Date: 05/06/2015 Name: Saddha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවන වන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ පූජාවෙන් පස්සේ ඒ බුදුපියවරු ඒ order එකට තමයි මම සිහි කළේ. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඒ order එක සිහි කිරීම හේතු කොටගෙන මම කිව්වා ඊයේ පෙරේදා භාවනාව, ඒ order එකට respect කළහම, ඒ සම්පූර්ණයෙන් ම මගේ නම් දස කුසලය ම පවතිනවා. මිච්ඡා දිට්ඨිය කියන එක යනවා. ඒ අභිජ්ඣාව කියන ඒවා අයින් වෙනවා, හිරිය කියන ඒවා පවතිනවා තදට. ඉතින් ඒ තත්වයට පත් වෙලා, ඒ රහතන් වහන්සේ, තමන් එහෙම ඉන්නකොට, රහතන් වහන්සේ කිව්වා, අර ඊයේ භාවනාව කරන්න කියලා. මම ඊයේ භාවනාව කළින් ම බලලා ආවේ. බැලුවා ම මට තේරිච්ච දේ තමයි, ඒකේ පෙන්නුවා, අපි මොකක් නිසා ද මේ react කරන්නේ කියලා. ඒ react කරන්නේ මොකක් ද කියලා අපි කල්පනා කළහම, අපේ දිට්ඨිය බිඳිලයි මේ react කරන්නේ. ප්‍රතිචාර දක්වන්නේ. ඕගොල්ලන්ට තරහ යන්නේ දිට්ඨිය නිසා. කවුරු හරි එකක් කිව්වා ම එතෙන්දි, තමන්ගේ දිට්ඨියත් එක්ක ගැටිලා ඒක නිසා තමයි අපි අර නන්දිය තියෙන තැනට ඇවිල්ලා, එතැනින් ආපහු, regenerate කරනවා අර සතිය කියන එක අපි, 3යි කියලා අපි ලකුණු කළේ සතියක්. ඒ කියන්නේ අර ධම්මමච්ඡරිය පාරේ, චේතනාව දක්වා එන්නා වූ එක. මෙන්න මේක අපේ නැති වෙලා යනවා, අන්න අර දිට්ඨිය බිඳුනහම.

එතකොට රහතන් වහන්සේ මට කිව්වා, ඒ මම කෙළින් ම එතනින් පටන් ගත්තහම, අර මුලින් පටන් ගත්ත තැන තියෙන්නේ, ඒ කියන්නේ මම පටන් ගන්නේ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. “අන්න එතෙන්ට යන්න කියලා.” මම එතන ගත්තා, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත කියන එක බැලුවා. බැලුවාට මනසට කිසිම හෙල්ලීමක් නෑ. අර වෙනදා අර මං මළකඩ කාපු යකඩ ඇණය කියලා කල්පනා කළා නම්, ඒ යකඩ ඇණය පවතින්නේ නැහැයි කියන එක පුදුමාකාර විදිහට මට ඔය Saturn එකේ rings වුණත් බලන තරමට මගේ මනස උඩට යනවා. මේ පාර කිසිම දෙයක් නෑ. ඒ මොකද හේතුව? අත්තා කියලා ගන්නේ නෑ. අත්තා කියලා ගන්නේ නැත්නම්, ජරාවට පත් වුණා කියලා සෙලවීමක් නෑ. මේ ලෝකේ මනුස්සයෝ, ආච්චි අම්මලා, සීයලා, අරගොල්ලෝ, මේගොල්ලෝ වයසට යනවා. මගේ ආච්චි හරි මගේ සීයා කියලා ගත්තා නම් තමයි, ඒක තියෙන්නේ. එහෙම නැත්නම්, කිසි ප්‍රශ්නයක් නෑ. තමන්ගේ ඉන්න දරුවෝ ජරා වෙනවා, ලෙඩ වෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මගේ කියලා ගත්තා නම් විතරයි ඒක තියෙන්නේ, මට හොඳට ඒ වෙනස තේරුණා. එහෙම නම් එතකොට ම මට රහතන් වහන්සේ පෙන්නුවා අර ජාතියයි, චේතනාවයි, භය අගතියයි කියන triangle එක. ඒක පෙන් වූ ගමන් මට තේරුණා, එහෙම නම් අපි මේ වේදනාවේ ජරාව කියන්නේ මොකක් ද කියන එකත් තේරුණා.

වේදනාවේ ජරාව කියලා මතක ද අපි ලකුණු කරලා තිබුණා, 4.3 කියලා. දැන් තේරෙනවා. මොකක් ද? වේදනාවයි, වේදනාව නිසා මම පවතිනවා, කියන දිට්ඨිය බිඳීම ආන්න ඒක තමයි වේදනාවේ ජරාව කියලා කියන්නේ. හොඳට වැටහුණා ඒක. අර රූපයේ ජරාව නිසා ඒ reaction එක අපි දැන් බැලුවා එකක්. ඊළඟට, ආපහු, වේදනාවයි, වේදනාවේ ජරාව කියන එක තමයි අර ව්‍යාධිය කියන තැන අපි ලකුණු කළේ. ඒකත් හොඳට තේරුණා. ඇයි එතන 4.3 ඒක වෙන්නේ කියන එක.

ඊට පස්සේ මට රහතන් වහන්සේ පෙන්නනවා අර උඩ කෑල්ල. සීලබ්බත උපාදානයට එන වේදනාවයි, චේතනාවයි, පරාමාසයයි කියන එතන ඒ triangle එක. දැන් මට තේරෙනවා අර මුට්ඨ සතිය කියලා කිව්වේ මොකද? ඒක ඇවිල්ලා තියෙන්නේ, අර සඤ්ඤාවේ ඉඳන් නාමරූපය දක්වා එන්නා වූ එක. දැන් මෙතන තියෙනවා සඤ්ඤාවයි, සඤ්ඤාව නිසා තමා පවතිනවා කියන දිට්ඨිය බිඳීම, 5.3, ඒකත් වැටහෙනවා ලස්සනට. ඒක බැලුවයින් පස්සේ එහෙම නම් අර උඩ කෑලි තුන ම රූපයේ ඉඳන් සඤ්ඤාව, සඤ්ඤාවේ ඉඳන් චේතනා, ඒකයි පල්ලෙහා අපිට පේනවා අර ජාතියේ ඉඳන් ජරාව. මෙතන වේදනාවේ ජරාව, ව්‍යාධිය අන්න ඒක දක්වා. ඉතින් එතනට ආවාට පස්සේ හරි විශාලයි ඔළුවේ ස්වභාවය. රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වා ම නැවැත්වූවා.

ඒක තමයි මම කළ භාවනාව.