ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් යැයි වැඳ නමස්කාර කරා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ මෙනෙහි කරලා වැඳ නමස්කාර කරා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම පටන් ගත්තා ලෝභය නැති කරමි කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. පදුට්ඨමනසඞ්කප්පය තුළ මෙම ජරා ගුණය අඩංගුයි. ඒක ගොඩනැගිලා තියෙන්නේ ජරාව ඇතුළත්ව. ඉතින් මෙතන දී අපිට අර පස්සද්ධි diagram එකට මනස යොමු වෙන්න ඕනේ. ඒ ඊයේ භාවනාව විදිහට මම බලාගෙන ආවා. මෝහ සල්ලය නිසා සංස්කාරය අල්ලාගෙන විඤ්ඤාණය පවතිනවා. මේ විදිහට නිත්‍යභාවයක් හටගෙන තිබුණ ද, ඒක බිඳීම නිසා අර 3.6 අර රූපයේ ව්‍යාධිය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට අපිට පේනවා අර ජාති, චේතනා line එකට parallel අර මෝහ සල්ලයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට එන එක තමයි ඒක parallel වෙන්නේ.
එතකොට ඒ වෙලාවේ රහතන් වහන්සේ මාව අර පස්සද්ධි diagram එකට මනස යොමු කරා. මම මේක පරීක්ෂා කරනකොට අර ඊයේ භාවනාවේ ඉගෙන ගත්ත දේ මතකයි නේ, මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට තියෙන රේඛාව අපි කියමු X කියලා. ඕක 315° න් කැරකෙව්වොත් ඒ අපිට එනවා අර පරාමාස පරිදේව වෙච්ච සංස්කාර කියන තැනට එනවා කියන එක තියෙනවා. දැන් 315° න් කරකවලා රූපයේ මරණය ඇති වෙනවා කියන එක මට සිහි වුණා. අන්න ඒ වෙලාවෙදි ආකිඤ්චඤ්ඤණ සමාපත්තිය ඇති වුණා. මට ආලෝකය, ඒ කියන්නේ විඤ්ඤාණඤ්චායතනයත් පේනවා ආකිඤ්චඤ්ඤායතනයත් දෙක ම දකින්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් මේක වැටෙන්නේ නැතුව තියෙනවා. මට මේක දැක්කහම මට මේ ආකිඤ්චඤ්ඤණ සමාපත්තිය නේ කියලා ඒ එක්ක ම ප්‍රීතිය ගලන්න පටන් ගත්තා. ඒ බුදුපියාණන් වහන්සේලාට වැඳ නමස්කාරත් කරා. එහෙම වුණත් ඒ සමාපත්ති ස්වභාවය එහෙම ම පැවතුණා.
එතකොට ඒ වෙලාවෙදි මට තේරුණා එහෙම නම් මේ ආකිඤ්චන සමාපත්තියට එන්න ව්‍යාධියේ ඉඳන් ජරාවට එන එකයි, සෝකයේ ඉඳන් දෝමනස්සය, අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගය දක්වා පැමිණිලා තියෙනවා කියන එක. ඒ කාරණාව අපි කලින් ඉගෙන ගත්ත ධර්මයත් එක්ක සැසඳුනහම වටහා ගත්තා. දැන් මෙතන කොහොම ද මේක සිද්ධ වෙන්නේ කියන එක මම කල්පනා කළා.
දැන් අපි දන්නවා ආකිඤ්චඤ්ඤායතනයට යන්න වුණත් වේදනා චේතනා, චේතනා ඉදංසච්ච කියන රේඛා දෙක කැපෙන්න ඕනේ. එතකොට දැන් අපිට පේනවා මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට කිව්ව, අපි කිව්වේ X කියලා කිව්වේ රේඛාව, නිත්‍යයි කියලා. ඒක නිතර ම ලියාගන්න ඕනේ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයටයි දැන් නිත්‍ය කියන එක උඩ පැත්තට, arrow එක. ඕක අපි 270° න් කැරකෙව්වාහම, අපි භය අගතිය දක්වා එනවා, එහෙනම් මෝහ අගතියේ ඉඳන් භය අගතියට එනවා කියන එක. එතකොට මෙතන දී පේනවා හරියට වෙලා තියෙන්නෙ මොකක් ද එහෙම නම් අපි ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන රේඛාවයි ඔතනදි අපි එහෙනම් මේ කතා කරලා තියෙන්නේ. ආන්න ඒක තමයි වැළකීම කියන එක එතනින් සිද්ධ වෙන්නේ. එතකොට එහෙම නම් ඒ රේඛාව ඉදංසච්ච, භය අගති කියන රේඛාව, දැන් අපි දන්නවා ඒක සිද්ධ වෙන්නේ නැත්නම්, අර වේදනාවේ ඉඳන් චේතනාවට යන රේඛාව ඒක parallel වෙනවා, ඒ රේඛාවට, ඒක සිද්ධ වෙන්නේ නැහැයි කියන එක.
දැන් ඊළඟට කැපෙන්න තියෙන්නේ චේතනාවේ ඉඳන් ථීනමිද්ධය දක්වා. ථීන කියලා අපි ලියපු තැන තියෙන්නේ අන්න ඒක කොහොම ද වෙන්නෙ කියන එක බැලුවා. දැන් මෙතනදි අර අත්තවාද උපාදාන line එක සිහි කරන්න ඕනේ. අත්තවාද උපාදාන line එකේ අපි දන්නවා අර සෝකයේ ඉඳන් වේදනාවට, වේදනාවේ ඉඳන් පරාමාසයට ඕක නේ represent කරන්නේ. දැන් ඕක ඇඳ ගත්තොතින් අපි සෝකය යටින්, වේදනාව වම් පැත්තෙන්, පරාමාසය දකුණු අත පැත්තට ඒ රේඛාව ඇන්දොත් ඕක අපි ලිව්වොතින් එහෙම 4.4, පරාමාසය 4.4. අපි දන්නව නේ ඒක. සුඛය කියන එක පරාමාස වෙලා තියෙනවා. ඊළඟට ඒක තමයි අපි රූපයේ මරණය කියලත් දැන් අපි උඩින් කියනවා නේ. ඒකෙ number එක, ඒක 4.4 වුණත් නූනත් ඒක ඇවිල්ලා රූපයේ මරණය කියන එක අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. සෝකයට අපි කියන්නෙත් 4.4 කියලා. එතකොට එහෙම නම් අපිට පේනවා කොහොම ද මේක ගැලවිලා යන්නේ අර මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට තියන රේඛාව අපි දන්නව නේ අර 315° න් අපි කැරකෙව්වාහම, අර රූපයේ මරණය කියන එක සිදු වෙන බව දන්නවා. ඒ ථීනය දක්වා චේතනාවේ සිට නොදුවනවා. නොදුවනවා, ඒක කියන්නේ මොකක් ද අර සෝකය බව, අර ඇති වෙන්නේ සෝකයයි කියලා දැනගන්නවා. ඒක නිසා වේදනා සහගත චිත්ත පහළ වීම වළකනවා ඒක රහතන් වහන්සේගේ වචනය ඒ “වේදනා සහගත චිත්ත පහළ වීම වළක්වනවා.” ආන්න ඒක තමයි මේ සමාපත්තිය. අර සෝකයේ ඉඳන් වේදනාවට parallel line එක කල්පනා කරන්න ඕනේ චේතනාවෙ ඉඳන් ථීනයට කියන එක අර parallel line දෙක කැපිල තමයි මේකේ, මේක සිද්ධ වෙනවා කියන එක තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.