ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන පළමු වන ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ම ප්‍රඥාවන්ත ම පණ්ඩිත වූ, බුදු පියායි කියා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කරා.
ඊයේ භාවනාව අද උදේ බලද්දී, ඒ කියන්නේ අර කොටුව, triangle එක මම සිහි කළා, 4.4 සෝකය, රූපයේ මරණය, 4.6 අප්‍රියේහි සම්ප්‍රයෝගය, වේදනාවේ ව්‍යාධිය, ඊළඟට 5.4 දෝමනස්සය, සුඛ වේදනාවේ මරණය, ඔන්න ඔය triangle එක අර වේදනා භය අගති රේඛාවත් එක්ක, අනෙක් එක 4.6, 5.4 දික් කළහම 5.3 සඤ්ඤාවේ ජරාව නේ, ඕකත් ඇතිව මම බැලුවේ.
ඒක බලාගෙන යනකොට, ඉතින් මට මේක හරි ම ලස්සනයි ඒ ධර්මය, මම හොඳට ඒක බලනකොට, රහතන් වහන්සේ ඇහුවා, දැන් මෙතන මේක නිසා දිට්ඨිය බිඳෙනවා නේ, ඉතින් රහතන් වහන්සේ ඇහුවා “මේ රූපයේ දිට්ඨිය බිඳීම කොතන දී සිද්ධ වෙනවා ද” කියලා. ඉතින් දිට්ඨිය බිඳීම, ඒ කියන්නේ, රූපයත් රූපය නිසා මම පවතිනවා, යන දිට්ඨිය බිඳීම. මේක අර දෙවැනි රවුමේ දී ආරම්භ වෙනවා, 3.3 වෙනකොට රූපයේ ජරාව කියන එක අපිට සිද්ධ වෙනවා කියන එක තියෙනවා. 4.3 වේදනාවේ ජරාව. එතකොට දෙවනි රවුම, පළවෙනි step එකේදි, ඒ කියන්නේ 2.1 දී, අපි දැන් පෙනෙන්නා වූ රූපය නිසා, මතු වෙච්ච පදුට්ඨමනසඞ්කප්පය ගොඩනැංවීම සිදු වෙනවා. අතීත වූ, මනාප වූ සියුම් වූ රූපයක් අළලා, විඤ්ඤාණයේ හටගැනීම කියන එක සිදු වෙනවා. එතකොට අර bell shaped curve එකේ අපි දන්නවා අර B කියන point එකට අපි ඇවිල්ලා ඉන්නවා කියන එක.
එතකොට මෙතෙන්දී මම මේක මෙනෙහි කළා අර අපි X කියලා රේඛාවක් කතා කළේ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චය දක්වා. අර අවිද්‍යා ආශ්‍රව නිත්‍යයි කියලා ගන්න එක, අන්න ඒ රේඛාව 90° න් කරකැවීම පළමු වැනි රවුමේ දී අපිට සිද්ධ වෙන්නේ.
එතකොට මේක මොකක් දැ යි මම බුදුපියාගෙන් විමසුවහම, ඔබ දන්නවා කියලා කිව්වා. මට එකපාරට ම සිහි වුණේ, අර ආනෙඤ්ජ සප්පාය එකේ අනාශ්‍රව චිත්තයෙදි අපි ඉගෙන ගත්තා නේ අර, පරිදේවයේ ඉඳන් සෝකයට එනවා නම්, අපි ඕකට දැම්මා 2.a කියලා. ඊළඟට අපි දැම්ම, කබලිංකාර ආහාරයේ ඉඳලා සඤ්ඤාවට එන එක 1.a, මේක මේ වෙලා අනාශ්‍රව වෙනවා කියන එක. දැන් අපි දන්නවා දිගට ගියහම අනාශ්‍රව වෙනවා කියන එක. මේ එක්ක ම එකපාරට ම අනාශ්‍රව චිත්තය ඒ විදිහට ම මට ඇති වුණා. ඊට පස්සේ මේ යමක් හිතාගන්න, කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මම මෙහෙම මිනිත්තු 10ක් පමණ හිටියා. මම මෙතන හිටියේ කිසිම වෙහෙසකින් තොරව. අනාශ්‍රව චිත්තයට පැමිණීම ද, එම චිත්තය ගොඩනැංවීම ද, සිදු වුණේ කිසිම වෙහෙසකින් තොරව.
හරි ම පුදුමයි ඉතින් මම කල්පනා කරා ඇයි මෙහෙම වුණේ, මේ මිනිත්තු දෙකක් නැහැ භාවනාවට ගිහිල්ලා, මේ වෙලාව වෙනකොට, අර triangle එක මම කලින් මෙනෙහි කළා, අර බුදුපියා අහපු ප්‍රශ්නය තිබුණා, ඔය 90° කරකැවිල්ල විතරයි මං මෙනෙහි කළේ. එතකොට ඇයි මෙහෙම වෙන්නේ?. අර X රේඛාව 90° න් කැරකෙනවා කියලා කිව්වේ, ඒ කියන්නේ මරණයේ ඉඳන් පරිදේවයට යනවා කියන එක. මරණයේ ඉඳන් පරිදේවයට යන එක. ඒක තමයි 1.a, ඒ කියන්නේ පළවෙනි රවුම වෙන්න නම්, පෙර රූපය මැරිලා තියෙන්න ඕනේ. කලින් තිබිච්චි රූපයක් මැරිලා තමයි අපි ඔය අලුත් රූපයක් අල්ල ගන්නේ. ඒක නේ 1.a කියලා දාලා තියෙන්නේ. එතකොට, ඒක තමයි පළවෙනි රවුම වෙන්නේ. එතකොට පරිදේවය කියන එක මෙතන අපි කතා කරන්නේ, පෙර රූපයේ පරිදේවය කියන එක. පෙර රූපයේ පරිදේවය, දැන් අපි 2.a, කියලා ලකුණු කරා පරිදේවයේ ඉඳන් සෝකයට යන එක. පේනවද? රහතන් වහන්සේ අතන 1.a මේක 2.a කිව්වේ දැන් හොඳට පැහැදිලි වෙනවා මොකක් ද මේ කියන්නේ කියලා.
1.a කියලා කියන්නේ, මරණයේ ඉඳන් පරිදේවයට, ඒක තමයි අපි අර කබලිංකාර ආහාරයේ ඉඳලා සඤ්ඤාවට යනවා කියන එක අපි මේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙතෙන්දී ඇති වන ප්‍රතිඵලය වන්නේ, අර ඊයේ භාවනාවේ දී අපි දැක්ක නේ, සුඛ වේදනාවේ මරණය, තමයි ඇති වෙන්නේ කියලා. ආන්න ඒක නිසා කිසි චිත්ත සංස්කාරයක් හැදීමට විඤ්ඤාණය උත්සුක නොවේ. Effort එකක් නෑ, විඤ්ඤාණයෙන්. ඇයි වෙන්නේ අරක, එහෙම නම් ඉතින් මොකට ද හදන්නේ? අන්න ඒ අර්ථයෙන් මේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේ අනාශ්‍රව විමුක්ති භාවනාව.