Date: 06/06/2015 Name: Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන වන බුදුපියාණන් වහන්සේ. මේ විදිහට දාහතර නම ම ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

එතකොට මම කළේ ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවෙදි අපි ඉගෙන ගත්ත නේ triangle එකක්. ඒ කියන්නේ ජාතියයි චේතනාවයි භය අගතියයි කියන triangle එක. ඒ triangle එකේ දී අපි තේරුම් ගත්තා අපිට ජරාව කියන එක, වේදනාවේ ජරාව කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ, වේදනාවයි, වේදනාව නිසා තමා පවතිනවා කියන අන්න ඒ දිට්ඨිය කියන එක බිඳිලා තමයි අපිට වේදනාව ජරා වුණේ. ඒ වගේ ම අපි බැලුවා, මේ සඤ්ඤාවත්, එතෙන්දි අපි ගත්තේ අර උඩ triangle එක, ඒ සඤ්ඤාවත්, සඤ්ඤාව නිසා තමා පවතිනවා කියන දිට්ඨිය බිඳිම නිසා ඒක තමයි සඤ්ඤාවේ ජරාව, අර 5.3 සබ්බාසව සූත්‍රයේ.

එතකොට දැන් මෙතන ආපහු එහෙම නම් අපිට පේනවා ඔය අර්ථයෙන් ම, රූපයත් රූපය නිසා තමා පවතිනවා කියන දිට්ඨිය බිඳීම තමයි මේ රූපයේ ජරාව කියලා කියන්නේ. අත්තා කියන එක බිඳිලා ගිහිල්ලා. දිට්ඨිය බිඳුණා කියන එක. උදාහරණයක් වශයෙන් ගන්නවා නම්, අල්ලපු ගෙදර මනුස්සයාගේ ගෙදර තියෙන යකඩ ඇණයක් මලකඩ කෑවා කියලා ඕගොල්ලන්ට ඇති ප්‍රශ්නයක් නෑ. මගේ ගෙදර තියෙන picture frame එකක හරි කොහේ හරි තියෙන යකඩ ඇණයක් මලකඩ කෑවා නම් ඒකේ ප්‍රශ්නය තියෙනවා. මේක මගේ කියලා ගත්තා. ඒක නිසායි තියෙන්නේ. මේ තමන්ගේ රූපය දිරනවා නම්, ආන්න ඒක උඩ තමන්ට තියෙනවා ජරාවට පත් වුණා කියන ඒ දිට්ඨිය බිඳුණා කියන එක. එතකොට එහෙම නම්, අපි දන්නවා ඕක මේ තුන් වෙනි රවුම වෙනකොට, දැන් දෙවෙනි රවුමේ දී අර පදුට්ඨමනසඞ්කප්පය කියන එක එනවා. ඒකෙදි අර නිත්‍ය කියන එක දික් කළා ම එන්නේ, ජරාව කියන තැනටයි.

ඊළඟට ආපහු අපිට පේනවා, රූපයයි, රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය නේ බිඳුණා කිව්වේ, එහෙම නම් අර දිට්ඨි අනුසය පාර කියන එක අල්ලා ගන්න ඕනෑ. දිට්ඨි අනුසය පාරෙන් තමයි ඒ triangle එක හැදෙන්නේ. දැන් එතෙන්දි හැදෙන්නේ මොකක් ද? ජාතියයි, ඊට පස්සේ මෙතන වේදනාවත් එක්ක තියෙනවා අර භය අගතියේ ඉඳන් එන්නා වූ ඒ triangle එක කෙනෙක් කල්පනා කරන්න ඕනෑ. ධම්මමච්ඡරිය පාරට මෙහා පැත්තෙන් කැපිලා එනවා කියන එක. ඔන්න ඕකට parallel දැන් ඔය තුන් වෙනි රවුමේ තුනේ දී අපි ගන්නවා නේ අර සුඛය පරාමාස වෙනවා කියලා. ඒ සුඛය පරාමාස වෙනකොට අපිට ජරා ධර්මය සිද්ධ වෙලා තියෙන්නේ. තුන් වෙනි රවුමේ හයේදි තමයි අපි කියන්නේ අර රූපය නිසා ඇති වෙච්ච ව්‍යාධිය කියලා. එතකොට දැන් එහෙම නම් ඒක අර diagram එකේ සම්බන්ධ වෙලා එනවා. දැන් 4.6 කියලා තිබ්බ තැන තියෙනවා නේ එතකොට 3.6ත් කියන එකත් ඒ විදිහට සම්බන්ධ වෙලා එනවා.

දැන් ඒකත් එක්ක එනකොට මට තේරුණා ඕක බලාගෙන යනකොට නිරෝධයට යනවා. සිත නිරෝධයට යනවා. පල්ලෙහා කොටස විතරයි මෙනෙහි කරන්නේ. ඒත් නිරෝධයට යනවා කියන එක තේරෙනවා. ඉතින් ඕක වෙලා තියෙන්නේ ඔය සබ්බාසව සූත්‍ර diagram 3 දි, අපි බැලුවොතින් අපි ලකුණු කරලා තියෙනවා නේ අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් line එක තියෙනවා ප්‍රියේහි විප්පයොගයට යනවා කියන line එක. එතකොට ඔන්න ඔය line එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි, මේක සිද්ධ වන්නේ. අර ඉදංසච්චය දැන් කියන්නේ නෑ, මේවා සත්‍යයක් කියලා. පවතිනවා කියලා ඒක කියන්නේ නෑ. අන්න ඒ තත්වය ඇති වෙලා තමයි මේක නිරෝධය කියන එක එන්නේ. එතන ඒ තමන්ට ඉන්න පුළුවන් ඒ විදිහට ඒ නිරෝධ ධර්මයේ, ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙන්න යනවා කියන එක මට තේරුණා. මේ නිරෝධයට යනවා, නිරෝධයට ගිහිල්ලා ඉන්න පුළුවන් බොහෝ කාලයක්, ගොඩාක් ධර්මයන් අවශ්‍ය නෑ. මෙතනදි අර රූපයත් එක්ක ම ඒ පල්ලෙහා කොටස මෙනෙහි කිරීමෙන් ඒ නිරෝධයේ ඉන්න පුළුවන් කියන එක තියෙනවා.

ඒක තමයි මම කළ භාවනාව.