ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වැනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේදි මම පටන් ගත්තේ ලෝභය නැති කරමි කියලා. ඒ ජරාවට තිබෙන්නා වූ කැමැත්ත කාමච්ඡන්දය. ජරාවට තියන කැමැත්ත අර පල්ලෙහා hourglass එක බැලුවා. ඒ කියන්නේ මේ ජරාවට කැමති වෙලා මනුස්සයෙක් මැරිලා ඉපදෙන්න උණත් කැමතියි ඒකට. එතකොට දැන් මේක ඇයි මනුස්සයන්ට තේරෙන්නේ නැත්තේ. මේක ජරාවයි කියන එක ඇයි තේරෙන්නේ නැත්තේ. ඇයි මේකට කැමති වෙන්නේ.
ඉතින් දැන් මේක මම බලාගෙන ගියා මේක යම්කිසි කාලයක්, උඩ චේතනාව දක්වා මේක ගමන් කරනවා. ඒ ගමන් කරලා මේ විඤ්ඤාණය යම්කිසි ආකාරයකට මේක පවතින්න ඕනෙ. යම්කිසි කාලයක් පවතින්න ඕනෙ. එතකොට දැන් මම එතනට ආවහම මම උදාහරණය ගත්තේ, උදාහරණ දෙකක් ගත්තා.
එකක් තමයි පොඩි දරුවෙක්, පොඩි දරුවා අපි දන්නවා මෙයා මේ අපි හිතන්නේ නිතර ම එයා තරුණ වෙනවා ලස්සන වෙනවා ආදී වශයෙන් මෙහෙම හිතන්නේ. නමුත් මේ දරුවා යන්නේ ජරාවට. අපි ඒක තේරුම් ගන්නේ නෑ. ඒ වගේ ම තමයි ආපහු ගත්තොත් අපි වී කරලක් කියලා ගම්මු, වී ගත්තොතින් එහෙම ගොයම් හැදීගෙන එනවා, ඒ හැදීගෙන එනකොට අපි දන්නේ නෑ නේ මේවා මැරෙන්න පුළුවන්, නමුත් අපි හිතනවා මේක පවතිනවා මේවා හොඳට මෝරලා ඒවි කියලා, පේනවද මේ පෙර අදහස තමයි මේ එන්නේ. ඉතින් අර ගොයම් කරල හැදුණා උණත් ඒක ඇතුළ කුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ යම්කිසි එකක් අපි පවතිනවා නම් හොඳට තියෙනවා නම් ලස්සනට ආවහම මොකද හිතන්නේ, අන්න චේතනා කරනවා, මේ පාර කන්නය හොඳයි වගාව හොඳයි මට ගෙයක් හදන්න පුළුවන් වේවි ආදී වශයෙන් අන්න චේතනාවෙන් එහා පැත්තට පනිනවා. අන්න එතකොට අත්තා කියලා ගත්තා.
අන්න අත්තා කියලා ගත්තාට පස්සේ තමයි ජීවිත ඉන්ද්රිය හටගැනීම කියන එක. එතනින් එහා පැත්තට තියෙන්නේ. දැන් ඔන්න එතනට එනකල් මම දැන් බලාගෙන ආවා. Hourglass එකේ ඉඳන් උඩට ආවා පල්ලෙහා නන්දියේ ඉඳන් ධම්මමච්ඡරිය හරහා ඇවිල්ලා දැන් ඔන්න ජීවිත ඉන්ද්රිය කියන එක. දැන් මෙතනට ආවාට පස්සේ මම කල්පනා කරා, මේ ජීවිත ඉන්ද්රිය කියන එක, ඒ මොකක් උඩ පවතී ද කියන එක. මේක maintain කියන එක. දැන් හටගැනීම කියන එක උණා, මොකෙන් ද කියන එක. එතකොට මට එනවා මේක අර පල්ලෙහා තියන ඉදංසච්චයයි පරාමාසයයි කියන එක. මේ දෙක උඩ තමයි මේක පවතින්නේ කියන එක.
ඉතින් මට ටිකක් උදව් හම්බවුණා ඔතන. එතකොට මේ ඉදංසච්චය කියන එක කොහොම ද පවතින්නේ. මොකක් උඩ ද ඉදංසච්චය කියන එක. ඉදංසච්චයේ තියෙන්න ඕනෙ නිත්‍යභාවය කියන එක. ඒකේ නිත්‍යභාවය කියලා කියන්නේ කලින් කන්නේ ගොයම් වී ඇති වෙලා ඒක කුණු වෙලා ගියේ නෑ, ගං වතුරට ගහගෙන ගියේ නෑ, මේක පැවතුණා කියලා හැඟීමක් තියෙනවා. එහෙම නැත්තම් අර ගෑනු ළමයාගේ කතාවේදි කුඩා දරුවා ලොකු වෙලා ඇවිල්ලා කලින් භවයෙදි අර විඤ්ඤාණයේ හැඟීමක් තියෙනවා මෙයා අවුරුදු අසූවක් හරි ජීවත් උණා. ඔන්න ඔය හැඟීම.
