Date: 03/06/2015 Name: Pancabala

ඒ පූජාව පැවැත්තුවාට පස්සේ, ඒ බුදු පියවරුන් ගැන ශ්‍රද්ධාව මට ඒ පූජාව කරන වෙලාවේ ම වාගේ බොහොම තදින් ඇති උණා. ඒ බුදුපියවරුන්ට නමස්කාර කරලා, මම ඊයේ භාවනාව නැවත කරගෙන ගියා.

එතනදි ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත, මේක නිසා නන්දිය වෙලා අර hourglass එකෙන් ඊට පස්සේ අර සතිය තියන තැනට, ඒකට ආවා. ඒ සතිය කියන තැනට ආවට පස්සේ, මම අර switch එක off කරන්න ගිහිල්ලා මම ආවා නේ මේකේ සද්දේ කියන හින්දා, මේ බලනකොට මේ computer එකේ තිබුණා මේ, මම අර internet එක තියනවද කියලා බලන්න web page එක on කළහම මේ ad එකක් යනවා මේ පැත්තටයි මේ පැත්තටයි. කොහෙන් ආවා ද මම දන්නේ නෑ. මම කල්පනා කළා, මම ඒක off කළා, කරලා ඉවර වෙලා මම කල්පනා කරා මේ වගේ දේවල්වලටවත් react කරන්න හොඳ නෑ. ඒ කියන්නේ එහෙම උණොතින් අපේ අර සතිය, සතියෙන් කියන්නේ මොකක් ද?

තුන් වන සතිය අපි මේ කතා කරන්නේ, චේතනාව දක්වා තිබෙන එක. ඒකෙන් පෙන්නන්නේ අර “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති වේදනා,” ඒ විදිහට පෙන්නනවා නේ. එතකොට එහෙම නම් ඒ සතිය මගින්, දැන් අපිට පේනවා මේ අපි මොකකට හරි react කරනවා නම් මොකද වෙන්නේ? අපි අර නිත්‍යභාවයට අපි යනවා. අරකට ඉඩ දෙනවා. මගේ සතිය කියන එක නැති වෙනවා, ධර්මය flow වෙන්න යනවා. ඒ කියන්නේ උඩින් නිත්‍යයි කියලා ගත්තා නම්, ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියන එක නිත්‍ය කතාව මේ කියන්නේ. මේකට ඉඩ දුන්නා නම් අන්න පල්ලෙහා අවිද්‍යා ආශ්‍රවයට ආවා මේ පැත්තෙන් කාම ආශ්‍රවයට ආවා, අර නන්දිය හරහා තමන් ආපහු චේතනා කරන්න යනවා. සතිය කියන එක නැති වෙනවා.

ඉතින් මම මේක බලලා මම මේවාට කරන්නේ නැහැයි කියන එක කල්පනා කළා. ඒ වගේ ම මට මේ ඒ මණ්ඩලය ම ගැන ම ඊයේ මේ දීපු ධර්මය තියෙනවා නේ, ඔය මනින්ද්‍රියයි සති ඉන්ද්‍රියයි අතර, ඒක නිසා ඒ මුළු මණ්ඩලය ම ඒ ශ්‍රද්ධාවකින්, ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියක් හැටියට මම ගන්නවා කියලා මම ගත්තහම, ඒක මගේ ඔළුවයි කියන එක උඩ කල්පනා කළහම, ඒකත් එක්ක ම මට තේරුණා ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියයි, සති ඉන්ද්‍රියයි, මනින්ද්‍රියයි, ප්‍රඥා ඉන්ද්‍රියයි මේ ඔක්කොම පවතිනවා කියන එක.

ඉතින් මට, මේ කකුලේ ඉඳන්, දකුණු කකුලේ හොඳට ඒ ප්‍රීතියත් ගලනවා, මේවාත් එනවා, ඒ ඉන්ද්‍රියන් ටික ඔක්කොම පවතිනවා. මං ඒ විදිහට හිටියා. ඒ ඉඳලා ඒ මණ්ඩලය ගැන ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් ඉතින් ඒ බලයන් කියන ඒවා ඇති වෙනවා. ඒ බල ධර්මයන් කියන ඒවා ඇති වෙනවා කියන එක තියෙනවා.

