Date: 07/06/2015 Name: බිඳුණු දිට්ඨි අනුසය

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වන බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවේ දී අපි ඉගෙන ගත්තා රූපයයි, මුලින් ඉගෙන ගත්තා වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨියයි බිඳීම, කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ ආපහු ඉගෙන ගත්තා, ඒක තමයි අපි කිව්වේ වේදනාවේ ජරාව කියලා. ආපහු අපි කිව්වා සඤ්ඤාවයි සඤ්ඤාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳිලා ගියා. ඒක තමයි සඤ්ඤාවේ ජරා ධර්මය කියලා. එතකොට රූපයයි රූපය නිසා මම පවතිනවා කියලා ඒක බිඳිලා ගියහම, ඒක තමයි රූපයේ ජරා ධර්මය කියන එක වෙන්නේ. දැන් එහෙම නම් මේ තුන ම බැලුවායින් පස්සේ, දැන් එනවා මමයි මම පවතිනවා කියන දිට්ඨියයි කියන එක බිඳිලා යනවා කියන එක.

එතකොට ඕක අපි ලකුණු කර ගත්තොතින් ඔය ජරාව කියන එක අපි සබ්බාසව සූත්‍රයේ අපි පෙන්නලා දීලා තියෙනවා 5.3 කියන තැන සඤ්ඤාවේ ජරාව. ඊළඟට අපි ආපහු දන්නවා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක ගත්තහම එතනට අපි දානවා 4.6. ඒ කියන්නේ වේදනාවේ ව්‍යාධිය කියලා. දැන් එහෙම නම් අර රූපයේ ව්‍යාධි කියන එකත් 3.6. ඒකත් අතෙන්ට ම ලියාගන්න පුළුවන්. ඔය දෙක මැද්දේ තියෙන්නේ දෝමනස්සය කියන එක. මේ රේඛාව මැද්දේ දෝමනස්සය ජරාව. දෝමනස්සය තියෙනවා නම් අප්‍රියේහි සම්පයොගය කියලා අපි ගත්තා නේ.

එතකොට දැන් ඔන්න ඔය point එක තමන් අල්ල ගත්තහම, දැන් අපි හිතමු අපි කෙනෙක් භාවනාව පටන් ගන්නවා කියලා, ලෝභය නැති කරමි කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත කියලා. එතකොට ඔය තැනට එනවා අපි අර උඩ ඉඳන් පදුට්ඨමනසඞ්කප්පය. පදුට්ඨමනසඞ්කප්පය එනවා පරාමාසය හරහා කෙළින් ම ජරාව කියන තැනට එනවා කියන එක තියෙනවා. එතකොට ඕක අපි ලකුණු කරනවා නේ පරාමාසයෙන් එන එක, අර සෝකයයි කියලා ලකුණු කරනවා නේ වේදනාවයි භය අගතියයි කියන අතරට. දැන් එහෙම නම් අපිට පේනවා මේ අපි ඉන්නේ, මේ දෝමනස්සයයි සෝකයයි අතර තමයි මේ කතාව කියන එක තියෙන්නේ කියලා පේනවා.

එතකොට මෙන්න මේ තත්වයට සිත ආවහම, එහෙම නම් අර, අර දිට්ඨි අනුසය කියන එක බිඳෙනවා. දිට්ඨි අනුසය තියෙන්නේ ඕකෙ නේ. ව්‍යාධියයි වේදනාවයි අතර තියන දිට්ඨි අනුසය. මෙන්න මේ විදිහට දැක්කට පස්සේ, ඒ කියන්නේ මම පවතිනවා කියන එක නැත්තන්, මමයි මම පවතිනවා කියන අදහසයි නැත්තන් එහෙනම් ඉතින් දිට්ඨි අනුසයක් නෑ. දිට්ඨි අනුසය ඒ වෙලාවට බිඳෙනවා. ඒ බිඳුණට පස්සේ තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිරෝධය කැමති වෙනවා නම් නිරෝධයට යන්න පුළුවන්. අනාශ්‍රව ඉන්නවා කියලා කැමති වෙනවා නම් ඒ අනාශ්‍රව විදිහට ඉන්න පුළුවන්. ඒක, ඒක පුදුමයි ඒ විදිහට ගත්තහම. දැන් මම දෙතුන් පාරක් ම ඒ විදිහට නිරෝධයට ගියා. ඒ රහතන් වහන්සේ දැන්, දැන් මම බැලුවා කෝ අනාශ්‍රවය කියන එක. රහතන් වහන්සේ ඇහුවා “ඔය නිරෝධයට ගියේ අනාශ්‍රව ඉඳල ද නැද්ද කියලා.” මම බැලුවහම ඔන්න මට පේනවා අනාශ්‍රව ව ඉන්නවා. ඉඳලා තමයි ඒ නිරෝධයට යන්නේ කියලා.

දැන් හරි පුදුම වැඩක් උණා. දැන් මම රහතන් වහන්සේ “ඇතියි” කිව්වා. මේක ඉතින් දැන් නවත්තන්න ඕනෙ නේ. නවත්තලා ඉවර වෙලා ඊට පස්සේ දැන් මේක ඉතින් දැන් ඔයගොල්ලන්ට කියනවා කියලා ආපහු බලන්න, ආපහු කල්පනා කරනකොට ම ආපහු මම නිරෝධයට එහෙම ම ගියා. අරකේ අර පුරුද්ද මේක තියෙනවා නේ. ඉතින් දැන් කොහොම ද මේක කියන්නේ. ඉතින් රහතන් වහන්සේ මට මේක, ඕක වෙන්න ඉස්සෙල්ලා ම අද උදේ ඒක, ඒක අර කොළේ ඇන්දා නේ ඉතින් රහතන් වහන්සේ කිව්වේ, ඇඳලා තියෙනවා නේ ඒක නිසා ඒක කියන්න පුළුවන් කියන එක. අර ඒක කියන්න කියලවත් තමන්ට ඒක ඉන්න කතාවක් ඇත්තේ නැහැයි කියලා තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

රූපය රූපය නිසා පවතින්නේ නැත්තන්, වේදනාවයි වේදනාව නිසා පවතින්නෙත් නැත්තන්, සඤ්ඤාවයි සඤ්ඤාව නිසා පවතින්නෙත් නැත්තන්, මේක හරියට යට දිරපු ගෙයක් වාගේ. යට ලීවල දිරල නම් තියෙන්නේ, උඩ ගේ පවතින්නේ නෑ.

එහෙම නම් අර රූපයයි සඤ්ඤාවයි චේතනාවයි කියන bar එක කැඩිලා වැටෙනවා. ඒක නිසා අර චේතනාව. භව ආශ්‍රවය කියන එකට පහර වදිනවා නේ එතන. ඒකේ පෙන්නනවා නේ අර චේතනාවේ අර්ථ දැක්වීම, “කාමේසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා,” භවයේ අල්ලා ගැනීමක් නෑ. කඩාගෙන වැටෙනවා ඒක වැටුණට පස්සේ නිරෝධය කියන එක ඒ මනුස්සයාට තියෙනවා.