Date: 25/06/2015 Name: Chanda Citta Paricita

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ පූජාවෙන් පස්සේ.

භාවනාවට පෙර ම, 23/06/2015 භාවනාවයි, ඒ පෙරේදා භාවනාවයි, ඒ වගේ ම 04/04/2015 ඡන්ද ඉද්ධිපාද සමන්නාගත විරිය භාවනාවයි, ඒ දෙක ම බලන්නෙයි කියලා ඒ බුදුපියා පැවසුවා. ඊයේ භාවනාව බැලීම සමඟ අර සෝක ථීනමිද්ධ රේඛාව කරකැවීම සමඟ යමක් සිදු වෙනවා කියලා මට වැටහුණා. එතකොට අර ඒක 04/04/2015 ධර්මයත් එක්ක සැසඳුවහම, ඒ diagram එකක් හැදුවා, ඒ diagram එකට කියන්නේ “ඡන්ද චිත්ත පරිචිතා,” කියලා diagram එක. ඒක දැන් internet එකට දානවා.

මේකෙ තියෙන්නේ, අර අපි ලකුණු කරගත්තොතින්, එහෙම ඔය ජරාවේ ඉඳන් චේතනාව දක්වා රේඛාව, ආන්න ඒ තැනට තමයි මේ අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක මේ වෙලාවට එන්නේ. එතකොට ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගය, ඊළඟට අපිට පේනවා මේ සෝකය, අර දෝමනස්සය, ඒ triangle එක පේනවා.

ඒ වගේ ම ඔය චේතනාවේ ඉඳන් ථීනය දක්වා යන එක parallel වෙනවා මේ අවස්ථාව වෙනකොට, අර සෝකයේ ඉඳන් වේදනාවට යන්නා වූ රේඛාවට. ඒ වගේ ම තමයි සෝකයයි, දෝමනස්සයයි, සෝකයේ ඉඳන් දෝමනස්සයට යනවා කියන එක, ඒ කියන්නේ සුඛ වේදනාවේ මරණය, රූපයේ මරණයේ ඉඳන් සුඛ වේදනාවේ මරණයට දක්වා යන්නා වූ එක, parallel වෙනවා, අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා කියන එක. ඉතින් ඕක ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අපි අර 2.b කියන්නේ සෝකයේ ඉඳන් දෝමනස්සයට යන එක. ඊට පස්සේ අපි 1.b කියලා කියනවා සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යන එක. දැන් මේ ධර්මයන් parallel වෙලා හොඳට පේනවා.

එතකොට මේකේ එහෙම නම් අපිට පේනවා අපි චේතනාවේ ඉඳන් ථීනයට යන එක, ඒ වගේ ම සෝකයේ ඉඳන් වේදනාවට යන එක. ඒ parallel ධර්ම කාරණා දෙකක් පේනවා අර පොඩි triangle එක ඇතුළේ අප්‍රියේහි සම්පයොගය දක්වා යනවා කියන කෑල්ලත් එක්ක ම.

එතකොට ඉතා ම පැහැදිලිව තේරෙනවා සෝකයේ ඉඳන් වේදනාව දක්වා මේ යාමත්, චේතනාවේ සිට ථීනය දක්වා යෑමත් අපි වළක්වන්න ඕනේ කියන එක. දිට්ඨිය බිඳීම නිසා වෙන ක්‍රියාවලිය නැවතීම, එහෙමත් නැත්නම් සෝකයේ සිට වේදනාව දක්වා යන ක්‍රියාවලිය වැළකීම, විමංසා ඉද්ධිපාදය භාවිතා කරලා අපි නවත්වනවා. චේතනාවේ සිට ථීනය දක්වා යෑම වැළකීම, විරිය ඉද්ධිපාදය මගින් වැළකීම කියන එක කරනවා.

