ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට හත් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා.
මම පටන් ගත්තා ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. පදුට්ඨමනසඞ්කප්පය තුළ මෙම ජරා ගුණය ඇත කියලා. එතකොට අර පස්සද්ධි diagram එක මම මෙනෙහි කළා. අද භාවනාවෙදි අර 3.3, 3.6 මෙනෙහි කරපු විගසින් විඤ්ඤාණඤ්චායතනය වෙලා තියෙනවා කියලා මම දැක්කා. මේක කොහොම ද සිද්ධ වුණේ කියන එකයි බැලුවේ. 3.6 කියන්නේ දිට්ඨි අනුසය මේකට පෙර 3.3. රූපයයි, රූපය නිසා පවතිනවා යන දිට්ඨිය කියන එක බිඳිලා තියෙනවා. මේක රූපයේ ජරාව.
මේ වෙලාවේ දී අපි කල්පනා කරන්න ඕනේ බිඳුණා වූ මුට්ටියක් දෙස බලන්නෙකු, වළං කෑල්ලක් දෙස බලන්නේ පෙර මුට්ටිය මගින් යමක් ප්‍රයෝජනයක් වූවා ද ඒ ගැන නොසිතන්නේ නම් පමණක්, අර 3.6 දිට්ඨි අනුසය නොවන්නේ ය. නැති නම් 3.6 වෙනවා. එතකොට මේ විදිහට විඤ්ඤාණඤ්චායතනය කොහොම ද වුණේ කියන එක බැලුවොතින්, අපිට දැන් diagram එක ඇඳගන්න පුළුවන්. අපි දන්නව නේ ඉදංසච්චය, මෝහ අගතිය. එතකොට එතන එනවා රූපය නිසා ඇති වුණු නිත්‍ය ස්වභාවය කියන එක අර මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට උඩ අතට arrow එකක් දාලා ඒක ඇඳගන්න ඕනේ. ඔය රේඛාව 270° න් කැරකෙව්වොත් මෝහ අගතියේ ඉඳන් භය අගතිය දක්වා එනවා. එතකොට භය අගතියේ ඉඳන් වේදනාවට තියෙන එක 3.6. ආන්න ඒක තමයි දැන් කැපිලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි දන්නවා 3.4 ඒ පරාමාසය. 3.5 අත්තා කියන කතාව එතන තියෙනවා.
එතකොට රූපය, රූපය නිසා පවතිනවා යන දිට්ඨිය බිඳී ඇත්තේ, එම දේ නිසා වූ, අනුසය නැත්තේ නම් පමණක්, වේදනා පරාමාස රේඛාව වටා, දිට්ඨි අනුසය රේඛාවේ පරාවර්තනය කියන එක නවතිනවා. ඒ පරාවර්තනය නවතිනවා නම් අපිට පේනවා අර උඩ සඤ්ඤාව කියන එක පවතින්නෙ නෑ. එහෙම නම් ආකාසානඤ්චායතන වේදනාව ද උගුලා දමා ඇත. මෙසේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් වාසය කරන්න පුළුවන්. මේ භාවනාව ඉතා ම පහසුවෙන් මම එතන ඉඳන් දිගට ම ඒ විදිහට හිටියා එදා. ඒක ඉතින් ඊළඟ භාවනාව මෙනෙහි කළොතින් එහෙම ආලෝකය එහෙම විහිදෙන්න පටන් අරගෙන අර අනිත් එක වෙනවා.
මේක තමයි මම කරපු භාවනාව.