ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වන බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම භාවනාව පටන් ගත්තේ ලෝභය නැති කරමි කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. එතකොට එතනින් කෙළින් ම ජරාවට මේ පැත්තෙන් එනවා. අනිත් පැත්තෙන් පදුට්ඨමනසඞ්කප්පය ජරාවට එනවා. මේක දැකපු ගමන් මගේ කෙළින් ම සති ඉන්ද්රිය කියන එක පත්තු උණා. එතනින් කෙළින් ම අර සඤ්ඤාව කියන එකට යන්නේ නෑ කියන එක ආවා. ඒ වගේ ම මේ පැත්තෙන් මට විරිය ඉන්ද්රිය පත්තු වෙන්න ගත්තා.
එතනින් තියෙන්නේ මොකක් ද? අපි දන්නවා චේතනාවේ ඉඳන් අර අලුත් සංස්කාරයන් හදන්නේ නැහැයි කියලා එතෙන්ට එන්නා වූ ඒ විරිය. ඒක පත්තු උණාට පස්සේ මට දැන් දැනෙනවා සතිය. ඒ කියන්නේ, අපි දන්නවා අර ජීවිත ඉන්ද්රිය ගැන කතා කරපු වෙලාවේ පෙන්නුවා මේකේ නිත්‍යභාවයක් නෑ. ඒක නිසා, ඒ කියන්නේ විඤ්ඤාණය මුලින් ම සකස් වෙන්නේ මේ විදිහට මේ ධාරාව ගැලීමෙන්. එතකොට “ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයො” කියන එක එනවා. මෙතනදි අර නිත්‍ය කතාවක් නැහැයි කියලා අනිත් පැත්තට ඒක ආවා.
ඒකේ ආවායින් පස්සේ අපි එනවා කෙළින් ම අර පල්ලෙහා තියෙන්නා වූ අර සෝකය කියන තැනට, පරාමාසය හරහා සෝකය කියන තැනට එනවා. දැන් ඔය සෝකය කියන තැනට ආවා නම් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ අපි කළා, ඔය සබ්බාසව සූත්‍ර diagrams 3 එකේ, මේ පස් වැනි slide එක. ඒකේ පෙන්නුවා අර සෝකය 4.4 එතනින් එනවා 5.3 සඤ්ඤාවේ ජරා කියන එකට.
එතකොට අපි සඤ්ඤාවේ ජරා කියන එක දැන් අපි තේරුම් ගත්තා නේ. සඤ්ඤාවත් සඤ්ඤාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම සඤ්ඤාවේ ජරාව. එතකොට ඔතනට ආවාහම ඊළඟට ඕක සම්බන්ධ වෙන්න ඕනැ අපි අර ඊයේ කරපු භාවනාව. ඊයේ කරපු භාවනාවේ පෙන්නුවා, අර අප්‍රියේහි සම්ප්රයෝගය දැන් 5.3 ජරා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. අප්‍රියේහි සම්ප්රයෝගය තියන තැනට එනවා, 4.6 වේදනාවේ ව්‍යාධිය ඒ වගේ ම 3.6 රූපයේ ව්‍යාධිය. ඔය දෙක මැද්දේ තියෙන්නේ දෝමනස්සය.
දැන් ඕක රහතන් වහන්සේ මට පෙන්නුවේ මෙහෙම ඇඳ ගන්නෙයි කියන එක. දැන් අපි අර sorrow සෝකයේ ඉඳන් ජරාවට ආවා, ජරාවේ ඉඳන් අපි triangle එකක් දානවා ජාතිය තියන පැත්තට පල්ලෙහාට එන්නා වූ එක. එතන අප්‍රියේහි සම්ප්රයෝගය, මේ පැත්තෙන් තමයි එතනදි මේවා වෙන්නේ. මොකද මේක 3D diagram එකක් නේ. එතකොට නැත්තම් මනුස්සයන්ට පැටලෙනවා මොකද අප්‍රියේහි සම්ප්රයෝගය කියන එක තියෙන්නේ එහා පැත්තේ. දකුණු අත පැත්තේ. දැන් මේක 3D විදිහට අනිත් පැත්තට ගන්නවා. ගත්තහම දැන් ඔන්න අපිට පේනවා සෝකයයි උඩ තියෙන්නේ 5.3 ජරාව, ඊළඟට අපි යන්නේ අප්‍රියේහි සම්ප්රයෝගය අපි දන්නවා ඔය ජරා, දෝමනස්ස නම් අප්‍රියේහි සම්ප්රයෝගය. ඉතින් මැද්දේ තියෙන්නේ දෝමනස්සය කියන එක. මෙතන අප්‍රියේහි සම්ප්රයෝගය. ඒ අප්‍රියේහි සම්ප්රයෝගය තියන තැන අපිට තියෙනවා, අර වේදනාවේ ජරාවයි රූපයේ ජරාවයි කියන 4.6, 3.6.
