ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවයි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවයි කියලා. එතකොට පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, මේක තමයි පහ වෙන්නේ. ඒ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම එතැනින් ම තමයි ඒ භාවනාව පටන් ගත්තේ. ඒ කියන්නේ අපි ඊයේ භාවනාව කරලා අපි බැලුව නේ අර, රූපය කියන එක අපි දැන් එතන diagram එකකින් පෙන්නුවා කබලිංකාර ආහාරය, ජරාව, කබලිංකාර ආහාරය, භය අගතිය කියන ඒ රේඛා දෙක. ඒකත් එක්ක අපි ජරාවට කැමති වෙලා අර ජීවිතය සකස් කරගෙන ඉන්නවයි කියන එක, ඒ රූපය වෙනස් වෙලා දුක් වෙනවා කියන එක. ඒ රූපය නිසා ඇති වුණු දිට්ඨිය පවතිනවා, එම දිට්ඨිය නිසා පැවතියි කියලා සිතනවා කියන එක.
ඉතින් අපි ඒ විදිහට බලාගෙන ඇවිල්ලා අපි ඊයේ රූපයට බැලුවා, මේ විදිහට වේදනාව නිසා පවතිනවා කියන එක බැලුවා, ඊට පස්සේ සඤ්ඤාව දක්වා බැලුවා. එතකොට දැන් ඉතින් පැහැදිලියි නේ අද භාවනාවේ දී ඔතනින් එහා පැත්තට නේ තියෙන්නේ, ඊයේ එකේ කෙළවර.
එතකොට දැන් අර මණ්ඩලාධිපති බුදු පියාට වඳිනකොට ම, ඒ අදහස මට දුන්නා අර දෙපැත්තට මෙහෙම එන එක, දැන් මේ වම් අත පැත්තේ තියෙන්නේ මොකක් ද? පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය තමයි, අපි දන්නවා වේදනාවේ ඉඳන් චේතනාව දක්වා එන ධම්මමච්ඡරිය පාර, එතන තියෙන්නේ පවතිනවා කියන එක. චේතනාවේ ඉඳන් දකුණු අත පැත්තට යන එකේ තියෙන්නේ අලුත් සංස්කාරයන් නිසා හරි, පැවතිය හැකි ය කියන එක. එතකොට මේක දෙක ම බැහැයි කියන එක තමයි අපි මේ බලන්නේ.
එතකොට දැන් මේක බලාගෙන යනකොට මට කල්පනා වුණේ ඊයේ භාවනාවත් එක්ක, දැන් ඕගොල්ලන්ට මතකයි අර ඡන්ද චිත්ත පරිචිතා diagram එක. ඒකෙ අපි අර විරිය, විමංසා කියලා දෙකක් අපි ලකුණු කළා නේ. ඒ කියන්නේ, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් අර ථීනය දක්වා එන්නා වූ එක. ඊළඟට ථීනයේ ඉඳන් පරාමාසකායගන්ථයට එන එක, විමංසාවෙන් කපනවායි කියන එක.
එතකොට දැන් මට කල්පනා වුණේ අර අපි සතියක් ලකුණු කළා නේ මතක ද? අර සතිය, විරිය, සතිය, ඔය විදිහට පිළිවෙළට දාගෙන ආවේ. එතකොට අර තුන් වෙනි එකට තමයි අපි සතිය හැටියට ලකුණු කළේ ඔය වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට එන්නා වූ එක. ඉතින් දැන් එතකොට එහෙම කැපුවොතින් අපිට පේනවා, එහෙම නම් දැන් සතිය, සති ඉන්ද්‍රිය, ඊළඟට විරිය, විමංසාව. චේතනාවෙන් එහා පැත්තට විරිය, ඊට පස්සේ විමංසාවෙන් පදුට්ඨමනසඞ්කප්පයේ ඉඳන් එන්න දෙන්නේ නෑ, පරාමාසකායගන්ථයට. ඉතින් මේක මෙහෙම නම් මේක නතර වෙන්නේ නැහැයි කියන එක අපි ඒත් ඉගෙන ගත්තා නේ.
මොකද ඒ හේතුව? ඒකෙ හේතුව තමයි අර පල්ලෙහා තිබෙන්නා වූ සංස්කාරයන් කියන එක. පහළ තියන සංස්කාරයන් නිසා, පෙර අපි ඒවා කරලා තියන නිසා, අර නිත්‍ය කතාවක් අපිට ඇති වෙලා තියෙනවා.
ඊළඟට විඤ්ඤාණයට, දැන් අපි රූපය අයින් කළා, දිට්ඨිය බිඳුණා කියලා මේවා අයින් කරගෙන ආවාට, මෙයාගේ තාමත් තියෙනවා, මේ දැන් තියන එක නිසා හරි පවතින්න පුළුවන්. පෙර තිබූ දේ නිසා හරි පවතිනවා කියන එක. එයාට, විඤ්ඤාණයට දෙක ම තියෙනවා. ඒ කියන්නේ අපි එතෙන්දී බලන්න ඕනේ විඤ්ඤාණය චේතනාවේ ඉඳන් එන්නා වූ එක, සම්බන්ධතාවය, ඊට පස්සේ අපිට පේනවා මෙතනින් පල්ලෙහාට අර පල්ලෙහා සංස්කාර නිසා පෙර නිත්‍යයි කියන එක. එතකොට දැන් නිත්‍යයි, පෙර නිත්‍යයි, කියන එක නිසා මෙන්න මේ අදහස මෙයා තුළ තියෙනවා කියන එක තියෙනවා. එතකොට මෙයාගේ නිසා ඔයගොල්ලන්ට පේනවා, මෙතන අවිද්‍යා යෝගය කියන එක තියෙනවා, ඒ නිත්‍යයි කියන කතාව. නිත්‍යයි කියන කතාව නිසා අපිට ඇති වීම කියන එක තියෙනවා දිට්ඨි ආශ්‍රවය කියන එක.
