ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ඉතින් ඒ වෙලාවෙදි අපිට පේනවා නේ අර එකපාරට ම figure එකක් හැටියට අර කබලිංකාර ආහාර, ජරා, විඤ්ඤාණ කියන එක පේනවා. ඊළඟට ඕකත් එක්ක ම අපේ අර ඊයේ ධර්මය අවසානයට තියෙන වේදනා, භය අගති, ජරා, පරාමාස, අපි අතන සෝකය කියන එක 4.4, ඊට පස්සේ මේ පැත්තෙ දෝමනස්ස 5.4 කියන එක. ඒ diagram දෙකට ම මගේ අවධානය යොමු වුණා. මගේ වැඩිය අවධානයක් යොමු වුණේ අර දෙවෙනි එකට ද්වේෂය නැති කරමි කියලා කල්පනා කරනවා නේ. එතන දී ද්වේෂ අගති ගමන අර ජරාව කියන එකට උඩින් තියෙන්නේ, 5.3 අපි ලකුණු කරනවා නේ ජරාව කියලා, ඒකට උඩින් ඒක තියෙන්නේ.
එතකොට ඒක අර පෙර සුඛ වේදනාවන් නැවත ඉල්ලා අගති ගමනක් යනවා. මෙසේ විඤ්ඤාණඤ්චායතන වීම කියන එක අපිට සිදු වෙනවා. ඒ ආච්චිඅම්මගේ කතාව මට සිහි උණා, ආච්චි අම්මා තුවා අත ඇරියා. රූපය එපා. ඊට පස්සේ තුවා දන් දීමෙන් ඇති වෙන සුඛය ඒකත් එපා. එහෙම නම් රූපය අල්ලලා යම්කිසි සුඛ වේදනාවක් වේ ද, ඒ රූපය නිසා හෝ රූපය අතහැරීම නිසා හෝ වේ ද මේ දෙක ම අත්හැරීම නිසා වන ආකාසානඤ්චායතනය වේ ද, ඒකත් පහ වීම කියන එක සිද්ධ වෙනවා. දෙක ම එපා කියන එකයි. දැන් ඉතින් දෝමනස්සය 5.4 ඇති වීම. ඒ සුඛ වේදනාවේ මිය යෑම වීම කියලා අපි ඊයේ ඉගෙන ගත්තා. දැන් කොයි ආකාරය ද හත් වෙනි ධ්‍යානය වන්නේ. එතකොට අර එහි පෙර ගිහිල්ලා තිබුණා වූ පුරුද්ද තියෙනවා නේ. අන්න ඒක වීම නිසා ඒ මනස ජීවිත ඉන්ද්‍රිය ඇති කොටුවට මගේ මනස නිකම්ම යොමු වුණා. ඒ කියන්නේ හත් වෙනි ධ්‍යානය වුණා. ඒ එක්ක ම මගේ මනස අතෙන්ට ගියා කියන එක සිද්ධ වුණා. එතකොට ඒ බුදුපියවරු මට පෙන්නලා දුන්නා නෙමෙයි. මෙහෙම වෙන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ සුඛ වේදනාව මිය ගියා. ථීන වීම කියන එක.
ඊළඟට පෙර සංස්කාර පුරුද්ද නිසා විඤ්ඤාණය එම තත්වයට පත් වීම, “සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණ.” අර ඒක හදනවා එයා. දැන් අපිට පේනවා මෙන්න මේ දේ. සුඛය, චේතනාව ඊට පස්සේ අපිට අර කොටුව පේනවා. චේතනා, විඤ්ඤාණ, ඉදංසච්ච, පරාමාස කියන එක, ථීනය තියෙන තැන. එහෙම නම් පළවෙනි කාරණයට අපිට පේනවා දැන් මේ සුඛය කියන එක මතක ද අර අපි පෙන්නන්නෙ අපි අර මේක spin කරලා අපි අර අත්තා කියන එක හරහා තමයි ඒක මෙහාට එවන්නෙ. අර දැන් නිත්‍යයි කියන කතාවක් ඇති වෙනවා. දැන් සුඛය මැරිලා තියෙනවා, පළවෙනියට. දෙවැනි කාරණයට අපි ලියා ගත්තොතින්, සුඛය නිසා හටගන්නා වූ යම් දහමක් වේ ද, මෙය පෙර නිත්‍ය, ඒ කියන්නේ වරහනක් ඇතුළේ අපි හිතා ගමු, අවිද්‍යා ආශ්‍රව කියලා, යැයි ගත් දේ දැන් පරිදේව වී අවසානයි. මේ ඉදංසච්චයට පැමිණීම කියන එක සිදු වෙනවා. ඒ කියන්නේ 360° කතාව. ඊළඟට ආපහු තුන් වෙනි කාරණයට අපි ලියාගත්තොත් සුඛය නිසා හටගන්නා වූ, දැන් විඳින්නා වූ, යම් වේදයිතයක් වී ද, එය ද, පරිදේව වී පරාමාසගත වී ඇත. ඒක අර 270° වේ කතාව. 4.4 රූපය මැරිලා තියෙනවා. එතකොට අපි පරිදේව උණා කියලා දන්නවා.