ඉතින් අපි දන්නවා දැන් අපි මේ දෝමනස්සයට ආවහම, දැන් දෝමනස්සයයි සෝකයයි යා කරන්න ඕනෙ එතනින්. දැන් අපි දන්නවා, මතක ද අපි බලලා තියෙනවා flow එක 4.4 සෝකය සල්ලයක් pump වෙනවා වාගෙ ඊට පස්සේ 5.4ට යනවා. දැන් එහෙනම් අපිට triangle එක පේනවා 4.4 සෝකය, 5.3 සඤ්ඤාවේ ජරාව, ඊළඟට මෙතන තියෙනවා 5.4 කියලා ඒ දෝමනස්සය. දෝමනස්සයයි මේකයි යා වෙලා. මෙන්න මේ triangle එකට ආවහම කෙනෙක්, මනස හරි ශාන්තයි. කලබලයක් නෑ. මේ භාවනාව බොහොම හෙමින් කළ යුතු භාවනාවක්. මේ දැන් ආපු පාර හෙමින් එන්න ඕනෙ. මෙතනට ඇවිල්ලා බොහෝ ම ශාන්ත ස්වභාවයකින් තියෙනවා.
රහතන් වහන්සේ කිව්වා “දැන් ඔබට කැමති දෙයක් කළ හැකියි” කියලා. ඒ ශාන්ත ස්වභාවය. ඉතින් මම කළේ අර body එකේ කොටසක් repair කළා. ඒ කොටස repair කරනකොට හොඳට දැනෙනවා එතන. ඒක කලබලයක් නෑ. අර ජීවිත ඉන්ද්රිය repair කරනවාට වඩා බොහෝ ම ශාන්තයි. ඒ කියන්නේ ලොකු මනුස්සයෙකුට පොඩි කඩදහි කොලයක් උස්සනවා වගේ පොඩි දෙයක් නේ. ආන්න ඒ වාගේ වෙහෙසක් නෑ, බොහොම ශාන්තව ඒක කෙරෙනවා.
ඊට පස්සේ ඔය ඊයේ ඔය වරින්වර වර ඔය මගේ body එකේ repair කෙරිල්ලක් මම කළා. ඉතින් ඔය වෙලාවේ දී එක භාවනාවක දී මට තේරුණා pituitary gland එකේ repair කෙරෙනවා කියන එක. ඒක මම දන්නවා එතනදි එහෙම එකක් කියලා.
එතකොට දැන් මම ඒකත් කළා. ඒකත් ඒ විදිහට. හැබැයි එතෙන්දි නම් ඒ වෙලාවේ දී ප්‍රීතිය කියන එක අධිකව ඇති උණා. මේ විරිය ඉන්ද්රිය හොඳට පත්තු වෙනවා ඒ gland එක repair කරන වෙලාවේ, ඒක පත්තු වෙලා මේ ඒකෙන් ප්‍රීතිය ගලනවා. ප්‍රීතිය ගලලා ඒ path එකක් හරහා යනවා අර කොණ්ඩය වාගේ. අපි කිව්වේ brain එකේ cerebrum කියලා ආන්න ඒක. ඒ පැත්තේ මොනවා හරි එකක් යනවා කියන එක හොඳට දැනෙනවා, මේ brain එකේ මෙහෙම සෙල්ලමක් වෙනවා කියන එක.
ඉතින් ඕක තමා මම කරපු භාවනාව. මේක තනිකර බෙහෙත. බෙහෙත් කිරීමක්. ඉතින් ඇත්ත ම කියනවා නම් ඊයේ රහතන් වහන්සේ මට කිව්වා ඒක උණාට පස්සේ “ඔබගේ blood sugar, diabetics මේවා වෙනවා ඉතින් blood sugar හෙට check කරලා බැලුවහම හයයි” කියලා. හරියට ම හයයි. ඒ ගාන හරියට ම හය ඇවිල්ලා තියෙනවා අද උදේ බලපුවහම.
ඒක තමයි මං කරපු භාවනාව.