එතකොට මම අතන දී ගත්තේ හුඟාක් ම, මේ මම මොකකටවත් react කරන්නේ නෑ. React කරන්නේ නැතුව ඉන්නවා, කිසිම එකකට, මේවා කරන්නේ. මොකද මේ ආදීනවය දැකලා. මේක උණොතින් මට නිත්‍යභාවය ඇති වෙලා මේ ප්‍රශ්නය ඇති වෙනවා. එතකොට දැන් මම මෙහෙම මේ react කරන්නේ නැතිව ඉන්නකොට, ඒ රහතන් වහන්සේ ඇහුවා, මේ “කොච්චර ඉන්ද්‍රියන් මේ තියෙනවා ද කියලා, මේ කොච්චර බලයන් තියනවද” කියන එක. ඉතින් ඒ පාර මම බැලුවා මෙතන, ඕක කරන්න ඉස්සෙල්ලා හැබැයි මම අර ඊයේ භාවනාවේ අර්ථය මම භාවිතා කළා, අර pedal එක තියෙනවා නේ සංස්කාර කියන එක, මොකද මේක වුණා නම් පල්ලෙහා pedal එක හැදුණා නම් උඩ pedal එක හැදෙනවා, එහෙම නම් රූපය නිසාවත් සංස්කාර නිසාවත් මම කරන්නේ නෑ මෙතන මැද්දෙන් චේතනා කරන්නේ නෑ කියන එක.

අන්න එහෙම බැලුවට පස්සේ තමයි රහතන් වහන්සේ මගෙන් ඇහුවේ කොච්චරක් තියනවද කියන එක. ඉතින් මම බැලුවාහම මට පේනවා මෙතනින් මනින්ද්‍රිය කියන එක මෙහේ මෙතන තියෙනවා, මේ සති ඉන්ද්‍රිය කිය එක තියෙනවා, මේ ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා, උඩින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා, විරිය ඉන්ද්‍රිය. ඒ විරිය ඉන්ද්‍රිය කියන එක අර සංස්කාර ගැන බලපු වෙලාවේ ම එතන, එතන ඒක තියෙනවා. මොකද? මට තේරුණේ රහතන් වහන්සේ අපිට මේ වෙනකොට උගන්නලා තියෙනවා, අර විරිය තුන, මතක ද අපි මුලින් කතා කළේ. රූපය මගේ නොවෙන්න, ස්පර්ශ නොවෙන්න, ඊට පස්සේ සඤ්ඤාව මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න. සබ්බාසව එකේ ගියායින් පස්සේ ඕක අනිත් පැත්තට පෙන්නුවා. මේක මෙහෙම වෙන්න නම් ප්‍රතිලෝම වශයෙන්. ඒ කියන්නේ සංස්කාරය කියන එක අයින් කළහම තමයි. ඊට පස්සේ අපිට සම්මා ප්‍රඥා ඇති වෙලා, ඊට පස්සේ අත්ත සඤ්ඤාව අයින් කරලා, සම්මා ඥාන ඇති වෙලා විමංසාව මගින් රූපය අයින් කරන්නයි කියලා අන්න අර පළවන විරියට ආපු හැටි. එතකොට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ විරිය තුන ගිහිල්ලා තියෙනවා කියන එක බැලුවා. එතකොට මේවා නිසා තමයි මේ ඔළුව පුදුමාකාර විදිහට ඒක පවතිනවා.

ඉතින් අර රහතන් වහන්සේ ඇහුවහම අර මේ බලයන් ගැන, ඉතින් මට පේනවා මේවා ඔක්කෝම පවතිනවා. ඒකට අමතරව මට හොඳට තේරිච්ච එකක් තමයි අර හිරියයි, ඕතප්පයයි. හිරියයි ඕතප්පයයි බොහෝ ම තදින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම මොකකටවත් react කරන්නේ නෑ. මොකද අපි කිව්වා නේ අර කලින් පැහැදිලි කරපු ධර්මයෝ අර moderation in eating කිව්වේ. අර කෑම කන කොටවත් react කරන්නේ නෑ කිව්වේ. නැත්තන් අර ලුණු ටිකක් නැති වෙච්ච ගමන් යනවා නේ හෝ ගාලා කඩාගෙන පුටුවෙන් නැගිටලා, නේ ද? ඒකට ඒවා යන්නේ නැතිව කරුණාවෙන් එතන පවතිනවා කියන එක. අප්‍රමාණයට යනවා කියන එක, ඒවා ඔක්කෝම ඒක සහගතව එතන මේ ඕතප්පයත් කියන එක තිබුණා.

එතකොට මේ ටික ඔක්කෝම තිබුණා. ඒ කියන්නේ අර all diagram එක තියෙන්නේ සීල සූත්‍රයේ කරන, ඒක උඩ තියන ඒවා, ඒකයි සමාධි ඉන්ද්‍රියත් ඒකේ, ඒකේ පැවතුණා. එතකොට ඒවා ඒ කියන්නේ බලයනුයි ඉන්ද්‍රියනුයි. ඒවා සහගතව මේ හිටියා.

ඒක තමයි මං කරපු භාවනාව.