ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව මම සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා අර order එක සහිතව.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත, එතෙන්දී මම දැක්කා මේ කබලිංකාර ආහාරයේ ඉඳන් ජරාවට රේඛාවයි, කබලිංකාර ආහාරයේ ඉඳන් භය අගතියට දක්වා රේඛාවයි මම දැක්කා.
ඒ දෙක දැකලා, ජරාවට කැමති වෙලා ජීවිතය සකස් කර ගත්තු පුද්ගලයා, එම රූපය වෙනස් වෙනවා දුක් වෙනවා. එනමුත් මෙම රූපය නිසා ඇති වූ යම්කිසි දිට්ඨින් පවතිනවා, එම දිට්ඨි නිසා පවතියි කියලා හිතනවා. දැන් ඒ දිට්ඨියත් බිඳීම හේතු කොටගෙන, වේදනාව වෙනස් වෙලා, ඔය භය අගති ගමනක් කියන එක යනවා.
දැන් ඔහුගේ දිට්ඨි වෙනස් වීම, රූපය නිසා ම සිදු වූවක් ලෙස සලකන්න ඕනේ. මේක මේ රූප ධ්‍යාන සමාපත්ති ලාභියාටත් සම්පූර්ණයෙන් ම සාධාරණයි. ඒ පුද්ගලයත්, ඒ කියන්නේ හතර වෙනි ධ්‍යානය දක්වා ම ඒක සාධාරණයි කියලා පේනවා.
ඊළඟට මම දැක්කා, ඊළඟට තියෙන්නා වූ triangle එක. දැන් අපි රූපය අතහැරියෝතින් අපිට පේනවා, අර අඹ ගෙඩියේ කතාව වගේ හිතනවා නම්, අපිට පේනවා දැන් වේදනාව අල්ලගෙන ඉන්නවා කියලා. හැබැයි දැන් අපි දන්නවා, පොඩි triangle එකක්, මොකක් ද පොඩි triangle එක. අර 4.3 වේදනාවේ ජරාව, අපි වේදනාව ඇති තැන ම ලකුණු කරගත හැකි නේ. වේදනාවක් නේ කතා කරන්නේ. එතකොට වේදනාවේ ව්‍යාධිය, වේදනාවේ මරණය කියන triangle එක පේනවා. අප්‍රියේහි සම්ප්‍රයෝගය කිව්වහම වේදනාවේ ව්‍යාධිය, දෝමනස්සය කියන්නේ වේදනාවේ මරණය. සුඛ වේදනාවේ මරණය කියන එක තියෙනවා. එතකොට 4.3, 4.6, 5.4 කියන triangle එක ඊයේ diagram එකත් එක්ක කෙනෙකුට පේනවා. එතකොට මේ පුද්ගලයත්, වේදනාව හා සම්බන්ධ දිට්ඨි බිඳීම නිසා දුකට දෝමනස්සයට පත් වෙලා ඉන්නවා කියන එක පේනවා. එතකොට එහෙම නම් අපිට පේනවා, මේ දිට්ඨිය බිඳීම නිසා එයා භය අගතියට යෑම සිද්ධ වෙනවා කියලා.
