මේ භාවනාවෙදි මම කළේ ඒ භාවනාවට පෙර ම මට උදේ වැටහුණා ඔය triangle එක, අපි ඊයේ පෙන්නුවා නේ, කැරකී, කැරකී යනවා කියලා. අපි කතා කරන්නේ, මෙතන තියෙනවා චේතනාව. ඊළඟට පරාමාසය. ඊළඟට තියෙනවා විඤ්ඤාණය මෙතන තියෙනවා ඉදංසච්චය. මේක හරහට cross වෙනවා. ඒ cross වෙන තැනට අපි කියනවා ථීනමිද්ධයයි කියලා.

දැන් අපි ඊයේ සාකච්ඡා කරපු එකේ පෙන්නුවේ අර ජීවිත ඉන්ද්‍රිය භාවනාවෙදි, මේක මේ පෙරළී පෙරළි ගිහිල්ලා නේ මේක සිද්ධ වෙන්නෙ. එතකොට පෙරලුණා කිව්වා ම හරියට ථීනමිද්ධය තැනින් තියන්න අර කරකවන point එක. තියලා මේ පැත්තේ මේ triangle එක, ඒ කියන්නේ උඩ තියෙන්නේ “චේතනා ථීනමිද්ධ පරාමාස.” දැන් අපි 90° කැරකැවුවොතින් මෙහෙම උඩට එනවා මෙහෙම. නේ ද? හරි පහසුයි ඒක තේරුම් ගන්න. ඉතින් ඒකේ වෙනසක් හැටියට පෙනුණේ උඩ මෙතන චේතනා, මෙතන ඉදංසච්චය, මැද ථීනමිද්ධය, ඒක දික් කරන්න ඕනෑ ඉදංසච්චය දක්වා. එතකොට තමයි, අපි අර triangle එක, පෙරලුණා කිව්වේ.

ඉතින් මේ උඩ තියෙන triangle එක ම ආපහු 90° කැරකැවුවොත් මොකද වෙන්නේ? අපි අර 3 වෙනියට කිව්ව triangle එකට එනවා. ඒ කියන්නේ මෙතන ථීනමිද්ධ, උඩ විඤ්ඤාණ, පහළ ඉදංසච්චය. හරි නේ? මෙහෙම තිබිච්ච කෑල්ල 3 අපි කැරකෙව්වා. අර දික් වෙච්ච එක අමතක කළොත් ඕගොල්ලන්ට පේනවා, මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට දැන් එහෙම නම්, ආපහු ඕක තවත් 90° කැරකැවුවොත් මොකද වෙන්නේ? “ථීනමිද්ධ විඤ්ඤාණ ඉදංසච්ච.” දැන් මේක 90° කැරකැවුවොත්, මෙතනින් එනවා, “ථීනමිද්ධ පරාමාස මේ පැත්තේ ඉදංසච්ච” කියලා. ඔය දෙක අර quadrant 4 වාගේ කෑලි හතර කරකවන එක විතරයි තියෙන්නේ.

එතකොට, දැන් එහෙම නම්, අපිට ලස්සනට පේනවා, අපි පරාමාසයේ ඉඳන් කොහොම ද ඉදංසච්ච වෙන්නේ, අර සුභයි කියලා යන්නේ? ඔය විදිහට කැරකිලා මේවා තුනක් කැරකුණාම ඉදංසච්චයට ආවා. ඉදංසච්චයට ගිය එක තව 90° කැරකැවුවම කෙළින් ම මේ triangle එක rotate කරපුගමන් පරාමාසයට එනවා කියන එක. දැන් එහෙම නම් ඊළඟට බලන්න, දැන් මොකක් ද මේ එන්නේ, මේ කැරකි කැරකි එන්නේ, මොකක් ද?

දැන් අපිට පේනවා මේ නාමරූප කියන point එකෙන් පටන් ගත්තොත්, නාමරූපයේ ඉඳන් අපි jack එකක් ගහනවා. එතෙන්දි අපි දන්නවා අර මෙහෙන් ආවා සුභයි කියලා සඤ්ඤාව, මෙතනින් jack එක ගැහුවා. ගැහුවාට පස්සේ, අන්න අර සුඛය කියන එක තමයි චේතනාව දක්වා එන්නේ. ඔය සුඛයට අපි මොකක් ද එකතු කරන්නේ? අපි පෙන්නුවා මේක ගත්තහම, පෙර පරාමාස වූ කතාව. එහෙම නම් මෙතන මේ චේතනාවේ ඉඳන් පහළට තියෙනවා අපේ මේ පරාමාසයට ගිය එක, ඒක තමයි අපි අත්තා කියලා ලකුණු කරන්නේ, මමංකාර අත්තා. ආන්න ඒක දැන්, ඒ දෙක එකතු වෙනවා නේ ද? සුඛයයි අත්තායි එකතු වෙලා, දැන් එහෙම නම්, ඔය අත්තා සිට නිත්‍යයට යන කතාව එනවා. දැන් අත්තා significant වෙලා එතන. දැන් මේක සුඛයයි අත්තයි. දැන් මෙන්න මෙතනින් ආවා. දැන් ඒක flow වුණා මෙතෙන්ට. මේක මගේ, කියලා ගන්නවා නම් නේ ඕක flow වෙලා යන්නේ.

