ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම භාවනාවට කළේ මම ඊයේ භාවනාව ම කරගෙන ගියා. ඒකේ මට ආපු ප්‍රශ්නය තමයි, අපි ඊයේ කිව්වා, ඔය අපි භාවිතා කළහම ඔය පංචබල භාවනාවෙදි අපි අර වේදනාවට react කරන්න ගත්ත නම්, අපි සතිය නැති වෙනවා කියලා. එතකොට මම මේ බැලුවේ, ඔය සතිය කියලා කිව්වේ අර 3 වෙනි තැන තිබෙන ඒ සතිය, ධම්මමච්ඡරිය තිබෙන පාරේ තියෙන සතිය. එතකොට එතැනදි අපි ඉගෙන ගත්තා අර ඉදංසච්චයේ ඉඳන් නිත්‍යයි කියලා විඤ්ඤාණයට උඩට ගිහිල්ලා, එතැනින් අපිට අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව, කාම ආශ්‍රවයෙන් නන්දිය, නන්දියෙන් අර ධම්මමච්ඡරිය පාරේ ගිහිල්ලා, ඒ සතිය නැති වෙනවා කියලා.
ඉතින් මම බැලුවේ ඒ සතිය කියන එක, නැති වෙනවා නම්, අපිට තියෙන්නේ, අර සතිය නැතිකම මුට්ඨ සතිය, කියන එකයි තියෙන්නේ. ඒ මුට්ඨ සතිය කියන එක ලකුණු කරන්නේ අර සඤ්ඤාවයි ඒ නාමරූපයයි ඒ අතර තමයි ඒක ලකුණු කරන්නේ. එතකොට දැන් මේ මම කල්පනා කළේ මේක ඇයි මේ විදිහට මේ සතිය කියන එක නැති වෙන්නේ අර flow එක ආපු ගමන් කියන එක. ඉතින් ඒකේ උත්තරය එතන ම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි කොහොම හරි රූපය ස්පර්ශ කරලා, සඤ්ඤාවන් හදාගෙන, එතැනින් චේතනා වෙනවා. චේතනා වුණා නම් අර ජීවිත ඉන්ද්‍රිය අත්තා කියන එක වෙනවා. ඒක වුණොතින් එහෙම ඉතුරු ටික ඉතින් සිද්ධ වෙනවා, අර නිත්‍යභාවයට යනවා කියන එක.
ඉතින් දැන්, මට ඕකට පොඩි උදාහරණයකුත් එකපාරට ම ආවා. ඉතින් මේ උදාහරණයත් එක්ක තියෙන්නේ මොකක් ද? ඊයේ බලපු ආයතන භාවනාව තියෙනවා නේ. ඒ ආයතන භාවනාවේ දැන් යම්කිසි හේතුවක් උඩ අපිට පේනවා, අපි analyse කළා කොහොම ද අපිට ද්වේෂය ඇති වෙන්නේ කියලා. ඒක analyse කළා ම අර සමුදය දැන ගත්ත නම් මේක වෙන්නේ නැතෙයි කියන එක ආවා. එතකොට එතෙන්දි, අපි ගත්තා, ශ්‍රද්ධාව තියෙනවා නම්, කරුණාව තියෙනවා ඒක නිසා ද්වේෂයට යන්නේ නැහැයි කියන එක. එතකොට ඒක ඇති වෙන්න නම්, අපි දන්නවා අර අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක, ඒ කියන්නේ අර ප්‍රඥාවේ ඉඳන් ශ්‍රද්ධාව කියන එකට එන්න නම්, මානය විසින් අත්තා ඉඳන් නිත්‍යයට jack එක ගහනවා කියන එක නොවෙන්න ඕනෑ. එතකොට ඔය මානයත් එක්ක තමයි මේකේ reaction එක අපේ ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ reaction එක නැත්නම්, ප්‍රශ්නයක් නෑ. එහෙම නම් අර ඊයේ ආයතන භාවනාවේ අර්ථයෙන් තමයි මේක වෙන්නේ.
