Date: 22/06/2015 Name: Akincanna Samapatti Naana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කරා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එතනදි අපි දන්නවා 5.4 දෝමනස්සය. ඒ කියන්නේ සුඛ වේදනාවේ මරණය. 4.6 වේදනාවේ ව්‍යාධිය, අප්‍රියේහි සම්ප්‍රයෝගය. 4.4 සෝකය, රූපයේ මරණය. දැන් 5.3 සඤ්ඤාවේ ජරාව. මේ කාරණා ටික මම මෙනෙහි කළහම, බුදුපියාණන් වහන්සේ triangle එකක් පෙන්නුවා. ඒ triangle එක තමයි. ඔය 5.4, 4.6, 4.4 කියන triangle එක. අර කිව්ව කාරණා තුන දෝමනස්සයයි, අප්‍රියේහි සම්ප්‍රයෝගයයි සෝකයයි කියන එක තියෙනවා. ඒ triangle එක දැක්කේ අර 5.4 ඉඳන් 4.6ට යන රේඛාව base එක. අර සෝකය කියන එක උඩ. 3D. අර අපි දැක්ක නේ පස්සද්ධි diagram එක. අන්න ඒ විදිහට බලන්න ඕනේ. අපි හිතමු බෝලයක් වගේ එකක් පාවෙනවා නම් ඒ බෝලයේ උඩ තියෙනවා නම් මොකක් හරි metal කෑල්ලක් හරි මොකක් හරි ඒක ගෑවෙනවා, ආන්න ඒ වගේ ඒ ස්පර්ශ වෙනවා අර සෝකය, භය අගතියේ ඉඳන් වේදනාව දක්වා යන line එක කියන එක ස්පර්ශ වෙනවා කියන එක ඕකේ තියෙන්නේ. මොකද ඒක සෝකයේ තියෙන්නේ භය අගතියේ ඉඳන් වේදනාවට යන රේඛාවෙ නේ.

එතකොට මේක දැකීම සමඟ ආකිඤ්චන සමාපත්තිය කියන එක ඇති වුණා. එතකොට ඒකේ කිසිවකටවත් සැලීමක් නෑ. මොකක් නිසා ද? මේ තුන් ධර්මයෝ දකින්නේ, රෝගී සඤ්ඤාව මගේ යැයි කියලා ගන්නෙ නෑ. මොකද මෙතන පේනව නේ මේ යට දෙක බලන්නකෝ. මෙතන බැලුවහම පල්ලෙහා base එකේ හැටියට තියෙන්නේ සුඛ වේදනාව ඒකෙ මරණය, දෝමනස්සය. ඊළඟට තියෙන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය, වේදනාවේ ව්‍යාධිය. උඩ තියෙන්නේ රූපයේ මරණය. රූපයේ මරණය, වේදනාවේ ව්‍යාධිය, ඊළඟට වේදනාවේ මරණය ඒ විදිහටයි එන්නෙ. මේක දික් කළහම තියෙන්නේ, අර 5.3 කියන්නේ සඤ්ඤාවේ ජරාව. ඉතින් මේ දෙක අතරේ මේක සිද්ධ වෙලා තියෙනවා. මම මෙහෙම ටික වෙලාවක් හිටියා. මෙහෙම ඉන්නකොට අර භය අගතිය ඉඳන් වේදනාව දක්වා ඒ කියන්නේ දිට්ඨි අනුසය පාර කැපෙන බව මට දැනුණා. අර අත්තවාද උපාදානයේ line දෙකක් තියෙනවා නේ ඒකෙන් එකක් මිය ගියා කියන එක වැටහුණා. ඒ දිට්ඨි අනුසය පාර. හැබැයි තවමත් අර වේදනාවේ ඉඳන් පරාමාසයට තියෙන කොටස ඒක පවතිනවා.

එතකොට එනම් ආකිඤ්චඤ්ඤායතනය නිසා යම් වේදනාවක් සියුම් ලෙස පවතිනවා ද, ඒ නිසා ජීවිත පැවැත්මක් සඳහා මනස යොමු විය හැක. මේක නොවන්නේ නම් මොකක් වෙනවද කියන එක මං බැලුවා. ඉතින් එතනදි අපිට පේනවා ආපහු අර පල්ලෙහායින් තියන කෑල්ල. දැන් අපි බැලුව නේ 5.4 දෝමනස්සය, 5.3 ජරාව, ඒ කියන්නේ සඤ්ඤාවේ ජරාව, උඩ තියෙන්නේ වේදනාව. එතකොට එහෙනම් වේදනා, සඤ්ඤා, නිරෝධය වෙනවා කියන එක තියෙනවා.

එතකොට මට මේ වෙලාවෙදි ඒ අර චිත්ත ඉද්ධිපාදය කියන එක සිහි වුණා. චිත්ත ඉද්ධිපාදය අපි දන්නවා අර මේ අපි භය අගතියේ ඉඳන් පරාමාසය, පරාමාසයෙන් වේදනාව, වේදනාවෙන් ස්පර්ශය දක්වා ම, අපි ඕක 2ක කියලා සාමාන්‍යයෙන් ලකුණු කරගෙන තියෙනවා. එතකොට ඒ චිත්ත ඉද්ධිපාදය පවතින්න නම් අනෙකුත් ඉද්ධිපාදයන් කියන ඒවා තියෙන්න ඕනේ. චත්තාරොඉද්ධිපාදා, අර දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව. එතකොට ඒ අනෙකුත් ඉද්ධිපාදයන්. අර අපි 15 වෙනිදා මැයි මාසේ 2015 ආශ්චර්ය අද්භූත ධර්මය කියන එක සිහි කරනකොට අපි බලපු විදිහක් තියෙනවා නේ. ඒ කියන්නේ 1 ඡන්දය දකුණු අත පැත්තෙන් තියෙන එක, ඊට පස්සේ 2 චිත්තය කියන එක, ඔය කාරණා තුන භය අගති පරාමාස, පරාමාස වේදනා. වේදනා ස්පර්ශය දක්වා.

එතනින්, ඊට පස්සේ අපිට සතියක් එහෙම ඇති වෙලා පල්ලෙහායින් අර ඡන්දය, ආපහු අර ජරාවේ ඉඳන් ගිද්ධිලෝභය දක්වා එන්නා වූ ඒ රේඛාවන් කියන ඒවා, අපි එකේ අයින් කරනවා. ඒක අයින් කරාට පස්සේ 3 න් වෙනි එක විරිය, චේතනාවේ ඉඳන් අර ථීනය දක්වා එන්නා වූ එක. 4 අර විමංසාව, ථීනයේ ඉඳන් පරාමාසයට එන එක. ඒක සිහි කළහම ඉතින් චෙතො විමුක්තිය කියන එක ඇති වුණා. අන්න ඒක තමයි මේකේ භාවනාව. ඉතින් මේකේ අර triangle එක තමයි හුඟක් ම significant මේ අවස්ථාවේ.