එහෙම නම් දැන් අපිට හොඳට ලස්සනට පැහැදිලිව පේනවා, මේ දිට්ඨි ආශ්‍රවය තියන තැන අපේ අත්තා කියන කතාව තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ, හැම වෙලාවෙම අර සියුම් වූ රූපය නිසා, රූපය නැති වුණාට, රූපය මැරිලා ඉවරයි, සියුම් වූ රූපය නිසා තමන්ගේ පැවතීම. සියුම් වූ වේදනාව නිසා. අර සඤ්ඤාව දැන් ඊයේ භාවනාවත් එක්ක අර ථීනමිද්ධ ස්වභාවයට පත් වෙලා ඒකෙන් මැරිච්ච කතාව පේනවා. ඒකෙ ව්‍යාධිය තියෙනවා ථීනය එනකොට, ඒකෙ මරණය කියන එක දක්වා ඇවිල්ලා තියෙනවා කියලා, සඤ්ඤාවේ ව්‍යාධිය දක්වා ඇවිල්ලා තියෙනවා කියන එක. අන්න ඒ වුණත්, තාමත් අරයාට තියෙනවා, අර පැවතිය හැකි ය, පවතිනවා, කියන කතාව පල්ලෙහා සංස්කාර නිසා ඇති වෙලා, තියෙනවා.
එතකොට දැන් මං මේක බැලුවේ, මේක නැති වෙන්න නම් දැන් මොකක් ද කරන්න ඕනේ? ඉතින් මට දැන් එකක් මතක් වුණා අර ද්වයතානුපස්සනා සූත්‍රය, “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤානං උපරොධනා” කියන එක, ඒ වගේ ම ඊයේ කරපු භාවනාව, ඊයේ භාවනාවේ දී අපි ගත්තා අර අවසානයට මේක නැති වෙන්න නම් අර විරිය, ඡන්දය කියන එක ගත්තා අර ඉදංසච්චයේ ඉඳන් අර ලණුව වගේ අපි බලන්නේ පල්ලෙහාට, ඒකෙන් ඡන්දය, ඡන්දයෙන් ඊට පස්සේ අපි චිත්තය භාවිතා කරනවා පරාමාසකායගන්ථයේ ඉඳන් භය අගතියට එන ලණුව. එතකොට ඒක කෑලි දෙකකට එතන කැඩෙන්නේ, කැරකිලා එතනින් විමංසාව කියන එකෙන් ආවා නම් මේක නතර වෙනවා කියන එක.
එතකොට මෙතන මේ විමංසාවේ තියෙන්නේ මොකක් ද දැන් මේ වෙලාවට? එයාගේ මුල ඇඟිල්ල දික් වෙනවා කෙළවරට ම රූපයට. මේකත් එක්ක තියන්න බැහැ මැද්දේ ඉන්නවා වේදනාව, ඒකත් එක්ක ඉන්න බෑ.
ඊළඟට එයා කියනවා අර, මේ ආවා නේ අත්තා කියන කතාව, පසු සඤ්ඤාව හැටියට. අන්න ඒ 5A කියලා ලකුණු කරන්නේ, ඒක නිසාත් පවතින්න බැහැයි කියන එක ආන්න ඒ අවස්ථාවට, ඒ විමංසාවට ආවහම පස්සේ මෙතනින් එහා පැත්තට නම් මේකේ යන්නේ නැහැයි කියන එක අර ඊයේ විදිහට ම අර ඒ භාවනාව ම තමයි. “සොපාදිසෙස නිබ්බාන ධාතුව” කියන එක. ඒක පවතිනවා, ඒක ඒ තත්වයට ආවයින් පස්සේ ඉතින් මේ අර හරි සැපකුත් තියෙනවා, ඊයෙට වඩා මට ඒකෙ වෙනස තේරෙනවා, ධර්මයත් ඉතින් එතනින් පස්සේ අමතක වෙනවා කියන එක තියෙනවා. රහතන් වහන්සේ මාව නැවැත්තුවා. ඒ නැවැත්තුවට පස්සේ ඒ වුණාට ඒ රහතන් වහන්සේට මම වඳිනකොට අරක නතර වෙන්නේ නැහැ. අර ස්වභාවයට අපි පුරුදු වෙන්න පටන් ගන්නවා, “සොපාදිසෙස නිබ්බාන ධාතුව.”
ඔය “සොපාදිසෙස නිබ්බාන ධාතුව” පෙටකොපදෙසයේ පෙන්නනවා. ඒකේ පෙන්නන්නේ ඔය අපි ඉගෙන ගත්ත කතාව තමයි. ඒ කියන්නේ අර රූපය කියන එක ගැන විරාගයක් ඇති වෙලා ඒකෙ චෙතො විමුක්තිය එතන තියෙන්නේ, නාමය ගැන තේරුම් අරගෙන මෙතන තියෙනවා ප්‍රඥා විමුක්තිය. එතකොට මේ diagram එකේ, අපි ඔය “ඡන්ද චිත්ත පරිචිතා” diagram එකේ, ඔය දෙක ම ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒකට අර කෑලි දෙක එක්කහු කරන්න විතරයි අපිට තියෙන්නේ. එතකොට ඒකෙන් මේ මං දන්නෑ බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් ඒක ඒ විදිහට පවත්වාගෙන, ඒකට කැමති වෙන බව නම් හොඳට පේනවා, ඒ තත්වයට පවත්වාගෙන ඉන්නවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.