ඒ උතුම් මණ්ඩලය ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම පටන් ගත්තේ, අර ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. මේක නිසා අර පල්ලෙහා hourglass එක. එතනින් අපිට ඇති වෙනවා නන්දිය. මැරිලා ඉපදෙන්නත් කැමතියි. මේක නිසා ධම්මමච්ඡරිය. චේතනාවට ආවා. චේතනාවට ඇවිල්ලා, එතනින් අර ඊයේ වගේ ධර්මය බැලුවා. අර අත්තා කියන එක, සුඛය කියන එක, මේක එකතු කරන්න පෙරළි, පෙරළී යනවා කිව්වා නේ. ඒ ථීනමිද්ධය වටේ අපි කරකවන ධර්මය.
ඒක බලාගෙන ආවට පස්සේ, මම ආවා අර triangle එක, දකුණු අත පැත්තට එන triangle එක. ඒ කියන්නේ, “විඤ්ඤාණය ඉදංසච්චය දකුණට තියෙන උද්ධච්චය” කියන එක. ඊයේ භාවනාව ලියන්න ගිහිල්ලා, මම දාගත්තා, අද උදේ, ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට යන එක a කියලා, විඤ්ඤාණයේ ඉඳන් උද්ධච්චයට යන එක b කියලා, උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චයට එන එක c කියලා ලිව්වා. A කිව්වේ ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණ, b කියලා කිව්වේ විඤ්ඤාණයේ ඉඳන් උද්ධච්චය, උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චයට එන එක c කියලා ලිව්වා.
එතකොට, දැන් අපිට පේනවා, b කියලා කියන එක ගත්තහම, ඇති වෙලා තියෙන්නේ, ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉඳන් උද්ධච්චයට යනවා කියන එක ඇති වෙලා තියෙන්නේ, දැන් පවතින්නා වූ අවිද්‍යාවත්, පෙර වූ, a එකේ තියෙන්නේ, පෙර වූ අවිද්‍යාව නේ, පෙර නිත්‍ය කියලා ගත්ත එක. ඒකයි, අර උඩින් එන නිත්‍යයි කියලා ගන්න එකයි, දැන් තියෙන එක. ඒ දෙක එකතු වෙලා තමයි, මෙතන මේ උද්ධච්චය කියන එකට ඇවිල්ලා තියෙන්නේ කියන එක ආවා. පෙරත් නිත්‍යයි දැනුත් නිත්‍යයි. ඕක නේ මේ උද්ධච්චයයි මානයයි කියන එක ඇවිල්ලා තියෙන්නේ.
දැන් ඊට පස්සේ, දැන් මම කල්පනා කළා, ඒ වගේ ම අර්ථ දැක්වීමක්, දැන් a කියන එකේ නම් අපි දන්නවා, නිත්‍යයි කියන එක තමයි අපි a කිව්වේ. පෙර නිත්‍ය කියන එක. ඒ වගේ ම අර්ථ දැක්වීමක් මේ c කියන එකට තියෙනවා ද? ඒ කියන්නේ “උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චයට” එනවා කියන එකට එහෙම අර්ථ දැක්වීමක් තියෙනවා ද?
එතකොට මට එනවා, මම බැලුවේ mirror image එක හැටියට. අපි දන්නවා, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නේ ජරාව. සඤ්ඤාවේ ජරාව. එතකොට එහෙම නම් ථීනමිද්ධයේ ඉඳන් ඉදංසච්චයට තියෙන රේඛාව තමයි අර a කියන line එක හරහා, ඒ කියන්නේ ඉදංසච්චය විඤ්ඤාණය line එක හරහා, reflect වෙලා, තමයි c කියන එක හැදෙන්නේ. එහෙම නම් මොකක් ද ඒ කියන්නේ? ජරාව. අර line 5 මතක ද? ජරාව එනවා කියලා කිව්වේ. Line 5 එකේ ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට. මේක තමයි වෙන්නේ කියලා.
ඒ පාර, ඔය triangle එක දැන් ඉදංසච්චය වටා කරකවනවා නේ. ඒ කැරකැවුවාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඊළඟට ආපහු ඕගොල්ලන්ට position එකක් එනවා. දැන් ඉදංසච්චය නේ centre එක. ඉදංසච්චයෙන් දැන් අර a කිව්ව රේඛාව දැන් ඇවිල්ලා තියෙනවා අර a කියන එකේ කෙළවර තිබුණේ විඤ්ඤාණයේ. දැන් එහෙම නම් විඤ්ඤාණය horizontally අපි ලියාගන්නවා, ඉදංසච්චයේ ඉඳන් එහා පැත්තට. අර මෙහෙම තිබිච්ච එක දැන් පෙරළිලා. 90° පෙරලුණා කියලා හිතන්න. එතකොට, b කියන එක එනවා එහෙම නම් විඤ්ඤාණයේ ඉඳන් උද්ධච්චයට එනවා කියන එක. C කියන එක, ඒක මෙහෙම angle එකට තියෙනවා. අරක 90° කැරකෙව්වා නම් හරි. A කියන line එක 90° කරකවලා ආපහු triangle එක ලියාගන්නවා.
