ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම පටන් ගත්තේ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ඒ ජරාවට ඇති කැමැත්ත එතකොට ඒ පුද්ගලයා මේ ජරාවට කැමති වෙලා, ඒ පුද්ගලයා යනවා භයෙන් අගතියට. එතකොට අපිට එහෙනම් පේනවා ජරාවේ ඉඳන් කබලිංකාර ආහාරයට, කබලිංකාර ආහාරයේ ඉඳන් භය අගතිය දක්වා එන්නා වූ රේඛා දෙක පේනවා. එතකොට දැන් බලන්න භය අගතියේ ඉඳන් ඒ කබලිංකාර ආහාරය දක්වා තියෙන රේඛාවේ තමයි වේදනාව, දිට්ඨි අනුසය කියන එක එහෙම තියෙන්නෙ. දැන් අපි දිට්ඨිය බිඳෙනවා කියන එක අපි ගත්ත නේ දැන් රූපය, රූපයත් එක්ක නිසා පවතින්නේ නැහැයි කියලා දිට්ඨියක් ආවා. ඒකෙන් හිතන්න හොඳ නැහැ මේ දිට්ඨි අනුසය කියන එක, ඒක බිඳෙනවා කියලා, පළවෙනි පාරට ම. මොකද අර වේදනාව නිසා පවතිනවා සඤ්ඤාව නිසා පවතිනවා කියන එක තියෙනවා.
එතකොට දැන් මේකත් එක්ක දැන් මට සිතට දුන්නා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් හිතනවා නම්, මරණින් මත්තේ ඉපදෙන්නේ නැතෙයි කියලා. එහෙම නම් ඒ පුද්ගලයා, මේ මළාට පස්සෙ කාම විතක්කයන් උපදවන්නේ නැති වෙන්න ඕනේ, ව්‍යාපාද විතක්කයන්, විහිංසා විතක්කයන් උපදවන්නේ නැති වෙන්න ඕන. ඒ කියන්නේ මොකක් ද? මේ දැන් ජීවත් වෙලා ඉන්නකොටත්, විඤ්ඤාණය මළහම, කාම විතක්කයන් ව්‍යාපාද විතක්කයන් විහිංසා විතක්කයන් උපදවන්නේ නැති වෙන්න ඕනේ. උපද්දවනවා නම් ඉතින් ඉපදෙනවා නේ නේ ද. එතකොට දැන් ඔන්න මට එනවා අතන දී අර “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං” විරියට. ඒ කියන්නේ අපි ඕක ඉගෙනගෙන තියෙනවා. ප්‍රියේහි විප්‍රයෝගය ඉඳන් ජාතියට තමයි එතන යන්නේ කියන එක. ඒ කෑල්ල නේ අපි අනුප්පන්නානං පාපකානං කියලා නවත්තන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ මේ මනුස්සයා කාම විතක්කයන් උපද්දවනවා නම් එතනින් අපිට පේනවා එයා ඒ ආවා එතනින් ජාතිය දක්වා ආවා කියලා කියන්නේ ඉතින් රාග සල්ලයෙන් අල්ලලා රූපයට යනවා. උඩ පැත්තට යනවා. මේක මේ වෙනවා කියන එක. දැන් මෙයාගේ හිතන්න, අර රූපයයි රූපය නිසා පවතින්නෙ නැහැ කියන දිට්ඨිය විතරක් බිඳුණා කියලා.
