Date: 30/05/2015 Name: Sukabhagiya Dhamma

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, ඒ වගේ ම ඒ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා මම වැඳ නමස්කාර කළා.

එතකොට, අද භාවනාවේ දී මම කළේ, අර ඊයේ භාවනාව ම මම ඉස්සරහට ගෙනිච්චා. ඊයේ භාවනාවෙදි පෙන්නුවා නේ අර triangle එකක් පෙරළිලා යන හැටි. දැන් මං අද කෙළින් ම ලෝභය නැති කරමියි කියලා කිව්වහම, නිතර ම ගන්නේ ඒ ලෝභය තියන එක ඇතුළේ කාමච්ඡන්දය තියෙන්නෙ. ඒ කාමච්ඡන්දය දික් කළා ම තියෙන්නේ ජරාව. ඕකට ඇති කැමැත්ත. එතකොට, අපි මෙතන භාවනා කරලා තියෙනවා පල්ලෙහා hourglass එක වගේ තියෙනවා කියලා.

ඒ කියන්නේ අර මේ පැත්තෙන් තියෙනවා ගිද්ධිලෝභය. ඊළඟට පල්ලෙහායින් තියෙනවා ජරාව. මේ පැත්තෙන් තියෙනවා වේදනාව. මේ පැත්තේ ජාතිය කියන එක. Hourglass එක වගේ තියෙනවා. ඉතින් මෙතනින් ආපු එක තමයි මේ අනිත් පැත්තට ඒකට නන්දියක් ඇති වෙලා, මැරිලා ඉපදෙන්න තරම් කැමැත්තක් ඇති වෙලා ජරාවට, ඒ පුද්ගලයා යනවා උඩට අර ධම්මමච්ඡරිය පාරේ. ඔය පාරේ කෙළවර තමයි අපි ඔය සතිය කියන එක ලකුණු කරලා තියෙන්නේ. 2 නියට ලකුණු කරන සතිය. එතකොට චේතනා නොවෙන්න.

ඉතින් මම බැලුවේ භාවනාවෙදි දැන් අපි මෙතනින් නැවැත්තුවොතින්, මේක ඉවරයක් වෙනවා ද? ඒ සතිය කියන තැනින් මම චේතනා වෙන්න දෙන්නේ නැතුව බැලුවොත් ඒක ඉවරයක් වෙනවා ද? නෑ ඒක එහෙම වෙන්නේ නෑ. ඒක වෙන්නේ නැතෙයි කියන එක පේනවා, අර ජීවිත ඉන්ද්‍රිය තියෙන තැනින්, මේ වගේ ම එකක් අතන සිද්ධ වෙනවා. දැන් මෙතන අපි කතා කළේ, සුඛයි කියලා එන්නා වූ සඤ්ඤාව, මේ පරාමාසයේ ඉඳන් චේතනාවට තිබෙන්නා වූ ඒ අත්තා කියන එකෙන් මේක මේ පැත්තට ගෙනියනවා එකතු කරලා. ඒ වගේ ම තමයි අර ඇතුළේ triangle එකෙත්, අපිට පේනවා, අර අපි කිව්වේ ජීවිත ඉන්ද්‍රිය කියන තැන කිව්වේ, එතන ඉඳන් විඤ්ඤාණය, මේ පැත්තේ පහළ ඉදංසච්චය. දැන් මෙතන තියෙනවා නිත්‍ය කතාවක්. මෙතන අත්තා තිබුණා. මේ අනිත් එකේ නිත්‍ය කතාවක්. එතකොට දැන්, අර දැන් පවතින්නා වූ නිත්‍ය කතාවට, මෙයා අතීත වූ නිත්‍ය කතාව එකතු කරලා, අර පැත්තට එනවා. එහෙම නම් ඒ දෙක, කළොතින් මේක නතර වෙනවා ද? මට පේනවා, නෑ එහෙම කළත් මේක නතර වෙන්නේ නෑ. අපි දන්නවා අර ඉදංසච්චය, පෙර කර්මය වශයෙන් ඒක බලපානවා කියලා. ඒ පාර දැන් ආපහු මම කල්පනා කළා, එහෙම නම් මේ ඉදංසච්චය තියෙන තැන එහෙම නම් මේකත් කැරකෙනවා. ජීවිත ඉන්ද්‍රිය කැරකෙනවා වගේ ම ඉදංසච්ච කතාවත් කැරකෙනවා. කොහොම ද කැරකෙන්නේ?

