ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන පළවෙනි ම ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කරා. අද අලුත් බුදුපියාණන් වහන්සේ නමක් හඳුන්වා දුන්නා. ඒ දහ වෙනි බුදුපියාණන් වහන්සේ ධම්මගවේසි බුදුපියාණන් වහන්සේ, බුදුවරු 40 නමකින් බණ අහල තියෙනවා, අරිහත්වයෙන් පසුව. එම බුදුපියාණන් ද ඇතුළුව බුදුපියවරු දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි. කාමච්ඡන්ද, ජරාවට ඇති කැමැත්ත. පදුට්ඨමනසඞ්කප්පය කියන එක ගොඩනැගිලා තියෙන්නේ මේ ජරා ගුණය ඇතුළත්ව. මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඉතින් ඒ විඤ්ඤාණඤ්චායතනය කියන එකට ආවා. ඒ 4.6 වේදනාවේ ව්‍යාධිය දක්වා මම බලාගෙන ආවා.
අද භාවනාව සඳහා වේදනාවේ ව්‍යාධිය, ඒ කියන්නේ 4.6 බලන්නේයි කියලා බුදුපියවරු පැවසුවා. ධම්මගවේසි බුදුපියා තමයි ඒක පවසලා තියෙන්නෙ. 4.6 වෙනකොට විඤ්ඤාණයේ යම්කිසි නිත්‍යභාවයක්, සංකල්පය තුළ තිබුණ ද, මේක ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. නිත්‍ය සංකල්පයේ යම් බිඳීමක් වේ ද මේක පරිදේවයයි කියලා අපි ඉගෙන ගත්තා. මෙතනදි අපි බලන්න ඕනේ අර සුඛභාගීය diagram එකේ අර තුන් වෙනි එක. ඒකෙදි අපි දන්නවා අර පහළ මෝහ අගතියේ ඉඳන් මේ ඉදංසච්ච රේඛාව 360°ක් කැරකවීමෙන් යන ඒ කාරණාවත් බලන්න ඕනෙ. සුඛභාගීය ධර්මය diagram එකයි. ඒ වගේ ම අපි පෙර ඉගෙන ගත්තා අර මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චය රේඛාව 360° න් කැරකවීම කියන එක. ඒ දෙක ම පරීක්ෂා කරන්න ඕනේ, එතකොට දැන් මෙතන කවුරු හරි කෙනෙකුට ඒ diagram එක ඉතින් ඇඳගන්න වෙනවා.
අපි දන්නවා ඒක නැවතත් මතක් කරනවා නම් අර විඤ්ඤාණ ආහාරය අපි දන්නවා අර දැන් නිත්‍යයි කියලා එන්නා වූ එකක් අපි උඩින් කතා කරනවා. A කියලා කියනවා අර පෙර නිත්‍යයි කියලා අපි ගන්නවා. B කියලා කිව්වා උද්ධච්චයට යන එක. ඊට පස්සේ අපි දන්නවා c කියලා කියනවා උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ එක. එතකොට දැන් අපි දන්නවා 270° න් ඕක කැරකෙව්වොතින් අර පරාමාසයට පරිදේවය කියලා ඇවිල්ලා තියෙනවා. උඩ පරාමාස, උද්ධච්ච, ථීනමිද්ධ කියලා තුන ම අර figure 3 කියලා අපි ලකුණු කරා, උඩ එකේ කැරකීම. එතකොට ඊළඟට ආපහු අපිට පේනවා අපි කිව්වොත් අපි X කියලා කිව්වොත් මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ රේඛාව. අර පෙර සංස්කාර නිසා ඇති වෙන්නා වූ දෙයක් ඔතන තියෙන්නේ. එතකොට අන්න ඒ රේඛාව අපි 360° න් දැන් කැරකවීම කියන එක කරන්න ඕනේ. උඩ එක 270°යි පල්ලෙහා එක 360°යි කියන එක. ඒ කියන්නේ මෝහ අගති ඉදංසච්ච රේඛාව. ඒක කැරකැවීම තමයි මුලින් සිද්ධ වෙන්නේ, ඒ කියන්නේ පහළ සංස්කාර නිසා පෙර සංස්කාරයන්ගෙන් විඤ්ඤාණය අපි යමක් අර සුභයි කියලා අපි ගන්නවා. ඒක පළවෙනි රවුමේ දී අපිට සිද්ධ වෙනවා. ඒක තමයි අර “සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං” කියලා එහෙම අපි කියන්නේ.