දැන් අපිට පේනවා අත්තා කියන එක හැදුණා නම් වැඩේ ඉවරයි. අත්තාගෙන්, නිත්‍ය, අර ධාරාව අනිත් පැත්තට ආවා, සතිය කියන එක ආපහු නැති වෙනවා. එතකොට එහෙම නම් අත්තා නොවෙන්න ඕනෑ. ඉතින් අත්තා නොවෙන්න නම් සඤ්ඤාවෙන් අත්තා කියන එකට සම්බන්ධතාවය නැවැත් වෙන්න ඕනෑ. ඉතින් ඒක තමයි අර 2 වෙනියට අපි ලකුණු කරන විරිය තියෙන්නේ ඒක නේ මුට්ඨ සතිය, ඒ තියෙන තැන විරියයි එන්නේ විරිය ඉද්ධිපාදයෙන් තමයි ඒක නොවෙන්නේ.
ඉතින් මේකේ ඉන්ද්‍රියන් ටික පුදුමාකාර විදිහට පවතිනවා. පංචබලයන්, පංචඉන්ද්‍රියන් හොඳට පවතිනවා. මම හෙල්ලෙන්නේ නැතිව මෙතන ඉන්නවා. කිසිම එකකට react කරන්නේ නැහැයි කියන එක ඇතිව මම ඉන්නවා උත්සාහයකින් තොරව. ඒ react කරන්නේ නැහැයි කියන එක මම මහන්සි වෙලා කරනවා කියන එකක් නොවේ.
ටිකක් වෙලා ඉන්නකොට මට තේරුණා, මේ මිච්ඡා දිට්ඨිය නිසා මොකක් හරි “අප්පච්චියේ” කියනවා වගේ වචනයක් මට ඇහිච්ච එක, ඒකත් එක්ක මම analyse කරගෙන ගියා. ඉතින් මෙතන මුසාවක් නේ. එතකොට ඒකත් එක්ක මිච්ඡා දිට්ඨිය පැත්තකට එනකම් මම ඕක ගියා. ඒ මිච්ඡා දිට්ඨිය දක්වා ඒක ගියාට පස්සේ, දැන් එහෙම නම් මට මතක් වුණා අර හිරිය, කියන එක. ඒ කියන්නේ හිරිය කියන එකට අපි ඇතුල් කරගන්න ඕනෑ, මනසෙන් කෙරෙන්නා වූ ඒ දේටත්, එහෙනම් ඒ මිච්ඡා දිට්ඨියකටත් අපි react කරන්නේ නැතුව ඉන්න ඕනෑ.
අන්න ඒකයි. දැන් එතකොට මට දැන් මේ ප්‍රීතිය සහගතව මේ ඔක්කොම ඉන්ද්‍රියන් active වෙලා මේක තියෙනවා. කරන්න ගත්තා, ඒකටත් react කරන්නේ නැතුව ඉන්න ඕනෑ. තමන්ගේ මේ ධාරාව මේ ගලනවා ප්‍රීතිය ගලනවා ඉන්ද්‍රියන් ටික ඔක්කොම තියෙනවා කියලා ඒක ගැන මනුස්සයෙක් සතුටු වෙලා නිකම් hump වගේ උඩින් යනවා නේ. ඒකටවත් react කරන්නේ නැතුව ඉන්න ඕනෑ කියන එක ආවා. එතකොට ආපහු මනස පුදුමාකාර විදිහට තියෙනවා. ඒ කියන්නේ අරකවත් හොඳ නෑ බැලුවා ම, ඉන්ද්‍රියන් නිසා ඇති වෙන්නා වූ ප්‍රීතිය ගලන ඒ ස්වභාවයත් එතන හොඳ නෑ. එතකොට මේකටවත් react කරන්නේ නැතිව ආපහු අර විශාල වෙලා අර විදිහට පවතිනවා. මම ඔහොම ටිකක් වෙලා හිටියා.