ඒක විතරක් බිඳිලා තිබුණට මෙයා කල්පනා කරන්නේ මේ මේකත් එක්ක නේ බැරි අර අනිත් රූපයත් එක්ක පුළුවන්. දැන් ඔයගොල්ලෝ tofuත් එක්ක බත් කාල තියෙනවා නම්, tofu නැත්නම් කඩේකවත් කොහේවත් ගන්න නැත්නම් පවතින්නේ නැත්නම් දැන් කල්පනා කරනවා ඉතින් මට සම්බෝලත් එක්ක කාල ඉන්න පුළුවන් නේ. දැන් පේනවද එයාට වෙන ක්‍රමයක් හොයා ගත්තා. දැන් යන්නෙ කොහෙද? එයා යන්නේ ඔය ජාතියේ ඉඳන් අර ධම්මමච්ඡරිය පාරේ. ධම්මමච්ඡරිය පාරේ යනවා, ගිහිල්ලා මේකට වෙන method එකක් තියෙනවා. Tofu නේ නැත්තෙ සම්බෝල තියෙනවා කියලා එතකොට එයා ඉතින් ඒ කියන්නේ දැන් තියෙන්නෙ මොකක් ද? පැවතිය හැක කියන එක. අරකේ තිබුණේ පවතිනවා කියන දිට්ඨියයි අතන කතාව ආවේ. මේ කුණත් එක්ක බෑ, මේ ඇණේ නම් මලකඩ කාලා, ආ මම හොඳ වැඩක් කරන්නම්. මම හොඳ ඇණයක් අරගෙන එන්නම් මලකඩ කන්නේ නැති සුදු යකඩ ඇණයක් හරි අරන් එන්නම්. එතකොට ඒකත් එක්ක පැවතිය හැක. ඉතින් පැවතිය හැකි කිව්වහම එහෙම නම් ඔන්න චේතනාවෙ ඉඳන් අර ඉදංසච්චයට යන්නා වූ එක කියන එක තියෙනවා ඉතින් ඉදංසච්චයට ගියා නම් ඉතින් ඉදංසච්චයේ ඉඳන් ඔයගොල්ලො ආපහු එන්නේ ප්‍රියේහි විප්‍රයෝගයට. ඇයි අපි path එක කලින් බැලුවා නේ සබ්බාසව එක කරනකොට. ඉදංසච්චයේ ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයට ආපහු එන්නෙ. මේකත් එක්කත් බෑ, මොකද අර ඇණෙත්, ඊළඟට පේනවා අපිට ආපහු ජරා වෙලා ඒ ස්වභාවයට පත් වුණා කියන එක. දැන් එහෙනම් අතන අපිට පවතිනවා කියන එක එක පාරක් කැඩුණා. පැවතිය හැකි ය කියන එක දැන් ඊළඟ පාරත් කැඩුණා.
දැන් ඔය විදිහට දැන් අපි එකක් ඉගෙන ගත්තා මෙතැන දී, අර මැරිලා ඉපදෙන්නා වූ පුද්ගලයා, මැරුණායින් පස්සෙ ආපහු ඉපදෙන්නේ නැහැයි කියන පුද්ගලයා එහෙනම් මේ ජීවත් වෙලා ඉන්නකොටත් කාම විතක්කයන්, ව්‍යාපාද විතක්කයන්, විහිංසා විතක්කයන් උපදවන්නේ නැතිව ඉන්නවා කියන එක ඒක කරන්න ඕනේ. දැන් එතන මේ දෙක ආවට පස්සෙ ඉතින් මට තේරෙනවා මේ දැන් ආපහු අලුත් එකක් එක්ක යන්න ඉන්නෙ කවුද නන්දිය නේ, මැරිලා ඉපදෙන්න තිබෙන්නා වූ කැමැත්ත කියන එක තියෙන නිසයි මේ තියෙන්නෙ. මේ රූපයත් එක්ක බැහැයි කියන එක කිව්වා හැබැයි tofu නැති වුණාට සම්බෝලත් එක්ක පුළුවන් වෙයි කියන එක කිව්වා. එතකොට එයාගෙ තියෙනවා මේ මැරිලා ඉපදෙන්න තියෙන කැමැත්ත කියන එක.
ඒ වෙනකොට මට හොඳට තේරුණා ඒ නන්දිය කියන අවස්ථාවේ දී ඒ රහතන් වහන්සේලා “සාදු” කියලත් කිව්වා මට එදා හොඳට තේරුණා මේ විඤ්ඤාණඤ්චායතනය කියන එක බොහෝ ම හොඳට තියෙනවා. හය වෙනි ධ්‍යානය කියන එක. එතකොට මේකේ මම මේ බොහෝ වේලාවක් ඒකේ හිටියා.
