ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම මෙනෙහි කළා. භාවනාවට පෙර රහතන් වහන්සේ කිව්වා, මේ “07/06/2015 Broken Dittianusaya භාවනාව බලන්නයි” කියලා. ඒකේ ලියලා තියෙනවා, ඔය 4.4 සෝකය, එතන ඉඳන් 5.4 දොමනස්සය. ධාරාව ගලන්නේ, අපි දොමනස්සය සහ සෝකය අතර පවතී කියන එක. මෙහි දී දිට්ඨි අනුසය බිඳේ. එනම්, මමත්, මම පවතිනවා යන්න නැති නම්, දිට්ඨි අනුසයක් නැත, කියන අන්න ඒ වාක්‍යයට මම සිත යොමු කළා.
ඒ වෙලාවේ, මගේ අර මනස යොමු වෙලා තිබුණේ, අපි අර හදලා තියෙන diagram එක. අපි දන්නවා වේදනාවයි භය අගති රේඛාවයි, ජරාව තියෙන තැන 5.3 කියලා ලිව්වා නම්, පරාමාසය, එතැන උඩ 4.4, එතන අපි ලියාගන්නවා, රූපය කියන එක මැරිලා කියන එක, මැරී ඇත කියන එක. එතකොට සෝකය කියන එක 4.4, අර cross එක ඇති වෙන තැන, අපි දන්නවා අප්‍රියේහි සම්පයොගය, එතන 4.6, 3.6 කියන එක තියෙනවා. එතැනින් ජරාවේ ඉඳන් අප්‍රියේහි සම්පයොගයට සම්බන්ධ වෙන අර triangle එක, ඒකේ දොමනස්සය තියෙනවා කියන එක බැලුවා.
ඉතින් එතන දී අර ඊයේ භාවනාවේ දී අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ එහි අර්ථය සහගතවයි දැන් උඩ තිබෙන්නා වූ එක, අපි දන්නවා නේ ථීනය, උද්ධච්ච, පරාමාස කියන මේ ස්වභාවය තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මෙතන ඇවිල්ලා තියෙන්නේ, දොමනස්සය කියන එක මේක දැක්කා. ඉතින් මේකේ අර 4.4 දී රූපය මැරී ඇත කියන එක, ගැන සිතීම සමඟ තමයි මම මේ diagram එක බැලුවේ.
ඒ වෙලාවේ මම කල්පනා කළා එහෙනම් මේ අත්තා කියලා ගන්නේ මොකක් ද? කියන ප්‍රශ්නය. දැන් රූපය මැරිලත් ඉවරයි. 4.5 අත්තා කියනවා. අන්න ඒ වෙලාවේ දී සිත නොසැල් වී ආනෙඤ්ජ ස්වභාවයෙන් පවතිනවා කියන එක මනාව මම දැක්කා. හොඳට පවතිනවා, හෙල්ලෙන්නේ නෑ. එතකොට මෙතන හොඳයි කියන එක තේරෙනවා. ඒ කියන්නේ ආනෙඤ්ජ ස්වභාවය.
එතකොට, දැන් අපි දන්නවා 4.4 කියන එක රූපයේ මරණය. 2.2දිත් රූපයේ මරණයක් ඇති වෙනවා. ඒක අපි දන්නවා නේ. එතකොට 4.4 කියන්නේ මොකක් ද? ජාතියයි කියලා අපි දන්නවා. එහෙම නම් අර පියෙහි විප්පයොගයේ ඉඳන් ජාතිය දක්වා යනවා. අර “අනුප්පන්නානං පාපකානං,” කියන එක සිහි වෙන්න ඕනෑ. එක රූපයක් මැරිලා තියෙනවා. අර bell shaped curve එකේ A, B, C කියන එක ගිහිල්ලා, දැන් ඉතින්, “වෙන රූපයක් සමඟ මේක සිදු කරමි” කියලා, එයාට පදුට්ඨමනසඞ්කප්පය මගින් බලපෑම් ඇති කරගන්නවා. ඒ කියන්නේ අපි වෙන රූපයක් අලුත් රූපයක් හොයනවා. පෙර රූපය නිසා ඇති වූ සංකල්පයට වෙන ආරෝපණයක්, substitution එකක් මේ දෙනවා මෙතෙන්දී.
එතකොට, 4.5 දි අත්තා යනුවෙන් ගන්නේ මොකක් ද එහෙම නම්? රූපය නිසා ඇති වූ යම් සුඛයක් වේ ද, එය අංශු මාත්‍ර, ඒ කියන්නේ ඉතාමත් ම කුඩාවට ස්වභාවයකින් මේ අත්තා යැයි කියලා ඒක ගන්නවා. 4.6දී වේදනාවේ ව්‍යාධිය. ඒ කියන්නේ සංකල්පයේ නිත්‍යභාවය කියන එක බිඳුණා.
5.4 දොමනස්සය. මේ මොකක් ද මේ කියන්නේ? 4.4ත් කියන්නේ රූපයේ මරණය නම්, 5.4 කියන්නේ මරණය කියන එක තියෙන්න ඕනෑ. 5.4 දි මොකක් ද මැරුණේ? වේදනාව ද මැරුණේ? නෑ. සුඛ වේදනාවේ මරණය ලෙස ගත යුතුයි. වේදනාව ලේසියෙන් මිය යන්නේ නෑ. ඉතින් සුඛ වේදනාව මිය ගියාට මොකද? අදුක්ඛම සුඛ වේදනාව ඇති යැයි කියලා සඤ්ඤාව ඒක අල්ලාගෙන විඤ්ඤාණය උපද්දවනවා කියන එක තියෙනවා. මේ විදිහට කෙසේ හෝ අත්තා කියන එක පවත්වනවා. ඒ 5.3 සඤ්ඤාවේ ජරාව, ඊළඟට අපිට පේනවා 5.4 සුඛ වේදනාවේ මරණය.
ඉතින් මේ භාවනාව ආනෙඤ්ජයි. ආනෙඤ්ජයි කියලා කියන්නේ විඤ්ඤාණය බහින්නේ නෑ, පල්ලෙහාට බහින්නේ නෑ. මේ ස්වභාවයෙන් ම පවතිනවා.
ඒක තමයි මම කළ භාවනාව.