ටිකක් වෙලා හිටියම මට ආවා, මගේ සිතෙන් ම ඇති වෙනවා, මේ පංචබලයන් මේවා පවතින්නේ ඉද්ධිපාද සමන්නාගතවයි. මේ ඉද්ධිපාද සමන්නාගතව මේක පැවැත්වීමෙන් තමයි ඒක මේ පවතින්නේ කියන එක. රහතන් වහන්සේ “සාදු සාදු” කියලා කිව්වා ඒ වෙලාවේ. ආපහු ඔහොම ටිකක් වෙලා හිටියා. ටිකක් වෙලා හිටියම මම කල්පනා කළේ මේක ආපහු අනිත් අයට කියන්න නැවතත් මම බලනව ද? කියලා. රහතන් වහන්සේ කිව්වා “බලන්න කියලා කියන්නෙත් නෑ, එපා කියලා කියන්නේත් නෑ.” ඒ පාර මම එහෙම කිව්වා නම් මම එහෙම නිකම් සිටියා. මෙහෙම හිටියාට පස්සේ රහතන් වහන්සේ මට එකපාරට ම පෙන්නුවා සීලබ්බත උපාදානය, ඒ කියන්නේ අපි වේදනාවේ ඉඳන් චේතනාව, චේතනාවේ ඉඳන් පරාමාසය. ඒ එකෙන් තමයි සීලබ්බත උපාදානය කියන එක නිරූපණය කරන්නේ. ඒ line එක පෙන්නුවා.
ඒක පෙන්නපු ගමන් ම ටක් ගාලා මට සිහි වුණා. මේක වුණා නම් මොකද වෙන්නේ? මෙතන ඉඳලා අපි යනවා, අර අත්තා කියලා ගත්තා, පසු සඤ්ඤාව හැටියට භව ආශ්‍රවය තියෙනවා. මේකෙන් ඉතින් භවයේ යන කතාව මේකෙන් නැති වෙනවා. මේ විදිහට තමන් ඉන්නව නම්. භවයේ යන කතාව ඇති වෙනවා කියන්නේ අපි භව ආශ්‍රවය ලියාගන්නවා සෝකය තියෙන තැන. ඉතින් එහෙම නම් ඒ සෝකය කියන එක නැති වෙනවා. සෝකයක් නෑ. සෝකයක් නැතිව ඒ පුද්ගලයාට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. මොකද සෝකය කියන එක සල්ලයක් නේ. සෝකයේ ඉඳන් සෝකයට ම යි අපි දුවන්නේ. ඒ reactions මොකක්වත් නැත්නම් ඒ විදිහට ඉන්න පුළුවන් කියන එක, අර බුදුහාමුදුරුවෝ කියපු ධර්මය moderation in eating, නේ ද? ඒකට react කරන්නේ නැතිව ඉන්නවා නම්, පුදුමාකාර විදිහට ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ඉද්ධිපාදයන් වඩලා, පංචබලයන්වලට ඒක එන්න ඕනෑ. ඒක තමයි මම කළ භාවනාව.
ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව ම, තථාගතයන් වහන්සේ මුලට ඉන්න, ඒ උත්තරීතර මණ්ඩලය, අර ඔළුවට ගත්තා කියලා ඊයේ මම කිව්වේ. ඒක තමයි ඒ strong point එක. ඒක කිව්ව වෙලාවෙම මට කිව්වා නේ, “මේ පංචබලයෝ වැඩෙනවා දරුවෝ” කියලා. ඒක එහෙම කරනවා නම් පංචබලයෝ වැඩෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඒක මම exceed කරන්නේ නෑ. තථාගතයන් වහන්සේයි ඒ මණ්ඩලයයි exceed කරන්නේ නෑ. ඒක තමයි අපිට තියෙන highest මේවා එක. ඒක පනිනවා නම් බෑ. ඒක පනිනවා නම් තමන්ට මිච්ඡා දිට්ඨින් ඇති වෙනවා. අන්න ඒ වගේ level එකක මිච්ඡා දිට්ඨියක් තමයි මම මේ කිව්වේ. එතකොට ඒක highest order එක හැටියට අතන ඒක පවතිනවා. ඉතින් ඒක අනුව තමයි මේක තියෙන්නේ.