එතකොට මේක නිසා අර නිත්‍ය, පෙර නිත්‍යයි කියලා ගත්තා වූ එක කියන එක තියෙනවා. ආන්න ඒකෙන් තමයි මේක පවතින්නේ. දැන් තියන එක මේක ජරා වෙවී යනවා මොකද මේ මනුස්සයාට පේනවා මිනිසුන්ගේ වී නරක් වෙනවා කාන්තාවෝ පුරුෂයෝ මැරිලා යනවා. ඒවා පේනවා. පෙනුණට, නමුත් අර පෙර වූ අදහස නිසා ඒ කියන්නේ මේ ඉදංසච්චයේ ඉඳන් අර විඤ්ඤාණය දක්වා තිබෙන්නා වූ jack එක නේ මේ කියන්නේ කියන්නේ. නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ. එතකොට ඒකේ අදහස නිසා මේ විඤ්ඤාණය දන්නවා නේ මේවා ගැන. අන්න ඒක නිසා තමයි මේක පවතින්නේ.
දැන් ඔය triangle එක දැන් අපි බැලුවා නේ අර ඉදංසච්චය වටා කැරකිලා යනවා කියලා ඊයේ බැලුවේ, ඕක කැරකිලා ගිහිල්ලා, ඊට පස්සේ එනවා අපි අර a කියලා කිව්වේ ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට, විඤ්ඤාණයේ ඉඳන් උද්ධච්චයට, යන එන එක b කිව්වා, උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චයට, යන එක c කිව්වා. දැන් ඕක අර 90° ක් කැරකුණා. ඒක 90° යි ඊට පස්සේ ආපහු තවත් 90° ක් කැරකිලා ඕකේ අන්තිමට a කියන line එක අර දෙසිය හැත්තෑවකින් ම කැරකුණායින් පස්සේ එනවා පරාමාසය දක්වා, ඒ පරාමාසය දක්වා ආවයින් පස්සේ, ඔය වෙන්න ඉස්සෙල්ලා අර පරිදේවය කියන එක වෙලා තියෙන්නේ විඤ්ඤාණයේ. අර පල්ලෙහාට ගිහිල්ලා නේ ඇවිල්ලා තියෙන්නේ. පරිදේව කොටුව පැනලා දැන්. එහෙම නම් ඒ පරාමාසය දැන් ඒ විඤ්ඤාණයේ පරිදේවය කියන එකත් ඇවිල්ලා තියෙන්නේ. නමුත් එයා තාමත් support කරනවා. ජීවිත ඉන්ද්‍රියට ඒක පවතිනවා කියන එකට support කරනවා. පැවතිය හැකි ය කියන අර්ථයට එයා support කරනවා. ඇයි එහෙම කරන්නේ? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවහම එතන රහතන් වහන්සේ කිව්වේ, “ඒ ඉදංසච්චයේ අගය පරාමාසයේ අගයට වඩා වැඩියි. වැඩි වෙනවා නම් තමයි මේක support වෙන්නේ.” ඒ කියන්නේ අරක, අර වී ටික පැවතුනේ නැති උණත් අර ඉදංසච්චයේ තවම තියෙනවා අතීතයේ පැවතුණා කියන එක තියෙනවා. එයා ඒක stamp කර කර එයා කියනවා මේක පැවතුණා. දැන් වී ටික කුණු වෙනවා නම් මේකේ තියෙන්නේ එක්කෝ ඔයගොල්ලෝ දාපු chemicals වලින්. දැන් එනවා අර, මේවා පැත්තෙන්. ඒ කියන්නේ එයා එතන fix කරලා කියනවා ඔයගොල්ලෝ දාපු chemicals නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වාගේ වෙන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. සීලබ්බත උපාදානය පරාමාසයට එන්නා වූ, සීලබ්බත උපාදානය පරාමාසයට එන කතාව තමයි එතන තියෙන්නේ. ඕක වෙනස් කරන්න, මේක පවතිනවා. අන්න ඒ විදිහට එයාගේ ඒක තියන නිසා තමයි මේක මේ ජීවිත ඉන්ද්රිය කියන එක එතන ඒක පවතින්නේ. නිත්‍යභාවය නැත්නම් ඉතින් එතන ඒ ප්රශ්නය වෙනස්. ඉතින් ඒ විදිහට සරල උදාහරණයකින් තමයි තියෙන්නේ. මගේ මූලික ප්රශ්නය තිබුණේ ඇයි මේ මනුස්සයෝ ජරාවට පත් වෙනවා, නමුත් අපි ළමයෙක් දිහා බැලුවහම හිතන්නේ ඒ ළමයා දැන් හොඳට හැදීගෙන එනවා නේ. ගොයම් ගහ හොඳට හැදීගෙන එනවා, අර අපේ පෙර තිබුණා වූ එක තමයි ප්රශ්නය වෙලා තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.