දැන් එහෙනම් කාරණා තුනක් අපි ලියාගත්තා. එතකොට මේ කාරණා තුන අපි බැලුවොතින් මේක තුන් වෙනි එකට කිව්ව කාරණාව, රූපය මැරීම. ඊළඟට ගත්තහම අපි පළවෙනියට කිව්වා සුඛ වේදනාවේ මැරීම, ඒක සඳහා වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර, ඒක තමයි අපි දෙවනියට කිව්වේ. ඒකෙ මැරීමක් කියන එක සිදු වෙලා තියෙනවා. විඤ්ඤාණ මලානික බවට පත් වීම නිසා ථීන ස්වභාවය ඇති වෙනවා. මෙසේ හත් වෙනි ධ්‍යානය වෙනවා. කුමක් නිසා ද? වේදනාවෙන් දැනගන්නා වූ විඤ්ඤාණය මගේ යැයි නොගැනීම. අර “එතං සන්‌තං එතං පණීතං,” ආනෙඤ්ජ සප්පාය සූත්‍රය කියන්නේ හත් වෙනි ධ්‍යානයට, පළවෙනි කාරණය.
අන්න ඒ අවස්ථාවට පත් වුණහම රහතන් වහන්සේලා කිව්වා මට “මේ වෙලාවෙදි හොඳට repair කරන්න පුළුවන් කියලා.” නමුත් මම ඒක කළේ නෑ, මම රහතන් වහන්සේලාගෙන් අහලා මම ඒක කළේ නෑ. නමුත් තවමත් මේක නතර වෙන්නේ නැහැයි කියන එක මට තේරුණා. ඒ කැරකවීම තාම තියෙනවා කුමක් නිසා ද කැරකෙන්නේ? අපි ඉගෙන ගත්තා කැරකවීම නිසා ඇති වුණ ආස්වාදය අවිද්‍යා ආශ්‍රවය තුළ ඇති කියන එක. ඒක එහෙම තිබුණට, අර අඹ ගෙඩිය ඒ කියන්නේ mango කතාව මතකයි නේ. ඒ කතාවේ දී අපි ඉගෙන ගත්තා අර සුඛය නිසා අත්තා වෙනවා කියන එක. එතකොට මේකේ පසු සඤ්ඤාව තමයි අවිද්‍යා ආශ්‍රවය. මෙම මොහොතේ මේක නැතෙයි කියන එක මට හොඳට වැටහුණා. අර අඹ ගෙඩියේ කතාවත් එක්ක ඇති වෙන්නා වූ ඒ සුඛය, ඒකෙන් ඇති වෙන එක නෑ. නමුත් තාමත් කැරකවීම සිද්ධ වෙනවා කුමක් හින්ද ද මේක සිද්ධ වෙන්නේ? අත්තවාද උපාදානය නිසා. දැන් අපිට පේනවා විඤ්ඤාණ ආහාර පාරේ විඤ්ඤාණය, නිත්‍ය, ඒ කියන්නේ අනිත්‍යයේ නිත්‍ය කියන විපල්ලාසය, එතනින් අත්තවාද උපාදානය, අවිද්‍යා යෝගය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය.
එතකොට මේ නිත්‍ය කියන කතාවේ පසු සඤ්ඤාව හැටියට දිට්ඨි ආශ්‍රවය තියෙනවා. එහෙම නම් දිට්ඨි ආශ්‍රවයත් නිත්‍ය සංකල්පය. නිත්‍ය සංකල්පය කියලා කිව්වහම, අලුත් සංස්කාර නිසා ඇති වෙන නිත්‍ය සංකල්පය. අර උපෙක්ඛා සහගත වූ වේදනාවන් අල්ලාගෙන යම් කිසි සේ පවතී ද මේ නිසා කැරකීම තවමත් කැමති වන්නේ ය යන්න පවතිනවා. ඉතින් මෙතනදි අර අත්තවාද උපාදානයේ diagram එක කෙනෙකුට ලියා ගත්තොතින්, ඇඳ ගත්තොතින් අර භය අගති වේදනා, පරාමාස. අර දිට්ඨි ආශ්‍රවය නිසා ඇති වෙන දිට්ඨි අනුසය කෑල්ල ඒක එනවා. අර ඒ අර්ථයෙන් අර උපෙක්ඛා සහගත වූ වේදනාවන් නිසා මේක කැරකවීම කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.