ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාව පටන් ගත්තේ ලෝභය නැති කරමි. ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ඒ කියන්නේ චේතනාව දක්වා ම මෙතන ලෝභ කොටුව බලලා, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත කියන එක. ඊළඟට අනිත් පැත්තෙන් අපි දන්නවා අර පදුට්ඨමනසඞ්කප්පය කියන එක ජරාව දක්වා ගමන් කරනවා. එතකොට මෙතෙන්ට ඇවිල්ලා Base infinity of consciousness කියන ඒ භාවනාවේ විදිහට මම බලාගෙන ආවා. ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගය අර 4.6, 3.6 මේ තියෙන කොටස බැලුවා ඒ දෝමනස්සය, මෙතැන තියෙනවා ජරා දෝමනස්ස. එහා පැත්තෙන් සෝකය තියෙනවා කියලා. ඒ විදිහට බලලා මම බැලුවා, මේ දැන් අපි කතා කළා නේ ඒ භාවනාව ඉතින් රූපය කියන එක tofuත් එක්ක ඉන්න බැරි නම්, අපි කල්පනා කරනවා සම්බෝලත් එක්ක හරි කාලා ඉන්නවා කියලා.
එතකොට ඒ කියන්නේ අපි ප්‍රියේහි විප්‍රයෝගය ඇති වෙච්ච මනුස්සයා අර අනුප්පන්නානං පාපකානං, කියලා අපි බලන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා ඇති කරන්නේ නැහැයි කියන එක. එතකොට ඒ කියන්නේ අපි ආපහු ඒ රූපයට කියන එකට අපි යන්නේ නැති වෙන්න ඕන. ඉතින් අපි ගියොතින් ඒ අර ප්‍රශ්නය ඇති වෙනවා. කබලිංකාර ආහාරයට යනවා. ඒ tofuත් එක්ක බැරි නම් සම්බෝලත් එක්ක හරි කියලා ආපහු අපි උපද්දවනවා. ඒ කියන්නේ අපි ධම්මමච්ඡරිය පාර දිගේ යනවා. දැන් අපි ඕක ඔහොම බැලුවම අපි දන්නවා විඤ්ඤාණඤ්චායතනය හොඳට පවතිනවා කියලා.
දැන් අද භාවනාවෙදි බැලුවේ, අපි හිතමු රූපය කියන එක නැති වුණා, පොතක් හරි මොකක් හරි එකක් නැති වුණා කියලා. ඒ නැති වීම කියන එක ගැන තමන්ගේ කිසිම ගැටීමක් නැත්නම්, ඒ කියන්නේ ඒ රූපයක් එක්ක භාවිතා කරලා ඒ පවතිනවා කියන එක තමන්ට නැත්නම් එහෙමත් නැත්නම් දිට්ඨි අනුසය ඉඳන් අර වේදනාවට එන්නා වූ පාර. ඒක නැත්නම්, අර අපිට හොඳට පේනවා ඒ වේදනාවත් දිට්ඨි අනුසයත් එක්ක තමන්ගේ ප්‍රශ්නයක් නෑ. එහෙම වෙන්නේ නැත්නම්, අර විඤ්ඤාණඤ්චායතනය කියන එකට යනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා භය අගතියයි, වේදනාවයි, වේදනාවේ ඉඳන් චේතනාවට, ඔන්න ඔය රේඛා දෙක කපලායි අපි විඤ්ඤාණඤ්චායතනයට යන්නේ.
එතකොට මෙතැන දීත් අර base of infinity of consciousness 2 ඒක කියන එක, ඒක පවතිනවා කියන එක මේකෙන් තේරෙනවා. ඒ කියන්නේ මොකක් ද? දිට්ඨි අනුසය තියෙන තැන තියෙන්නෙ මෙතන නම්, රූපයයි රූපය නිසා මං පවතිනවා කියලා ඇති වුණා වූ යම්කිසි ඒ භවය පවතිනවා හරි මොකක් හරි පවතිනවා කියන දිට්ඨි අනුසය කොටස නැත්නම්, ඒ පුද්ගලයාට පුළුවන්, අර වේදනාවට reaction එකකුත් නැත්නම්, ඒ විඤ්ඤාණඤ්චායතනයේ ඉන්න පුළුවන්. දැන් ඉතින් මම මේක ටිකක් බලාගෙන හිටියා. ආපහු මේ අර විදිහට ම විඤ්ඤාණඤ්චායතනය ඉතින් පල්ලෙහාට වැටෙන්නේ නැතුව තියෙනවා. දැන් මේක ආයෙත් බැලුවම දැන් මෙතන මේ මොකක් ද මේ බුද්ධ වචනය මෙතනට කියලා, දැන් මට පේනවා, රහතන් වහන්සේ උදව් කළා, අර ඒ භය අගතියයි වේදනාවට තියෙන දිට්ඨි අනුසය පාර, ඊළඟට මෙහා පැත්තෙන් තියෙනවා ජාතියයි, වේදනාවයි එතකොට අර භය අගතියෙන් වේදනාවට එන දිට්ඨි අනුසය පාර එතන කැපිලා, රූපය නිසා ඇති වෙන්නා වූ එක කැපෙනවා.
ඊළඟට අපි ආපහු අර වෙන ක්‍රමයකට ආපහු generate කරන්නේ සම්බෝලත් එක්ක කාල generate කරනවා වගේ, අර ජාතියේ ඉඳන් වේදනාවට එන්නා වූ කියන එක ඒක නෑ. ඒක නැත්නම් ඒ කියන්නේ එතන කරුණාව කියන එක එහෙම තියෙනවා. අර ගැටීමක් නෑ ගැටීමක් නැතුව ඒ තමන්ට පුළුවන්කම තියෙනවා විඤ්ඤාණඤ්චායතනයට, ඒ කියන්නේ මොකක් ද ජාතියේ ඉඳන් වේදනාවට ආපු රේඛාව, ඒ භය අගතියේ ඉඳන් කබලිංකාර ආහාරය දක්වා එන්නා වූ දිට්ඨි අනුසය රේඛාව වටා reflect වෙන්නේ නැති වෙන්න ඕනේ. එහෙම reflect වෙන්නේ නැත්නම් අපිට පේනවා වේදනාවේ ඉඳන් ඒ චේතනාව දක්වා යන්නා වූ කොටස කියන එක මැකිලා යනවා. අන්න ඒක මැකිලා යෑමෙන් ඒ විදිහටමත් අර base of infinity of consciousness කියන එකේ ඉන්න පුළුවන් කියන එක ඒක තමන්ට තේරෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.