ඉතින් ටිකක් වෙලා ගිහිල්ලා ඉතින් ඔය සඤ්ඤාවන් එහෙම එන්නේ නැති වෙන තත්වයට එහෙම පත් වෙලා. ඒ කියන්නේ ඔයගොල්ලො මොකක් හරි එකක් බලාපොරොත්තු වුණා කියමුකෝ. ඒ රූපය ගැන කතා නොකළාට වේදනාව ගැන යම්කිසි දෙයක් කල්පනා කරා නම් ඒකෙත් බලාපොරොත්තුවක් තියෙනවා නම් විතරයි මේ තමන් පල්ලෙහාට වැටෙනවා නම් වැටෙන්නේ. මේකේ, ඒ කියන්නේ තමන් ඉහළට ම තමයි යන්නේ. ඉතින් මේ විඤ්ඤාණඤ්චායතනයෙන් පහළට මං වැටුණේ නෑ. ඒ කියන්නේ එතන ඉඳගෙන එතනින් හත වුණා, ඒ අට වුණා, ඒ නිරෝධයට ගියා කියන එක තියෙනවා. ආපහු නිරෝධයට ගිහිල්ලා ආවත් ආපහු මම හයේ, හයෙන් පල්ලෙහාට වැටුණේ නෑ. අන්න ඒක තමයි අර කියන්නේ මේ base infinity of consciousness කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ base එක. තමන්ගේ ඇවිල්ලා පදනම හැටියට තියෙන්නෙ විඤ්ඤාණඤ්චායතනය. එතනින් පල්ලෙහාට නෑ. ඔය සූත්‍ර පිටකයේ තියෙනවා base infinity of consciousness කියලා. විඤ්ඤාණඤ්චායතනය, ඒක පදනම. එතනින් පල්ලෙහාට වැටිල්ලක් නෑ. වැටෙන්නේ නැතුව ඒ සම්පූර්ණයෙන් ඉන්න පුළුවන් කොයි ධ්‍යානයට ගිහිල්ලා ආවත් තමන් මෙතනින් පල්ලෙහාට වැටුණේ නෑ. ඒක තමයි මේ මම කරපු භාවනාව.
ඒකෙ තියෙන්නෙ අර ඉදංසච්චයට ආවා නම් ඉදංසච්චයේ ඉඳන් අපි එනවා ප්‍රියේහි විප්‍රයෝගයට. දැන් අන්න අර diagram එකේ, අලුතෙන් හදපු diagram එකේ connect කරන්න ඕනේ මොකක් ද? ජාතියයි, දුක්ඛයයි, ප්‍රියේහි විප්‍රයෝගයයි. දැන් මෙයාට පේනවා මොන ආකාරයට ගත්තත් මේක බෑ, මැද්දේ ඉන්නේ දුක්ඛය. අන්න ඒ point එකට ඇවිල්ලා තියෙන්නෙ. කොහොම කළත් දුකයි කියන එක. ආන්න ඒ වේදනාව ඒක නිසා, දුක නිසා, මනෝමය කයෙන් හිටියත් දුකයි. අපි කියන්නේ දුකයි කියලා කිව්වහම කාලා නෑ වගේ දුකයි කියල නේ කිව්වෙ. ඒක දුකයි. එතකොට කොයි ආකාරයට ගත්තත් මගේ මේ නන්දිය තියෙනවා මැරිලා ඉපදෙන්නෙයි කියන නන්දිය නිසායි මේක වෙන්නේ. කොහොම කළත් මේක දුකයි. අන්න ඒක නිසා තමයි ඒ විඤ්ඤාණඤ්චායතනය කියන එකේ ඒක පවතිනවා කියන එක ඒකෙ තියෙන්නෙ.