එතකොට දැන් අපිට පේනවා මේ උද්ධච්චය කියන එක කෙළවර, දැන් අර පහළ පරිදේව වෙන එක තියෙනවා නේ, ඒකට ඇවිල්ලා නෑ, ඒකෙ දකුණු අත පැත්තෙන් එයා ඉන්නේ. එතකොට, දකුණු අත පැත්තෙන් එයා ඉන්නවා නම්, තමන්ට පේනවා, අර මේ අපේ උද්ධච්චයේ තියෙන්නේ අර ඉස්සෙල්ලා අර්ථය. ඒ කියන්නේ, පෙරත් නිත්‍යයි දැනුත් නිත්‍යයි කියලා එයා එතන පල්ලෙහායින් ඉන්නවා කියන එක. ඔන්න ඔය අවස්ථාව ආවහම තමන්ගේ මේ සුඛය තියෙනවා නේ ද? තමන්ගේ ඵල චිත්තයන්ගේ ඉහළ ම ඵල චිත්තය මැද්දෙන් පත්තු වෙලා තියෙනවා. හිතන්න බෑ. එතනින් එහා පැත්තට තමන් සම්පූර්ණයෙන් තමන් awake. හැබැයි මොකක්වත් හොයන්න හොල්ලන්න බෑ. කොහාටවත් යෑමක්, කිසිම දෙයක් ඇති අවස්ථාවක් නොවේ මේ අවස්ථාව ගත්තහම. හෙල්ලෙන්නේ නැතිව මම මෙහෙම ඉන්නවා. එතකොට ශබ්ද ඇහුණා, ඒවට awareness එක, ඒවා ඔක්කොම තියෙනවා. Lock වෙලා. කිසීම දෙයක් නැතිව ඒ lock වෙලා ඉන්නවා කියන එක තමන්ට තේරෙනවා.
මම මුලින් ලියනකොට මේ triangle එක මම රවුමට ම ලිව්වා. පෙරළි පෙරළි යන හැටි ලිව්වා. ඒකේ මට පේනවා, ඊළඟට ආපහු ඔය විදිහට කරකවාගෙන යන්නකෝ. ගියහම තව position එකකට එනවා, ඔය පරාමාසයයි ඉදංසච්චයයි කියන එක horizontal. එතකොට ඒ අවස්ථාවෙදි, c කියලා තමයි එතෙන්ට වැටිලා තියෙන්නේ. මේක තමන් ඇඳලම බලන්න ඕනෑ. එතකොට දැන් මෙන්න මේ තත්වය මම බලාගෙන ගියාට වුණාට, මට මේ එක ම triangle එකක්වත් මෙතැනින් එහා පැත්තට මෙනෙහි කරන්න බෑ. මේක ආශ්චර්යයක්. මේ ධර්මය ම ආශ්චර්ය ධර්මයක්.
රහතන් වහන්සේ කිව්වේ “මේක හරියට මේක චෛතසිකයන් bond වෙලා තියෙන්නේ.” එකකට එකක් අර වැටක් හදනකොට අපි මේ වැටට මේ වැට, ලණුවට මේ කණුව නේ. චෛතසිකයන් ඔක්කොම bond වෙලා විඤ්ඤාණය පරිදේව වෙන්න දෙන්නේ නෑ. ඒකයි මේකෙ තේරුම. මෝහය නෑ, ඒ කියන්නේ ඕක මෙහෙම බැලුවහම පේනවා, ඒ මෝහය කියන එක ගලවලා ගිහිල්ලා. ඇයි ඒ? පෙර අවිද්‍යාවට, දැන් තියෙන අවිද්‍යාව එකතු කරන්නේ නෑ. එහෙනම් දෙන්නා ම එකයි. මෝහය කියලා කියන්නේ ඒක නේ. මගේ අවිද්‍යාව ඉදංසච්චය හරහ ගිහිල්ලා, පසු එක බවට පත් වෙනවා. පසු එකක් බවට පත් වෙන්න දෙන්නේ නෑ මෙයා. අර චෛතසිකයන්, මොකද ගියොතින් වෙන්නේ? පරිදේවය. හඬා වැලපෙන එක. ඒක නිසා ඒක නොවී පවතිනවා. ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. හොඳට තේරුණා. මගෙත් අර උගුරේ ආවා නිකන් කහින්න එනවා වගේ. කහින්නේ නෑ. නතර වෙලා. ඒක අර කහින්න ආවා කියලා මනස react කරන්නේ නෑ. හරි පුදුමයි ඒක. සාමාන්‍යයෙන් ඕක නවත්වන්න බෑ. ගිහින් උගුරෙන් මට දැනෙනවා. ඒ වුණාට මගේ reaction එකක් නෑ. ඒක එහේ පවතිනවා. ආන්න ඒ විදිහට මම හිටියා. ඒ පැය බාගේ ම මම හිටියේ ඒ විදිහට.
ඒක තමයි මං කරපු භාවනාව.