Date: 16/06/2015 Name: Akincanna Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කරලා වැඳ නමස්කාර කරා, මේ විදිහට දාහතර නම ම ඒ ශ්‍රද්ධාවෙන් යුතුව ඔය විදිහට සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඉතින් මම භාවනාවට පටන් ගත්තේ අර ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ඒ ජරාවට ඇති කැමැත්ත. ඊට පස්සේ පදුට්ඨමනසඞ්කප්පය මේ ජරාවේ තිබිච්ච එක ම තමයි පදුට්ඨමනසඞ්කප්පයේ අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් බැලුවා අර කලින් බලපු ඔය විඤ්ඤාණ base infinity of consciousness ඒ හරිය බලපු විදිහට අන්තිමට ඒ ජරාව, එතන ඉඳන් අපි ලකුණු කරනවා නේ අප්‍රියේහි සම්ප්‍රයෝගයට, එතකොට එතන අපි 3.6, 4.6 කියලා ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගයට ලකුණු කරා. මේ පැත්තෙන් මෙතන 5.3 කියලා අපි ලකුණු කළා 5.3 කිව්වහම සඤ්ඤාවේ ජරාව කියලා. මට අද කල්පනා උණේ මේ අපි රූපයේ ජරාව කියලා කියන්නේ රූපයයි, රූපය නිසා පවතින්නා වූ දිට්ඨිය බිඳීම, වේදනාවේ ජරාව කියලා කියන්නේ වේදනාවයි, වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨියේ බිඳීම. ඒ වගේ ම සඤ්ඤාවේ ජරාව කියන්නේ සඤ්ඤාවයි, සඤ්ඤාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම.

දැන් ඒ පාර මම කල්පනා කරා දැන් ඔය 3.6, 4.6 කියන එක. මේ වගේ අර්ථ දැක්වීමක් එතනටත් එනව ද. රූපයේ ව්‍යාධිය, ඒ වේදනාවේ ව්‍යාධිය කියන එක. ඉතින් ඒක මම බැලුවහම මට කල්පනා වුණේ අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට, අපිට parallel line එකක් ඇන්දොතින් එහෙම අර ලෝභ රේඛාවත් එක්ක එහෙම වටා, ඒ වගේ ම parallel line එකක් ඇන්දොත් අර පසු සඤ්ඤාව ගැන පසු ආශ්‍රව වෙනවා කියලා කිව්වේ. ඒක වගේ අපි ඇන්දොතින් එහෙම ඉතින් මට පේනවා ඔය රාග සල්ලය එහෙම නැත්නම් විඤ්ඤාණස්ථිතිය කියන ඔය හරියේ ඉඳන් තමයි එන්නේ කියලා. ඉතින් මෝහය දක්වා ම එන්න පුළුවන් කියන එක පේනවා.

එතකොට එහෙම නම් මට එකපාරට ම කල්පනා වුණා එහෙම නම් මේ නිත්‍යයි කියන සංකල්පයත් ඒකෙ යම්කිසි බිඳීමක් සිද්ධ වුණා ද? රූපයත්, රූපය නිසා නිත්‍යයි කියන සංකල්පය බිඳීමක් උණා ද මේක තමයි රූපයේ ව්‍යාධිය කියලා. ඒක හොඳට මට ආවා. ඒ කියන්නේ අර අත්ත සඤ්ඤාව අතනින් බිඳීම ජරාව වුණා නම්, නිත්‍ය සඤ්ඤාව බිඳීම කියන එක තමයි මෙතනින් ව්‍යාධිය වෙන්නේ කියන එක. ඉතින් ඒ පාර මම අර ඉදංසච්චය කියන එක වටේට ම කරකවගෙන ගියා, අපි අර triangle එකක් කරකවලා අපි දාලා තියෙනවා නේ. ඒකෙ ඇවිල්ලා අන්තිමට දැන් ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියෙන්නා වූ ඒ රේඛාව 270° න් කැරකෙව්වාහම අපි දන්නවා අර මේ පරාමාසයට මේ පරිදේවය දක්වා ම අපි ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට එහෙම නම් දැන් ඉතින් මේ පරිදේවයත් වෙලා තමයි මේක මෙතන මේ අදහස තියෙන්නේ කියන එක එනවා.

එතකොට එහෙම නම් දැන් ඔය වගේ කැරකැවිල්ලක් ආයිත් තියෙන්න පුළුවන් නේ. ඒ ඉදංසච්චය වටා කැරකුවා වගේ ම මෝහ අගතිය ගත්තත් මෝහ අගතිය ඉඳන් ඉදංසච්චය දක්වා තියෙන කොටස ගත්තහම අවිද්‍යා ආශ්‍රවය එහෙම තියෙනවා ඔය රේඛාවත් අපිට පුළුවන් නේ කරකවන්න. ඉතින් ඕක කැරකෙව්වායි කියන්නේ දැන් නම් ඉතින් මට පේනවා මෝහ අගතියේ ඉඳන් කරකවනවා නම් අර 360°න් තව මේ 45°ක් තමයි අඩු වෙන්නෙ. ඒ කියන්නේ පරාමාසය දක්වා ම ඒක එනවා කියන එක. 315° න් ම කරකවන්න ඕනේ. එතකොට 315° න් කැරකෙව්වොතින් ඒ කියන්නේ කරකවන්නේ මොකක් ද? මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චය දක්වා තිබෙන්නා වූ රේඛාව 315° න් clockwise කරකවනවා. කැරකෙව්වාහම එහෙනම් ඔය පරිදේව කියන තැනට එනවා.

ආන්න ඒක තමයි ඒ රූපයේ දැන් මරණය කියන එක. ඒ මරණය කියන තත්වයටත් පත් වෙනවා කියන එක තමයි ඒකෙ ඇවිල්ලා තියෙන්නෙ. මොකද අර පරිදේවය වෙච්ච තැනට දැන් ඒක ඇවිල්ලා ඒ විදිහට.

ඉතින් ඔන්න ඕක තමයි. ඔය විදිහට බැලුවා ම ඉතින් ආලෝකය පවා විහිදෙනවා කියලා හොඳට පේනවා. සිත පුදුමාකාර විදිහට පවතිනවා. ඒක තමයි මං කරපු භාවනාව.

ඒ තව පොඩි සම්බන්ධතාවයකුත් තියෙනවා. එතනදි ඔය රහතන් වහන්සේගේ එහෙම උදව් ඉල්ලුවහම ඕකෙදි රහතන් වහන්සේ මට පෙන්නුවා, “ලෙඩ වෙලා මම,” කියන එක. ලෙඩ වෙලා මම, ථීනමිද්ධ ස්වභාවය, ඊට පස්සේ “මම.” ඒ අන්න ඒකත් එක්ක ඔතන සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. එතන තව මං හිතන්නේ ඉස්සරහට තව ධර්මය ඒකත් එක්ක තියෙනවා කියන එක.