Date: 09/06/2015 Name: Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වැනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ දෙවැනි බුදුපියාණන් වහන්සේ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ඔය විදිහට අනුපිළිවෙළින්, තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කරගෙන ගියා.

ඉතින් මම මේ එහෙම කරනකොට ම මට ඒ සඤ්ඤාවන් ආවා. ඒ බුදු පියාණන්ගේ ආලෝකය කියන ඒවා මම දැක්කා ඒ බුදු පියවරුන්ගේ. පස් හය නමක ම දැක්කා.

එතකොට මම කළේ ඊයේ භාවනාව. මම පටන් ගත්තා ලෝභය, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ඊළඟට පදුට්ඨමනසඞ්කප්පය විඤ්ඤාණයෙන් කෙළින් ම ජරාවට එනවා කියන එක. ඉතින් ඔය ඊයේ භාවනාවේ diagram එක ඇඳලා internet එකටත් ඊයේ රාත්‍රියේ දැම්මා. ඉතින් ඕක 3D විදිහටයි ඒක බලන්න ඕන. ඉතින් ඕකේ අපි ඊයේ හඳුන්වා දුන්න නේ triangle එකක් අර ජරාවයි, අප්‍රියේහි සම්පයොගයයි, සෝකයයි තියෙනවා. ඉතින් ජරාවයි අප්‍රියේහි සම්ප්‍රයෝගයයි කියන එක ගත්තහම අප්‍රියේහි සම්ප්‍රයෝගයේ තියෙනවා ඔය 4.6, 3.6 කියන එක. ඒ කියන්නේ රූපයයි රූපය නිසා පවතින්නේ නැහැයි කියලා ඇති උණා වූ ව්‍යාධිය කියන එක. ආපහු තියෙනවා වේදනාවයි වේදනාව නිසා පවතිනවා කියලා ඇති වෙන්නේ නෑ කියලා ඒ වේදනාවේ ජරාව ඒකෙන් ඇති වන ව්‍යාධිය.

එතකොට ජරා කියලා කිව්වහම 5.3 කියලා අපි කියනවා සබ්බාසව diagram එකේ. ඒක ඇවිල්ලා සඤ්ඤාවේ ජරාව. ඉතින් මේ රේඛාවට වැටෙනවා අර දෝමනස්සය කියන එක. එතකොට ඒ වගේ ම තමයි වේදනාවයි භය අගතියයි රේඛාව, ඊළඟට ඔය ජරාවයි පරාමාසයයි කියන එක. අපි එතන, ඒක යටින් තමයි යන්නේ, හැබැයි අපි උඩ point එක සෝකයි කියලා ගත්තොතින්, අපිට ඔය triangle එකක් හැදෙනවා. සෝකයයි අප්‍රියේහි සම්ප්‍රයෝගයයි ජරාවයි කියන.

ඉතින් අපි තේරුම් ගත්තා මේ සෝක අවස්ථාවේ දී අර දිට්ඨිය කියන එක බිඳිලා. ඇයි? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳිලා. වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨියත් නැති වෙලා. ඊළඟට ඒක නේ ඒක ජරාව කියලා කිව්වේ අපි. සඤ්ඤාවයි සඤ්ඤාව නිසා මම පවතින්නෙත් නෑ දැන්. ඒ විදිහට දිට්ඨිය බිඳීම තමයි අපි ඔය ජරාව කියලා කියන්නේ. එහෙම නම් මමයි මම පවතිනවා කියන කතාවත් නැහැ කියන එක.

ඉතින් මේ භාවනාව ඔය විදිහට කරගෙන ගියා. ඒ කරගෙන ගිහිල්ලා ඉතින් අපි ඊයේ කිව්වේ ඕක අර ඇඟ repair කරන්නත් භාවිතා කරන්න පුළුවන් ය කියලා. එතකොට මම මෙහෙම බැලුවහම ඉතින් දැන් මම අලුතින් ධර්මයකුත් මෙතන නෑ. ඉතින් අර බුදු පියවරුන්ගේ ආලෝකයක් මම දැක්කා. ඉතින් මම කල්පනා කළා ඉතින් ඒක ඒ බුදු පියවරුයි, ඒ බුදුපියවරු නිසා මම පවතිනවා කියන එකකුත් ඒකත් නැහැයි කියන එක. එතකොට ඒ විදිහට. ඒක හැබැයි මේකේ වටිනාකම තමයි කියන්නේ මනස බොහෝ ම සන්සුන්. ඒක නිසා අර කිසීම ගැටීමක් මේකක් reaction එකක් නැති තත්වයක්.

