ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවන බුදුපියාණන් වහන්සේ කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ලෝභය නැති කරමි කියලා පටන් ගත්තා. කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත, එතකොට ඒක නිසා අපිට නන්දිය ඇති වෙලා මැරිලා ඉපදෙන්න උණත් මේකේ කැමැත්තක් තියෙනවා කියන එක. එතකොට ඒකෙන් අපි දන්නවා අපි අර hourglass එක වාගේ පල්ලෙහායින් පේන්නේ, උඩ යනවා අපි, අර සතිය තියන තැනට.
දැන් ඊයේ භාවනාව මට සිහි උණා. ඊයේ භාවනාවේදි අපි බැලුවා නේ මේ තරුණ ගෑනු ළමයෙක් වේවා, ගොයම් වේවා අපිට හිතෙන්නේ මේක පවතිනවා. ඒ ළමයා යන්නේ ජරාවට. හැබැයි අපි හිතනවා නිත්‍යයි කියලා.
දැන් මම අර සතිය කියන තැනට නේ ඇවිල්ලා තිබුණේ, ඒ සතිය කියන තැන මම සිහි කළා. ඒ කියන්නේ චේතනාවට මෙහා පැත්තෙන් ධම්මමච්ඡරිය පාරේ තියෙන්නේ සතිය.
සතිය කියලා කියන්නේ මොකක් ද? සමුදයයි අස්තංගමයයි. නිත්‍යභාවයයි කියලා කිව්වා නම් සමුදයක් අස්තංගමයක් කතාවක් නෑ. ආන්න එහෙම නම් මට ආවා එහෙනම් මේ සතියෙන් තමයි අපිට මේක අල්ලගන්න ඕනෙ. ඒ කියන්නේ නිත්‍යභාවයේ කතාවක් නෑ සමුදයක් අස්තංගමයක් තියෙනවා නම්. කොහොම ද මට මේක ඇති වෙලා තියෙන්නේ?
එහෙම නම් අපි දන්නවා අර ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට නිත්‍ය කතාව කියන එක කියනවා. දැන් මේක ඇති වුණා නම් මොකක් ද වෙන්නේ? දැන් මම එනවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා කියන එක. කාම ආශ්‍රවයෙන් ආවා නන්දිය හරහා තමයි මේක යන්නේ. දැන් මෙතන මම මේක අල්ල ගත්ත ගමන්, අර ඊයේ භාවනාවේ අර්ථයත් එක්ක, මේ මට මේ සති ඉන්ද්‍රිය හොඳට මෙතන ඇති වෙලා තියෙනවා, දකුණේ නළලේ උඩ කෙළවරේ. ඒ වාගේ ම මේ හරියට ම මෙතන, ඒ කියන්නේ මේ ඇහැට පල්ලෙහායින් එතන හොඳට දැනෙනවා. මේ දෙකත් එක්ක සම්බන්ධ වෙලා මේක පවතිනවා.
මොකක් ද මේක? රහතන් වහන්සේගෙන් ඇහුවහම මේක තමයි “මනින්ද්‍රිය” කියලා කියන්නේ. මනින්ද්‍රිය තියෙන්නේ මෙතන. මෙතන තමයි මනින්ද්‍රිය තියෙන්නේ, ඇහැට පල්ලෙහායින් බලන්න.
ඉතින් ඔය ප්‍රඥා diagram එකේ බැලුවොතින් ප්‍රඥා ඉන්ද්‍රිය මෙතන, එතකොට මෙතනින් මේ ඇහැ, ඊට පස්සේ මෙතන පල්ලෙහා. මෙතන අපි දන්නවා නේ අපි අර ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රියට පල්ලෙහායින් මනින්ද්‍රිය කියන එක වැටෙන්නේ. මේක මේ ඔයගොල්ලන්ගේ මේ ඔළුවත් එක්ක බැලුවහම, මොකක් හරි එකක් තියෙනවා, “මම ඒක දන්නේ නැහැයි” කියන එක, රහතන් වහන්සේ කිව්වා. Brain එක දන්නවා නම් මොනවා හරි ඕකේ වෙනසක් තියෙනවා.
එතකොට මේක හරි ලස්සනයි. දැන් සති ඉන්ද්‍රියයි, මනින්ද්‍රියෙන් මම ඉන්නවා. මෙතන පුදුමාකාර විදිහට මම දිගට ම හිටියා. මම තේරුම් ගත්ත දේ තමයි මේ කිසිම එහෙකට ගැටෙන්නේ නෑ. කිසිම එහෙකට ගැටෙන්නේ නෑ කිසි එකක් හොයන්න මේකකුත් නෑ. ඕන තරම් වෙලා උපෙක්ඛාවකින් ඉන්න පුළුවන්. පුදුමාකාර වූ උපෙක්ඛාවක් ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ කාට හරි ගැරහීමක් නෑ, ඒ සංස්කාරයකට ගැටීමකුත් නෑ.