එතකොට මේක නිසා විඤ්ඤාණයක් හැදෙනවා, විඤ්ඤාණයක් හටගන්නවා. දෙවෙනි රවුමේ දී අර උඩ විඤ්ඤාණය නිසා ඒ කොටුවෙන් අපිට පේනවා ඉදංසච්ච ඉඳන් විඤ්ඤාණ දක්වා එන අපි a කියලා ලකුණු කරපු රේඛාව තියෙන්නේ, කැරකවීම කියන එක ආරම්භ වෙනවා. එතකොට මේ උඩ රේඛාව a කියන එක වට තුනක් යනකොට, පහත රේඛාව මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට යන රේඛාව අපි X කියලා කිව්වේ. අන්න ඒක වට හතරක් ගිහිල්ලා තියෙනවා. එතකොට a රේඛාව එහෙමත් නැත්තන් අපිට ආපහු කියනවා ඒ කියන්නේ a රේඛාව 270° වක් භ්‍රමණය වෙනවා නම්, පහළ X රේඛාව 360° න් කැරකෙනවා. එයා වට හතරක් ගිහිල්ලා තියෙනවා. පහළ එක. එතකොට ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අර පරිදේවය. පරාමාසයටත්, ඉදංසච්චයටත් යන දෙකට ම ඇතුළත් වෙනවා කියන එක. මෙතැන දී අර පෙර නිත්‍ය යැයි කියලා ගත්ත අදහස, ඒ කියන්නේ අපි line X කියමු. අන්න ඒක 1-3 අවිද්‍යා ආශ්‍රව තුළ වූ නිත්‍යභාවය, පරිදේවය බවට පත් වීම, පළමුව සිදු වෙනවා. ඒක ඉදංසච්චයට ඇතුළු වෙනවා. දෙවනුව දැන් නිත්‍ය යැයි ගත්ත අදහස, අර උඩින් එන එක, අවිද්‍යා යෝගය තුළ වූ නිත්‍යභාවය, පරිදේව බවට පත් වී එය පරාමාසගත වීම කියන එක සිද්ධ වෙනවා.
එතකොට ආපහු අපි අර triangle එක ඇඳගත්තොත් දැන් එහෙම නම් දැන් අපිට පේනවා උඩ අපිට triangle එකක් එනවා. ඒ කියන්නේ figure 3 එකේ තියන අර පල්ලෙහා තියෙන abc කියන triangle එක තමයි, පරාමාස, උද්ධච්ච, ථීන කියලා, එක point එකක් එනවා. Triangle එකේ දකුණු පැත්තට ඉදංසච්චය දැන් පරිදේව වෙලා, ඒ කියන්නේ පෙර නිත්‍යයි කියන අදහස. එතනින් අපිට පේනවා අර 360°ක් කැරකිලා ඇති වුණා වූ දේ ඒ. ඊළඟට පරාමාස කෙළවර පරිදේව කියන එක ඇති වෙලා තියෙනවා, දැන් නිත්‍යයි යන අදහස පරිදේව වෙලා තියෙනවා. දැන් එතකොට ගත්තහම, මෙතන දැනුත් එහෙමයි මේ පෙරත් එහෙමයි. ඕක හරියට අර කෙනෙක් දිහා බලලා අපි කියනවා නේ, ඔය මේ ළමයා මෙන්න මෙහෙම වැරැද්දක් කරා හරි මොකක් හරි එකක් කිව්වහම. අම්මා කෙනෙක් ටිකක් බලාගෙන ඉඳලා කියනවා නේ ඔය ළමයා පෙරත් ඔහොමයි කියලා. ආන්න ඒ වගේ තමයි මේ තත්වයේ ඇවිල්ලා තියෙන්නේ. පෙරයි දැනුයි දෙක ම දැන් ඔය තත්වයට පත් වෙලා.
අර උඩ උද්ධච්චය මෙනෙහි කරන්නේ කාම සඤ්ඤාව නිසා ඇති වන්නේ දෝමනස්සය පමණි කියලා, අපි ආනෙඤ්ජ සප්පාය සූත්‍ර slide එකක් මතක් උණා, ඒකත් එක්ක ආකිඤ්චඤ්ඤායතනයට විඤ්ඤාණඤ්චායතනයෙන් ඇදිලා යන බව හොඳට තේරුණා. මෙහෙම ඉන්න ගමන් හෝ ගාලා මෙහෙම යනවා උඩට. එතකොට ථීනය තමයි දෝමනස්සය ලෙස ගත්තා. හතර වෙනි රවුමෙන් පස්සේ, ඒ කියන්නේ 4.6 කියන එක ගත්තොතින් අපි දන්නවා ඒකෙන් පස්සෙ තමයි ඔය පස් වෙනි රවුම දෝමනස්සය සිතට ඇතුළත් වෙනවා කියලා අපි දන්නවා කියන එක.
ඉතින්, ඒක තමයි ඒ කරපු භාවනාව.