ඔහොම ටිකක් ඉන්නකොට ඒ මණ්ඩලාධිපති බුදුපියා පෙන්නුවා, දැන් ඉතින් කබලිංකාර ආහාරයයි එතනින් අපිට එනවා භය අගතියයි එහෙම නම් එතනින් විඤ්ඤාණයයි කියන එක. දැන් එතනින් ගත්තහම දැන් මේක පවතින්නේ නැහැ. මේක පවතින්නේ නැහැයි කියන්නේ දැන් මෙයා බයයි.

මොකක් ද? විඤ්ඤාණ කියන එක නංවන්න බයයි. ඒ කියන්නේ, පවතින්නේ නැත්නම් මොකට ද හදන්නේ. අන්න එහෙම අදහසක් තියෙනවා. කුඩා දරුවෙක් එයා කවදාවත් හිටගෙන ඉඳලා නැත්නම්, එයා හිටගන්න කිව්වහම බයයි. ආන්න ඒ වාගේ විඤ්ඤාණය නංවන්න බයයි. නැංවෙන්නේ නෑ, ඒක නිසා.

දැන් මට පේනවා හරියට අර උඩ පරාලය කඩාගෙන වැටෙනවා වාගේ. විඤ්ඤාණ කෙළවරෙන් ඔන්න ඉදංසච්චය පැත්තට පාත් වේගෙන එනවා. ඒ පාත් වේගෙන ඇවිල්ලා ඔන්න මෝහ අගතිය කියන තැනට එනකල් ම දැන් මේක පාත් වෙලා ගිහිල්ලා, ඒ කියන්නේ මෝහ අගතිය කියන එක ගැලවිලා ගිහිල්ලා. විඤ්ඤාණයේ නැංවීමක් එතන නෑ. එතකොට එහෙනම් අර තියෙන්නේ අර කබලිංකාර ආහාරයේ ඉඳන් මෝහ අගතියට දක්වා ම රේඛාව දැන් තමන්ට පේනවා.

දැන් ඊළඟට ආපහු පේනවා අපිට, අපි බැලුව නේ අර ජාතියයි භය අගතියයි චේතනාවයි කියලා අර දිට්ඨි බිඳෙන අවස්ථාවේ දී අපි බැලුවා triangle එකක්, ජාතියයි, භය අගතියයි, චේතනාවයි. ඉතින් ඕකේ ක්‍රමානුකූලව පෙන්නුවා මේ එක එක triangle එක ගැලවිලා ගැලවිලා යන හැටි. ඒ කියන්නේ ඉතින් අර වේදනාවත්, දිට්ඨි අනුසය පාරේ වේදනාව තියෙන්නේ, ඉතින් ඒක බිඳිලා යනවා මේක පවතින්නේ නැහැයි කියලා. ඊට පස්සේ ඒකේ අර උඩ triangle එක වේදනාවයි පරාමාසයයි උඩ චේතනාව. සඤ්ඤාවයි සඤ්ඤාව නිසා මම පවතින්නේ නැහැයි කියලා. ඊට පස්සේ තමයි අපි රූපයයි රූපය නිසා මම පවතින්නේ නෑ කියලා අර අනිත් පැත්තට ආපහු ඒ බැලුවේ.

එතකොට එහෙනම් දැන් පේනවා මේකේ ඔන්න ඔය තත්වයට ආවහම, ඉතින් රහතන් වහන්සේ “සාදු, සාදු” කියලත් කිව්වා. ඒ හරිය වෙනකොට ඉතින් කඩාගෙන වැටිලා. ඒ කියන්නේ නිරෝධයට තමන් යනවා කියන එක එතන ඒක සිද්ධ වෙනවා. ඒ භාවනාවෙත් තිබුණ නේ ඒක නිරෝධයට. මේ පැත්තේ ඉඳන් ම ගලෝගෙන ගලෝගෙන ඇවිල්ලා වැටිලා තියෙන්නා වූ ස්වභාවය කියන එක.

මේකේ අර හොඳට තේරුම් ගත යුතු ධර්මය තමයි අර විඤ්ඤාණය කියන එක නංවන්න බැහැයි කියන එකයි. අර කුඩා දරුවගේ කතාව. එයා බයයි. ඒක නිසා හිටගන්නේ නෑ. එහෙම නම් විඤ්ඤාණයත් නැංවෙන්නේ නෑ. අන්න ඒකයි තියෙන්නේ. විඤ්ඤාණය නැංවෙන්නේ නැත්තන් ඉතින් නිරෝධය කියන එක තමන්ට හිමි වෙනවා එක පවතිනවා කියන එක.

ඒක තමයි කරපු භාවනාව.