ඊළඟට දැන් අපි හිතමු කෙනෙක් සඤ්ඤාව අල්ලාගෙන ඉන්නවා කියලා, ඒ ගැන විමසලා බැලුවොත් ඔහුට පේනවා මෙයාගේ සඤ්ඤාව කියන එක ජරාවට පත් වෙලා. දැන් එහෙනම් අපිට පේනවා, අර ඊයේ ඇඳපු diagram එකත් එක්ක, උඩ සඤ්ඤාව අර 5.4 නිසා ඇති වුණු ස්වභාවය එතන තියෙනවා. ඒ සඤ්ඤාව තමයි මේ 1.b කියලා අපි කිව්වේ, අර චේතනාව දක්වා, මනොසඤ්‌චෙතනා දක්වා එනවා කියලා. එතකොට මේක දැන් ජරාවට පත් වෙලා තියෙන්නේ, ඒ සුඛ වේදනාව මැරිලා. එතන ඉඳන් අපි යනවා, චේතනාවේ ඉඳන් ථීනමිද්ධය. දැන් අපි දන්නවා මේ සඤ්ඤාවේ ජරාව, අර ඉස්සෙල්ලා triangle එකේදිම අපි දැනගත්තා 5.4 වෙන්න ඉස්සෙල්ලා 5.3 වෙලා තියෙන්නේ. එතකොට සඤ්ඤාවේ ජරාව. දැන් සඤ්ඤාවේ ව්‍යාධිය කොතන ද? ඒ සඤ්ඤාවේ ව්‍යාධිය අර ථීනය තියන තැන තමයි ලකුණු වෙන්න ඕනේ. එතකොට 6.4 දී තමයි ඒක සිද්ධ වෙන්නේ. චේතනාවට පෙර, හා පසු විඤ්ඤාණය නිරුපද්‍රිත ස්වභාවයට පත් වෙලා තියෙනවා. නැවතත් උපද්දවන්න ස්වභාවයක් නැති තත්වයට එනවා. එතකොට සිතට ථීනමිද්ධය ඇතුල් වෙලා නෑ, ඒ වුණත් ථීනමිද්ධය හටගෙන තියෙනවා යැයි අපි ඉගෙනගෙන තියෙනවා.
දැන් අපි මේක ඔය ඊයේ ධර්මයත් එක්ක සසඳලා බැලුවොතින් මේ අවස්ථාව වෙනකොට, අර මතකයි නේ විරියයි, විමංසාවයි අර උඩින් පෙන්නනවා චේතනාවේ ඉඳන් ථීනයට තියන තැනට, එතන ඉඳන් විමංසාව පදුට්ඨමනසඞ්කප්පය පරාමාසයට එන්නේ නැහැයි කියලා දෙපැත්තෙන්, ආපහු පල්ලෙහායිනුත් තියෙනවා විරිය කියන එක, ජාතියේ ඉඳන් වේදනාවට, භය අගතියේ ඉඳන් වේදනාවට යන එක නවත්තනවා විමංසාව කියන එක. අපි ඒකත් එක්ක සසඳලා බැලුවොතින්, භාවිතා කළොතින්, ඒ කියන්නේ මේ විරියයි, විමංසා ඉද්ධිපාදයන් භාවිතා කළොත්, මේක නතර වෙන්නේ නැහැයි කියලා දන්නවා. කුමක් නිසා ද? අර පහළ තියෙන්නා වූ සංස්කාර නිසා ඒ සිදු වෙන ක්‍රියාවලිය තියෙනවා.
ඉතින් එහෙනම් අපි මේ වෙලාවේ දී, අර ඊයේ ධර්මය සහිතව අපි කල්පනා කළොතින් එහෙම, අර චේතනාවෙ ඉඳන් ඉදංසච්චයට එන එක විරිය කපනවා. ඊළඟට, ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට යන එක, ඡන්දයෙන් කපනවා, අර ලණුව, ලණුවේ බාගයක්. ඊට පස්සේ බාගයක් දුර ගිහිල්ලා පල්ලෙහා සංස්කාරය අර, ඉඳන් භය අගතියට යන එක චිත්තයෙන් කපනවා. ඊට පස්සේ හතර වෙනි එක විමංසාවෙන් කපනවා භාවිතා කරන්නේ නම්, මේ සිත පුදුමාකාර විදිහට විශාල වෙලා, ඒක නතර වෙනවා කියන එක තියෙනවා. තමන්ට තේරෙනවා කූඤ්ඤය කියන එක ගැලවිලා කියලා. අන්න ඒ තත්වයට පත් වෙනවා.
මේක “සෝපාදිසේස නිබ්බාන ධාතුවයි” කියලා ඒ බුදුපියවරු පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.