ඉතින් මම මෙතනට ආවේ නිකම්ම නෙමේ. මම ආවේ අර අවිද්‍යා ආශ්‍රවය කියන තැනට මම ආවායින් පස්සේ, ඒ රහතන් වහන්සේ මට පෙන්නුවා අර දෙක ම අල්ලගන්න ඕනෙ, pedals දෙක ම අල්ලගන්න ඕනෙ. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය තියන තැන pedal එකයි මේ උඩ රූපයත් එක්ක තියන pedal එකයි. දැන් මේකෙන් කියන්නෙ මොකක් ද? ඔය රූපය එක්ක මේක පවත්තන්න බෑ. මේක පවතින්නේ නෑ. ඔය රූපය පැවතීම සඳහා අපි මේක වෙනස් කර කර, සංස්කාර වෙනස් කරමින් කරනවා. ඒකත් කරන්න බෑ. මෙන්න මේ උපෙක්ඛාවයි තියෙන්නේ. දැන් ලෙඩා වෙලා ඉන්නවා නම්, සංස්කාර කියන්නේ ඒ මනුස්සයාට බේත් ටිකක් දීලා පුළුවන් මේක පවත්තන්න. ඒකත් කරන්න බෑ. එතකොට මේ විදිහට අර පුදුමාකාර වූ උපෙක්ඛා සම්බන්ධ වූ දේවල් මට ඒ එක්ක ම ඔය උදාහරණත් එක්ක ම මට එකපාරට ම වැටහුණා. ඒක වැටහිලා තමයි මේක ඇති වුණේ. අර කොන් දෙක බැලුවට පස්සේ.
ඒක හරි පුදුමාකාර භාවනාවක්. ඉතින් ඊට පස්සේ, මේක බොහෝ ම හොඳයි කියලා රහතන් වහන්සේ මට “ඇතියි” කියලා කිව්වාට පස්සේ මම රහතන් වහන්සේට වඳිනකොට මම ඒ අකනිට්ඨා බ්‍රහ්ම ලෝකේ මම කලින් දැකපු තැන් තියෙනවා නේ, Council chamber එක වේවා, ඒ එතන අර ලොකු මේසයක් එක්ක තියන එකක් තියෙනවා, මේවා ඔක්කෝම දැක්කා. මේවා ඔක්කොම දැක්කයි කියලා ඒවාට තියෙන්නේ තනිකර උපෙක්ඛාවක්.
ඉතින්, “ඔබේ අම්මා ඉන්නවා” කිව්වා, අම්මාවත් දැක්කා, දැක්කයි කියලවත් ඉතින් උපෙක්ඛාවක් තියෙනවා. ඊට පස්සේ මහා ලක්ෂ්මී දේව මාතාවත් බැලුවා. එතනටත් ගියා. ඉතින් මට තේරෙනවා මම ඒ ලෝකේ ඉඳන් මෙහෙන් එහෙම යනවා කියලා, යනවායි කියලත් උපෙක්ඛාවක්. ඉතින් ඔය විදිහට ඒ කමලාසන දෙවියෝත් බැලුවා. ඉතින් නාථ දෙවියෝ බැලුවහම, නාථ දෙවියෝ විතරයි පේන්නේ නැත්තේ. නාථ දෙවියෝ සමාධියට සමවැදිලා නාථ දෙවියෝ භාවනා කරනවා. ඉතින් ඒ වාගේ දෙවිවරුත් ඔක්කෝමත් ඔය විදිහට දැක්කා, දැක්කට කියලා කිසීම ගැටීමක්වත් ඇලීමක්වත් නැති උපෙක්ඛාවක් මේ ඒකේ තියෙන්නේ.
හරි පුදුමාකාර වූ භාවනාවක්. මේ සති ඉන්ද්‍රියයි, මනින්ද්‍රියයි. ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. මේ ලෝකේ ඒ කියන්නේ සද්දයක් ඇහෙන්න පුළුවන්, ඒක ඇහුණා කියලා මේකක් නෑ, මොකද ඒ දෙන්නා balance වෙලා ඉන්නවා. දැන් දන්නවා නේ වෙන කතාව. හදලා වැඩක් නෑ. හැදුවත් වැඩක් නෑ, පවතින්නෙත් නෑ.
දැන් අර ඊයේ භාවනාවේ cream එක එන්න ඕනෙ ඔළුවට. අන්න ඒ අර්ථයෙන් තමන්ගේ මනස පවත්වාගෙන ඉන්න පුළුවන් ඒ උපෙක්ඛාව කියන එකෙන්.
ඒක තමා මම කරපු භාවනාව.