දැන් භාවනාව අප්‍රියේහි සම්ප්‍රයෝගය මගින් පටන් ගත්තා. 5.4 දෝමනස්සය, දිට්ඨිය බිඳීම නිසා සිදු වන අවස්ථාවක් තෝරා ගත්තා. දිට්ඨිය බිඳීම නිසායි අපි නැවතත් චේතනා කරන්නේ. බිඳුණා වූ දිට්ඨිය නැවත ඉපැද්දවීම මේ අවස්ථාවේ දී අර විරිය ඉද්ධිපාදය, අපි 5 වෙනි විරිය හැටියට අපි ලකුණු කරනවා ඉස්සර ඔය diagram එකේ, අන්න ඒ ඒක මගින් නවත්වනවා. විමංසා ඉද්ධිපාදය මගින්, මෙය සඳහා නොයෙකුත් වූ රූප ස්පර්ශ නොකළ යුතු බව ප්‍රඥාවෙන් යුතුව, සිහි කරලා දෙනවා. ඒ කියන්නේ භය අගතියේ ඉඳන් වේදනාව කපන, විමංසාව මේ කතා කරන්නේ.

දැන් එහෙනම් අපිට පේනවා දැන් චේතනා ථීන පරාමාස, උඩ කෙළවරේ එහෙම නම් විරියෙන් කැපෙනවා චේතනාවේ ඉඳන් ථීනයට එන එක. උඩ ථීනයේ ඉඳන් පරාමාසයට එන එක, විමංසාවෙන් කැපෙනවා. එතකොට ඒ අවස්ථාවේ දී පදුට්ඨමනසඞ්කප්පය අභාවයට පමුණුවනවා කියන එක පේනවා.

ඒ වගේ ම අනෙක් පැත්ත විමසුවා. මේ parallel ව යන එකේ අනෙක් පැත්ත විමසුවා. මෙතෙන්දී බුදුපියාණන් වහන්සේ උදව් කළා. අපි දන්නවා මේ වේදනාවේ ඉඳන් සෝකයට තියන එක විමංසාව මගින් කපනවා.

ඊළඟට ජාතියේ ඉඳන් වේදනාවට යන එක, අපිට විරිය මගින් කපනවා කියන එක තියෙනවා. දැන් මේ විරියට, මේ විරිය, ජාතියේ ඉඳන් වේදනාවේ විරිය කොහොම ද වෙන්නේ? අපි අර ගන්නේ “අනුප්පන්නානං පාපකානං” කියලා අපි ලකුණු කරලා තියෙනවා නේ විරියක්, ජාතියට එන්නේ නැහැයි කියලා, නැවතිච්චි එක ආපහු. අන්න ඒ විරිය තමයි අපි මේ මෙතෙන්දී කල්පනා කරන්න ඕනේ, ජාති වේදනා කියන එක. අලුත් දිට්ඨි නොසෑදීමට වග බලාගන්නවා ඒ විරිය මගින්.

එතකොට මෙහෙම හරි ම ශාන්තයි ඒ සිත, බොහෝ විශාලෙට ඒක පැවතුණා, ඉතින් මෙහෙම ඉඳිද්දී මම කල්පනා කළා ඡන්ද හා චිත්ත ඉද්ධිපාදයෝ එකතු කළොත් මොකක් ද වෙන්නේ කියලා විමසුවා. ඡන්දය මගින් සංස්කාර ඉවත් කරන්නේ, සංස්කාර නිසා රූපයන් ඉවත් කරන්නේ, අපිට පේනවා අර අපි diagram එහෙක බලලා තියෙනවා අර 1 කියලා දැම්මා අර ලණුව වගේ ඡන්දය, ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතිය දක්වා එන්නා වූ එක, ආපහු 1 කියලා දැම්මා ජරාවේ ඉඳන් ගිද්ධිලෝභය දක්වා එන්නා වූ, ඒ ඡන්දය. එතකොට ඒ ඡන්ද දෙකකින් ඒක කැපුවා. චිත්තය මගින් අර ආච්චිඅම්මගේ තුවා දන් දෙන කතාව මෙන් වේදනාව හා සම්බන්ධ කරන්නේ ඉවත් කරන්නේ කුමක් වන්නේ ද? ඒක “ඡන්ද චිත්ත පරිචිතා” යැයි කියලා ඒ බුදුපියාණන් වහන්සේලා පැවසුවා.

ඒක තමයි කරපු භාවනාව.