අපිට පේනවා, ඉදංසච්චය උඩ තියෙනවා විඤ්ඤාණය, දකුණු අත පැත්තේ තියෙනවා උද්ධච්චය. අපි ඒක ඊයේ බැලුවා නේ. දැන් එතකොට මේ triangle එකේ කැරකීම හිතන්න ඉදංසච්චය වටා. කොහොම ද වෙන්නේ? විඤ්ඤාණය දක්වා තිබිච්ච එක, ඒක එනවා පල්ලෙහා මෝහයට. දකුණු අත පැත්තට ගිහිල්ලා තිබිච්ච උද්ධච්චය දැන් එනවා මේක ඇතුළට. පරිදේවය කියන තැනට. රවුමක් කැරකිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ලස්සනට පේනවා අර බුදුහාමුදුරුවෝ පෙන්නුවා නේ, අවූපසන්තචිත්තය කියන එක තියෙනවා. ඊට පස්සේ, මෙතනින් අර සංස්කාරවල විෂමතාවය ඇති වෙලා තියෙන්නේ. මේ කෑල්ල දැන් ලස්සනට පේනවා. ඉතින් ඒවා තමයි අපි මේ line 5, line 6 කියලා තියෙන්නේ. එතකොට මේ ඉදංසච්චයේ තියෙන ඒවම නේ ද මෙතන්ට මේක කැරකිලා එන්නේ? මේ වෙලාවේ මුහුණ හරි සුඛයි. පුදුමාකාර සැපයක් තියෙනවා. කායික වේදනාවක් ඕගොල්ලන්ට තියෙන්න පුළුවන්. අපි හිතමු කකුල රිදෙනවා කියලා. ඒකට කිසිම ගැටීමක් නෑ. පුදුමාකාර සුඛයක් තියෙනවා මෙතෙන්ට ආවයින් පස්සේ. එතකොට ඒ විදිහට මම මෙතෙන්ට එනකම් ආවා. දැන් එතකොට දැන් පේනවා, දැන් නම් මේක නවත්වන ක්‍රමය අපි දන්නවා. මොකක් ද?

“සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා, එවං දුක්ඛක්කයො හොති එවං ඤත්වා යථා තථා.” අර ද්වයතානුපස්සනා සූත්‍රයේ තියෙන ගාථාව. මම නිතර ම භාවිතා කරන සිඛී බුද්ධ ගාථාව කියලා. අන්න එතනින් ආවහම නම් මේක ඉවර වෙනවා කියන එක තියෙනවා. බලන්න දැන්, මෙහෙම ආපු triangle එකක් පරිදේව තැනට ඇවිල්ලා, මේක නිකම් නෙමේ, ඒක spin වෙලා ආපහු උඩට ගියා ම මොකද වෙන්නේ? උඩට ගියායින් පස්සේ, අර ජීවිත ඉන්ද්‍රිය තියෙන තැනට ම අර මේ පරිදේව point එක ගිහිල්ලා තියෙන්නේ. ඇයි ඉදංසච්චය වටා නේ කැරකෙන්නේ.

එතකොට එහෙම තමයි අර හතරෙ, 4 වෙනියට අපි කිව්වේ මේ triangle එකක් ඒ කියන්නේ “පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්චය.” අන්න ඒ triangle එක තියෙන තැනට අපි එනවා. මෙතන පල්ලෙහා ඒක. මෙතන පේනවා ද, මේක නිකම් අර machine එක වගේ තමයි. මෙතනින් මෙහෙම කෑල්ලක් ආවා, එතනින් ඒක කෑල්ල පල්ලෙහාට ආවා, ඉදංසච්චයෙන් අරක මෝහය පැත්තෙන් ගිහිල්ලා මෙතෙන්ට එනවා.

ඉතින් මෙතෙන්ට ආවා නම් අපි ධර්මය දන්නවා නේ. මෙතනින් අපි දන්නවා, ඔන්න තමන්ට සාරම්භය තියෙනවා. Competition එක තියෙන්නේ. පහළ එකේ ඉඳන් උඩ අතට නේ. පල්ලෙහා එකේ “සැකය” තියෙනවා. ඉතින් මෙතන ඉඳලා අපි දන්නවා නේ, සැකය මගින් jack එක ගහනවා නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන ඒ කෑල්ල ක්‍රියා වෙනවා කියලා පේනවා. ඒ පුදුමාකාර වූ සැප වූ භාවනාවක්. ඒ ඕන ම වෙලාවක මට පේන්නේ මේ කොච්චර වේදනාව තිබුණත් මේ සුඛය තමන්ගේ පවත්වාගෙන ඉන්න පුළුවන් කියන එක පවතිනවා වූ දෙයක්. කකුල රිදෙන්න පුළුවන්. සුඛයෙන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් මෙතන පේනවා.

අන්න ඒක තමයි මං කරපු භාවනාව.