එතකොට දැන් අත්තා කතාව එකතු කළා. දැන් එහෙම් නම් අපි විඤ්ඤාණය දක්වා ගමන් කළා. දැන් එතන තියෙන්නේ නිත්‍ය. නිත්‍ය කියන සංකල්පය අපිට එතන හැදීමක්, මොකද සුඛයි, අත්තා. දැන් මෙතෙන්ට ආවාට පස්සේ, දැන් ථීනමිද්ධයෙන් jack එක ගහනවා කිව්වේ එතෙන්ට නේ. මෙතෙන්ට ආවට පස්සේ, දැන් මේක ගන්න ඕනෑ, දැන් නිත්‍ය කතාව හැටියට. දැන් රූපය දිහා බලාගෙන එන නිත්‍ය කතාව තමයි මේ උඩින් එන කතාව. ඊට පස්සේ මේකට එකතු කරනවා, මොකක් ද? පෙර මම නිත්‍ය කියලා ගත්ත එක. ඒක තමයි තියෙන්නේ විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චය දක්වා. අර ඉස්සෙල්ලා වගේ ම හිතන්න ඕනෑ. අපි කොහොම ද හිතුවේ? පරාමාසයේ ඉඳන් චේතනාවට එනකොට මෙතන අත්තෙක් කිව්ව නේ, පෙර අත්තා වෙච්ච දේ. අන්න ඒ විදිහට තමයි මෙතනත් හිතන්න ඕනෑ අර පෙර නිත්‍ය කියලා ගත්ත එක තියෙනවා, ඉදංසච්චය ඉඳන් අපි ගන්නේ විඤ්ඤාණය දක්වා තියෙන කතාව. අන්න ඒකට තමයි එකතු වෙන්නේ, දැන් නිත්‍ය කියන එක, චේතනාව පැත්තෙන් එන්නා වූ එක. දැන් ඒක double නේ ද?

දැන් එතකොට මොකද වෙන්නේ. දැන් හිතන්න ඒකෙන් අනිත් පැත්ත. දැන් ඔය triangle එකෙන් අනිත් පැත්ත. ඒකෙ ඉන්නේ කවුද? උද්ධච්චය, අවූපසන්තචිත්තය එහෙම කියලා කියන්නේ. උද්ධච්චයයි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් එයා එක්කහු කරනවා මෙතන මේ නිත්‍ය කතාවක් තියෙනවා, එයාගේ මාන අගය, උද්ධච්ච මාන අගය, එයා එකතු කරනවා. එතකොට ඒ උද්ධච්ච මාන අගය එකතු කරලා නේ අර ඉදංසච්චයේ ඉඳන් අපි එන්නේ. දෙවෙනි රවුම කියන්නේ අපි. ඒ වගේ even rounds නේ. එතකොට ඒකෙදි එකතු කරනවා, ආපහු පරාමාසයට අපි ඉදංසච්චයේ ඉඳන් එනවා කියන එක.

හරි ලස්සනයි ඒක, ඒ භාවනාව ඒ විදිහට කළහම. පුදුමාකාර විදිහට මනස පවතිනවා. දැන් ඕක undo කරනවා කියන එක නේ අපි මේ ඊයේ පෙන්නුවේ. මෙතෙන්ට ආවට පස්සේ, අර quadrant තුනක් කැරකුණාට පස්සේ, අපි කියනවා මේ triangle එක දැන් තුන් වෙනි එක ඇවිල්ලා තියෙනවා. “විඤ්ඤාණ ථීනමිද්ධ ඉදංසච්ච” කතාව, මේක බොරු. මේකේ නිත්‍ය කතාව බොරු. ඒක undo කරපු ගමන් අනිත් පැත්තට අර කැරකිලා යනවා. ඒක තමයි අර රූපය repair කරන්න යනවා කියලා මේකේ කිව්වේ. අර මානය පැත්තෙන් ඇවිල්ලා එකතු කරන්න දෙන්නේ නෑ. එකතු කරන්න දෙන්න නැති වෙන්න තමයි. මෙතන අර ථීනමිද්ධ point එක අල්ලා ගත්තහම හරි පහසුයි. තේරෙනෙවා මොකක් ද මේ ධර්මය කියන්නේ කියලා. ඒ කියන්නේ මේ විදිහට කළහම B point කියන එක හැදෙන්නේ නෑ. ඒක විඤ්ඤාණයේ ඒ විදිහට ම ඒක පවතිනවා.